ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයාගෙන් පසු ඇති ඊළඟ උසස්ම තනතුර වනුයේ පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක ඒ අනුව මධ්‍යම පළාත භාරව පමණක් කටයුතු කරනු ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පොලිස් පරිපාලන කටයුතු භාරව පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්‌ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සජීව මැදවත්ත (පොලිස් විද්‍යාලය) බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට නියමිතව සිටී.
මීට අමතරව උතුරු පළාත් බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල උතුරු මැද පළාත් භාරවද , උතුරු මැද පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන උතුරු පළාත් භාරව ද පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානයේ එම උසස් නිලධාරියා සඳහන් කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සිදු කෙරෙන මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වූ විශේෂ පොලිස් පණිවිඩය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කිරීමට නියමිතය.
(lankadeepa - ඉන්දිකා රාමනායක)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
