පහුගිය සෙනසුරාදා නෙලුම් මාවත කාර්යාලයට තරුණ ගෑනු ළමයි කණ්ඩායමක් ඇවිත් හිටිය. කට්ටිය ඇවිත් හිටියෙ නායකත්ව පුහුණු වැඩමුළුවකට.
එහි ආරම්භක දේශනය කළේ සාගර කාරියවසම්.
''ඔයාල වගේ සුන්දර තරුණ ළමයි අපේ පක්ෂෙ එක්ක මේ තරම් ළගින් වැඩකරන එක ගැන ඇත්තටම අපිට ආඩම්බරයි. මම කැමති ඔයාලව හදුනගන්න.''
පිරිස තම තමන්ව හඳුන්වල දුන්නා. දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය, උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂිකාවෙන් ඉන්න අය, පුද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ සේවය කරන අය වගේ ම දේශපාලනය කරන සහ අලුතින් දේශපාලනයට එන්න කැමත්තෙන් ඉන්න අයත් එතැන හිටියා.
''මම කතාවක් කරන්නෙ නෑ.මම කැමතියි ඔයාලගෙ අදහස් දැනගන්න.''
නාමල් එහෙම කිව්වම ගෑනු ළමයි ටික නාමල්ගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. අහපු හැම විෂයක් ගැන ම නාමල් හොඳට උත්තර දුන්නා.
''රටේ ආර්ථිකය වේගයෙන් ඉස්සහරට ගෙනියන්න නම් මුලින් ම කරන්න තියෙන්නෙ ආයෝජකයින් සහ ව්‍යවසාකයින් අධෛර්යමත් කරන අනවශ්‍ය රෙගියුලේෂන්ස් වෙනස් කරන එක.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
