හිටපු මන්ත්‍රීවරු 56 දෙනෙකු ජනාධිපති අරමුදලින් අයුතු ලෙස මුදල් ලබා ගෙන ඇති බවට විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
මේ අතර, හිටපු එක් මන්ත්‍රීවරයෙකු රුපියල් මිලියන 11 ආසන්න ණය මුදලක් ලබා ගෙන නැවත නොගෙවා පොලු තබා ඇති බව ද එම විගණන වාර්තාවෙන් හෙළි කර ඇත.
2005 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදල අවභාවිතා කරමින් ලබා ගෙන තිබෙන මුළු මුදල රුපියල් 131,371,110කි.
එම මුදල් ලබා ගැනීමේ දී විධිමත් අයදුම් පත්‍රයක් ඉදිරිපත් නොකිරීම, මාසික ආදායම් වාර්තාවක් ඉදිරිපත් නොකිරීම, ප්‍රාදේශීය ලේකම් වාර්තාවක් නොතිබීම, මූල්‍ය වත්කම් පිළිබඳ සඳහන් නොකිරීම මෙන් ම, අරමුදලේ නීති රීති අනුව වෛද්‍ය ආධාර ලබා දෙන උපරිම සීමාව උල්ලංඝණය කර ඇති බව වැඩි දුරටත් එමගින් හෙළි කර තිබේ.
විගණන වාර්තාවෙන් එම තාක්ෂණික කරුණු හෙළි කර ඇති අතර අදාළ දේශපාලකයන්ගේ නාම ලේඛනයක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඕනෑම පුරවැසියෙකුට ලබා ගත හැකිය.
( lankatruth)

