ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් “ප්‍රජා බලකරණය සඳහා වෙනසක්” යන සන්නිවේදන මූලධර්ම මත පදනම් වූ "ප්‍රජා මුලික ඩෙංගු මර්දන හා පාලන නියමු වැඩසටහන" සමාරම්භය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (21) බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ දී සිදු කළේ ය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අධිකරණයට ගිය බවත්, පළවෙනි පැය 24ක් තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මීට පෙර සංශෝධන 21ක් ඉදිරිපත් වි තිබුණ ද, කිසිම සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතරම් පෙත්සම් බහුලතාවයක් දුටුවේ නැතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ( හිටපු) ලලිත් එල්ලාවල මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ නිර්මල බව රැකගත් පුද්ගලයින් අතර ඉහළින්ම ඉන්න පුද්ගලයෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී (හිටපු) ලලිත් එල්ලාවල සර්වජන බලය හා එක්වීම පිළිබඳව අදහස් දක්වමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර පැවසී ය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 18 සහ 19 දිනවල ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහි දී වැටලීම් 108ක් සිදු කර ඇති අතර, ඒ අතරින් භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් ද ඊට ඇතුළත් වේ.
යම් නීතියක් සකස් කිරීමේ දී එයට අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර ප්රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්‍යවහාරයක් පැවතිය යුතු බවත්, නමුත් නීති සම්පාදනයේ දී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු ම ව්‍යවහාරයන් පසෙකට දමා, තනිකරම ඒකාධිපති - උද්ධච්ච ‘නීති සම්පාදන ව්‍යවහාරයක්’ බවට පත්වෙන්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු යැයි සැක කරන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශගත කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාලව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවෙකු ඇතුලු නිලධාරීන් සිව් දෙනා ලබන 3 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (20) නියෝග කළේ ය.
මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා, ප්‍රතිකාර ක්‍රම හා සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමේ වැදගත් පියවරක් ලෙස TMK පරිගණක මෘදුකාංගය එළිදැක්වීම, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතු අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ පෞරාණික කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්මාණය කළ සාහිත්‍ය පර්යේෂණ අංශයේ කෞතුකාගාරය විවෘත කිරීම පසුගිය 18වන දා එම පර්යේෂණායතන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැක කෙරෙන පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් දෙදෙනා ගේ හඩ පට පරීක්ෂා කර කඩිනමින් අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රජයේ රස පරීක්ෂක වරයා වෙත නියෝග කළා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධූර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර යන අයගේ අසනීප තත්ත්වයයෙන් පසුවන බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රතික්ෂේප කළේ ය.
අද වන විට සමාජයේ ඉමහත් අවධානයට යොමු වී ඇති යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති ඉහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන් ගේ සේවා කාලය දීර්ඝ කිරීම සිදුකළ යුතුව ඇත්තේ මනා සුපරික්ෂාවකින් යුත් බහු පාර්ශ්වීය ගැඹුරු සම්මුතියකින් අනතුරුව වන බවත්, එහිදී සියලු ම පාර්ශ්වයන්හි වගකීමක් වන්නේ කුමන හෝ තත්ත්වත්යන් තුළ වුව ද තමන්ගේ ම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
