Image

කුඹුක්වැව ඇතාගේ දළය කැපූ සිද්ධියට හිටපු සිවිල් ආරක්ෂකයෙකු අත්අඩංගුවට!

 කුඹුක්වැව ඇතාගේ දළය කැපූ සිද්ධියට හිටපු සිවිල් ආරක්ෂකයෙකු අත්අඩංගුවට!

අනුරාධපුර වනජීවී කලාපයට අයත් කහටගස්දිගිලිය, මීමින්නාවල කුඹුක්වැව ප්‍රදේශයේදී එක් දළයක් නොමැතිව මියගොස් සිටියදී හමුවූ ඇතාගේ මරණය සහ එම ඇතාගේ දළය කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලට අදාළව, සැකපිට හිටපු සිවිල් ආරක්ෂක සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුරාධපුර අඩවි ආරක්ෂක දම්මික සංජීවගේ මඟපෙන්වීම යටතේ කහටගස්දිගිලිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් පෙරේදා (04) දින සිදු කරන ලද විශේෂ පරීක්ෂාවකදී, මෙම අපරාධයට සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි හිටපු සිවිල් ආරක්ෂක සාමාජිකයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ නිවස හා ඔහුගේ වගා බිමේ පිහිටි වාඩිය පරීක්ෂා කිරීමේදී වනජීවී නිලධාරීන් විසින් නඩු භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ නිවසේ සහ ඔහුගේ වගා පැලේ තිබී අලි වෙඩිල්ලක්, පෙට්‍රල්වලින් සාදන ලද පුපුරණ ඇටවුමක්, බඳින තුවක්කුවක්, වෙඩි බෙහෙත් සහ ඒවාට අදාළ උපාංග ඇතුළත් මල්ලක්, වක්පිහියක්, යකඩ කපන කියතක් සහ මීමින්නාවල ප්‍රදේශයේදී මියගිය ඇතා සිටි ස්ථානයෙන් කපාගත් බවට සැක කෙරෙන ලී දඬු කිහිපයක්ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 

මූලාශ්‍රය - lankatruth.com

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න