බුදුදහම සහ සම්බුද්ධ ශාසනය පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ක්රමවේදයක් ලෙස භාවිත කිරීම තමා ප්රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසයි.
ආගම දහම ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට නොව, ආගම දහම ශක්තිමත් කර පුනර්ජීවනයට ලක් කර ප්රවර්ධනය කර රැක ගැනීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කුමන අවස්ථාවකදීවත් සමගි ජන බලවේගය ප්රතිපත්ති පාවා නොදෙන බවත්, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න පෙරට එන බවත්, බුදුදහමට සහ ගරුතර ස්වාමීන් වහන්සේලාට හානියක් වන ඕනෑම අවස්ථාවක පෙරට එන බවත් ඔහු කීය.
එදා කොරෝනා වෛරසය ව්යාප්ත වූ සමයේ ඉස්ලාම් ප්රජාවගේ භූමදාන-ආදාහන ගැටලුවේදී පවා පෙනී සිටියේ සමගි ජන බලවේගය වන අතර, කල්මුණේ රෝහලේ හෙදියන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් ගැටලුවක් පැමිණි අවස්ථාවේදී පවා ඒ සංස්කෘතික ගැටලුව වෙනුවෙන් පෙනී සිටි බවත් පැවසූ හෙතෙම, අනෝජන්ගේ නිදහස වෙනුවෙන් පවා පෙනී සිටි බවත්, පාස්කු ප්රහාරය අවස්ථාවේදී පවා අගතියට පත් ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටි බවත් සිහිපත් කළේය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ රත්මලාන කොතලාවලපුර සිරි විජිතාරාම විහාරස්ථානයේ ඉදිකරන අටවිසි බුද්ධ මන්දිරය සහ රන්වැට සහිත බෝධි ප්රාකාරයට මුල්ගල් තැබීමේ උත්සවය හා එක්වෙමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
