Image

වත්මන් ආණ්ඩුව යටතේ පොලිස් අත්අඩංගුවේදී 17ක් මියගිහින් – දයාසිරි ජයසේකර

වත්මන් ආණ්ඩුව යටතේ පොලිස් අත්අඩංගුවේදී 17ක් මියගිහින් – දයාසිරි ජයසේකර

වත්මන් ආණ්ඩුව යටතේ පොලිස් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයන් 17 දෙනෙකු දැනට මියගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, 2020 ජනවාරි මාසයේ සිට 2025 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයන් 49 දෙනෙකු මියගොස් ඇති බවයි.

ඒ අනුව, වත්මන් ආණ්ඩුව යටතේ ද සිරගෙවල් සහ පොලිසි තුළ පුද්ගලයන් මරණ තත්වයකට පත්ව ඇති බව දයාසිරි ජයසේකර සඳහන් කළේය.

එසේම, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, සිදු කර ඇත්තේ ස්ථාන මාරුවීම් ලබා දීම පමණක් බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න