Image

''අර්නාබ්'' සුළි කුණාටුවෙන් වක්‍ර බලපෑම් - අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ: ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

''අර්නාබ්'' සුළි කුණාටුවෙන් වක්‍ර බලපෑම් - අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ: ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

''අර්නාබ්'' සුළි කුණාටුවෙන් වක්‍ර බලපෑම් ඇතිවිය හැකි නමුත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසීය.

පවත්නා අයහපත් කාලගුණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

‘අර්නාබ්’ නම් මෙම සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයේ යාපනයේ සිට කිලෝමීටර් 1150ත් 1156ත් අතර ඊශාන දෙසින් වර්ධනය වී ඇති බවත්, මෙම පද්ධතිය 28 වෙනිදා උදෑසන කාලයේදී ඉන්දියාවේ නැගෙනහිර මුහුදු තීරයට ඇතුළත් විය හැකි බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරය පැවසුවේ, ඒ අනුව ශ්‍රී ලංකාවට බලපාන්නේ හෙට උදෑසන වන විට සුළි කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් බවට වර්ධනය වන බවට කෙරෙන පුරෝකථනය බවයි.

28 වැනිදා එම සුළි කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් ලෙසින් ඈත මුහුදේ වර්ධනය විය හැකි අතර, ශ්‍රී ලංකාවට එයින් සෘජුවම බලපෑමක් නොමැති වුවත් වක්‍ර බලපෑමක් ඇතිවිය හැකි බව කාලගුණික අංශ පවසා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න