වර්ෂ 1987-1989 කාලයේ සැඟවී සිට තුණ්ඩුවෙන් කළ දේවල් දැන් කෙළින්ම නීති රීති මගින්ම සිදු කර ගැනීමේ උත්සාහයක වර්තමාන ආණ්ඩුව නිරතව සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (270 පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්ය හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූයේ, මාලිමා ආණ්ඩුව බලයට පත්වීමට පෙර හිටපු ආණ්ඩු විවේචනය කරමින් එම ආණ්ඩුවල මර්දනකාරී නීති පෙන්වා දී නිදහස පිළිබඳව අදහස් විශාල ප්රමාණයක් ප්රකාශ කළ බවයි.
තවද, එදා ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට පිවිසි හැටියෙම නිකුත් කළ ප්රතිපත්ති ප්රකාශනයේ ඉහළින්ම ලියා තිබුණේ “ත්රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීතිය ඇතුළු සියලුම අණපනත් වහාම අහෝසි කර දමනවා. ඒ වගේම මර්දනකාරී හමුදාව සහ පොලිසිය විසිරුවා හරිනවා” යනුවෙන් බවද ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත්, අද වන විට මේ සියල්ලම විශාල විහිළුවක් බවට පත්ව ඇති බව පාඨලී චම්පික රණවක පැවසීය.
එමෙන්ම, අද වන විට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් භීතියට පත්ව තිබෙන බවත්, මීට හේතු වී ඇත්තේ ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකක් ඉක්මවා ගොස් ඇතත්, ජනතාවට දෙනවා යැයි කියූ කිසිම සහනයක් ලබාදීමට හෝ ආර්ථික වර්ධනයක් රටට ලබාදීමට හෝ ආණ්ඩුවට නොහැකි වී තිබීම බවත් ඔහු පැවසීය.
එලෙස ආණ්ඩුවක් තමන්ගේ බලය ගිලිහී යනු ඇතැයි කියන බිය ඇති වූ විට, මෙවැනි භයානක අණපනත් ගෙනැවිත් තමන්ගේ බලය අයුතු ලෙස රැකගැනීමට උත්සාහ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
