සබන් නිෂ්පාදන වෙළෙඳපොලට නිකුත් කිරීමේ දී ඒවායේ ඇසුරුමෙහි, නම සහ මේද ප්‍රතිශතය (TFM අගය) ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා සිකුරාදා කටයුතු කර තිබුණ බවත්, පාරිභෝගික සංවිධානයක් වශයෙන් ඒ පිළිබඳ සිය සතුට පළ කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.


