චීන රාජ්යයේ වරෙන්තු දෙකක් නිකුත් වී ඇතිව මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ලබන නොවැම්බර් මස 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (27) නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් හත් දෙනාගේ විදේශ ගමන් බලපත්රවල ඡායාරූප ලබා ගෙන, හිමිකරුවන් වෙත මුදාහරින ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
එමෙන්ම, සැකකාර චීන ජාතිකයා සන්තකයේ තිබී හමු වූ වනවාටු (Vanuatu) රාජ්යය මගින් නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්රය සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ පිළිබඳ වාර්තා කරන ලෙසද මහේස්ත්රාත්වරයා මෙහිදී මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයට වැඩිදුරටත් නියෝග කළේය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
