#newstube

  • පාතාල දේශපාලඥයින්ගේ නම් හෙළි නොකරන හේතුව මෙන්න

    මත්ද්‍රව්‍ය ජාවාරම්වලට දේශපාලනඥයින්ගේ සම්බන්ධයක් ඇති බවට පැහැදිලිව පෙනීයද්දී, ඒ පිළිබඳව නිසි තොරතුරු ජනතාවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ඊයේ (23) පැවති කැබිනට් තීරන දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.

    ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වුට්ලර්  පැවසුවේ, යම් හෙයකින් නමක් ගමක් විමර්ශනයකදී එළිදැක්වුවහොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා වන බවයි.

    එබැවින් ඉතාමත්ම සංවේදීව සහ පැහැදිලිව විමර්ශන කටයුතු සිදු කරමින් යන බවත් ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලබා දීමට හැකි වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස  සඳහන් කළේ, පරීක්ෂණ අංශ කලබලයකින් තොරව වැඩකටයුතු කරගෙන යන බවත්, මෙය සුළුපටු කාරණයක් නොවන බවත් ය.

    “මේ ජාලය සැලකිය යුතු පදාසයක විහිදිලා තියෙන්නේ. සමහර ආරක්ෂක අංශ, සමහර දේශපාලන යාන්ත්‍රණ මේවාට සම්බන්ධයි. ඒවා පරීක්ෂණවලින් හෙළිදරව් වෙමින් පවතිනවා,” යනුවෙන් පැවසූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, ජනතාව කලබල විය යුතු නැති බවත්, විශ්වාසයෙන් බලා සිටින ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.

    මෙම ජාලය කෙතරම් දුරට විහිදී ඇත්දැයි පරීක්ෂණ ඔස්සේ සොයා ගන්නා බවත්, ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ අභිරහස් මරණය සම්බන්ධයෙන් ආරම්භ වූ පොලිස් විමර්ශනයේදී මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසයි.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව තොරතුරු අනාවරණය කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ ඉඩම් දෙකක සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 284ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420ක් ඇතුළුව, මුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක් පොලිස් භාරයට ගැනීමට හැකි වූ බවයි.

    මෙම මෙහෙයුමේදී, T-56 අවියක්, රිවෝල්වර පහක්, යතුරුපැදියක් සහ ලොරි රථ තුනක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මේ වනවිට එක් සැකකරුවෙක් අත්අඩංගුවේ පසුවන බව ඔහු සඳහන් කළේය.

    අදාළ ඉඩමේ අයිතිකරු පිළිබඳව විශේෂ විමර්ශන කණ්ඩායමක් මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බව එෆ්.යූ. වුට්ලර් පැවසිය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම වසරේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1,243ක්, අයිස් කිලෝග්‍රෑම් 1,845ක්, හෂීස් කිලෝග්‍රෑම් 472ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක් සහ ගංජා කිලෝග්‍රෑම් 14,057ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    මෙම වැටලීම් සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් හරහා විමර්ශන ක්‍රියාත්මක වන බවත්, අනාගතයේදී මේවාට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ජනතාවට තොරතුරු ලබා දිය හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


  • පාතාලය සැලකිය යුතු මට්ටමෙන් අඩුවෙලා -මහින්ද ජයසිංහ

    පාතාල මර්ධනය ඉතා හොදින් සිදුවෙනමින් පවතින බව මහින්ද ජයසිංහ පවසයි.ඔහු තව දුරටත් සදහන් කලේ,


    "විශේෂයෙන්ම අපි මේ වන විටත් රටම එකට කියන ජාතික ව්‍යාපාරය ගොඩ නගන්න අවශය කරන මැදිහත් වීම කරලා තිබෙනවා ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්.

    අපි ඒ වැඩසටහන හරහාත් ඉදිරියේදී තව දුරටත් අපේ රට මතින් තොර රටක්  බවට පරිවර්තනය කරන්න ඕන කරන මැදිහත් වීම සිදු කරමින් තිබෙනවා. ඉතින් ඉදිරියේදී තව දුරටත් මෙම ජාතික ව්‍යාපාරය පුළුල් කරමින් මුළු රටම එක මිටකට අරගෙන මුළු රටම ඒ වෙනුවෙන් මෙහෙයවන්න අපි ආන්ඩුවක් ලෙස සූදානමින් ඉන්නවා.
     
    ඒ වගේම තමයි පාතාල අපරාධ මේ වන විට සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියනවා.මොකද මේ පාතාලයේ සැලකිය යුතු පිරිසක් දැන් හසුවෙමින් තිබෙනවා.ඒ වගේම පාතාලය සමග දේශපාලන සම්බන්දතාවය සහමුලින් අපි ඉවත් කරලා තිබෙනවා ඉතින් ඒකත් එක්ක අපි විස්වාශ කරනවා අපේ රට එක පැත්තකින් මත්ද්‍රව්‍ය වලිනුත් අනිත් පැත්තෙන් අපරාධ වලින් තොර රටක් බවට පරිවර්තනය කරගන්න අපිට ඉදිරියේදි හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් අපි  අධිෂ්ඨානශීලීව අපේ රට මෙහෙයවමින් ඉන්නවා."
     
     
     
  • පානදුරේට මත්ද්‍රව්‍ය බෙදූ පොලිස් කොස්තාපල් සහ කාන්තාවක් අත්අඩංගුවට

    පානදුර ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බව හඳුනාගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු සහ කාන්තාවක් කළුතර කොට්ඨාස අපරාධ අංශය විසින් නුගේගොඩ මිරිහානේදී අත්අඩංගුවට ගෙන තිබේ.

  • පාපන්දු ආයතනයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය පාලන සමයේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචා, මුදල් අවභාවිතය හා අනිසි මූල්‍ය පරිපාලනය පිළිබදව විමර්ෂණයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව වෙත පාපන්දු ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු සුනිල් සෙනවීර  පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    ඒ මහතා කොළඹදී ඊයේ (30) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ, මීට පෙර පාපන්දු ආයතනයට තමන් මෙම චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් විමර්ෂණයක් ඉල්ලා සිටියත් එය අද දක්වා ඉටු නොවූ බැවින් තමන්ට කේෂ්ත්‍රයෙන්ම බොරු චෝදනා නගන්නන් බවට චෝදනා එල්ල වෙමින් තිබෙන තත්වයක් තුළ අල්ලස් කොමිසමට ගිය බවයි.

    එහිදී සුනිල් සෙනවීර  මෙසේද පැවැසීය.


    ''පාපන්දු සභාපති ජස්වර් උමාර් ඇතුළු පසුගිය විධායක සභාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න''



    අප විසින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පසුගිය පාලන සමයේ වූ එම සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

    නමුත් අද වෙන කන් ඒ දේවල් ඉටු වුණේ නෑ. දැන් අපිට රටේ පාපන්දු කේෂ්ත්‍රයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා ඔයාලා බොරු චෝදනා ගෙනල්ලා මිනිස්සු අපහසුතාවයට පත් කරනවා කියලා. අපි දැන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ සාධාරණ සුදුසු විමර්ෂණයක් කරලා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු පසුගිය විධායක සභාව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියලා.

    එහෙම නැතිනම් ඔවුන් චෝදනා වලින් නිදහස් කරන්න පියවර ගන්න කියලාත් අපි අල්ලස් කොම්සමෙන් ඉල්ලා සිටිනවා.

    "රුපියල් 1,27,75,000 ක් වටිනා පාපන්දු මිලදී ගැනීම, ඇමැරිකානු ඩොලර් ලක්ෂ පහක් රුපියල් ගිණුමකට මාරු කිරීම, සෝලා ශූරතා ලීග ක්‍රීඩා සමාජ ඇදුම් මුද්‍රණය කිරීමේ ගනුදෙණුව, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කිරීමේ ගණුදෙනුව ආදී සිදුවීම් කීපයක් පිළිබදව චෝදනා කරමින් ගම්පොල පාපන්දු ලීගයේ හිටපු ලේකම්වරයෙකුද වන සුනිල් සෙනවීර  අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබේ.

    මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දුන් සෙනවීර මහතා පැවැසුවේ තමන්ට එරෙහිව ප්‍රතිපාර්ශව සැගවී නගන දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හැකි නම් එම චෝදනා සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නඩු පවරන ලෙස ඔවුන්ට අභියෝග කරන බවත්ය.


    ''දැන් හැම පැත්තෙන්ම රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටිලා ඉවරයි''


    "මම හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයෙක්. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් ගැන කතා කර ඉදලා වැඩක් නෑ. දැන් හැම පැත්තෙන්ම රටේ පාපන්දු ක්‍රීඩාව කඩා වැටිලා ඉවරයි. ඒකට හේතුව පාපන්දු ආයතනයේ දූෂණය හා අනිසි මුල්‍ය පරිපාලනයයි.

    අල්ලස් කොමිසමට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමේදී සුනිල් සෙනවීර  ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් පැවැති විමර්ෂණ අලලා හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වාර්තාවේ ප්‍රකාශ, ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ෂණ ඒකකයේ වාර්තා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක්ද ඇතුළුව ඇමුණුම් ලිපි ගණනාවක්ද බාරදී තිබේ.



    ''නිහඩව බලාගෙන ඉන්න බැරි නිසයි අද මෙතනට ආවේ''


    මාධ්‍ය හමුව ඇමැතූ හිටපු ජාත්‍යන්තර පාපන්දු විනිසුරු හා පාපන්දු ආයතනයේ විනිසුරු කමිටුවේ හිටපු සභාපති ඒ. එම්. යාපා  පැවැසුවේ, දේශීය තරග මාලා වලින් තොර පාපන්දු දියුණුවක් රට තුළ අපේක්ෂා කළ නොහැකි බවත් පාපන්දු ආයතනයේ වත්මන් පරිපාලනය හමුවේ අද වන විට දේශීය තරග මාලා නැත්තටම නැතිවී ගොස් තිබෙන බවයි.

    " අද ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. කතා කරන්න කෙනෙකුත් නෑ. ලීග් ඔක්කොම නිහඩයි. මහ සභාවට එන අය හැමදේටම අත් උස්සලා එළියට එනවා. අපි පාපන්දු ක්‍රීඩාවත් එක්කම හිටපු අය. ඒ නිසා ඒ ගැන නිහඩව බලාගෙන ඉන්න බැරි නිසයි අද මෙතනට ආවේ."යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    මෙම මාධ්‍ය හමුවට වත්තල පාපන්දු ලීගයේ ලේකම් ජූඩ් ප්‍රනාන්දු  ද සහභාගි විය.

    (නාමල් පතිරගේ)

  • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

  • පාර්ලිමේන්තුවට අභියෝග කරන්න පුළුවන් ජගතෙක් පිටත නැහැ - ඇමති බිමල්

    පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

  • පාර්ලිමේන්තුවත් යටවෙන අවදානමක්

    දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයද  යටවීමේ අවදානමක්  මතුව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

  • පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා - රවී කියයි

    ''මම පාර්ලිමේන්තුවේ තනි අලියා .. සමගි, යූ එන් පී දෙක එකට එකතු කරලා අලි ගහනය වැඩි කරගන්නවා...'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

    ඒ සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුකිරීම සඳහා තමාට කළ හැකි උපරිමයෙන් දායකවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

    ඔහු එබව කියා සිටියේ, දිවංගත ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ දීය.

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවති එම උත්සවයේදී උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමිණ.

    එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ මහාචාර්ය ලලිත් ගමගේය.

    ශ්‍රීමත් ලලිත් ඇතුළත් මුදලි පදනමේ අනුශාසක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවටවට එක්වෙමින්, ආර්ථික බාධා තියෙන, හැකියාවක් ඇති දරුවන්ට උදව් කිරීම සඳහා හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භකළ ආකාරය පැහැදිලි කළේය.

    තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා, මේවනවිට ජනතාව තුල රජය ගැන විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගැන පමණක් බව සඳහන් කළේය.  ''එක පුද්ගලයෙක් ගැන විතරයි විශ්වාසය තියෙන්නේ, තව අවුරුද්දක් යනකොට මේ තත්ත්වය වැඩි කරගන්න වෙයි'' යයි ඔහු කියා සිටියේය.

    හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේ,  IMF පස් වැනි වාරිකය ලබා ගැනීමට රජය නිර්භීතව තීන්දු තීරණ ගත යුතු බවයි.

    ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය වුණොත් එහි තියෙන වටිනාකම නැති වෙන බව පැවසු මන්ත්‍රීවරයා, ''පාස්කු ප්‍රහාරය දේශපාලන ඡන්ද අවස්ථාවලදී උඩ එනවා. නමුත් මේකට විසඳුමක් ලබා ගත යුතුයි'' යයි ද කියා සිටියේය.

    විදුලි බිලියි අඩු කරන්න ආපු ආණ්ඩුවක් විදුලි ගාස්තුව වැඩි කරන්නේ කොහොමද ඒක ප්‍රශ්නයක් යයි ද හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ රවී කරුණානායක විමසා  සිටියේය.

     

     



    (Colombo නිරෝෂන්)

  • පාරිභොගික අයිතින් සුරුකීමේ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගෙන් කරන ඉල්ලීම

    විපතටපත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන්නැයි පාරිභොගික අයිතින් සුරුකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ ඉල්ලා සිටියි.

  • පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදාහක් දැඩි සෝදිසියට

    අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමේ අවදානමට ලක්ව ඇති පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි  දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විශේෂ විද්‍යාත්මක පරීක්ෂාවකට  ලක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය(NBRO) තීරණය කර ඇත.

  • පාසල් කාලය දිගු කිරීමට එරෙහිව එක්දින ගුරු වැඩවර්ජනයක්

    පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව ලබන මස 12 වැනිදා ගුරුවරුන් දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං පැවැසීය.

  • පාසල් කාලය දීර්ඝ කිරීම දරුවන්ට දැරිය නොහැකියි...?

    2026 වසරේ සිට මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ වෙනස්කම් රැසක් සිදුකරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.

  • පාසල් වේලාව දීර්ඝ නොකිරීමට තීරණයක්

    2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

  • පාස්කු ප්‍රහාරයේ මොලකරු ගැන සංසරණය වන පුවතක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සත්‍යයෙන් තොර බවත්, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    eastersund 

    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛම් රවී සෙනවිරත්න මහතා තහවුරු කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා පවසයි.

    උසස් නිලතල කාරක සභාවේදී තමා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෙනෙවිරත්න මහතා මේ බව සඳහන් කළ බව සිය X ගිණුමේ සටහනක් තබවමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

     

    Screenshot 2025 10 09 160947

  • පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සැඟවූ ආරක්ෂක ප්‍රධානියෙක් ගැන විමර්ෂණ අරඹයි

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධා වන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    ප්‍රහාරයේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටින අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙසේ සාක්ෂි සැඟවී­මට කටයුතු කිරීම මෙන්ම තමන් යටතේ සිටි නිලධාරීන්ට සාක්ෂි වෙනස් කිරීමට සහය දීමද සිදු කර ඇති බවයි.

    මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමි­තය. 2019 අප්‍රේල් 21 වැනිදා සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගල­යන් 300කට අධික පිරිසකගේ ජීවිත අහිමි විය.

    මේ පිළිබද අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කළ අතර, පසුගිය කාලයේදී එම විමර්ශන අඩාළ කිරීම පිළිබද චෝදනා රැසක් එල්ල විය.

    2019 නොවැම්බර් මාසයේදී මේ පිළිබඳ විමර්ශන කළ විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට වෙනත් රාජකාරි සදහා රට පුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනු ලැබූහ.

    ඉන් පසු එම විමර්ශන භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අත්අඩංගුට ගන්නා ලද අතර, මේ වනවිට යළිත් අදාළ විමර්ශන භාරව සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානි අබේසේකර ය.

  • පැමිණීමට නියමිත ආර්ථික සුළි කුණාටුවකට අප සූදානම්ද ? | රොහාන් සමරජීව - (වීඩියෝ)

    මනුෂ්‍යයකු මිය යෑම ඛේදවාචකයක් බව කණගාටුවට කරුණක් වුව ද කිසියම් මනුෂ්‍යයකු මිය නොගිය ද එම පුද්ගලයා සතු සියලු දේපළ සහ ආදායම් මාර්ග අහිමි වීම මිය යෑමට වඩා ඛේදවාචකයක් යැයි මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.

  • පැරණිතම බුදු සිරිත පිළිබඳ ත්‍රිපිටක ධර්මයෙන් හෙළිවන බොහෝ දෙනාට අලුත් තොරතුරු - ''දූවිල්ලේ රැඳුණු පියසටහන්''

    මම හිතන්නේ මේ පාර මම ගත්ත පොත් අතර මේ පොත අග්‍ර මාණික්‍යයක්.

  • පැරිසියේ ලූවර් කෞතුකාගාරය කොල්ලකෑමක් හේතුවෙන් වසා දමයි

    ලොව විශාලතම කෞතුකාගාරය වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරය වසා දමා තිබේ.

    ඒ, එහි සිදුවූ කොල්ලකෑමක් හේතුවෙන් ය.

    වෙස්මුහුණු පැළඳගෙන පැමිණි කොල්ලකරුවන් තුන්දෙනෙකු එහි තිබූ වටිනා ආභරණ 9 ක් සොරා ගෙන ගොස් තිබුණි.

    1546 දී ප්‍රංශ රාජකීය පවුල වෙනුවෙන් මාළිගාවක් ලෙස ඉදිකළ එය,පොදු කලාගාරයක් බවට පත්කර ඇත්තේ, 1793 වසරේදී ය.

    ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට මොනාලිසා සිතුවම ඇතුළු නිර්මාණ 35,000 කට වඩා ප්‍රදර්ශනයට තබා ඇති එම කෞතුකාගාරය, භූමි ප්‍රමාණයෙන් පාපන්දු ක්‍රීඩාංගණ දහයකට වඩා විශාලය.

  • පැළවත්තෙන් රාජ්‍ය අල්ලා ගැනීමේ මෙහෙයුමක් - චම්පික රණවක හෙලි කරයි (වීඩියෝ)

    රාජ්‍ය අල්ලා ගැනීමේ වැඩපිළිවෙළක් පැළවත්තේ සැලසුම් කරන්නේ යැයි හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පැවසි ය.

  • පිටකොටුව  බස් නැවතුම්පොළ නවීකරණයට

    අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  ප්‍රධානත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

    ඒ සඳහා අපේක්ෂිත මුදල මිලියන 424ක් වේ.

    වසර 60කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වෙන මෙය 1964 දී ඉදි කර ඇත.

    මෙහි නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

     

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න