2025 විශ්ව රූ රැජිණ සම්ප්‍රදායික ඇඳුම් තරග වටය අතරතුර ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලිහාෂා වයිට් තේ පෝච්චියක හැඩයට සැකසූ ඇඳුමක් හැඳ වේදිකාවට පිවිසි ආකාරය
වාර්ෂික රූ රැජිණ තරගයට දින කිහිපයකට පෙර විශ්ව රූ රැජිණ තරගයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී ඇති අතර, සංවිධායකයින් විසින් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී වංචා කරනු ලැබූ බවට එක් විනිසුරුවරයෙකු චෝදනා කර තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර ගේ මෑණියන් වූ යූ. ඉන්ද්‍රානි මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය.
වෙනස් ලෙස දැකීමේ කලාව හඳුනාගැනීම මුඛ්‍ය අරමුණ කරගනිමින් මැරිගෝල්ඩ් ස්ටුඩියෝව විසින් පවත්වනු ලබන ඡායාරූපය විචාරය කිරීම පිළිබඳ වැඩමුළුව මගින්, ඡායාරූපයක් සරලව බැලීමෙන් ඔබ්බට ගොස් එය විචාරාත්මකව අවබෝධ කර ගැනීමට ඔබට අවස්ථාව ලබාදේ.
මෙරට ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සුවපත් රටක් සහ අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ බිඳ වැටෙන රෝහල් පද්ධතිය රැක ගනිමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම උදෙසා තිරසාර වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව රෝහල් පද්ධතියේ තුළ පවතින ගැටලු නිවැරදිව හඳුනා ගනිමින් එම ගැටලු සඳහා ඒකාකාරී විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය සහ රෝගී සත්කාර සේවාවන් බිඳ වැටීමේ අවධානමකට ලක් වී ඇත.
එමෙන් ම නිදහසින් දශක 08 කට ආසන්න කාලයක් ගත වී තිබුණ ද නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා අරගලයක නිතර වීමට තවමත් ජනතාවට සිදු වී ඇතැයි එම නිවේදනයේ සදහන්ව ඇත.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

මේ අන්තර්ජාල යුගයේ විද්‍යුත් විකාශන මාධ්‍ය නියාමනයට ඓතිහාසික හේතුව වූ විකාශන සංඛ්‍යාතවල පවතින සීමිත බව (Scarcity of spectrum) තව දුරටත් නියාමනය සඳහා වලංගුවන හේතුවක් නොවේ යැයි ඇතැම් මාධ්‍ය අයිතිකරුවන් පවසන බව අසන්නට ලැබේ.
6 ශ්‍රේණියට අදාළව සැලසුම් කර තිබු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය තෙක් කල් තබන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ද අනුකූල යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම්, එය සම්පූර්ණයෙන් ම වැරදි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
2026 අයවැය නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන විට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික දැක්මේ තීරණාත්මක අවස්ථාවක් ලෙස ආර්ථික විද්‍යාඥයින් සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ ඉහළ අපේක්ෂාවක් ගොඩනැගෙමින් පවතී.
වත්මන් ආණ්ඩුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිම අනුගමනය කරන බවට සමගි ජන බලවේගයෙන් (SJB) විවේචන එල්ල වන පසුබිමක් තුළ, අතීතයෙන් බැහැර වූ නව දිශානතියක් පොරොන්දු වන අයවැයක් කෙරෙහි සියලු දෙනාගේම අවධානය මුදල් අමාත්‍යාංශය වෙත යොමු වී ඇත.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ නායකත්වය යටතේ කෙටුම්පත් කෙරෙන පළමු අයවැය
මෙය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති දිසානායක මහතාගේ දෙවන අයවැය වුවද, නව මුදල් අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වය යටතේ සම්පූර්ණයෙන්ම සකස් කෙරෙන පළමු අයවැය මෙයයි.
ජාතික ජන බලවේගයේ (NPP) ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන පෙළේ නිර්මාණකරුවෙකු වන සූරියප්පෙරුම මහතා, දේශපාලන පරිණතභාවය සහ දශක ගණනාවක ජ්‍යෙෂ්ඨ පෞද්ගලික අංශයේ අත්දැකීම්වල අද්විතීය සම්මිශ්‍රණයක් මෙම තනතුරට ගෙන එයි. ඔහුගේ පූර්වගාමියා වූ මහින්ද සිරිවර්ධන මහතාගේ සාම්ප්‍රදායික අයවැයවලට වඩා, සූරියප්පෙරුම මහතාගේ ප්‍රවේශය, ජනතාවාදී සහ ප්‍රායෝගික ප්‍රතිඵල ඉලක්ක කරගත් "නව්‍ය චින්තනයක්" පොරොන්දු වන බව භාණ්ඩාගාරයට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඉදිරි අයවැය, මහජනතාවගේ ප්‍රධානතම ගැටලුවක් වන ඉහළ ජීවන වියදම කෙරෙහි සෘජුවම අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"ජනතාව මත නව බදු පැනවීමක් සිදු නොකරන බවට" ජනාධිපති දිසානායක මහතා ජපානයේදී මෑතකදී කළ ප්‍රකාශය මගින්ද තහවුරු වන්නේ, රජය සැලකිය යුතු සහන රැසක් ලබා දීමට සූදානම් වන බවයි. පැහැදිලි ඉලක්ක වනුයේ: ජනතාවට සහනයක් ලබා දීම, තරුණයින් ඉලක්ක කරගත් නව රැකියා උත්පාදනය සහ යටිතල පහසුකම් හා ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීම තුළින් ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමයි.
මෙම දැවැන්ත වැඩපිළිවෙළ පිටුපස ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සිදුවන බරපතල අභ්‍යන්තර ප්‍රතිසංවිධානයකි. සූරියප්පෙරුම මහතා අමාත්‍යාංශයේ මෙහෙයුම් ආකෘතිය ප්‍රතිව්‍යුහගත කරමින්, දක්ෂ නිලධාරීන් නව වගකීම් සමග බලගන්වමින් සිටින බව වාර්තා වේ. ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම නව ප්‍රතිසංස්කරණ වේගයට එරෙහිව ප්‍රමාද කිරීමේ උපක්‍රම යොදන බවට වාර්තා වුවද, සිය අධිෂ්ඨානශීලී නායකත්වය සඳහා ප්‍රසිද්ධ ලේකම්වරයා, නාස්තිය හා දූෂණය අවම කරමින් මහජන ප්‍රතිලාභ උපරිම කරන අයවැයක් ඉදිරිපත් කිරීමට කැපවී සිටී.
2026 අයවැය හුදෙක් මූල්‍ය ප්‍රකාශනයකට වඩා වැඩි දෙයක් ලෙස සැලකේ. එය, ආචාර්ය සූරියප්පෙරුම මහතාගේ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළේ පළමු ප්‍රධාන පරීක්ෂණය වන අතර, වර්ධනය සහ මානුෂීය බව තුලනය කරන නව ආර්ථික මාවතක් නිර්මාණය කිරීමට දිසානායක පරිපාලනයේ ඇති කැපවීම පිළිබඳ තීරණාත්මක සංඥාව වනු ඇත.
(සමන් වික්‍රමසිංහ )
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
ජනාධිපති වැය ශීර්ෂයේ තුන් ගුණයක ඉහළ යාමක්: මෙවර විසර්ජන පනත් කෙටුම්පතේ මුදල් බෙදී ගොස් ඇත්තේ කෙසේ ද?
මෙක්සිකෝ සිටි අගනුවර ජාතික මන්දිරය අසළ මාර්ගයේ දී ජනතාව හමුවෙමින් සිටි එරට ජනාධිපති ක්ලෝඩියා ෂයින්බවුම් නොදන්නා පුද්ගලයෙකුගේ ලිංගික අඩත්තේට්ටමකට ලක්ව තිබේ.
පසුගියදා හටගත් ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, ඇතුළු සියලු පූජ්‍යස්ථාන පිළිසකර කිරීමට නිසි ප්‍රමුඛතාව ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.
ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් සඳහා නව සෞඛ්‍ය සන්ධානයක අවශ්‍යතාව පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති සහ රවි කුමුදේශ් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.
මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.
ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇති අතර ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඊට අමතරව 'එක්ස්පෝ 2025 ඔසාකා' ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.
ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ මෑතකදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.
ඇති වූ බරපතල ව්‍යසනකාරී තත්වයෙන් විපතට පත් ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේ පිහිටුවන ලද විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යයන් අධීක්ෂණයට ඊයේ (28) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ඇත.
ජනාධිපතිවරයා සහ අගමැතිවරිය උතුරට ගොස් වෛරය වැපිරීමට උත්සාහ කරන බවත්, රටේ රාජ්‍ය නායකයා සහ අගමැතිවරිය උතුරට ගොස් ඒබඳු දේවල් කිරීම සුදුසු නොමැති බව දුෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පැවසී ය.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සහභාගි වී සිටී.
ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.
ඒ ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ය.
ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්විය.
2021 ජනවාරි 6 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ කතාවක් බීබීසී ආයතනය විසින් සංස්කරණය කොට ඉදිරිපත් කළ ආකරයෙන් ජනතාව නොමග යවනසුලු පුවතක් ප්‍රකාශවු බවට චොදනා කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

