#newstube

  • ජවිපෙ බොල්ෂෙවික් පක්ෂයක් ද...?

    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුව විකල්ප වාමාංශික කණ්ඩායම් විසින් සලකන්නේ වමට භ්‍රෂ්ඨ වූ හෝ දක්ෂිණාංශික හැරවුමක් ගත් ව්‍යාපාරයක් ලෙස ය.

  • ජවිපෙ යළිත් වෛරය වපුරනවා - වරුණ රාජපක්ෂ (වීඩියෝ)

    ජවිපෙ යළිත් වෛරය වපුරවන්නේ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.

  • ජවිපෙ ලේකම් ටිල්වින්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතා

    ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී තිබේ.

  • ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

    වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 6 දෙනකු ස්ථාන මාරුකිරීම් සිදුකර ඇත.

  • ජාත්‍යන්තර පාසල් වසා දැමිය යුතුයි - කුසල් පෙරේරා (විඩියෝ)

    ජාත්‍යන්තර පාසල් යනු පාසල් නොව ව්‍යාපාරික ආයතන බවත්, එම ආයතන වසා දැමිය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක කූසල් පෙරේරා පැවසී ය.

  • ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි

    භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ අරමුණින් අද (21) ලොව පුරා ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරයි.

  • ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ ව්‍යාජ පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යයි

    ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවති.

  • ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන (NMEA) සඳහා ඉල්ලුම් පත් කැඳවේ

    මෙරට රාජ්‍ය ආයතන, පෞද්ගලික ව්‍යවසායන්, රාජ්‍ය නොවන සංවිධාන හෝ ලාභ නොලබන සංවිධාන ආදී සියලු සංවිධානවල කළමනාකාරීත්ව විශිෂ්ටතා අගැයීමට ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2025 ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන (NMEA) උළෙල  සඳහා මෙම මස 30 දක්වා ඉල්ලුම් පත් කැඳවේ.

     ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ඉහළම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා‍ කළමනාකරණ ආයතනය (IMSL), 2025 IMSL ජාතික කළමනා කරණ විශිෂ්ටතා සම්මාන (NMEA) උළෙල  සංවිධානය කරයි.

     කළමනා කරණ විශිෂ්ටත්වයේ ප්‍රමුඛයන් ලෙස පිළිගැනීම සඳහා තරඟ කිරීම සඳහා රට පුරා ඇති ඕනෑම නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයකට මෙම අවස්ථාව විවෘතව ඇත.

    කළමනාකරණ අංශයේ ආයතනික විශිෂ්ටත්වය හඳුනා ගැනීම සහ අගැයීම සඳහා NMEA උළෙල වාර්ෂිකව පවත්වනු ලැබේ. අනෙකුත් සම්මාන වැඩසටහන් මෙන් නොව, මෙහි එකම අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාව සඳහා තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා ආයතනික සංවිධාන විසින් සිදු කරන ලද හොඳම කළමනාකරණ භාවිතයන්, නවෝත්පාදනයන්, නායකත්වය සහ පරිවර්තනීය දායකත්වයන් ඉස්මතු කිරීමය.

    මෙම වසරේදී, කාණ්ඩ 15 ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරෙන අතර, රන්, රිදී සහ ලෝකඩ මට්ටම්වලින් ජයග්‍රාහකයින් හඳුනා ගනු ලැබේ. සාධාරණත්වය, විශ්වසනීයත්වය සහ ඉහළම පිළිගැනීමේ ප්‍රමිතීන් සහතික කරමින්, සෑම අයදුම්පතක්ම කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් දැඩි ලෙස ඇගයීමට ලක් කරනු ලැබේ.

     

    sarath k මහාචාර්ය සරත් කොඩිතුවක්කු

     

    NMEA 2025 හි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින්, IMSL හි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු  මෙසේ පැවසීය.

    '' මෙම සම්මාන උළෙල හරහා  (NMEA) හරහා, ජාතික සංවර්ධනයට දායක වන කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය දිරිමත් කිරීම අපගේ අරමුණයි.

    තම ඉදිරි දර්ශනය තවදුරටත් දක්වමින් IMSL හි උප සභාපති සහ NMEA උළෙලෙහි සභාපති ප්‍රසාද් විජේසූරිය මහතා මෙසේ පැවසීය.

    "NMEA 2025 යනු සංවිධාන වලට තම ජයග්‍රහණ ප්‍රර්දර්ශනය කිරීමට සහ රටේ හොඳම කළමනාකරණ ආයතනයන්ට උරෙනුර ගැටී තරගකර තම ආයතනික විශිෂ්ටතා මිණුම් සලකුණු කිරීමට ඇති අද්වීතීය අවස්ථාවකි. මෙම සම්මාන පිළිගැනීම ගැන පමණක් නොව, විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් සැකසීම සහ එම ආදර්ශයන් අන් ආයතනද අනුගමනය කිරීමට පෙළඹ වීමට ද මහඟු පිටිවහලක් වේ.

    මෙම කීර්තිමත් අගැයුම් වැඩසටහනට අයදුම් කිරීමට සහ එහි කොටස්කරුවන් වීමට සියලු සංවිධාන වෙත ඇරයුම් කරනු ලැබේ.

    සම්මාන කාණ්ඩ, සුදුසුකම් සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.imslawards.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න යැයි සංවිධායක මණ්ඩලය පවසයි.

    වැඩිදුර විමසීම් සඳහා, විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. මගින් හෝ දුරකථන අංක: +94 77 267 9200 (ප්‍රශාන්) | +94 71 407 2631 (මංජුල) ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

    (සටහන | ජේ.මුණසිංහ)

  • ජාතික ඛනිජ ප්‍රතිපත්තිය - 2026' ක්‍රියාත්මක කිරීම අනුමතයි

    'ජාතික ඛනිජ ප්‍රතිපත්තිය - 2026' ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් බාර ගැනේ

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2026 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2025 සැප්තැම්බර් 22 සිට 2025 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.

  • ජාතික බලශක්ති ප්‍රතිපත්තිය කෙබඳු විය යුතු ද...?

    බලශක්ති අමාත්‍යාංශය ජාතික විදුලි බල ප්‍රතිපත්තියක් පිළිබඳ කෙටුම්පතක් සකස් කර ඒ පිළිබඳව මහජන අදහස් කැඳවා ඇත.

  • ජාතික රූප­වා­හි­නියේ දුෂා­න්තගේ මවත් පියාත් එකම දිනෙක අව­සන් ගමන් යති

    ‘සැර­ය­ටි­යෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ. සංසා­රෙන් අපි සමු­ගන්නා දා ඒ ගම­නත් අපි එකට යමු’

  • ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

    දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනමින් විනාශයට පත් විදුලි බල පද්ධතීන් අලුත් වැඩියා කර විදුලි බල සේවා අඛන්ඩව සැපයීමට විදුලි බල මණ්ඩලය සහ ඒ ආශ්‍රිත ආයතනය වල නිලධාරීන් සහ සේවක පිරිස් සමත් වුණා.

  • ජාතිවාදීන් නොඇසූ - අනුර ගේ යාපනේ කතාව මෙන්න

    ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව පිළිබඳව යාපනයේ දී කළ ප්‍රකාශයකට විකෘති අර්ථකථන දීමට එරෙහිව සමාජ මාධ්‍ය අවකාශයේ දැඩි විරෝධයක් එල්ල කරමින් පවතී.

  • ජාවා නාය යාමකින් 18ක් නසිති

    ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවාහි ඉකුත් සතියේ සිදු වූ මහා පරිමාන නාය යාම් දෙකකින් අවම වශයෙන්  පුද්ගලයින් 18ක් මිය ගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි, බලධාරීහු අද (17) ප්‍රකාශයට පත් කළහ.

  • ජිනීවා යෝජනාව කොහොමත් දිනන්න බැරි බව දන්න නිසා ඡන්ද හොයන්න වියදම් කලේ නෑ…- විජිත

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවක් ජයග්‍රහණය කරන ලද්දේ 2010 වසරේ පමණක් බව විදේශ ඇමති විජිත හේරත්  පවසයි.

    එම යෝජනාවද ශ්‍රී ලංකා රජය පැත්තෙන් ශ්‍රී ලංකා රජය විසින්ම ගෙන ආ යෝජනාවක් යයිද පැවසූ ඔහු ඉන් පසු ගෙන ආ සියලු යෝජනා ඡන්ද විමසීමට සිදුවූ යොමු කළ අවස්ථාවල පරාජයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටී.

    සාමූහික වශයෙන් යුරෝපා රටවල් එක් මතයක සිටින බැවින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනා පරාජයට පත් කිරීම ඉතා විරල බවද හෙතෙම කියා පැවසීය.

    එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වන බවද ඔහු පැවසුවේය. ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකරන රටවල් ගණනද ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

    නමුත් මෙහිදී විමතියට කරුණු වන්නේ පැවති රජයන් එම යෝජනාවන් පරාජයට පත්වන බව දැන දැනත් මහජන ධනය ඒ වෙනුවෙන් වියදම් කිරීම් බවත් පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඡන්ද ලබාගැනීම සඳහා මෙරට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිස් එම රටවල සංචාර කළ බවද හෙතෙම චෝදනා කළේය.

    එවන් තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලීමෙන් සිදුවන්නේ දැනටමත් ජාත්‍යන්තරීකරණය වී ඇති ප්‍රශ්නය දේශීය වශයෙන් විසඳා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවීම බවද ඔහු පෙන්වා දුන්නේය.

    මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී  විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.

     

     


  • ජිනීවාවලදී ඡන්දයක් නොඉල්ලීම කනගාටුදායකයි! - ආචාර්ය දයාන් ජයතිලක

    *'' කළ යුතු නිවැරදි දේ කළේ නැහැ''

    *'' මට තේරෙන්නෙ නෑ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද කියලා''

    *'' ලංකාව ගැන ලෝකෙට දැන් යන්නෙ වැරදි චිත්‍රයක්''



    ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවලියක් තර්කානුකූලව ප්‍රතික්ෂේප කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමත් වීම අගය කළ හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

    කෙසේ වෙතත්, ඔහු සඳහන් කළේ, තර්කානුකූලව ප්‍රතික්ෂේප කළ ද, අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන් එය ඡන්ද විමසීමකින් තොරව ම සම්මත වීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව ය.

    "ඡන්දයක් අවශ්‍ය බව කීවා නම් ඡන්දයකදී අපට පක්ෂ රටවල් කිහිපයක් හරි යම් හඬක් නගාවි. දැන් ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා ම ලෝකයේ මිනිස්සු ශ්‍රී ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති කර ගන්න පුළුවන්. ඒක නරක දෙයක්. මට තේරෙන්නෙ නෑ මේ විදේශ ප්‍රතිපත්තිය මොකක් ද කියලා," ආචාර්ය දායන් ජයතිලක පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.


    මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

    ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලිය, ශ්‍රී ලංකාවේ දැඩි ප්‍රතිචාරය සහ ඉන් ඇති වන බලපෑම


  • ජීවත්වීමේ අයිතිය ඉල්ලා හාලිඇල නගරයේ උද්ඝෝෂණයක්!

    ජීවත්වීමේ අයිතිය ඉල්ලා හාලිඇල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණ.

  • ජීවන් තොණ්ඩමන් සමග අතිනත ගන්නා ඉන්දියානු මනාලිය කව්ද ?

    ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යුග දිවියට එළඹීමට සූදානම් වේ.

  • ජීවිතයේ බොහෝ තැන් තනිව විඳ දරා ගන්නට රුචි වූ ''දොස්තර ශිවාගෝ''

    බොරිස් පැස්ටර්නැක් ගේ දොස්තර ශිවාගෝ දීර්ඝ ගද්‍ය කාව්‍යය කියවීමි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න