කළමනාකරණයේ මූලික සිද්ධාන්තවත් නොදන්න මැට්ටෝ ටිකක් - (එරන්ද ගිනිගේ)

කළමනාකරණයේ මූලික සිද්ධාන්තවත් නොදන්න මැට්ටෝ ටිකක් - (එරන්ද ගිනිගේ)

මහින්ද දේශප්‍රිය කියනවා අනුර කුමාරට උනන්දුව තිබුණට එයාගේ කාර්ය මණ්ඩලයට එහෙම එකක් නැහැ කියලා.

සමහර විට අනුර කුමාර තැනින් තැනට ගිහිල්ලා විශාල කස්ටියක් රැස් කරලා පාර හදන හැටි, විදුලිය දෙන හැටි, පාලම් හදන හැටි ගැන රාජ්‍ය සේවකයන්ට කියලා දෙන ආතල් වීඩියෝ බලලා දේශප්‍රියට එහෙම හිතෙන්න ඇති. නමුත් ඒක මෝඩ කථාවක්. රටක් ම ආපදාවට පත් වෙලා තිබෙන වෙලාවක, ලක්ෂ ගාණක් මිනිස්සු අවතැන් වෙලා ඉන්න වෙලාවක, මළමිනී හොයාගන්න බැරුව ඉන්න වෙලාවක මුන් ලොකු රැස්වීම් තියලා බයිලා ගහනවා.

Screenshot 2025 12 11 140858

දේශප්‍රිය කළේත් ඒක. මැතිවරණ කොමිසම කියන්නේ විධිමත් නීති සහ ක්‍රියාපටිපාටි සංස්ථාපනය කර තිබෙන පුහුණු නිලධාරීන්ගෙන් සමන්විත රාජ්‍ය ආයතනයක්. ලංකාවේ මැතිවරණ පැවැත්වීම ගැන කවුරුවත් අමුතුවෙන් ලොරි ටෝක් දෙන්න ඕනා නැහැ. නමුත් අපට මතකයි දේශප්‍රිය මාධ්‍ය ඉස්සරහා දාපු පඩ ෂෝ. එයා හැසිරුණේ හරියට මුළු වරණ ක්‍රියාවලිය ම එයාගේ බල්ලෝ කාපු කටහඬේ බලයෙන් කරනවා වගේ. ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක දේශප්‍රියලා වගේ අධිකාරී වටපඩයෝ ඉන්න බැහැ. විශේෂයෙන් ම ස්වාධීන වරණය ජනතා අයිතියක්. ඒක කෙරෙන්න ඕනා අධිකාරී තක්කඩියන්ගේ අහංකාරයෙන් තොරව. අනුර කුමාර ගිහිල්ලා කරන්නේ රාජ්‍ය ව්‍යුහයට සහ ක්‍රියාපටිපාටියට අනිසි බලපෑමක්. එයා හැසිරෙන්නේ සර්වඥ ඥාන සම්ප්‍රයුක්ත සර්ව බලධාරී වගේ. නමුත් අනුර කියන්නේ කයිය ගහන්න පමණක් දන්න කුරුමිට්ටෙක් විතරයි.

ජනාධිපති ඉන්නේ වැඩ කරන හැටි කියන්න නෙවෙයි. ඒක තමයි කියන්නේ නායකයෙක් වෙන්න කලින් කළමනාකරණ විද්‍යාව ටිකක් හරි ඉගෙන ගෙන, ආයතනයක් පාලනය කරලා අත්දැකීම් ගන්න කියලා. පළමු දේ තමයි, නායකයෙක් කිසිම අවස්ථාවක කිසිම රැස්වීමකට යන්නේ නැහැ අදාළ සන්දර්භය ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නොකර. අනුර රැස්වීමට යන්නේ අන්ධයෙක් වගේ. එතනට ගිහිල්ලා අරයව මෙයාව නැගිට්ටවලා අහනවා විස්තර. හරියට ඉස්කෝලේ පන්තියේ ළමයින්ව නැගිට්ටවලා උත්තර අහනවා වගේ. අනික කවදාවත් ඔය වගේ විශාල පිරිසක් ගෙන්වලා සියලු දෙනා ඉදිරියේ එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. ඔය ගුණ්ඩුව ගෝඨාභයට දුන්නා අර ගම සමග පිළිසඳර කරපු බක පණ්ඩිතයන්. අර නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වෙනවා. උන් ඇත්ත කියන්න බය වෙනවා.



ඉංජිනේරුවෙක් කියනවා කිසියම් වැඩක් කරන්න දවස් පහක් යනවා කියලා. අනුර කියනවා එච්චර වැඩියි ඊට අඩු කාලයකින් කරන්න කියලා. ව්‍යපෘති කළමනාකරණය ගැන අබමල් රේණුවක දැනුමක් තිබෙනවා නම් එවැනි ගොන් විධානයක් දෙන්නේ නැහැ. මුලින් ම වෙන්නේ අර ඉංජිනේරුවා රටක් ඉස්සරහා කිච වෙනවා. ඔහුගේ ආයතනයේ සේවකයන් ඉදිරියේ ඔහු බලු වෙනවා. ඔහුගේ නිල බලය එතනින් ඉවරයි. අනෙක තමයි දවස් පහක් යන වැඩේ දවස් දෙකෙන් කරන්න ගිහිල්ලා වැඩේ බාල වෙනවා. නිසි ප්‍රමිතියට වැඩේ කෙරෙන්නේ නැහැ. ටික කාලෙකින් ආයෙත් කැඩෙනවා. එක වැඩේ දෙක වෙනවා. වියදම ඩබල් වෙනවා. කළමනාකරණය කියන්නේ මයික් ඉස්සරහා සුරංගනා කථා කියන එක නෙවෙයි.

ජනාධිපති වැඩ කරන්න ඕනා ඔහුගේ ඇමතිවරු සමග. ඒ තමයි ඔහුගේ ප්‍රධාන කණ්ඩායම. ඒක විස්සකට අඩුවෙන් තියාගන්න කියන්නේ ඒකයි. කණ්ඩායම පොඩි වෙන තරමට කාර්යක්ෂමතාවය (efficiency) වැඩියි. පනහක් සීයක් සමග කරන රැස්වීම් අන්තිම අසාර්ථකයි. කිසිම අවසාන තීරණයක් නැහැ. වගවීමක් (responsibility) නැහැ. වගකීමක් (accountability) නැහැ. හැමෝම කයිය ගහලා, මාළු පාන් කාලා, තේ බීලා යනවා. කාලය, ශ්‍රමය සහ මුදල් අපතේ. නුගත් මෝඩ ගොඩේ ජෙබයියෝ තෙත් කරන්න සංදර්ශන දැම්මට ඇත්තට ම වැඩ වෙන්නේ නැහැ.


ජනාධිපති සමග වැඩ කරනවා වෙනුවට එයාගේ ගොන් ඇමති බාන රට වටේ දුවනවා වලිගේ පෑගිලා වගේ. සමහරු පස් කපනවා. සමහරු ගෙවල් සුද්ද කරනවා. සමහරු බඩු බෙදනවා. සමහරු හෙලිකොප්ටරේ රවුම් ගහනවා… මල්වතු ඔය මඩකලපුවට හරවනවා. සමාජ මාධ්‍ය මර්දනය කරන්න හදනවා… හිටියයින් හිටියේ නැහැ මෙහෙම මැටි මෝල්ලු ටිකක්. පිස්සන් කොටුවක් වගේ. ඇමතිලා ඉන්නේ ඒවා කරන්න නෙවෙයි. ඇමතිලා ඉන්නේ ජනාධිපති සමග අවශ්‍ය high-level තීරණ ගන්න. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන, මානව සහ භෞතික සම්පත් ඉහළින් පහළට යොදවන්න. ව්‍යපෘති කළමනාකරණයේ අපි කියන Integration Managament කරන්න. ඒ කියන්නේ විවිධ විවිධ කාර්යයන් වෙන කොට ඒවා අතර මනා සම්බන්ධීකරණය කරන්න. වැඩ කරන හැටි ගැන නිලධාරීන්ට උගන්වන්න ඕන නැහැ. ඒ සඳහා මේක වෙලාවත් නොවෙයි. අවශ්‍ය කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණයට නිදහසේ ක්‍රියාත්මක වෙන්න දීම පමණයි.

අනුර කරන්න ඕනා තමන්ගේ විධායක ඇමති කණ්ඩායමට සහ විධායක රාජ්‍ය සේවයේ ඉහළ කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය නායකත්වය දීම මිසක් නුවරඑළියේ විදුලි ඉංජිනේරුවා කළ යුතු දේ කියලා දෙන එක නොවෙයි. එහෙම මුළු රටේ ම එක එකාට වෙන වෙනම උපදෙස් දෙන්නේ කොහොමද ප්‍රායෝගිකව? ඔයා හෙන මෝඩයි අනුර. මේ වගේ අවස්ථාවක නායකයා කළ යුතු ප්‍රධාන ම දෙයක් තමයි සන්නිවේදන කළමනාකරණය (Communications Management). සන්නිවේදනය නෙවෙයි. සන්නිවේදන කළමනාකරණය. ඒ දෙක දෙකක්. ඔයා කරන්නේ ඒ දෙකෙන් එකක්වත් නොවන දෙඩවිල්ල විතරයි. ඔයාට මේක තේරෙන්නේ නැහැ.


594975052 1439327307563494 3795159695081162346 n
දේශප්‍රිය කියනවා අනුරගේ කාර්ය මණ්ඩලයට උනන්දුව නැහැ කියලා. කාගේද වරද? තමන්ගේ කණ්ඩායම motivate කරන එක තමයි නායකයාගේ කාර්යභාරය. දේශප්‍රිය වගේ දූපත් මානසික ගොඩේ ගංකබරයෝ ඒවා දන්නේ නැහැ. උන් හිතන්නේ මයික් ඉස්සරහා දත් තිස්දෙක පෙන්නලා පොර ටෝක් දුන්න ම හැමෝම motivate වෙනවා කියලා. දණිස්සෙන් පහළට වෙඩි තියන්න කිව්වම කට්ටිය motivate වෙනවා කියලා. මුන් තමයි මේ රට මෙහෙම ගොබ්බකරණය කළේ.

ඇත්තට ම රටක ජනාධිපති වෙන්න පමණක් නොවෙයි, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට පවා අඩුම තරමින් MBA එකක්වත් අනිවාර්ය කරන්න ඕනා. ඒකත් ඔය කැකිල්ලේ තීන්දු දෙන නිර්මාල් දේවසිරි උගත් විශ්ව විද්‍යාලයෙන් නැතුව පිටරට පිළිගත් විශ්ව විද්‍යාලයකින් විය යුතුයි. කළමනාකරණයේ මූලික සිද්ධාන්තවත් නොදන්න මැට්ටෝ ටිකක් රටක් පාලනය කරන්න දන්නේ නැහැ. දිස් ඉස් පොලිටික්ස්.


eranda(එරන්ද ගිනිගේ )
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

MPM (Sp. B. Admin.), BSc (Sp. Genetics)
Former Head of Partnerships, Business Development & Innovation - British Council Sri Lanka

(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 දෙසැම්බර් 10



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න