#newstube

  • චැලෙන්ජර් - 2025 සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් තරගාවලිය

    ''චැලෙන්ජර් - 2025" සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් තරගාවලියේ සමාප්ති උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී අවසන් විය.

  • චිලී ලැව් ගිනි : පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    චිලී දේශයේ හටගත් ලැව් ගිනි හේතුවෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

  • චීන ආධාර රැගත් ගුවන්යානයක් කටුනායකට

    රු. මිලියන 400 ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර රැගත් චීන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද(08) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

  • චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහි දී...

    14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද (05) චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රමුඛ පක්ෂ සහ රාජ්‍ය නායකයින් ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී ආරම්භ වුණා.

  • චීන තීරණයට ජපන් ගුවන් සේවා වලින් බාධා නෑ

    ජපානයේ කිසිදු ගුවන් සේවයක් චීන ජාතිකයින්ට ආසන වෙන් කිරීමට බාධා පනවා නැතැයි, ජපානය පවසයි. චීන ජාතිකයින්ට ජපානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට රජය පසුගියදා නිවේදන නිකුත් කළේය.

  • චීන නියෝජිත පිරිසක් වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට

    චීනයේ ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වීය.

  • චීන නිල සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍යවරිය අද ඉන්දියාවට

    නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

    අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් - 191ක දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත.

    ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

    සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

    බීජිං හි සිය නිල කටයුතු අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙරේදා (14)  රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියාය.

  • චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරයි

    ළමා ආරක්ෂණය සුරැකෙන පරිදි, මනා නියාමනයකින් යුත් ඩිජිටල් අධ්‍යාපනයක් සැකසීමේ වගකීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.

  • චීන සහ ජර්මන් සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර තීරණාත්මක හමුවක්

    චීන ජනාධිපති ෂී ජින් පිං ජර්මන් චාන්සලර් Friedrich Merz හමු වී ඇත. ඒ, ඊයේ(25) සවස බෙයිජිං හිදී ය.

  • චීනය මිනිසුන් රහිත ෂෙන්ශු - 22 අභ්‍යවකාශ යානය දියත් කරයි

    චීනය අද (25) ෂෙන්ශු - 22 (Shenzhou-22) අභ්‍යවකාශ යානය දියත්  කළේය. එය මිනිසුන් රහිත යානයක් සේ අභ්‍යවකාශ ගත කෙරිණි.  

  • චීනය මේ තරමට ම දියුණු වුණේ කොහොම ද...? - Ideas front වීඩියෝවක්

    1990 දශකය වන විට චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික මට්ටම සමාන යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් - චීන ජනපති

    2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කර තිබෙනවා.

  • චීනයට ගිය ජවිපෙ ජාතික සංවිධායකවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් හමුවේ

    චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව පසුගිය 11වනදා සිට චීනයේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, ප්‍රවාහන හා මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගිය 12 වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග් සහ එම ප්‍රාන්තයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සමග නිල සාකච්ඡාවක් පවත්වා ඇත.

    ගුවන්ෂි ප්‍රාන්තය වර්ග කිලෝමීටර 237,000කට ආසන්න වපසරියක් සහිත භූමි ප්‍රමාණයක් සහිත මිලියන 57කට ආසන්න ජනගහණයක් සහිත ප්‍රාන්තයකි.

    එහිදි චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග්, ගුවන්ෂි ප්‍රාන්තයේ ඇති විශේෂත්වයන් පිළිබඳවත්, කලාපය තුළ ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳවත්, ප්‍රධාන ජාතිකත්වයට අමතරව ජීවත් වන ජාතිකත්වයන්ගේ ජීවන තත්වයන් නගාසිටුවීම 2020 ව⁣සරේ සිට රජයේ ප්‍රමුඛතාවයක් කරගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ කර තිබේ.

    තවද කෘතිම බුද්ධිය ආශ්‍රිත සේවා සැපයීමේ කර්මාන්තය හා සේවා සැපයිම සහ අග්නිදිග ආසියානු කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව හා ගුවන්ෂි ප්‍රාන්තය අතර සබඳතා ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.

    පාලන බලය ලබා වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. එම් අස්ලාම් හා සෙල්වතම්බි තිලකනාදන් යන අයද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිසක්ද සහභාගිවී සිටියහ.

     

    biml

     

  • චීනයේ පිහිටි මිය යන කාමර

    1990 දශකයේ මැද භාගයේ දී, විදේශීය චිත්‍රපට නිෂ්පාදකයන් කණ්ඩායමක් ස්වේච්ඡා සේවකයන් ලෙස වෙස්වළාගෙන චීනයට ඇතුළු විය. රාජ්‍ය ළමා නිවාසවල ස්වේච්ඡාවෙන් සේවය කරන බව මවාපාමින්, ඔවුන් ළදරු කිරි ටින් තුළ සඟවා ගෙන කැමරා පවා රැගෙන ගියේ ය. ඔවුන් අනාවරණය කළ දේ ඉතා ඉක්මනින් ලෝකය ම කම්පනයට පත් කළේ ය.


    නිශ්ශබ්දතාවයෙන් පිරුණු කාමර

    බ්‍රිතාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයන් වන කේට් බ්ලෙවිට් (Kate Blewett) සහ බ්‍රයන් වුඩ්ස් (Brian Woods) විසින් මෙහෙයවන ලද මෙම කණ්ඩායම චීනය පුරා ළමා නිවාස කිහිපයක සංචාරය කළේ ය. ඒ වන විට, චීනයේ “එක් දරු ප්‍රතිපත්තිය” දැඩිව ක්‍රියාත්මක වූ අතර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පවුල් බිලිඳු ගැහැණු දරුවන් හෝ ආබාධිත ළදරුවන් අතහැර දැමූහ. සම්ප්‍රදායිකව පුතුන්ට වැඩි සැලකිල්ලක් දැක්වූ අතර, දැඩි ජනගහන නීති මගින් එක් දරුවෙකුට වඩා සිටින පවුල්වලට දඬුවම් කරන ලදි.

     

    onechild

    එහි ප්‍රතිඵලය හද කම්පා කරවනසුලු විය: සෑම වසරකම දහස් ගණනක් අනවශ්‍ය ළදරුවන් රාජ්‍ය ළමා නිවාසවල ගේට්ටු අසල අතහැර දැමිණ. බ්ලෙවිට් සහ ඇගේ කණ්ඩායම එම ළමා නිවාසවලට ඇතුළු වූ විට, රජය විස්තර කළ පහසුකම් සහිත සත්කාරක මධ්‍යස්ථාන ඔවුන්ට හමු නොවී ය. ඒ වෙනුවට, ඔවුන්ට හමුවූයේ නිශ්ශබ්දතාවයෙන් පිරුණු කාමර ය. ළදරුවන් ලෝහ තොටිලි පේළිවල චලනය නොවී වැතිර සිටියහ. ඔවුන්ගේ මුහුණු සුදුමැලි වී තිබූ අතර, ඇස් අවධානයක් (eye contact )නොමැතිව විය. බොහෝ දෙනෙක් අඬන්නට පවා ශක්තියක් නොමැති තරමට දුර්වල වී සිටියහ. බොහෝ විට වැඩ අධික සහ සීමිත කාර්ය මණ්ඩලයකින් යුත් සේවිකාවන් යන්තම් කතා කළහ. සමහර ළදරුවන් නිසලව තබා ගැනීම සඳහා රෙදි කඩකින් ඔවුන්ගේ ඇඳන්වලට බැඳ තිබූ අතර, තවත් සමහර ළදරුවන් තමන්ගේම අපද්‍රව්‍ය මත වැතිර සිටීමට ඉඩ දී තිබුණි.


    මරණය එනතුරු බලා සිටීම

    චිත්‍රපට නිෂ්පාදකයන් මෙම ස්ථාන හැඳින්වූයේ “මියයන කාමර” (The Dying Rooms) ලෙසිනි. ඊට හේතුව කිසිවකු එම දරුවන් ක්ෂණිකව මරා දැමීම නොව, නොසලකා හැරීම තුළින් ඔවුන්ට සෙමින්, නිශ්ශබ්දව මිය යාමට ඉඩ හැර තිබීමයි. ආහාර නැත, උණුසුමක් නැත, ස්පර්ශයක් නැත. වාර්තා චිත්‍රපටයේ වඩාත් භයානකම අවස්ථාවක් වූයේ “නමක් නැත” යන අර්ථය දෙන මී මින් (Mei Ming) නම් කුඩා දැරියක් හමුවීමයි. අඳුරු කාමරයක තනි කර තිබූ ඇගේ කුඩා ශරීරය චලනය කිරීමට පවා දුර්වල විය. කාර්ය මණ්ඩලය පිළිගත්තේ ඇයව කිසිවෙකු හදා නොගන්නා බවයි. ඔවුන්ට අනුව, ඇය සිටියේ අවසානය එනතුරු බලා සිටිමින්ය.

    1995 දී බ්‍රිතාන්‍ය රූපවාහිනියේ 'The Dying Rooms' වාර්තා චිත්‍රපටය විකාශය වූ විට, ලෝකයම භීතියට පත් විය. ප්‍රේක්ෂකයෝ හඬා වැටුණහ. රජයන් පිළිතුරු ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, චීන බලධාරීන් සියල්ල ප්‍රතික්ෂේප කළහ. චීනයේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා චිත්‍රපටය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බව ඔවුන් පැවසීය. නමුත් ස්වාධීන මානව හිමිකම් කණ්ඩායම් මේ පිළිබඳව විමර්ශනය කිරීමට පටන් ගත්හ.

     


    the dying rooms

    නිහඬ මරණ ස්ථාන

    1996 දී හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) විසින් “Death by Default: The Policy of Fatal Neglect in China’s State Orphanages” නමින් සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදි. එය චිත්‍රපට නිෂ්පාදකයන් දුටු දේ සනාථ කළේ ය. විමර්ශකයන් සොයා ගත් ඇතැම් ළමා නිවාසවල මරණ අනුපාතය 50% ඉක්මවා තිබිණි. විශේෂයෙන් ආබාධිත හෝ ගැහැනු ළදරුවන් අතර මෙම තත්ත්වය බහුල විය. දරුවන් ඇඳන්වලට බැඳ දමා, උත්තේජනයකින් හෝ වෛද්‍ය ප්‍රතිකාරයකින් තොරව තබා ඇති අතර, බොහෝ දෙනෙක් පැමිණ මාස කිහිපයක් ඇතුළත මිය ගියහ. සමහර පහසුකම් හොඳ වුව ද, අනෙක්වා නිහඬ මරණ ස්ථාන බවත්, ඒවා නිලධාරීන් විසින් නොසලකා හැර ලෝකයෙන් සඟවා තිබූ බවත් වාර්තාවෙන් හෙළි විය.



    අරමුදල් නොලැබෙන ප්‍රදේශවල නොසලකා හැරීම්

    ගෝලීය පීඩනය යටතේ, චීනය අවසානයේ සීමිත ප්‍රතිසංස්කරණවලට ඉඩ දුන්නේය. විදේශයන්ගෙන් ලැබෙන පරිත්‍යාග වැඩි විය. සමහර ළමා නිවාස ඔවුන්ගේ තත්ත්වය වැඩි දියුණු කළ අතර, වැඩි සේවිකාවන් බඳවා ගත් අතර, හදා වඩා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළේ ය. එහෙත්, වසර ගණනාවකට පසුව පවා, විශේෂයෙන් අරමුදල් නොලැබෙන ප්‍රදේශවල නොසලකා හැරීම් පිළිබඳ කථා තවමත් මතු විය.


    එම නිහඬ කාමරවල මිය ගිය දරුවන් කී දෙනෙක් දැයි කිසිවෙකු දන්නේ නැත. ඔවුන්ගේ නම් කලාතුරකින් වාර්තා වූ අතර, ඔවුන්ගේ සොහොන් කලාතුරකින් සලකුණු විය. එහෙත් ඔවුන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ දුක් වේදනා 1990 දශකයේ වඩාත්ම වැදගත් මානව හිමිකම් පිබිදීමක් ඇති කළේ ය.

     

    අද, "මියයන කාමර" යන වාක්‍ය ඛණ්ඩය, සමාජයක් කරුණාවට වඩා නීති රීති, ප්‍රතිරූපය හෝ සම්ප්‍රදාය අගය කරන විට කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව සීතල මතක් කිරීමක් ලෙස පවතී. මී මින් බඳු සෑම දරුවකුගේ ම කතාව පවසන්නේ, සෑම ජීවිතයක් ම, කොතරම් කුඩා හෝ අපහසු වුවත්, රැකවරණය, ආහාර සහ ආදරය ලැබිය යුතු බව ලෝකයට මතක් කර දීමට ය.


    chn
    (උපුටා ගත්තේ Malith Achintha Kodikara ගේ Face book පිටුවෙනි).

  • චීනයේ වසර 1500ක් පැරණි පන්සලක් ගිනිගෙන විනාශ වෙයි

    ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

  • චීනයේ සමාජ මාධ්‍ය නියාමනයට නව නිතී | TMG Chandrasekara

    වෛද්‍ය විද්‍යාව, නීතිය, අධ්‍යාපනය හෝ මූල්‍ය බඳු “සංවේදී” විෂයයන් මාර්ගගතව සාකච්ඡා කිරීමට පෙර සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් ඒ ඒ විෂයන් පිළිබඳ නිල සුදුසුකම් ලබා දියයුතු බවට චීනය පුළුල් නව රෙගුලාසියක් හඳුන්වා දී ඇත.

  • චීනෙට ගිය පොලිස්පති

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ(15) රාත්‍රිය් දී චීනය බලා පිටත්ව ගොස් ඇත.

    ඒ චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමටයි.

    පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර ඇත.

    ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.


  • චීවරය පොරවාගත් පසුගාමී තක්කඩියෝ

    මම හැමදාම කියනවා වගේ සිංහල බෞද්ධ ථෙරවාදී භික්ෂු බහුතරය අන්ත ප්‍රතිගාමී, නූතනත්වයට විරුද්ධ වැඩවසම් කණ්ඩායමක් වේ. 

  • චෙක් ජනරජයේ දුම්රිය දෙකක් ගැටේ

    චෙක් ජනරජයේ දුම්රිය දෙකක් ගැටී අද (20) අනතුරක් සිදු විය.

  • චේතිය රාජ්‍යයට වසරයි; කළ දේවල් මෙන්න - සූගීෂ්වර බණ්ඩාර

    චේතිය රාජ්‍යයට වසරක් පිරුණ ද මේ වසර පුරා ම කර තිබෙන්නේ: වෛරය, පළිගැනීම හා හාස්‍යය සමාජ ගත කිරීම පමණක් යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ අද (23) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

    එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූගීෂ්වර බණ්ඩාර...


    රුපියල් හතරයි ශත පනහක ප්‍රතිලාබයක්

    ''මීට වසරකට පමණ පෙර අද වගේ දිනයක තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය තනතුරේ වැඩ බාර ගන්නේ. අද චේතිය රාජ්‍යයට වසරක් පිරෙනවා ඒ කියන්නේ පච පතිට වසරයි. මේ අවුරුද්ද පුරාවට වෛරය පළාගැනීම හා හාස්‍යය තමා සමාජ ගත කරලා තියෙන්නේ. ඉන් එහා කිසි දෙයක් සිදු වී නැහැ. මේ වසර දෙවන චේතිය රජුගේ ධුරකාලය යි. මේ වසර පුරාවට දුන් පොරොන්දු 1329න් එකක් පමණක් ඉෂ්ට කර තිබෙනවා.

    76 වසරකට පසුව ජනතාව වැඩියෙන්ම රවට්ටපු වසර මෙයයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරලා ඔවුන්ගේ හිමිකම් අහෝසි කරා . එය සිදු කළෙත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට රිදවීමේ චේතනාවෙන්. ඒ තුළින් මේ රටේ ආර්ථිකයට වෙච්ච හොදක් නම් නෑ . රු. 4.50කින් තමයි ප්‍රතිලාභය හිමිවන්නේ.


    බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුණ අවුරුද්දක්

    මේ වසර පුරාවට බෙදුම්වාදය උපරිමයෙන්ම ශක්තිමත් වුණා. විශේෂයෙන්ම අධි ආරක්ෂිත කලාප වල තිබුණ හමුදා බාධක ඉවත් කළා, වවුනියාව ගුවන් හමුදා කදවුර භූමිය නිදහස් කරන්න කටයුතු සුදානම් කළා. එමෙන්ම උතුරේ අධි ආරක්ෂිත කලාපවල තිබුණ හමුදා කඳවුර ඉවත් කරලා එම ඉඩම් නැවත බෙදා දෙන්න සුදානම් කළා. ඒ අනුව බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුන අවුරුද්දක්.

    ඉතිහාසයේ දැවැන්තම හොරකම ලෙස කන්ටේනර් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කලා. ඒ සම්බන්ධව විශාල ගැටළුවක් ඇතිවෙලා තියෙනවා. ඒ පිළිබඳව කිසිදු වගකීමක් බිමල් රත්නායක ඇමතිවරයා බාර ගන්නේ නෑ. රේගු අධ්‍යක්ෂවරයා බාරගන්නේ නෑ. අද වෙනකම් මේ පිළිබඳව පැහැදිලි විමර්ශන්යක් තවම සිදු වෙලා නෑ.


    කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරා

    චේතිය රාජ්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වුණ කතානායක තනතුර හෑල්ලුවට ලක් කළා. හොර උපාධි සහතිකයක් තියෙන අශෝක රන්වල  පත් කළා. උපාධි සහතිකය පෙන්නන්න කියපුවාම ඔහු තනතුරෙන් ඉවත් කළා. ඉන්පසු වෛද්‍ය ජගත් වික්‍රමරත්න  පත්කලා කතානායක තනතුරට. වෛද්‍ය ජගත් වික්‍රමරත්න විශාල චෝදනා ප්‍රමාණයක් මේ වනවිට එල්ල වෙලා තියෙනවා. එතුමා විසින් රාජ්‍ය දේපළ අවභාවිතාව හා රාජ්‍ය මුදල් අපහරණය සම්බන්ධව. ඒ පිළිබඳ පැමිණිලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් කිසිදු වග විභාගයක් නෑ. ඒ වගේම කතානායකතුමන්ටද ඒ සම්බන්ධව සදාචාර සම්පන්නබාවයක් ද නෑ. මේ චේතිය රාජ්‍ය තුල කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරලා තියෙන්නේ.


    විදුලි බල ඇමතිට වෙනස් නීතියක් ද...?

    පසුගිය අගෝස්තු 17 වනිදා මේ රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනයකින් විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි  2015 වර්ෂයේ පොහොර සංස්ථාවේ සේවකයකු ලෙස කටයුතු කරන අවස්ථාවේ දී රජයට රුපියල් මිලියන 8 ක මුදලක් ටෙන්ඩර් වංචාවක් හරහා පාඩු කිරීම සම්බන්ධව ඔහුට නඩු පවරන්න නියමිත බවට රටට කරුණු හෙළි කළා. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වැරැද්දක් සිදු කර ඇති නම් ඔහු කවුරු වුනත් තරාතිරම නොබලා දඩුවම් කරන බව ය. නමුත් මේ වනවිට මාසයක් ගතවෙලා තියෙනවා.

    අපිට ලැබී තියෙන තොරතුරු අනුව නම් විදුලි බල ඇමතිතුමා 2015 වර්ෂයේ සිදු කළ ටෙන්ඩර් වංචාවට අදාළව සියලු පරීක්ෂණ කටයුතු සිදු කර අවසන්. ඒ ලිපි ගොනුව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිලධාරින් තිදෙනා ම අත්සන් කරලා තියෙනවා. අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයාත් අත්සන් කරලා තියෙනවා. නමුත් මේ වෙනකන් ඔහුට නඩු පවරලා නෑ.


    අසරණ වුණ රංග දිසානායක

    රංග දිසානායක කීර්තිමත් මහාධිකරණ විනිසුරුවරයෙක්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට කීර්තිමත්ව කාර්යක්ෂමව කටයුතු කළා . ඔහු රාජ්‍ය සේවකයින්ට ආදර්ශමත් ලෙස දේශණ පැවැත්වුවා. නමුත් කුමාර ජයකොඩිට නඩු පවරණ මේ අවස්ථාවේ දී රංග දිසානායක අධ්‍යක්ෂජනරාල්වරයා අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපි රංග දිසානායකගෙන් අහන්න කැමති අමාත්‍ය කුමාර ජයකොඩිට මේ සම්බන්ධව නඩු පවරනවාද නැද්ද යන්න රටට හෙළි කරන්න.

    අපට ලැබී තියෙන තොරතුරු අනුව නම් කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම වැලැක්වීම සම්බන්ධව රංග දිසානායකව කිසියම් අදෘශමාන හස්තයකින් හසුරුවන බවය. කුමාර ජයකොඩි  සම්බන්ධ ලිපි ගොනුව බහා තබන්න නඩු පවරන එක වළක්වන්න කියලා. ඒ නිසා රංග දිසානායක මැතිතුමනි, දැන් මාසයක් ගතවෙලත් ඔබතුමන්ගේ මේසය මත එම ලිපි ගොනුව දුවිලි වදිමින් තියාගන්න අවශ්‍ය නෑ. කරුණාකාරලා නඩු පවරලා ඔබතුමාගේ අපක්ෂපාත්තවය, සුජාතභාවය රටට ඔප්පු කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.''

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා: දෙහිවල ආසන සම සංවිධායක අජන්ත ද සිල්වා, මධ්‍යම කාරක සභික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි සහ කොළඹ දිසා නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් යන අය සහභාගි වූහ.

     

    nawajanatha 20250923

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න