පළාත් සභා ඡන්දය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැයවන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්මේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කලක් දිවයිනේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය ලෙස වැජඹුණ සමාගමක් සිතා මතා බංකොලොත් කොට තමන්ගේ මඩිය තර කර ගැනීමට මාන බලන දූෂිත විධායක නිලධාරියකුගේ මෙහෙයැවීමෙන් එම ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන ප්‍රකාශන තුනක් ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට ක්‍රියා කරමින් සිටින බව එහි සේවකයෝ පවසති.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සිදුකරන ප්‍රකාශනාධාර ව්‍යාපෘතිය යටතේ 2025 වර්ෂයේ අනුග්‍රහය ලත් අත්පිටපත් වෙනුවෙන් නියමිත ආධාර මුදල් සඳහා චෙක්පත් ප්‍රදානය 2025.12.05 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
එක්සත් ජනපද - දකුණු කොරියා ආරක්ෂක සාකච්ඡා පිලිබඳ දැඩි විරෝධය පල කරන බව, උතුරු කොරියාව අද (08) නිවේදනය කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවේ .
ඒ අනුව,
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය:
කළුතර දිස්ත්‍රික්කය:
කෑගල්ල දිස්ත්‍රික්කය:
නුවරඑළිය දිස්ත්‍රික්කය:
රත්නපුර දිස්ත්‍රික්කය:
"දිට්වා" Ditwah සුළිකුණාටුව කන්කසන්තුරය සිට 210 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.4°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍ර ගතව වී ඇති අතර මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) දින දහවල් 12.15 ට නිකුත් කරන ලදී.
*පාරිභෝගිකයින් රැවටන ආයතන වලින් පරිස්සම් වන්න!
*විශ්වාසනීය නොවන කුඩා සෝලා ආයතන නිසා පාරිභෝගිකයින්ට අසාධාරණයක්!
ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී ඇත.
ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් අද (13) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සහකාර මෙහෙයුම් ප්‍රධානී මැතිව් ජෝන් (Matthiev JOHN) සහ මාධ්‍ය නිලධාරි දිනේෂා ඉලේපෙරුම එක්ව සිටි අතර, ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රංශ තානාපතිවරයා සිය ප්‍රශංසාව පළ කරන ලදී.
විශේෂයෙන්ම ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියේ දී වඩාත් ශක්තිමත් ව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවීම ගැන සිය සතුට පල කළ තානාපති රෙමී ලැම්බට්, මාලිමා ආණ්ඩුව බලයට පත් වී ගෙවුණු වසරක කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රශංසාව පල කරන ලදී.
එමෙන්ම වංචා දූෂණ පිටු දැකීම සහ ජාතික සමගිය ඇති කිරීමට දැනට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තානාපතිවරයා සිය ප්‍රසාදය පල කරන ලදී.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, තානාපති රෙමී ලැම්බර්ට් හමුවේ ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දූෂණය පිටුදැකීම මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා ගෙවුණු කාලය තුළ වැඩි අවධානයක් යොමු කළ බවත් 2026 වසරේ ආර්ථිකය ශක්තිමත් කරමින් මෙන්ම ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව කයටුතු කරමින් සිටින බවත්ය.
කාන්තා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමටත් සාගර සම්පත් සුරැකීම සහ කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට සූදානම් බවත් ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් එහි දී සඳහන් කරණ ලදී.
ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට සූදානම් බවත් ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයේදී ප්‍රංශයේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දිරිමත් කිරීමටත් මෙම හමුවේ දී ඔහු පොරොන්දු විය.
ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රංශයට කිසිසේත්ම සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවද ඉදිරියේදී රාජ්‍ය නායකයින්ට ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද මෙහි දී ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් ආරාධනා කර තිබේ.

‘ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුමය’ ව්‍යාපෘතියේ අංගයක් ලෙස නොවැම්බර් 21 වැනිදා සිට 29 වැනිදා දක්වා ප්‍රංශයේ නැන්ටෙස් හි පැවැත්වෙන ‘ෆෙස්ටිවල් ඩෙස් 3 කොන්ටිනන්ට්’ හිදී සම්භාව්‍ය ශ්‍රී ලාංකික චිත්‍රපට දොළහක් ප්‍රදර්ශනය කෙරෙන බව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.
මෙම වසරේදී මෙරටට ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක් රේගුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රේගුව රඳවා ගත් ලුණු තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 91.81 ක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
නිසි ප්‍රමිතියට නොමැතිවීම සහ පසුගිය මැයි මාසයේ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව ලුණු ආනයනය කිරීමට ලබාදුන් අවසන් දිනය පසුවී මෙරටට ආනයනය කර තිබීම එම මෙට්‍රික් ටොන් 22,950 ලුණු තොගය රඳවා ගැනීමට ප්‍රධාන හේතු වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය.
එක් අවස්ථාවකදී නැවක තිබූ සම්පූර්ණ ලුණු තොගයකටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතිකරණ සහතිකය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය නොලැබීමෙන් අදහස් වන්නේ එම ලුණු තොගයේ නිසි ප්‍රමිතියට නොමැති බවත් යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරටට මෙම වසරේදී වැඩිම ලුණු තොගයක් ආනයනය කර ඇත්තේ ආනයන සීමා ලිහිල් කළ පසුගිය ජූනි මාසයේදී බවත් පසුගිය ජූනි මාසයේදී මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 99,217 ක් ආනයනය කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ආනයනය කළ එම ලුණු තොගයේ විටිනාකම රුපියල් කෝටි 396.61 ක් බවද ආරංචි මාර්ග පැවැසුවේය.
(විමුක්ති එස් රුද්‍රිගු -lankadeepa)
ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව පළවී ඇති මාධ්‍ය වාර්තාවලට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා වූ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය පසවයි.
පක්ටිකා පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා මෙලෙස මියගොස් ඇත.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන්ද ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.
Three Afghan cricketers killed in Pakistani attack, says Afghanistan Cricket Board
Afghanistan Boycotts Pakistan Tri-Series After 3 Cricketers Die In PAK Airstrike
පාකිස්ථානය විසින් ලිබියාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ට අධික වටිනාකමකින් යුත් අවි අලෙවි කිරීමේ ගිවිසුමකට එළැඹේ.
පාකිස්ථාන රජය ඊයේ (23) සිව් වසරක් තුළ දෙවන වරටත්, එරට මුස්ලිම් පක්ෂයක් තහනම් කිරීමට පියවර ගත්තේය. නොබෝදා, එහි සාමාජිකයින් සහ පොලිසිය අතර ගැටුමකදී පුද්ගලයින් පස්දෙනකු මරණයට පත්වීමෙන් අනතුරුව රජය විසින් එම තීරණය ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

