මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ.
ඒ උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තබෙන අතර තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති
අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ හිමිවරුන් විය.
එම ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය.
ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා 13 නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි.
පෙර රජයන්වල ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දක්වා උපදෙස් ලබා දුන් චෞර දූෂිත නිලධාරි මණ්ඩලය අදටත් එම පුටුවල ම සිටින අතර වෙනසක් ලෙස සිදුව ඇත්තේ නීතියට වැඩ කරන බව හඟවමින් තම පුටුවල සිට, පුටුව ආරක්ෂා කරගනිමින් රැඳී සිටීම පමණක්ය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අගමැති හරිනි අමරසුරියගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකොට එහි ප්‍රගතිය ජනතාවට ප්‍රසිද්ධි කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්සට තමන් අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
අද දින මාතලේ ආපදාවෙන් පීඩාවට පත් පදිංචිකරුවන් බැලීමට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට විරෝධය පළකළ තරුණයෙකු අවසානයේ නාමල් රාජක්ෂව වැලඳ ගනිමින් ඔහුගේ කතාව නිවැරදි බව පිලිගත්තේය.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
නායයාම් අධි අවදානම් සහිත ස්ථාන 15,000ක් පමණ දැනට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමට අවශ්‍ය තොරතුරු සපයා ඇත්තේ ඔහුගේ ම ආරක්ෂකයකු හෝ කිහිප දෙනකු යැයි සැකයක් පවතින්නේ බව දේශපාලන විචාරක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
නිකොලස් මදුරෝ පැහැර ගත්තේ මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා යටතේ නම්, වඩාත් බරපතළ අන්දමින් ලොවට මත් ද්‍රව්‍ය ගලා එන්නේ මෙක්සිකෝ දේශ සීමා හරහා යයි ද මොහාන් අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ මොහාන් සමරනායක Lanka Voice you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
මෙම විඩියෝව නරඹන ඔබට නිකොලස් මදුරෝ පැහැරගත් සැබෑ හේතුව කුමක් ද යන්න නිගමනයකට පැමිණිමට හැකිවනු ඇත.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සිය බිරිඳට බෙහෙත් ගැනීම සඳහා පොළොන්නරුව රෝහලේ පෝලිමක සිටින ඡායාරූප පෙළක් ප්‍රශංසාත්මක වැකි සමග සමාජ මාධ්‍යවල හුවමරු වෙයි.
සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ' නිර්මාණ යාත්‍රා - සාහිත්‍ය නිර්මාණ තරගය - 2025' ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය: බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන අය ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් 30වන දින කොළඹ 07 පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි පැවත්වුණි.
මැරිගෝල්ඩ් ක්‍රියේෂන් ආයතනය විසින් මෙහෙයවන ලබන නිර් මාණාත්මක ඡායාරූපකරණ වැඩමුළුවට සම්බන්ධ වී තෙවැනි ඇස හරහා දෘශ්‍ය කතන්දර කීමේ ලෝකය ගවේෂණය කරන්න.
ආණ්ඩුව බේරා ගැනීමේ බුද්ධිමය මෙහෙයුම් (psy-opps) නිල නොලත් ප්‍රධානියකු වන නිර්මාල් දේවසිරිට නීතියේ එන අවධානයේ යුතුකම පිළිබඳව කරුණු දැක්වීමක්.
නුවරඑළියේ තැපැල් කාර්යාලයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් තිබිය දී තැපැල් බලධාරීන් නුවරඑළිය නගරාධිපති ගේ ප්‍රධානත්වයෙන් නව නිවාඩු නිකේතනයක් සඳහා මුල්ගල තැබීම පසුගිය (28) දින සිදුවූ අතර එයට ප්‍රදේශවාසීන් හා සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන පිරිස් සිය විරෝධතාවය ප්‍රකාශ කළහ.
පසුගිය 13 බ්‍රහස්පතින්දා රාත්‍රී 11 ට පමණ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි සෙන්ට් ලූක්ස් රෝහලේ දී ස්පාඤ්ඤ ජාතිකයෙකු එල්ල කොට සිදුවූ වෙඩි තැබීමකින් එරට පදිංචි චාමිකා හතුරුසිංහ නම් ලාංකික කාන්තාව බරපතල තුවාල ලබා තිබේ.
ග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණි.
ලෝක ධනවතකු වන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි පසුගියදා පැවති දීපාවලි උත්සවයකට ගියේ ලොව පවතින මිල අධිකතම අත්බෑගයක් අතින් අරගෙනයි.
සුපිරි විලාසිතා නිර්මාණකරුවකු වන මනිෂ් මල්හෝත්‍රාගේ මුම්බායි නිවසේ පැවති දීපාවලි උත්සවයට පසුගිය දා (12) සහභාගී වූ ඇය අත තිබූ අත්බෑගය ඩොලර් මිලියන 02කට අධික වටිනාකමකින් යුක්තයි.
සමාජ ජාලයේ සැරිසරන්නන් වෙත ඇගේ සීක්වින් සාරිය සහ විශාල එමරල්ඩ් කරාබු ආකර්ෂණය වූවද, ඇගේ විලාසිතාවේ සැබෑ කැපී පෙනෙන අංගය වූයේ Sac Bijou නම් දියමන්තිවලින් සරසන ලද්දක් වූ ඇගේ Hermès Birkin බෑගයයි. ලොව පුරා පවතින්නේ එවැනි Sac Bijou Birkins තුනක් පමණයි.
මෙම බෑගය ඇමරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුක්තයි. Sotheby's ආයතනයට අනුව, මෙම දුර්ලභ Sac Bijou බෑගය ලොව ඇති වඩාත්ම මිල අධික Hermès Birkin බෑගයයි. මෙම අත්බෑගය ඝන 18k සුදු රත්‍රන් වලින් ඉතා සූක්ෂම ලෙස නිමවා තිබෙන අතර එය දිලිසෙන දියමන්ති 3,025කින් සරසා ඇත, එහි සම්පූර්ණ කැරට් බර 111.09 ක්ය.බෑගයේ ඉහළ තට්ටුව කිඹුල් හමක් අනුකරණය කරමින් සකස් කර ඇති අතර, එහි පහළ කොටස, අත් රඳවන දියමන්තිවලින් ආවරණය කර තිබෙනවා.


මෙම Sac Bijou බෑගය නිර්මාණය කරන ලද්දේ Hermès හි සියුම් ස්වර්ණාභරණ සඳහා නිර්මාණ අධ්‍යක්ෂවරයා වන පියරේ හාර්ඩි විසින් 2012 දීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

