පසුගිය දින කලාඔයේ මගීන් 70ක් සමග බස් රථයක් අනතුරට ලක් වූයේ රියදුරු ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ එම ස්ථානය නිරික්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් පැවසූ කරුණු සැලකිල්ලට ගනිමිනි.
බස් රථය පාලම හරහා ගමන් නොකරන ලෙස ප්‍රදේශවාසින් දැනුවත් කළ ද, බස් රථයේ රියදුරු එය නොසලකා හරිමින් බස් රථය පාලම හරහා ගමන් කිරීමට උත්සාහ දරා ඇතැයි ප්‍රදේශවාසින් පවසා ඇත.
එමෙන් ම කලින් පැමිණි බස් රථයේ සිටි මගීන් ද අනතුරට ලක් වී ඇති බස් රථයට ගොඩ වී ඇති බව දැනගන්නට ලැබී ඇත. එම අවස්ථාවේ කිසිම පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේ රාජකාරි කර නොමැති බව ද ප්‍රදේශවාසින් සඳහන් කළ බව ද දුමින්ද දිසානායක පවසයි.

