#newstube

  • පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය පනී

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර්  බිලියනය ඉක්මවා ගොස් තිබේ.

  • පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනී සිටි තාරක නීතිඥ සංගමයේ තනතුර අතහරි

    ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන්  ඉල්ලා අස් වී ඇත.

    ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිද්ධියෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනී සිටීම හේතුවෙන් නීතිඥ තාරක නානායක්කාරට පසුගිය දිනවල නීතිඥවරුන් පිරිසක ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව පැවැසේ.

    ඒ අනුව ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වූ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර එහිදී නීතිඥ තාරක නානායක්කාර විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ සිය ලිපිය බාර දී ඇත.

    කෙසේ වෙතත් ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බව දැන ගන්නට ඇත.

    මේ පිළිබඳව නීතිඥ තාරක නානායක්කාරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනී සිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර අදාළ කොස්තාපල්වරයා දන්නා කියන හිතවත් පවුලක අයකු වූ නිසා බවත් මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ය.

     (ක්‍රිෂාන් ජීවක ජයරුක් - lankadeepa)





  • පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත්  පත්කර තිබේ.

    එච්.එම්.සී.පී. හේරත්  මීට පෙර කොළඹ දකුණ කොට්ඨාසයේ රාජකාරී සිදුකර ඇත.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවශයෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත පොලිස් ක්ෂේත්‍ර බලකායේ වැඩබලන අණදෙන නිලධාරී තනතුරට මාරු කර යැවීමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුව සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත්  පත්කර ඇත.

  • පොලිස් සහතික ගන්න ගමේ NPP ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය මොකට ද...?

    පොලිස් සහතික ලබාදීමට මාලිමාවේ ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ චරිත සහතිකය ඉල්ලා සිටීම බරපතල කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

  • පොලිස්පති වහා තනතුරෙන් ඉවත් කරන්න - නව ජනතා පෙරමුණ ඉල්ලා සිටී

    දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහයේ අංක 01 සහ අංක 05 කඩ කළ පොලිස්පතිවරයා වහා තනතුරෙන් ඉවත් කරන්නැයි නව ජනතා පෙරමුණ ඉල්ලා සිටියි.

  • පොලිස්පතිගේ පැමිණිල්ලක් නිසා වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්?

    පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් මත වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කිරීමට අධිකරණ කොමිෂන් සභාව තීන්දු කර ඇත.

  • පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා - සජිත් ප්‍රේමදාස

    පොලිස්පතිවරයා, ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • පොලිස්පතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක්!

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට එරෙහිව තමා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රකාශ කරයි.

  • පොලිසියට මඩ ගහන්න යූටියුබ් කරුවන්ට ආධාර කළැයි SDIG ට එරෙහිව CID විමර්ශන

    පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය රහසිගත සංවේදී තොරතුරු යූටියුබ් මාධ්‍යකරුවන්ට ලබාදී පොලිස්පතිවරයාගේ සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ මඩ ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පහළින් ඉන්නා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

  • පොලිසියෙන් බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ පිළිමයේ ආරක්ෂාව සහතික කරන්න- පොලිස් ඇමති කියයි

    ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ ඔප්පු සහිත පන්සල් භූමිය තුළ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල් ගල තබා එදින පන්සල් භූමියේ තැන්පත් කළ බුදු පිළිමයට ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතු වූ බවත්, බුදු පිළිමය ඊයේ රාත්‍රියේ එම ස්ථානයෙන් ඉවත් කරන්නේ ආරක්ෂාව තහවුරු කිරීමට බවත් රජය පවසයි.

  • පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී

    පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

  • පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා පහරදීලා !

    මාතර දුම්රිය පොල ඉදිරිපිට දී පාසල් සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා ඇතුළු සිසුන් දෙදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක ඊයේ  (10) නියෝග කලේය.

  • පොහොට්ටු රැස්වීමට ගිය GMOA සහකාර ලේකම් නිසා විධායක සභාව උණුසුම් වෙයි

    පසුගියදා කෝට්ටේ සෝලිස් ශාලාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති එම පක්ශයේ වෛද්‍යවරුන්ගේ රැස්වීමට සහභාගිවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය තිලිණ දම්සිරිට අද උදෑසන පැවති GMOA විධායක සභා රැස්වීමේදී දැඩි විරෝධයක් එල්ලවී ඇත.

  • පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

    ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.

  • බගවන්තලාව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ.

  • බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ගින්නක්; 16ක් මරුට; මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි

    බංග්ලාදේශ ඇඟලුම් කම්හලක සහ ඊට ආසන්නයේ පිහිටි රසායනික ද්‍රව්‍ය තැන්පත් කළ ගබඩාවක   ඊයේ (14) හටගත් ගින්නකින් 16 දෙනකු ජීවිතක්ෂයට පත් විය.  අනතුරින් තවත් පිරිසක් තුවාළ ලබා සිටිති. මිය ගිය පුද්ගල සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවට බලධාරීහු අනතුරු අඟවති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

    ඇඟලුම් කම්හලේ දෙවන සහ තෙවන මහල් වෙතින් දැවී ගිය  මළ සිරුරු  හමු වූ බව එරට ගිනි ආපදා සේවය පවසයි. මිය ගිය තවත් පුද්ගල මළ සිරුරු සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

    එරට ධකා අගනුවර තදාසන්නයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලකින් යුත් ඇඟලුම් කම්හලක ගින්න හටගෙන තිබිණි. පසුව, එය අසල වූ රසායනික ගබඩාවක් වෙත ද පැතිරුණු බව වාර්තා වේ. පැය තුනකට ආසන්න මෙහෙයුමකින් අනතුරුව ගින්න පාලනය කළ බව ගිනි ආපදා සේවය පැවසීය. ඇඟලුම් කම්හල හෝ රසායන ගබඩාව සතුව ගිනි ආරක්ෂණ සහතික නොපැවති   බවට ද වාර්තා වේ.  

    බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද්  යුනුස් (Muhammad Yunus) සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පල කර සිටී.

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/15/2025

    Bangladesh garment factory fire kills 16, toll may rise

  • බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම

    බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබේ.

  • බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්

    බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.

  • බංග්ලාදේශයේ දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කළ කාන්තාව; කලීඩා

    බංග්ලාදේශයේ හිටපු අගමැතිනියක් සහ රටේ ප්‍රමුඛතම දේශපාලන නායිකාවක් වූ බෙගම් කලීඩා සියා 2025 දෙසැම්බර් 30 උදෑසන 6:00 ට ඩකා හි එවර්කෙයාර් රෝහලේ දී අභාවප්‍රාප්ත වූවා ය. ඇයට වයස අවුරුදු 80 කි.

  • බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා දිවි ගමනට සමුදෙයි

    බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න