බිඳ වැටීමට ලක්ව තිබූ රජයේ මාර්ගගත සේවාවන් (online) මේ වන විට සම්පූර්ණයෙන්ම විසදා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ශණ නියෝජිතායතන (ICTA) දන්වා සිටී.
ඒ අනුව අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිතා කල හැකි බව තොරතුරු සන්නිවේදන තාක්ශණ නියෝජිතායතන ප්‍රකාශ කරයි.
මෙසේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන් රාජ්‍ය ආයතන මගින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට බාදා එල්ල වූ අතර රාජ්‍ය ආයතන 34 ක පමණ සේවාවන් සඳහා සතියකට අධික කාලයක් මෙමඟින් බලපෑම් එල්ල විය.
( Ada.lk )
පසුගිය සිකුරාදා ජනාධිපති අනුර දිසානායක ඉතාමත් හදිස්සි කැබිනට් සංශෝධනයක් කළා.
ඒ සංශෝධනයේදී අමාත්‍යවරු දෙන්නෙක්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය වුනා.
මෙතනදී කාගේත් විශේෂ අවධානයට ලක්වුනේ බිමල්ට තිබුණ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වරාය හා සිවිල් ගුවන් සේවා විෂයන් බිමල්ගෙන් ගලවලා අනුර කරුණාතිලකට දීමයි.
සති අන්තයේ ප්‍රධාන පුවත්පතක් වාර්තා කර තිබුනේ මෙම නව පත්කිරීම් දේශාපාලන තීරනයකටත් වඩා රජයේ අමාත්‍යාංශ සහ ආයතනයවල ඔඩුදුවා ඇති අකාර්යක්ෂමතාව දූෂණය සහ පරිපාලනය සම්බන්ධයෙන් මේ වන විට රජය වෙත එල්ලවන චෝදනාවලට ප්‍රතිචාරයක් ලෙස විචාරකයන් හදුන්වා දෙන බවයි.
ලංකාවේ ප්‍රමුඛතම වරාය තුල රජය විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්ත දෙකෙහි දිගු ප්‍රමාදයන් හේතුවෙන් අපනයනකරුවන් සහ ආනයනකරුවන් අතර ඇති වූ අතෘප්තිය සහ බොහෝ දෙනෙකු 'දේශපාලන' මාරුවීම් ලෙස දකින දේ සම්බන්ධයෙන් සේවකයින් අතර ඇති වූ කලකිරීම මෙම ප්‍රධාන ආයතනය භාර අමාත්‍යවරයා වෙනස් කිරීමට රජයට බල කිරීමට හේතු වන්නට ඇත.
සිකුරාදා, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, හදිසි කැබිනට් සංශෝධනයකින් (වරාය සහ සිවිල් ගුවන් සේවා) අමාත්‍ය ධුර දෙකකින් ඉවත් කර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයට නැවත පත් කරන ලදී. නව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යි.
කෙසේවුවද, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, බිමල් රත්නායක ට දැන් වැඩි වගකීම් ඇති බව පවසමින් ඔහු තනතුරෙන් පහත හෙලා ඇති බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.
කොළඹ වරායේ දිගුකාලීන පවතින තදබදය සහ බාධක වෙළඳ ප්‍රවාහයන් පීලි පැනවීමට සහ ජාතියේ උපායමාර්ගික මුහුදු මාර්ගය වටා ඉහළ පන්තියේ ගෝලීය නැව් මාර්ග රටතුලින් තල්ලු කිරීමට හේතු වන බැවින් අපනයනකරුවන් සහ ආනයනකරුවන් කලකිරීමට පත්ව සිටී.
එය වරාය පරිපාලනයේ සහ රේගු සම්බන්ධීකරණයේ ගැඹුරු දුර්වලතා හෙළි කර ඇති අතර එවැනි ව්‍යුහාත්මක දුර්වලතා දකුණු ආසියාවේ ප්‍රමුඛතම ප්‍රතිනැව්ගත කිරීමේ සහ සැපයුම් මධ්‍යස්ථානය බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන අභිලාෂයට බාධා කරන බව ආයෝජනයන්ගේ අදහසයි.
මේ අතර, රාජ්‍ය පරිපාලනනයේ පවතින වරාය අධිකාරියේ (SLPA) ප්‍රධාන මාරුවීම් කාර්ය මණ්ඩලය අතර කලකිරීමට හේතු වී තිබේ.
කාර්ය මණ්ඩලයෙන් ලැබෙන පැමිණිලි අධික වන අතර බොහෝ දෙනෙක් කියා සිටින්නේ ඔවුන් දැන් ඔවුන් නොදන්නා දෙපාර්තමේන්තු වෙත මාරු කර ඇති බවයි. මෙම මාරුවීම් වෙනුවට සමහර රජයට පක්ෂපාතී සේවකයින්ට එක රැයකින් ලබා දී ඇත.
මේ අතර මූල්‍ය විශ්ලේෂණයකු සදහන් කර සිටියේ මේ සියලූ කාරණවලට ඉහලින් ඇත්තේ වර්තමාන රජය බලයට පත්වී වසරක් ගත වී ඇතත් ගෝථාභය පරිපාලන සමයේ දැඩි විවේචනයට ලක්වූ කොලබ බණ්ඩාරනායක ගුවන්තොටුපලෙහි දෙවන පර්යන්තය ඉදිකිරීම පිලිබඳ වර්තමාන රජය පවත්වාගෙන යන ඇල්මැරුන ක්‍රියාකලාපය මූල්‍ය පහසුකම් සහ ප්‍රධානය ලබාදෙන ජපන් රජයේ දැඩි විවේචනයට ලක්වීම මෙම අමාත්‍යාංශ වෙනස් කිරීමට හේතු වූ බවයි. ජනාධිපති වරයාගේ ජපාන සංචාරයේදී මේ පිලිබඳව දීර්ග වශයෙන් සාකාච්චා කර ඇති බවද වාර්තාවේ.
මුලාශ්‍රය :
අපරාධ රාජ්‍යයක සාපරාධී අත්දැකීම් සියල්ල කැටි කර ප්‍රින්ස් ගුණසේකර නම් මානව හිතවාදී නීතීඥයා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතා පැමිණීමෙන් පසු ‘‘A Lost Generation’’ නම් කෘතිය රචනා කළේ ය.
බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ බීබීසී ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් ගේ ඉල්ලා අස්වීම ජනමාධ්‍ය භාවිතයේ විශ්වාසනීයත්වය පිළිබඳ නැවතත් සංවාදයකට මුල පුරා ඇත.
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය ගුවන්විදුලියට (බීබීසී) එරෙහිව ඩොලර් බිලියන 10 ක් දක්වා වන්දි ඉල්ලා ෆ්ලොරිඩාහි ඉහළ පෙළේ අපහාස නඩුවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තාකර ඇත.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑමත් සමග ඇතැම් පිරිස්, එයට හේතුව ආසන්න කාලයේ ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීම නිසා බව ප්‍රකාශ වන පෝස්ට් පළ කර තිබුණා; ශෙයාර් කර තිබුණා. ඒවා පළ කරපු , ශෙයාර් කරපු පිරිස් අතර දැන උගත් බුද්ධිමත් යැයි සමාජය විසින් හඳුනන පිරිස් හිටියා.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි.
ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තිබෙන බවට ව්‍යාජ ලෙස ලේබලයේ සඳහන් කර හිසකෙස් ආලේපන වර්ගයක් (Hair Miracle) මාර්ගගත (Online) ක්‍රමයට අලෙවි කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකට අයත් සමාගමක් ඇතුළු සමාගම් දෙකකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් හතළිස් දහසක (40,000) දඩ මුදලක් නියම කර ඇත.
වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදි ඔහු මෙසේද පැවසිය.
“ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ.
හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ?
දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න.
මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා. මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”
රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභවාප්‍රාප්ත විය.
හොං කොං ගුවන් තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථය තුල ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබේ.
එලෙස ගුවන් යානය ලිස්සාගොස් මුර සංචාරයේ නිරත වාහනය ගැටී පසුව මුහුදට වැටී තිබේ.
මුර සංචාරයේ යෙදී සිටී පුද්ගලයින් 4 දෙනෙකුගෙන් දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති අතර උතුරු ධාවන පථයේ කඩා වැටීමට හේතුව නිලධාරීන් විමර්ශනය කරයි.
තවත් ධාවන පථ දෙකක් ක්‍රියාත්මක වේ.
හොඳ ආරක්‍ෂිත වාර්තාවක් ඇති හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වසර ගණනාවකට පසු සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකි.
අතීතයේ ඉන්දියාවේ තිබූ නගර ලංකාවට ආදේශ කළ, මීවනපලානේ ජම්බු අනුගාමිකයන්ට වර්තමානයේ ලේඛනගත සාක්ෂි සහිත තහවුරු කරගත හැකි පිළිතුරක්
මං ජාතික රූපවාහිනියේ මාධ්‍යරූප සහ සජීවිකරණ ඒකකයේ සේවයට එක් වුණේ 1982 දි. හෙවත් රූපවාහිනිය පටන්ගත් වසරෙ දි.
ඇත්තටම මේ අදහස ටිකක් විවාදාත්මකයි.
රජයේ වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොගය ප්‍රමාණවත් වන්නේ මෙරට දින පහක සහල් අවශ්‍යතාව සපුරාලීමට පමණක් බව අනාවරණය වේ.
කුඩුකාරයන්ට එරෙහිව ජනාධිපතිවරයා බරපතල අනතුරු ඇගවීමක් කරන අතරවාරයේ රටේ සියලු මාධ්‍යවලටත් ලොකු පණිවුඩයක් දෙයි...
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
වසන්ත සිරිවටගොඩ යනු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උගත් පුද්ගලයෙකි; මේ වන විට හෙතෙම නීතිඥයෙකි; නීතිඥයකු වුව ද සරල පුද්ගලයෙකි. හෙතෙම රටේ: සමාජයීය, දේශපාලන, ආර්ථික මෙන් ම ආගමික පසුබිම සම්බන්ධයෙන් ද නිරන්තර අවදියෙන් සිටින්නෙකි; ඒ සම්බනධයෙන් සිය අදහස් ඍජුව පවසන්නෙකි; සරල භාෂාවෙන් ලියන්නෙකි.
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

