#newstube

  • පත්‍ර සමාගම පුත්‍ර සමාගමට යට වෙයි

    ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පවුලකට අයිති මුද්‍රිත මාධ්‍ය ආයතනයක හිටපු සියලුම අධ්‍යක්ෂවරු ඉල්ලා අස්වුනාලු.

  • පතිනායක ඉවත් කරන්න පොලිස් කොමිසමේ අනුමැතිය

    පොලිස් පරිපාලන අංශය භාර වැඩ බලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ලලිත් පතිනායක ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්  විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත.

  • පද්මේ සමග පැවැත්වූ සබඳතා ගැන හංසමාලිගෙන් ප්‍රශ්න කරයි

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳ නිරූපණ ශිල්පිණි පියුම් හංසමාලිගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය පවසයි.

  • පද්මේගේ සම්බන්ධතා ගැන හෙෂානි කියන කතාව

    කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් සමග තමන් සම්බන්ධතා පැවැත්වූවේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු දැඩිව ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පීනි හෙෂානි ලියදිපිටිය පවසයි.

  • පදියතලාවේ අය වැය දෙවනි වරටත් පරාද වෙයි

    පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය පසුගිය 14 වෙනි දින පරාජයට පත් වූ අතර එම අයවැය දෙවනි වරත්  අද 21 පදියතලාව ප්‍රාදේශීය සභාවේදි පැවති විය.

  • පන්නල ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් වැඩිහිටි නිවාසයක කාන්තාවන් 11 දෙනෙකු මරුට

    පන්නල ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් වැඩිහිටි නිවාසයක කාන්තාවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

  • පනින්න සැරසෙන උන්නැහැ කෙනෙක්...

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රනිල් සමග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඡන්දය ඉල්ලා දැන් මැතිසබේට පත්ව සිටින කළු කෝට් අදින ප්‍රකට නීතිඥ පවුලක හොඳ හොඳ වැඩ වලට ප්‍රසිද්ධ මන්ත්‍රීතුමෙක් තමන් නියෝජනය කරන පක්ෂය සමඟ කලකිරිලා වෙනත් පාටියකට යන්න දැන් සාකච්ඡාව පටන් අරන්ලු.

  • පරිකල්පිත ලෝකය තුළ මුහුදු කොල්ලකරුවන් හඳුන්වා දුන් ලේඛකයා

    අවුරුදු 30දී ඔහු මරණයට ළඟාවෙමින් හිටියෙ; කහින හැම මොහොතක ම ලේ පවා ආවා. ඒත් ඔහු අවුරුදු 12ක ළමයෙක්ව විනෝදයට පත් කළා. ඔහු, අහම්බෙන් මුහුදු කොල්ලකාරයෝ ගැන අපි දන්නවා කියලා හිතන සේරම අලුතෙන් නිර්මාණය කළා.

  • පරිපූරක වෛද්‍ය සේවාවේ පුරප්පාඩු රැසක්; සේවා සහ ප්‍රතිකාරක සේවා කඩා වැටීමේ අවදානමක්

    පරිපූරක වෛද්‍ය සේවාවට අයත් විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ,වෘත්තීය චිකිත්සක භෞතචිකිත්සක, ඖෂධවේදී, කථන චිකිත්සක, ශ්‍රවණවේදී වෘත්තීය කණ්ඩායම් හතෙහි සුවිශේෂී නිලධාරීන් හිඟයක් පැවතීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල එම නිලධාරීන් විසින් සිදුකරනුු ලබන සේවාවන්හි අඩාල වීමක් මේ වන විට උද්ගතවී ඇත.

  • පරිවාස නිවාසවලින් පිටවන බොහෝ තරුණියන් ලිංගික රැකියාවල නිරත වන බව වාර්තාවක් පවසයි.

    ප්‍රජා ශක්ති සංවර්ධන පදනම පවසන්නේ වයස අවුරුදු 18 දී පරිවාස හා ළමා රැඳවුම් මධ්‍යස්ථානවලින් ඉවත් වන බොහෝ තරුණියන් ලිංගික රැකියාවලට යොමු වන්නේ නිසි රැකියා පුහුණුවක් හෝ සහයෝගයක් නොමැති නිසා බවයි.

  • පලස්තීන ජාත්‍යන්තර මාධ්‍ය හා සන්නිවේදන පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස එන්.එම්. අමීන් පත්වෙයි

    ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන්, පලස්තීන ජාත්‍යන්තර මාධ්‍ය හා සන්නිවේදන පදනමේ (Palestine International Forum for Media and Communication - Tawasol) ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත් කර ඇත.

    තුර්කියේ ඉස්තාන්බුල් නගරය මූලස්ථානය කර ගත් මෙම පදනම 2014 දී ආරම්භ කර ඇති අතර, පලස්තීන ජනතාවගේ හඬ ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගෙන යාම, සහ විවිධ රටවල මාධ්‍යවේදීන්, මාධ්‍ය කර්තෘවරුන් සහ විශේෂඥයන් අතර සහයෝගය වර්ධනය කිරීම යන එහි ප්‍රධාන අරමුණ වේ. මෙම පදනමේ වාර්ෂික සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන්, මාධ්‍ය මුලපිරීම් හා පර්යේෂණ මගින් රටවල් 70කට අධික සංඛ්‍යාවක මාධ්‍යවේදීන් දහසකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරයි.

    ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු කාලීන අත්දැකීම් ඇති එන්.එම්. අමීන්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ හිටපු සභාපතිවරයෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ (Muslim Council of Sri Lanka) සභාපති සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ (SAFMA) ශ්‍රී ලංකා සම්බන්ධීකාරකයෙකු ද වේ. සංහිඳියාව සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර, සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් පෝෂණය කිරීම, මාධ්‍ය මර්දනයට එරෙහිව හඬ නැගීම සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇත.

    Tawasol පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්වී ඇති එන්.එම්. අමීන් මහතා, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ මෙම පදනම අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීම, පලස්තීන ගැටලුව සහ මාධ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.

  • පලස්තීන ප්‍රහාරයකින් උතුරු ඊශ්‍රායලයේ දෙදෙනෙකු මරුට

    බටහිර ඉවුරේ සිට මෝටර් රථයක් පදවා පැමිණි පලස්තීනුවකු ඊයේ (26), උතුරු ඊශ්‍රායලයේ සිවිල් වැසියකු සහ කාන්තාවක් ඝාතනය කර ඇත.

  • පල්ලෙකැලේ ආයෝජන කලාපයේ කම්හලක ගින්නක්

    මහනුවර, පල්ලෙකැලේ ආයෝජන කලාපයේ පිහිටි ගිනි පෙට්ටි කම්හලක ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පැතිර යාම මේ වනවිට පාලනය කර ඇත.

  • පවුල් 800ක් ජිවත්වන අලවතුගොඩ ලොකු නායයාමක්! විශාල පිරිසක් අතුරුදන්!

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.

  • පශ්චාත්- භාෂා අනාගතයක් තුළ Buddy-Net

    ඔයා අන්තිම වතාවට අලුත් දෙයක් ඉගෙන ගත්තේ පිටු 300ක විතර ලොකු පොතක් කියවල ද? එහෙම නැත්නම් විනාඩි 10ක YouTube වීඩියෝ එකක් බලල ද?

  • පහරකෑමට ලක්වූ අවුරුදු 14ක දරුවෙකු මරුට

    නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

  • පහළ කඩුගන්නාව ගැන NBRO වෙතින් නිර්දේශ ඇතුළත් වාර්තාවක්

    පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇතැයි ජාති‍ක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

  • පහළ මැද පංතියේ පිරිස් විදේශ රටවල රැකියා සඳහා යොමු වන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

    පහළ මැද පංතියේ විශාල පිරිසක් නීත්‍යනුකුලව හෝ අනීතිකව විදෙස් රටවල රැකියා කෙරෙහි යොමු වන්නේ අය වැය තුළින් එම පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට නොහැකි බව වටහාගෙන ඇති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට

    ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.

    ජපාන පාර්ලිමේන්තුවේ අද (21) පැවති විශේෂ ඡන්ද විමසීමක දී ඇයව මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගත් බව සඳහන් වේ.

    ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනාගැනීමට ඇය සමත්ව තිබේ.

    64 හැවිරිදි ඇයව ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරාගැණුනේ මීට දෙසතියකට පෙරයි.

    ඒ පාලක පක්ෂය තුළ ඇතිවිය හැකි බෙදීම වළක්වා ගැනීමට හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස්වූ ධුරය පිරවීම වෙනුවෙනි.

    කෙසේ නමුත් ඒ සමඟම මෙතෙක් පාලක පක්ෂය සමඟ සිටි කොමෙයිතෝ පක්ෂයේ සහාය තකයිචිට අහිමිවිය.

    කෙසේ නමුත් විපක්ෂයේ දක්ෂිණාංශික පක්ෂයක් වන ජපාන නව්‍යකරණ පක්ෂය සමඟ සන්ධානගතවී සිය බලය තහවුරු කරගැනීමට ඇය ඊයේ දිනයේදී සමත්වූයේ අගමැති ධුරය සඳහා වන සිය ගමන් මඟ පැහැදිලි කරගනිමිනි.

    මන්දගාමී ජපාන ආර්ථික යළි ගොඩනැගීම, ගිලිහෙමින් පවතින ජපාන - අමෙරිකා සබඳතා තර කරගැනීම සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම ඇය හමුවේ ඇති අභියෝග වේ.

    1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් සනායි තකයිචි 1996 වසරේදී පළමුවරට ජපාන පාර්ලිමේන්තුවට පිවිසි අතර මේ වනවිට අවස්ථා 10 කදී සිය පාර්ලිමේන්තු අසුන රැකගැනීමට ඇය සමත්ව තිබේ.

    ඇය දේශපාලනයට පිවිසීමට පෙර රොක් ශෛලියේ ඩ්‍රම්ස් වාදකයෙක් ලෙසට ද ප්‍රකටව සිට ඇත.

     

    (Ada derana)

     

  • පළාත් කීපයකට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි

    නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රක්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න