#newstube

  • නීති විශාරදයෝ ලෝකෙම පිලිගත්ත ආපදා කවුන්සිලයක් ඉල්ලයි

    ජාතික ආපදා කළමනාකරණ පනත ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් ආපදා කළමනාකරණය සඳහා ජාත්‍යන්තරය පිළිගත් විධිමත් ස්වාධීන කවුන්සිලයක් ඇති කරන්නැයි නීති විශාරදයෝ රජයෙන් ඇතැයි වාර්තා වේ.

  • නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හැරේ

    අද (15) පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ නීතිඥ ගුණරත්න වන්නිනායක  රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

    ඒ, ඔහු අද පස්වරුවේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන  හමුවට ඉදිරිපත්වීමෙන් අනතුරුවය.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමග පැමිණ නීතිඥ ගුණරත්න වන්නිනායක  අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.

    පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් සිදුකළේ යැයි කියන සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට ඔහු අද අධිකරණයට භාර විය.

    මේ මස 17වන දින මෙම නඩුව යළි කැදවීමට නියෝග කර ඇත.

  • නීතිඥ වන්නිනායක ගල්කිස්ස අධිකරණයට එයි

    පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

    නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇත.

    පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (ඔක්තෝම්බර් 15 වැනිදා ) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අද පස්වරුවේ ඔහු මෙසේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් විය.

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා අද කැඳවූ අවස්ථාවේදී වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මෙම දැනුම් දීම කළේය.

    එහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සඳහන් කළේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රදානය කිරීමට තම අධිකරණයට නොහැකි බවයි.

    පෙත්සම්කාර නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සුදුසු බවත් මෙහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

    ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම (ඔක්තෝම්බර් 15 වැනිදා ) දහවල් 1. 30 ට කැඳවන ලෙසත් අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල නියම කර සිටියේ ය.

  • නීතිඥවරියක නිසා මහින්දට අපලයක්

    පොහොට්ටු පක්ෂයේ කාන්තා සංවිධානවල ප්‍රධානියා ලෙස නීතිඥවරියක පත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ දැඩි ආවේගාත්මක ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

  • නීතියට පයින් ගසා කෝටි 668ක් ණයට බෙදලා

    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රුපියල් කෝටි හයකට වැඩි අධ්‍යාපන ණය සහ රුපියල් කෝටි 662 කට ආසන්න වටිනා දේපල ණය 2024 වර්ෂයේදී ලබාදී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව ) තොරතුරු අනාවරණය විය.

    නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යක්ෂ මණ්ඩලයේද කම්කරු කොමසාරිස්වරයාගේ සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේද අනුමතියකින් තොරව සහ 2003 අර්ථසාධක අරමුදල් රෙගුලාසිවල සංශෝධන ගැසට් නිවේදයකින් ප්‍රකාශයට පත් නොකර මෙම ණය ලබාදී තිබූ බව එම කමිටුව පවසයි.

    වහාම මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කර ඇත.

  • නීතියේ ආධිපත්‍යය ඇල්ලේ කුණු බක්කියට; ආණ්ඩුව මර නින්දේ

    PickMe සහ Uber යනාදි App-මූලික කුලී රථ සේවා සපයන රියදුරන්ට ප්‍රාදේශීය ත්‍රීවිල් රියදුරන් විසින් සිදු කළ තර්ජනය කිරීම්, පහරදීම් සහ බාධා කිරීම් යනාදි ම්ලේච්ඡත්වය හමුවේ ආණ්ඩුව ගොළු වෙද්දී, සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පනත් කෙටුම්පතක් ඉදීපත් කර ඇත.

  • නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රහාරයක් :  නීතිඥ සංගමය විරෝධය පළ කරයි

    ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඊයෙ (10) දින සිදුවූ අසංගත සිදුවීමකින් පසු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    නීතීඥවරයා විසින් පෙනී සිටි නඩු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ අතර එම බස් රථයට යාමට ඉඩ සලසමින් මෝටර් රථය පිටතට ගන්නා ලෙස පොලිස් කොස්තාපල්වරයා විසින් නීතීඥවරයා දන්වා ඇත.

    එහිදී නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව එම ගැටුම පහරදීමක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.

    කෙසේවෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ  (10) නියෝග කළේය.


    ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් (BASL) නිවේදනයක්...


    මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලත් විරෝධයත් පළ කරමින් නිවේදනයක් නිකුත්කර කර තිබේ:

    “කිසිදු පුද්ගලයෙකුට එරෙහිව පොලිස් නිලධාරීන් බලය යොදාගැනීම නීතිඥ සංගමය සැමවිටම විරෝධ කර ඇත. එම සන්දර්භය තුළ මෙම සිදුවීම පැහැදිලි කළ නොහැකි ය.”

    අදාළ නිලධාරියා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නීතිඥ සංගමය මෙම කාරණය සමීපව නිරීක්ෂණය කරන බවද එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් කරයි.

    එම සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමේ දී, මෙම සිදුවීම නිසි පරිදි විසඳීම පමණක් නොව, අනාගතයේදී එවැනි සිදුවීම් නැවත සිදු නොවෙන ලෙස අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද සදහන් කර ඇත.

    මේ අනුව ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිදු වූ මෙම තත්ත්වය නීතිමය සහ සමාජමය වශයෙන් දැඩි සලකා බැලිය යුතු කරුණක් ලෙස සැලකේ.



    Screenshot 2025 10 11 142847

  • නුගේගොඩ කියවමු.....

    රැලිය එසේ නිමා විය. ඒකාබද්ධය කියන්නෙ රැලිය අති සාර්ථක බවයි. රට කරවන ඇත්තන් හා ඒ ඇත්තන්ගේ ගොට්ටන් කියන්නෙ අසාර්ථක බවයි.

  • නුගේගොඩ කීබල් කොලේජ් හි දරුවෙක් සන්හිඳ පිහිනුම් තටාකයේ ගිලී මියයෑමේ සිද්ධියට  7ක් අත්අඩංගුවට

    නුගේගොඩ සන්හිඳ හෝටලයේ පිහිනුම් තටාකය තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ නුගේගොඩ කීබල් පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය 08 වනදා පෙරවරුවේ නුගේගොඩ, මිරිහාන, 'සන්හිඳ' හෝටලයේ පිහිනුම් තටාකය හෝටලයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.

    එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිණුම් කටයුතු සිදුකරමින් සිටියදී මෙම දරුවා දියේ ගිලී තිබේ.

    ඒ හේතුවෙන් එම දරුවා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (9) සිදුකළ අතර, එහිදී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

    ඒ අනුව මෙම සිදුවීමට අදාළව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිණුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

  • නුගේගොඩ රැලියේ වැඩිම ජන සහභාගිත්වය කළුතරින් !

    විපක්ෂ දේශපාලන බලවේගය විසින් සංධානය කල "මහා ජන හඩ" රැළිය ඉහළ ජන සහභාගීත්වයක් සහිතව ඊයේ නුගේගොඩදි පැවති අතර දිවයිනේ සෑම මැතිවරණ බලප්‍රදේශයකින්ම ජනතාව පැමිණ සිටි බව වාර්තා වේ.

  • නුගේගොඩ රැස්වීමට පිට පළාත්වලින් ජනතාව පැමිණීම අරඹයි

    කරුණු 21ක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ව පැවැත්වෙන පළමු ජන රැළිය අද (නොවැ: 21) නුගේගොඩදී පැවැත්වීමට නියමිත ය.
  • නුවරඑළිය CGR දුම්රිය නිලධාරින් රාජකාරි වාහනයෙන් ගොස් අවුරුදු සමරයි

    උදා වූ අලුත් අවුරුද්ද සැමරීම සඳහා නුවරඑළිය දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද සිය ආයතනයට අයත් රාජකාරී වාහනයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැවට පැමිණ විනනෝද වනු දක්නට ලැබුණි.

  • නුවරඑළිය වෙළෙන්දෝ දෛනික රාජකාරියෙන් ඉවත් වේ

    දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන් අද (10) දින වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක පැවසීය.

  • නෙදර්ලන්තයේ කුකුළන් 71,000ක් විනාශ කෙරේ

    කුරුළු උණ හේතුවෙන් උතුරු නෙදර්ලන්තයේ කුකුළු ගොවිපළක කුකුළන් 71,000කට අධික සංඛ්‍යාවක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

    ඉකුත් මාර්තු මාසයෙන් පසුව, එරටින් කුරුළු උණ රෝගය වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

    රෝගය ව්‍යාප්ත වීමේ අවදාම අවම බැවින්, ගොවිපළ කුකුළන් අභ්‍යන්තරයේ තබා ආරක්ෂා කිරීම දැනට අනවශ්‍ය බව රජය කියයි.

    කෙසේ වෙතත්, රෝග ව්‍යාප්තියේ අන්තරයාකර බව තවදුරටත් අධ්‍යයනය පිණිස, කුරුළු රෝග විශේෂඥයින් නුදුරේදීම හමු වීමට නියමිතය.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/7/2025


    Netherlands to cull 71,000 chickens after bird flu detection

  • නොමිලේ දිවා ආහාරගත් ළමුන් දහස් ගණනක් ලෙඩවේ: ඉන්දුනීසියානු ජනපතිගේ වැඩක්

    ඉන්දුනීසියාවේ දහසකට අධික පාසල් සිසුන් සංඛ්‍යාවක් ආහාර විෂ වීමෙන් රෝහල් ගත කෙරේ.

    පසුගිය දින කිහිපය පුරා එරට බටහිර ජාවා හි, නොමිලේ ලබා දෙන පාසල් දිවා ආහාරය විෂ වීමෙන් හටගත් රෝගී තත්ත්වයන් හේතුවෙන් සෞඛ්‍ය ගැටළු රැසක් පැන නැගී ඇතැයි, අධ්‍යාපන බලධාරීහු පවසති.

    ඩොලර් මිලියනන ගණනක් වැය කර එරට ජනපති ගේ ප්‍රධානත්වයෙන්, ඉන්දුනීසියාව පුරා නොමිලේ පාසල් දිවා අහාර වැඩසටහනක් දියත් කර තිබේ.

    බටහිර ජාවා හි ප්‍රදේශ හතරකින්, පාසල් දිවා අහාර විෂ වීම් වාර්තා වේ. එම සෞඛ්‍ය හේතූන් උපුටා දක්වමින්, පාසල් දිවා ආහාර වැඩසටහන වහා නතර කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් රජයට බල කර සිටිති.

    ඉකුත් සතියේ බටහිර ජාවා සහ මධ්‍යම සුලවෙසි (Sulawesi) පලාත්වල පාසල් දිවා ආහාරය විෂ වීමෙන් සිසුන් 800ක් රෝහල් ගත කෙරිණි.

    පාසල් දිවා ආහාර අර්බුදය හේතුවෙන්, ඉන්දුනීසියානු ජනපති ප්‍රබෝවෝ සුබියන්තෝ (Prabowo Subianto) ගේ "නොමිලේ පෝෂ්‍යදායී ආහාර" වැඩසටහන දේශපාලනික වශයෙන්ද විවේචනයට ලක්ව තිබේ.

    එරට මිලියන 280 ක ජනගහනය අතුරින් මිලයන 83ක් වෙත වසර අවසන් වීමට ප්‍රථම පෝෂ්‍යදායී ආහාර වේලක් සම්පාදනය කිරීමේ අරමුණින් එම ව්‍යාපෘතිය දියත් කර ඇත. මේ වන විටත්, මිලියන 20ක ජනතාව ඉලක්ක කර,වැඩසටහන ක්‍රියාත්මකය. ඇමෙරිකානු ඩොලර් බිලියන 10.22ක එහි ඇස්තමේන්තු ගත වියදම, එන වසරේ දෙගුණ කිරීමට ද නියමිතය.

    දිවා ආහාරය විෂ වීමෙන් පසු ගිය සඳුදා (22), බටහිර බැන්ඩුන් (Bandung ) හි පාසල් සිසුන් 470ක් ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. බදාදා (24) වන විට, සුකබූමි (Sukabumi) හි තවත් පාසල් ළමුන් 580 ක් රෝහල් ගත කිරීමට පියවර ගැනිණි. එම තත්ත්වයන් වාර්තා වූ ප්‍රදේශවල පාසල් දිවා ආහාර සකසන මුළුතැන් පරිශ්‍ර මුද්‍රා තැබීමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

    රෝගී සිසුන්ට ප්‍රතිකාර පිණිස තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ඉදි කර තිබේ.

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    9/25/2025


    Over 1,000 Indonesians sick from school meals in more food poisoning outbreaks


  • නොවැම්බර් 21 රැලිය පවත්වන්නේ: මර්දනය, තර්ජන සහ ජනතා හඬ අවදි කරන්න - හේමන්ත ශ්‍රී ලාල්

    විපක්ෂය සංවිධානය කරන නොවැම්බර් 21වන දා නුගේගොඩ පැවැත්වෙන මහජන රැලියට එක් වන්නැයි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සංවිධානය නියෝජනය කරන හේමන්ත ශ්‍රී ලාල් පැවසී ය.

  • නොවැම්බර් 21 රැලියට 'දිනන දකුණ' ආශිර්වාදය...!

    විපක්ෂයේ බලවේගවල එකතුවෙන් නොවැම්බර් 21දාට එළිදැකීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට 'දිනන දකුණ' සංවිධානයේ හෘදයාංගම සුභ පැතුම් එක් කරමින් නිවේදනයක් නිකුත්කර ඇත.  

  • නොවැම්බර් 22 කාලගුණයේ වෙනස ගැන අවධානයෙන් ඉන්න

    නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී.

  • පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා - දයාසිරිගෙන් ලිපියක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර පවසයි.

  • පකිස්තාන 'ත්‍රස්ත සංවිධානයක්' කාන්තා අංශයක් පිහිටුවයි

    පකිස්ථානයේ වඩාත්ම කුප්‍රකට ත්‍රස්තවාදී සංවිධානයක් වන ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM), මෑතකදී එහි පළමු කාන්තා අංශය වන ජමාත්-උල්-මොමිනාත් පිහිටුවීම නිවේදනය කර ඇති අතර එය දකුණු ආසියාවේ සටන්කාමී භූ දර්ශනයේ ඉතා ප්‍රතිවිපාක මාරුවක් සනිටුහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න