ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ග්‍රීක බලධාරීහු අද (27), ලෙස්බෝස් (Lesbos) දිවයිනට ඔබ්බෙහි මුහුදු තීරයේ අනතුරට පත් සංක්‍රමණිකයින් පිරිසක් සොයා, හදිසි සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් පැවති දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව තිබේ.
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍ර එකක් සහ කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර එකක් භාවිතා කරයි. පිලිකා රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සිදුකිරීමේ දී එම ප්‍රතිකාරය දින පහත් 35ත් අතර කාලයක් දක්වා දිනපතා සිදුකරයි. එම ප්‍රතිකාර සිදුකළ යුතු දින ගණන තීරණය වන්නේ රෝගියා ගේ තිබෙන පිළිකාවේ ස්වභාවය සහ එහි තතිත්වය අනුව යි.
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි පිරිසක් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ කරුණු 20කින් යුත් සාම යෝජනාවලියට හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊයේ (07) සිය ප්‍රසාදය පළ කළේය.
කටාර් අගමැති සහ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ සාම නියෝජිතයෝ, ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සමග වක්‍ර සාකච්ඡාවලට සහභාගී වීම පිණිස ඊයේ ඊජිප්තුව වෙත ලඟා වූහ.
ගාසා ගනුදෙනුව සාර්ථක වනු ඇතැයි ධනාත්මක මතයක පසු වන බව ජනපති ට්‍රම්ප් පැවසීය. එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජනපති ට්‍රම්ප් ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් (Jared Kushner) ද ඊජිප්තුව බලා පිටත් වූ එක්සත් ජනපද නියෝජිත පිරිස අතර වෙති. කුෂ්නර්, ජනපති ට්‍රම්ප් ගේ පළමු ධුර කාලයේ ඔහුගේ මැද පෙරදිග විශේෂ නියෝජිත ලෙස ද කටයුතු කළේය.
සිය සාම සැලැස්ම හුදු ගාසා තීරය පමණක් නොව සමස්ත මැද පෙරදිග කලාපයම ඉලක්ක කර සකස් කළ එකක් බව වොෂින්ටනයේදී, මාධ්‍ය ඇමතූ ජනපති ට්‍රම්ප් කියා සිටියේය.
ඊජිප්තුවේ පැවැත්වෙන අද (08) සාකච්ඡා පෙර දෙදිනටම වඩා සාර්ථක වනු ඇතැයි අනුමාන කෙරේ. එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ කටාර් අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි (Sheikh Mohammed bin Abdulrahman al-Thani) ද ඊට සහභාගී වීමට නියමිතය. ගාසා සාම සැලැස්ම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ කරුණු අද සාකච්ඡාවන්ට ඇතුළත් වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/8/2025
Hamas says on war anniversary it's ready to reach Gaza deal, but conditions remain
බ්‍රිතාන්‍ය හමුදාවේ සැලසුම් නිලධාරීන්ගෙන් සමන්විත භට පිරිසක් ඊශ්‍රායලය වෙත පිටත් කර හැරේ.
ගාසා තීරයේ ඉදිරි ආරක්ෂක ප්‍රතිසංස්කරණ උදෙසා, එක්සත් ජනපද හමුදාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විශේෂ කාර්ය සාධක බලකායට සහාය පිණිස, එරට ආරාධනාව මත බ්‍රිතාන්‍ය භට පිරිස් ඊට එක් කර තිබේ.
එක්සත් ජනපද හමුදා මූලිකත්වයෙන් නිර්මිත එම බලකාය, සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත.
ගාසා තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම, එහි මූලික කාර්ය භාරය වේ. බලකා අන්තර්ගතය, කාර්ය පටිපාටිය, විධාන ධූරාවලිය, නෛතික භාවය හා අනෙකුත් අදාළ තත්ත්වයන් පිලිබඳ තවදුරටත් සාකච්ඡා කෙරේ.
එම බලකායට සහාය පිණිස, 200කට ආසන්න හමුදා භට පිරිසක් අනුයුක්ත කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. ඊට, සිය භට පිරිස් එක් කිරීමට, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කටාර් රාජ්‍යය, තුර්කිය සහ අසර්බයිජානයට ද ඇරයුම් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/22/2025
UK deploys small number of military officers to Israel following US request
ගාසා තීරය සටන් විරාම ගිවිසුමක් පවතින පසුබිමක වුව ද, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරු සහ දකුණු ප්‍රදේශ ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර දෙකකින් පලස්තීන වැසියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
ගාසා තීරයේ සටන් විරාමය ඇරඹේ. එහි ඇතැම් ප්‍රදේශ වෙතින් ඊශ්‍රායල හමුදා ඉවත් වීම අද (10) ආරම්භ විය. පලස්තීන ජනයා ගාසා නගරයේ යුද්ධයෙන් සුනු විසුණු වී ගිය සිය නිවෙස් කරා යළි පැමිණෙනු දුටු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊයේ (09) පැවති ආරක්ෂක කැබිනට් සාකච්ඡා වලින් අනතුරුව ඊශ්‍රායල රජය අද උදෑසන, හමාස් සංවිධානය සමග සටන් විරාමය ප්‍රකාශයට පත් කළේය. ඉදිරි පැය 72 ක කාලය තුළ හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතුය.
හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ජීවිතක්ෂයට පත් සියළු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු නිදහස් කිරීමට අදාළ සැලසුමට ඊශ්‍රායල රජය මේ දැන් අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුගේ ඉංග්‍රීසි බසින් පළවන එක්ස් (X) ගිණුමේ සඳහන් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/10/2025
මුලාශ්‍රය :
Gazans return to wrecked homes as Israeli forces pull back under ceasefire
ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.
මෙරට කාන්තා පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා සිදුකිරීම සඳහා භාවිත කරනු ලබන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් ඊට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.
රට පුරා පවතින ආපදා තත්ත්වය සහ ඉදිරියේදී එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ගැබිණි මව්වරුන්ට රුපියල් 5,000 ක පෝෂණ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව රජය නිවේදනය කර ඇත.
සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොටා ඝාතනය කර ඇතැයි මහඔය පොලිසිය කියයි.
මෑතක දී ඇතැම්, ගායක ගායිකාවන් ගීතවල "සම අයිතිවාසිකම්" ඉල්ලා සිටින ප්‍රසිද්ධ ප්‍රකාශ මම නිරීක්ෂණය කළෙමි.
ගීතයක අයිතිය තනු නිර්මාපකයාට සහ පද රචකයාට හිමිවිය යුතුයි කියන එක අපි කවුරුත් දන්නා නීතිමය කාරණයක්.
වර්තමානයෙහි බලය හොබවන්නේ ආචාර්ය ගුණදාස අමරසේකර පැවසූ පරිදි ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම 'ගැමි බොදු තරුණ පරම්පරාව' යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
රටේ දසදහස් ගණනක ගුරු හිඟයක් පැවැති අවස්ථාවේ රජයේ ඉල්ලීම මත වසර 5, සිට10 දක්වා සංවර්ධන නිලධාරීන් නිදහස් අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කර රජයේ වැටුප් පවා ලබා ඇති බවත්, මේ තරම් කාලයක් දරුවන්ට ඉගැන්වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට අයිතියක් තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ පවතින ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට නිසි සාධාරණය ඉටු විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේ දී උපාධියේ වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කර ඇති බවත්, මෙය ඉතා හොඳ දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දක්වා පියාසර කළ ගුවන් යානයක ගොඩබැස්වීමේ ගියර සහිත කුටියේ සැඟවී මාරාන්තික ගමනක් ගිය 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතික පිරිමි දරුවකු නිරුපද්‍රිතව සිය ගමනාන්තයට ළඟා වීමේ විස්මයජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ඇෆ්ගනිස්තානයේ කුන්ඩූස් නගරයේ සිට පැමිණි බව කියන එම දරුවා ‘කැම් එයාර්‘ ගුවන් සේවයට අයත් එම යානය නවදිල්ලි ගුවන්තොටුපොළට ගොඩ බැස්වීමෙන් පසු ධාවන පථයේ ඇවිද යමින් සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
කාබුල් නුවර ගුවන්තොටුපොළට රහසින් ඇතුළු වී මගීන් පිරිසක් සමඟ බස් රථයකින් යානය වෙත ගොස් එහිදී කිසිවකුගේ ඇස නොගැටී යානය පසුපසට ගොස් ගොඩබැස්වීමේ ගියර සහිත කුටියට ඇතුළු වූ බව ඔහු ආරක්ෂක නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ අවශ්‍යතාව වී ඇත්තේ ඉන්දියාවට නොව ඉරානයට යෑමට බවද සඳහන් කර තිබේ.
ඉහළ උපදෙස් මත ඔහු පැය කිහිපයක් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් පසු නැවත එම ගුවන් යානයෙන්ම කාබුල් නුවරට පිටුවහල් කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගත් බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

