දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොන්ඩා පැටවෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන නිලධාරීන් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2024 සැප්තැම්බර් 12 වන දින කාන්තාවක් විසින් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ සර්ප විශේෂ තුනක් ඇතුළුව හා තවත් විශේෂ තුනකිිින් මෙම සර්පය හත් දෙනාගෙන් එකකි.
සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් හේමන්ත සමරසේකරට අනුව ඉතිරි සර්පයන් හය දෙනාම නිරෝධායනයට ලක්කර ඇති අතර අනිවාර්ය නිරෝධායන කාලය අවසන් වූ පසු මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණි.
කහ ඇනකොන්ඩා යනු දකුණු ඇමරිකාවට ආවේණික බරම සර්ප විශේෂය බව ඔහු සඳහන් කළ අතර, අතුරුදහන් වූ පැටවුන් රේගුවෙන් මාරු කිරීමට පෙර සත්වෝද්‍යානයේ පවතින එකතුවේ කොටසක් නොවූ බව අවධාරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
