Image

කමේනි ගේ භූමදානය 9දා - අවමංගල උත්සවයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක්

කමේනි ගේ භූමදානය 9දා - අවමංගල උත්සවයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක්

අමෙ­රිකා – ඊශ්‍රා­යල ඒකා­බද්ධ ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඉරා­නයේ හිටපු උත්ත­රී­තර නායක 86 හැවි­රිදි අය­තුල්ලා අලි කමේ­නිගේ අව­මං­ගල උත්ස­ව­යට ලක්ෂ සංඛ්‍යාත ජන­තාවක් සහ­භාගි වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිලියන 15ක් පැමිණෙතැයි බලාපොරොත්තුවක්

khameniai

පසු­ගිය 3 වැනිදා සිට දින දෙකක කාල­යක් පුරා අව­මං­ගල යාඥා සිදු කිරීමෙන් පසු මහ­ජන ගෞර­වය සඳහා දේහය ටෙහෙ­රාන් නුවර ප්‍රධාන දේව­ස්ථා­නයේ තැන්පත් කර ඇති අතර, සිය ගෞරව පුද කිරී­මට ඉරා­නයේ සහ ඉරා­කයේ මිලි­යන 15කට අධික ජන­තා­වක් සහ­භා­ගි­වනු ඇතැයි ඉරාන බල­ධා­රීන් අපේක්ෂා කරයි.

මීට අම­ත­රව රට­වල් 100කට වැඩි ප්‍රමා­ණ­ය­කින් නියෝ­ජි­ත­යන් සහ­භාගි වීමට නිය­මි­තව ඇති බවත්, පාකිස්තාන අග­මැති ශෙබාස් ෂරීෆ්, ටජි­කි­ස්තා­නයේ ජනා­ධි­පති එමෝ­මාලි රහ්මාන්, ආර්මේ­නියා අග­මැති නිකොල් පැෂි­න්යාන්, ජෝර්ජි­යාවේ ජනා­ධි­පති මිකා­යිල් යිල්මාස් ඇතුළු රාජ්‍ය­ නා­ය­ක­යන්, උප ජනාධිපතිව­රුන්, විදේශ ඇමැ­ති­ව­රුන්, හමුදා ප්‍රධා­නීන් ඇතුළු විශාල පිරි­සක් ඒ අතර සිටින බව ද වාර්තා වනවා.

 

බාධාවක් නොකරන බව ට්‍රම්ප් පවසයි

https d1e00ek4ebabms.cloudfront.net production 5e25c0eb ebc3 427b 9695 6bb018bfdc2d 1

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ: තුර්කිය, ඉන්දි­යාව, චීනය, රුසි­යාව, ඇෆ්ග­නි­ස්තා­නය, බංග්ලා­දේ­ශය, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රට­වල් රැසක නියෝ­ජි­ත­යන් ද එක්වී සිටින අතර, කිසිදු බාධා­ව­කින් තොරව අව­මංගල උත්ස­වය පැවැ­ත්වෙන බවයි.

නිවේ­ද­නයක් නිකුත් කරමින් අමෙ­රි­කානු ජනා­ධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙන්නේ අවමංගල්‍ය කට­යුතු සිදු­වන කාලය තුළ සිය හමු­දාව කිසිදු ප්‍රහා­ර­යක් සිදු නොක­රන බව යි.

විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරන්නේ සති­යක කාල­යක් පුරා පැවැ­ත්වෙන මේ දීර්ඝ අව­මං­ගල  උත්ස­වයේ 7 වැනි දිනය වන ලබන 9 වැනිදා මෂ්ෂාද් ප්‍රාන්තයේ අය­තුල්ලා අලි කමේ­නිගේ උපන් බිමේ දී භූම­දාන කට­යුතු සිදු කිරීමට නිය­මිත බවයි.

AP26187095963943 1783317338

පෙබ­ර­වාරි 28 වැනිදා සිය නිල නිවාස සංකී­ර්ණයේ සිටි­ය දී එල්ල වූ ගුවන් ප්‍රහා­ර­යෙන් උත්ත­රී­තර නාය­කයා සමඟ ජීවි­ත­ක්ෂ­යට පත්වූ ඔහුගේ දිය­ණිය, බෑණ­නු­වන්, ලේලිය සහ මිනි­බි­රිය ඇතුළු පවුලේ සෙසු සාමා­ජි­ක­යන් ගේ දේහ ද අව­සන් ගෞර­වය සඳහා තැන්පත් කර ඇති අතර, ප්‍රහා­ර­යෙන් මිය­ගිය ඔහුගේ මිනි­බි­රිය වූ මාස 14ක් වය­සැති සව්රා මොහො­මඩ් ගේ දේහය ඇගේ සීයා ගේ දේහය අස­ලින්ම තැන්පත් කර තිබෙන බව ද වාර්තා වේ. ඇගේ මව වන බුෂ්රා කමේනි ද මෙම ප්‍රහා­ර­යෙන් මිය ගියා ය.

මූලාශ්‍ර -ITNnews

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න