ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ පැය 25 ක විශිෂ්ඨ ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කිරීමට සමත්විය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් 2 වෙනි දින, ඔරියන්ට් සමාජ ශාලාවේ පැවැත්වූ ‘ධර්මසේන පතිරාජ පදනම’ පිහිටුවීමේ රැස්වීමේ දී එරික් ඉලයප්ආරච්චි විසින් පවත්වන ලද කතාව.
අඟහරුවාදා උදෑසන ප්‍රවීණ නළු ධර්මේන්ද්‍රගේ මරණය පිළිබඳ අසත්‍ය වාර්තා සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය අතර එය රසිකයන් අතර ව්‍යාකූලත්වයක් සහ කනස්සල්ලක් ඇති කළේය.
2023 දෙසැම්බර් මාසයේ යාපනයේ පැවති ධීවර සතිය වෙනුවෙන් වැය කර ඇති රුපියල් ලක්ෂ හයක මුදල සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ෂණ වාර්තාවේ නිර්දේශයකට අනුව ධීවර සංස්ථාවේ: මුල්‍ය කලමනාකාරිනී පී. සී. එන්. සමන්ති පෙරේරා, මානව සම්පත් කළමනාකාර ඩී. එම්. එස්. කේ. විජේතුංග සහ සාමාන්‍යාධිකාරි එම්. ජේ. ප්‍රසන්න යන තිදෙනාගේ වැඩ තහනම් කිරීමට නියෝග පනවා ඇත.
විනිශ්චකාරවරුන් විසදෙනෙකු ඉවත් කර ඇතැයි සමඟ ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ අද පැවසීය
තමන්ම නිකුත් කරන බැඳුම්කරවලින් තමන්ම හම්බ කරන මහ බැංකු අධිපති කෙනෙක් මේ ලංකාවේ ඉන්නවායි කියන එක ශ්‍රී ලංකාවට අගෞරවයට කාරණයක්
බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
එය ලැජ්ජාවට සහ අවමානයට කාරණයක් බව පවසන විමල් වීරවංශ, වහාම මහා බැංකු අධිපති තනතුරින් ඉල්ලා අස්වෙන ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ ට කියා සිටියි.
ඔහු මෙම ප්‍රකාශය කළේ ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේ දී පෙරේදා (28) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ,
'' බැඳුම්කර නිකුත් කරන්නෙත් මහ බැංකු අධිපති.. ගන්නේ පවුලේ උදවිය ''
''ඔබ දන්නවා මහ බැංකුව රජයේ වියදම් සඳහා අවශ්‍ය කරන, අපි කියනවා භාණ්ඩාගාර බැඳුම්කර, එහෙම නැත්නම් Treasury bond, සමහරවිට කියනවා භාණ්ඩාගාර බිල්පත් කියලා. දැන් මේ භාණ්ඩාගාර බිල්පත් එක එක පොලී අනුපාතයන් යටතේ නිකුත් කරනවා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනවා. එතකොට ඒවා මිලදීගන්න උනන්දුව දක්වන අය මිලදී ගන්නවා. ඒවා කෙටි කාලීන බැඳුම්කර.
දැන් මේකේ අපූරු කාරණය තමයි, මහා බැංකු අධිපතිම ඒවා මිලදී ගන්නවා. දැන් මුදල් වෙළඳපොළට මහා බැංකු බැඳුම්කර නිකුත් කරන්නෙත් මහ බැංකු අධිපති. පොලී අනුපාතය තීරණය කරන්නෙත් ඒගොල්ලෝ. හොඳ පොලී අනුපාතයක් දාලා ඒවා මිලදී ගන්නෙත් මහා බැංකු අධිපතිගේ පවුලේ උදවිය. පුදුම රටක්නේ. මහ බැංකුව ස්වාධීන කරලා තියෙන්නේ මරු වැඩකටනේ. නන්දලාල් මහත්තයෝ, ලැජ්ජ නැද්ද? හිරිකිත නැද්ද ඔය කෝටි ගණන් ධනය තියෙද්දී, මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරන්නේ කලිසමයි කමිසෙකුත් ඇඳගෙනද? ලැජ්ජාවක් තියෙනවා නම් ඔය පුටුවේ එක දවසක් ඉන්න පුළුවන්ද? මේක බැඳියාවන් අතර ගැටුමක් නැද්ද?
අද මහ බැංකුව රටට වග කියන්නේ නෑ
අහිංසක රාජ්‍ය සේවකයෝ පොඩි පොඩි හේතු අල්ලගෙන හිරේ දාන ආණ්ඩුව මේවා ගැන මොකක්ද කරන්නේ? අද මහ බැංකුව රටට වග කියන්නේ නෑ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, පිටස්තර බලවේගවලට විතරයි වග කියන්නේ. ලැජ්ජයි නන්දලාල් මහත්තයෝ! තමුන් මේ ඊනියා ස්වාධීනත්වයක් ඇති කරගෙන, රිසි පරිදි පඩි වැඩි කරගෙන, එහෙමත් තර වෙලා, ඒත් මදිවෙලා ඔහුම නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පොලී අනුපාතය තීරණය කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පවුලේ අය දාලා මිලදී ගන්නවා.
මෙන්න බලන්න ඔහු මිලදී අරගෙන තියෙනවා ඔහුගේ පවුලේ අය Treasury bond, 2022/05/04, ඊළඟට 2024/06/06, ඊළඟට 2025, ඊළඟට 2025/03/18. මේ ඔක්කොම මේ අර්බුදයෙන් පස්සේ, කඩා වැටීමෙන් පස්සේ. ආර්ථික අවපාතයෙන් පස්සේ. රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙලාවේ මුන්ට රජ මඟුලක්. මේගොල්ලෝ බලනවනේ අර්බුදයෙන් තමන්ගේ ගොඩ තර කරගන්න. මොකක්ද මේකේ සදාචාරය? මේක අපරාධයක් නෙවෙයිද? මූල්‍ය අපරාධයක් නෙවෙයිද? වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකුට වගකීමක් තියෙනවද මේ විදිහට කටයුතු කරන්න?
බැඳියාවන් අතර ගැටුම්
දැන් අපි හිතමු දිසාපති කෙනෙක් හරි, ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හරි රජයෙන් ලැබිච්ච මුදල් පාවිච්චි කරලා කොන්ත්‍රාත්තුවක් පිළිබඳ ටෙන්ඩරයක් දානවා, එයාගේ පවුලේ කවුරු හරි ටෙන්ඩරයට ඉදිරිපත් වෙනවා, එයාට දෙනවා. එතකොට හරිද ඒක? බැඳියාවන් අතර ගැටුමක් නෙවෙයිද? ඒක වැරදි නැද්ද? ඒක නීතියට අනුකූලද? ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා නේද? එහෙමනම් නන්දලාල් කරලා තියෙන්නේ ඊට වඩා සිය දහස් ගුණයක බරපතල වැරැද්දක් නෙවෙයිද?
Treasury bond නිකුත් කරලා හතර වතාවක්, 2022දී දෙපාරක්. තමන්ම නිකුත් කරනවා, පොලී අනුපාතය තීරණය කරලා, තමන්ම මිලදී ගන්නවා තමන්ගේ පවුලේ උදවිය දාලා. මෙහෙම මහ බැංකු අධිපති කෙනෙක් මම හිතන්නේ නෑ ලෝකේ කොහෙවත් ඉන්නවා කියලා. මෙහෙම මහ බැංකු අධිපති කෙනෙකුට තවදුරටත් ඔය සීට් එකේ ඉන්න කිසිම සදාචාර අයිතියක් නෑ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ලොන්ත පොල්ලෝ මේවා කතා කරන්නේ නෑ, මේවා පිළිබඳව පීඩනය එල්ල කරන්නේ නෑ.
ලබන වසරේ අප්‍රේල් නැවත විශාල ආර්ථික කඩා වැටීමක්
ඒගොල්ලෝ මොකක් හරි topic එකක් අල්ලගෙන හැමදාම විහිළු සපයනවා ඇරෙන්න, වෙන බැරෑරුම් දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් කියනවා, ඔය මහ ලොකු දූෂණ විරෝධී ආණ්ඩුවට, මහ ලොකු මහජන මුදල් ගැන අවම උනන්දුවෙන් බලනවා කියන ආණ්ඩුවට, ඒ ලොක්කන්ට අපි කියනවා, ඒවා ගැන හොයන නිලධාරීන්ට අපි කියනවා පුළුවන් නම් මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න.
කොහොමද මහ බැංකු අධිපතිට පුළුවන්කම ලැබෙන්නේ තමන්ම පොලී අනුපාතය තීරණය කරලා, තමන්ම නිකුත් කරන මහා බැංකු බැඳුම්කර, කෝටි ප්‍රකෝටි ගාණක බැඳුම්කර, ඒවා මිලදී අරගෙන අධික පොලිය, ලාභය, වාසිය ගන්නේ මහා බැංකු අධිපතිගේ පවුලේ අයගේ නමින්? මෙහෙම වෙන්න පුළුවන්ද? මේ වැටිච්ච රටට, හතරගාතෙන් ආර්ථික වශයෙන් වැටිලා තියෙන රටට, මෙහෙම වෙන්න පුළුවන්ද? මෙහෙම ගියොත් නම් එන අවුරුද්දේ අප්‍රේල් විතර වෙනකොට නැවත විශාල ආර්ථික කඩා වැටීමකට, පිපිරීමකට මුහුණ දෙන්න වෙනවා ඇරෙන්න වෙන මොකුත් වෙන්නේ නෑ. ඒක තමයි මේ යන පාරේ ඊළඟ අභියෝගය, ඊළඟ අන්තරාය. මේ උදවිය යන්නේ අර්බුදය නැමති වලෙන් තමන්ට කීයක් හරි කඩා වඩා ගැනීමේ උපාය මාර්ගයේ තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ. නැතුව ආර්ථික අර්බුදයට පිළියම් දෙන්න, ඒකෙන් ගොඩ එන්න මාර්ගයක් නෙවෙයි මේ හදන්නේ.
කැතයි, ලැජ්ජයි, නින්දිතයි!
ඒ නිසා අපිට කැතයි, ලැජ්ජයි, නින්දිතයි! මහ බැංකු අධිපතිතුමනි, ලැජ්ජාවක්, බයක් ගෑවිලාවත් තියෙනවා නම්, ඔය මාතර දික්වැල්ල පැත්තේ ඉපදුණයි කියලා කියනවා, දකුණේකම ගෑවිලාවත් තියෙනවා නම්, ඔය ටයි කෝට් ගලවලා දාලා, ඔය පුටුවට ආයුබෝවන් කියලා, නැවත අර කලින් ගිහිල්ලා හිටපු රටටම තුරන් වෙන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා.
මේ විදිහේ, තමන්ම නිකුත් කරන බැඳුම්කරවලින් තමන්ම හම්බ කරන මහ බැංකු අධිපති කෙනෙක් මේ ලංකාවේ ඉන්නවායි කියන එක ශ්‍රී ලංකාවට අගෞරවයට කාරණයක්, ලැජ්ජාවට කාරණයක්, අවමානයට කාරණයක්. ඒ නිසා අපි එතුමාට කියනවා කරුණා කරලා වේදිකාවෙන් බැහැලා යන්න කියලා. මේ කාරණා දෙක තමයි අපිට ඔබට අවධානය යොමු කරන්න තිබුණේ.''
අවුරුදු 2 මාස 8 කට වැඩි කාලයක් කිසිදු විමර්ශනයකින් හෝ චෝදනාවකින් තොරව නඳුන් චින්තක (හරක් කටා) නීතිවිරෝධී ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා තබා ගෙන ඇතැයි 2025/10/21 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සිදුකරන ලද අංක HRC/3701/25 දරන පැමිණිල්ලකට අදාළව එම කොමිසම විසින් විමර්ශනයක් අරඹා ඇත.
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බදාරු අබුබකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී වී තිබේ.
ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ජනවාරි (ඊයේ) 10 මහරගම දී, මතුගම දී, මහනුවර දී සහ පොළොන්නරුවේ දී ජන අරගල ව්‍යාපාරය විසින් උද්ඝෝෂණ මාලාවක් පවත්වනු ලැබීය. මේ මහරගම උද්ඝෝෂණයේ ඡායාරූප කිහිපයකි.
නව අධ්‍යාපන පරිවර්තනය වෙනසකට මුල පුරමින් 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කරන අතර එහි 99% පමණ අවසන් කර ඇතැයි අධ්‍යාපන ලේකම් නාලක කලුවැව පැවසී ය.
නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.
මේ වසර තුළදී ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු පැවැසුවාය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ IMF නියෝජියන් අතර විශේෂ හමුවක් ඊයේ (08) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන්වෙත ඉදිරිපත් කර තිබිණ.
මෙහිදී, දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ ව්‍යවසායකත්ව දායකත්වය හා භාණ්ඩ අපනයනය ඉහළ නැංවීම වැනි ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) ගණනාවක් පිළිබඳ සාකච්ඡා කර ඇති අතර අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ග, සහ දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග මෙන්ම, මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉඩම් වෙන් කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ.
එමෙන්ම මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය පිළිබඳව IMF නියෝජිතයන්ගේ පැසසුමට ලක්ව තිබීම විශේෂ කාරණකි.
විදේශ සංචිත පහත වැටීම, රුපියල බාල්දුවීම, උද්ධමනය, ණය බර ඉහළ යෑම සහ ව්‍යසනයේ ආර්ථික හානිය පියවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
මා මිතු ජැකා ගේ මේ වියමන සැලකිය යුත්තකි - සිරිමල් විජේසිංහ
නවගමුව කොරතොට මැණික් ආගාර පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක සිටි පුද්ගලයන් තිදෙනකුට කිසියම් කණ්ඩායම් විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු එම ස්ථානයේදීම මියගොස් වෙඩි වැදුණු තවත් දෙදෙනකු හෝමගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවර රතු චතුරශ්‍රයේ ඊයේ (10) මෝටර් රථයක් පුපුරා ගියේය.
මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.
පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර, ඉන් භික්ෂූන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණි.
අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි.
අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින බව සඳහන්ය.
ඔවුන් රුමේනියා, රුසියා සහ ඉන්දීය යන ජාතික භික්ෂූන් වහන්සේ බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

