හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ලතා වල්පොලගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ සිට නිදහස් චතුරස්‍රයට රැගෙන ගොස් තිබේ
ඒ අනුව, දේහය අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතය.
පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
