#newstube

  •  පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ඊයේ (19)  සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර මෙම ප්‍රහාරය හේතුවෙන් 70කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම ඩ්‍රෝන ප්‍රහාරයට පැරාමිලිටරි කණ්ඩායමක් වන RSF වගකිව යුතු බව බලධාරීන් පවසා තිබුණ ද එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැත.

     

  • පළාත් සභා මැතිවරණයේ දී විකල්පයක් නිර්මාණය වේවි - සජිත් ප්‍රේමදාස

    වෙනසක් අපේක්ෂාවෙන්, අලුත් ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් ලක්ෂ ගණනින් ජනතාව අද වඩාත් හොඳ විකල්පයක්, වඩාත් ශක්තිමත් ගමන් මාර්ගයක්, පළාත් සභා මැතිවරණ හරහා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    අනිද්දා (18) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ  වන  බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවල  මෙලෙස  ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කළේය.

    මේ හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පල කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන  මණ්ඩලය පවසා සිටී.


  • පාකිස්තානය කඩුලු 8 කින් ජය ලබයි

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී ඊයේ  (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ.

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 'රථගාය' නුවරඑළිය නගරාධිපතිටත් බෝවෙලා !

    නුවරඑළිය නගරාධිපති මිලියන 25ක නිල රථයක් හා මිලියන 110 නිල නිවසක් ඉල්ලයි

  • පිටකවරෙට රැවටුණ අපි

    අද මට ටිකක් සනීප නෑ. උන හැදිලා . Long weekend එක එහෙම පිටින්ම ඉවරයි ඉතින් අසනීප උන නිසා ඇදේ තමයි ලෝන්ග් වීකෙන්ඩ් එක ගත කරන්න වෙන්නෙ. ඒ අස්සෙ මං දැක්කා මගෙ යාළුවා බුක් ෆෙයාර් ගිහින් ගෙනාපු පොත් අස්සෙ තිබ්බා, මේ දවස්වල වයිරල්‍ යන 'මුද්දරස්පලං' කියන පොත.


    පිදුම ශ්‍රී ලංකා පොලීසියට...!

    පිට කවරයේ යුරේනි ගෙ දුක්බර, කර්කශ, වේදනාත්මක හැගීම් සමුදායක් පිට කරන විදිහේ චිත්‍රයක් තිබ්බ නිසා මං හිතුව මේ කතාව රුසියන් නවකතාවක් වගේ ඇති කියලා. ගත්තා කියවන්න. මොකක්ද මේකෙ මෙච්චර රහ කියලා බලන්න. කසුන් ගෙ සීනි මුරුක්කුත් අම්බානක විකිණුනා  කිවුවට මට ඒක කියවන්න තාම බැරි උණා. මේක තමයි මං කියවන කසුන් ගෙ පළවෙනි පොත.

     

    පළවෙනි පිටු දෙක පෙරළද්දි ම කවියකින් ලියලා තිබ්බේ අර අතුරුගිරිය පොලිසියෙ සීන් එක. ඊට පස්සෙ කවි ටික පොලීසියෙ හොඳ අයට කියලා ලියලා පිදුම ශ්‍රී ලංකා පොලීසියට. ඉතින් කමක් නෑ උගෙ වේදනාව නෙ කියලා මං ඉතුරු පිටු ටිකත් පෙරලලා කියවන්න ගත්තා..

     

     

    yr

    පටන් ගත්තෙ රෝස් පානුයි කකුළුවො හොද්දකිනුයි. එයාගෙ අක්කා රෝස් පාන් ගෙනල්ලා , අම්මා කකුළුවො හොදි හදලා. ඉතින් එයා රෝස්පාන් දෙකක්ම කාලා. කසුන් හරි. රෝස් පානුයි කකුළුවො හොද්දයි රසයි තමයි, හරි අවුලක් නෑ.

    පලවෙනි චැප්ටර් එකම කසුන් රෝස් පාන් කාපු එක ගැන මං කියෙවුවා.


    අනවශ්‍ය කියවිල්ලක්


    ඊළඟට ආවා දෙවෙනි චැප්ටර් එක. ගෙදර කෝපි ඉවර වෙලා කසුන් කඩෙ යනවා කෝපි පැකට් එකක් ගේන්න.

    "අඩෝ අයිඩී එක ගනින් , තොපි රට කාපු වේ#^* ගෙ පුත්තු"

    අනික් පිටුවෙ පොලිස් ත්‍රීවීල් එකක්.

    මං, ආහ්හ් ආයිත් අතුරුගිරියෙ පොලීසියෙ සීන් එක.

    කසුන් කඩෙ යනවා කෝපි පැකට් එකක් ගේන්න, පිටු දෙකක විතර. ඊට පස්සෙ කඩේ ඉඳන් පොලීසියෙන් අල්ලන්.. පොතේ හැටියට කසුන් හරිම සංසුන් විදිහට හැසිරිලා තියෙන්නෙ. මේ පොලිස් කාරයොන්ටත් පිස්සු නෙහ්... මෙච්චර සංසුන් මිනිහෙක්ට එච්චර දස වධ දීලා පොලීසියට කුදලං ගිහින් තියෙන්නෙ. කොහොම උනත් මං මෙ පොත කියවන්න ගත්තෙ කසුන් ව එදා අතුරුගිරිය පොලීසියෙන් අරන් ගියෙ ඇයි? මොකටද කියලා දැනගන්න නෙමෙයි. මං හිතනවා පොතක් කියවන්න ගත්ත මනුස්සයෙක් ට මේක අනවශ්‍ය කියවිල්ලක් කියලා.

     
    අඳෝනා කියවන්න 1850/- ක්...?



    එච්චරයි කියෙවුවෙ. පොත වහලා තිබ්බ තැනින්ම තිබ්බා. ආයි නම් කසුන්ගෙ මුද්දරස්පලං තියා රටකජු, පුහුල් දෝසි, ගුලාබ් ජමූන්, බොම්බෙ මොටයි තියා රයිස් & කරි කියලා පොතක් ආවත් කියවන්න හිතෙන්නැති වෙන්නම ෆස්‍ට් ඉම්ප්‍රෙශන් එක කුඩු පට්ටම් වෙලා ගියා.

    පොත වහලා , පොතෙ ගාන බැලුවා. රු 1850/- ක්.



    ගෙදර කෝපි ඉවර වෙලා කෝපි ගේන්න කඩේට ගියපු කසුන්ව අතුරුගිරිය පොලීසියට අරන් ගියපු සීන් එකයි, මාධවී කිරි දරුවා වඩන් පොලීසියට දුවන් ආපු එකයි, එච්චර සංසුන් අහිංක විදිහට කතා කරපු මාධවීට පොලීසියෙ එවුන් අම්බානක නරක වචනෙන් බැනපුවයි, ජැක්සන් ඇන්තනී පොරක් ද කියලා ඇහුවා කියලා කියන අදෝනායි, මාධවීගෙ අදෝනායි සල්ලි දීලා කියවනවට වඩා ලේසියි කසුන් ගෙ ගේ හොයන් ගිහින් මාසෙ බඩු ලිස්ට් එක අරන් දීලා එන එක. එතකොට ආයි චුට්ට චුට්ට බඩු ගන්න කඩෙට යන්න ඕන්නෑනෙ.

     

    ksun


    පිටකවරෙට රැවටෙන මිනිස්සු


    ඒත් මං කල්පනා කරේ දැන් ඔය සීන් එකට මේ යුරේනි ගෙ දුක්බර් කර්කශ වේදනාව පාදක වෙන්නෙ කොහොම ද කියලා. පිට කවරෙ තියෙන්නෙ එහෙම නෙ අතුරුගිරිය පොලීසිය යුරේනිට මක් කරා ද? සන්ජීව් ලෝන්ලියෙස් හරි... අපි පිටකවරෙට රැවටෙන මිනිස්සු. හරි... මං කියන්න ගියේ... උඹලා සල්ලි දීලා කසුන් ගෙ අදෝනා කියවන එකේ මං මෙ බුකියෙ ලියන හෑල්ලක් කියෙවුව ම මොකද ආයි. හෑලි ලියනවා ගගා ආයි මට කියවන්නෙපා හරිද... කසුන් කොපි ගේන්න කඩෙට ගිහින් පොලීසියෙන් කුදලන් ගියපු අදෝනාව, මුද්දරස්පලං කියලා පබ්ලිශ් කරලා ඒකට 1850ක මිලකුත් ගැහුවා නම්, මං ලියන කතා, මේ බුකියෙ උඩ පල්ලෙහා යන උඹලට කියවන්න බැරිද ආහ්?

    මුල් අයිතිය - RuiRui

    උපුටා ගත්තේ Rasika Abeywickrama ගේ Face book පිටුවෙන්

  • පිළිමවලට පුළුවන් රටක් ගිනි තියන්න

    ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් නෑ ලංකාව බහු ආගමික බහු වාර්ගික රටක් කියලා කියනවා. Nirmal Dewasiri කියනවා මේ දෙකම හරි කියලා.

  • පුරාවිද්‍යා පොත් ප්‍රදර්ශනයක් -  27 දින සිට 31 දක්වා

    කියවීම් මාසය වෙනුවෙන් පවත්වන විශේෂ පොත් ප්‍රදර්ශනයේ දෙවන අදියර ලෙස, පුරාවිද්‍යා පොත් අලෙවිහලක් ලබන සඳුදා එනම් 27 දින සිට 31 දක්වා පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.

  • බාල සැමන් කවපු බෙලිඅත්තේ ටින් මාළු කම්හලකට සීල්

    ප්‍රමිති සහතික නොමැතිව බෙලිඅත්ත ගැටමාන්න ඇල්දෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු කර්මාන්තශාලාවක් වටලා ටින්කළ මාළු තොගයක් ඇතුළු ටින්මාළු නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පෙරේදා (22 වැනිදා) සීල් තැබීය.

  • භාරතය මවිත කළ තබ්ලා වාදකයා; ටී. ෂෙල්ටන් පෙරේරා

    ලක්නව් භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයේ සංගීතය ඉගෙනීමට මීට වසර 60 කට ඉහත භාරතය බලා ගිය ළාබාල තරුණයෙක් තබ්ලා වාදනයෙන් කොතරම් නිපුණතාවක් දැක් වුයේ ද යත් එහි සිසුන් මෙන්ම ගුරුවරු ද මවිතයට පත් වූහ.

  • මහ මඟ අසරණ වීමෙන් පෙන්සිල්වේනියාව කැළඹූ ටැන්ගී

    කිසිවකු විසින් මුද්‍රා තබන ලද පෙට්ටියක දමා පෙනිසිල්වේනියාවේ සතුන්ට කෙරෙහි කෲරත්වය වැළැක්වීමේ සංගමය ( SPCA ) විසින් පවත්වාගෙන යන හන්ටින් පාක් සුනඛ රක්ෂාවරණ ස්ථානයට පිටතින් දමා ගිය සුනඛයෙකු පිළිබඳව එරට මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබේ.

  • මැලේසියාවේ ජලගැලීම්; පළාත් හතක්  යට වේ; 11,000ක් අවතැන්

    මැලේසියාවේ පළාත් රැසක හටගත් ජල ගැල්මෙන් පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.

  • මිනීමරුවා සොයා මුළු ගම්මානයක ම ලේ පරීක්ෂා කළ "DNA දඩයම"

    නිවසට මීටර් 700ක දුරක් ඇතුළත අතුරුදහන් වූ ජිම්නාස්ටික් ශූරිය සහ මිනීමරුවා සොයා මුළු ගම්මානයක ම ලේ පරීක්ෂා කළ "DNA දඩයම"

  • මොස්කව් පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරුට

    රුසියාවේ, මොස්කව් නුවර බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

  • යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හරිනි කතා කළ අලුත්ම පිරිස

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් ඊයේ (28) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේ දී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

  • රටපුරා මී උණ පැතිර යාමේ අවදානමක්

    ගංවතුර අවදානම පහව යාමත් සමඟ මී උණ රෝග වසංගතයක් ලෙස රටපුරා පැතිර යාමේ බරපතල අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

  • ලක්මාලි හේමචන්ද්‍රට විරුද්ධව නව ජනතා පෙරමුණෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

    තිඹිරිගස්යාය ප්‍රාද්ශිය සංවර්ධන කමිටු රැස්වීමේ දී රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, එම නඩු තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත්, එය පරිපාලනමය කටයුත්තක් ලෙස සලකා සාධාරණීකරණය කිරීමට මාලිමා ආණ්ඩුව උත්සහා කරන්නේ යැයි සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර පැවසී ය.

  • ලක්මාලි, හර්ෂණ සහ නීතිය

    සටහන - රාධිකා රත්නායක

    අධිකරණ අමාත්‍යවරයා ලෙස, හර්ෂණ නානායක්කාර යනු ජාතියේ නීති පද්ධතියේ භාරකරුය. එහෙත් රූපවාහිනිය ඔස්සේ ඔහු ඉටු කළේ වෙනත් භූමිකාවකි.  ඒ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේශපාලන සගයෙකු ආරක්ෂා කිරීමය.

  • ලංකා ගුවන්විදුලි ඉතිහාසය උඩුයටිකුරු කළ තැටි ගබඩාවේ මහා විනාශය!

    දකුණු ආසියාවේ පැරැණිතම ගුවන්විදුලි සේවය "කොළඹ ගුවන්විදුලි සේවය" නමින් ඇරැඹෙන්නේ 1924 ජුනි මාසයේ ය.

  • ලංකා පොස්පේට් සමාගම ඩිජිටල්කරණයට...

    වත්මන් රජය සහ පාලනාධිකාරිය විසින් ලංකා පොස්පේට් සමාගමෙහි යටිතල පහසුකම් සංවර්ධනය කර, එය ඩිජිටල්කරණයට ලක් කර, නවොත්පාදන බිහි කර රටෙහි සංවර්ධනයට එය වඩාත් ඵලදායි ලෙස එක් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න