ඊසාන දිග මෝසම සක්‍රීය වී රට තුළ වර්ෂාපතනය වැඩි වෙමින් පවතින පසුබිමක මහවැලි ගඟ ආශ්‍රිත ජලාශ පිටාර මට්ටමට පැමිණ, ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ වී තිබේ.
ඒ හේතුවෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට මහවැලි ගඟ හා ඒ ආශ්‍රීත ජලාශවල මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මහවැලි අධිකාරියේ, ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ, අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස දෙසැම්බර් 18 වැනිදා උදෑසන 9.30 වන විට ජලාශවල වාන් දොරටු විවෘත කිරීම සහ ජලය වාන් දැමීම පිළිබඳ විස්තර මෙලෙස විස්තර කර ඇත.
"පොල්ගොල්ලෙ වාන් දොරටු 3ක් ඇරලා තියෙනවා මීටරය ගාණේ, ඒකෙන් තත්පරයට මීටර් 190ක් යනවා වික්ටෝරියා ජලාශය පැත්තට. වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් ඇරලා තියෙනවා, මීටර් දශම හතක් වගේ. ඒකෙන් තත්පරයට ඝන මීටර් 320ක් යවනවා. රන්දෙණිගල ජලාශයේ ගේට්ටු 2ක් ඇරලා තියෙනවා, මීටර් දෙකහමාරයි, මීටරයයි ගාණේ. ඒකෙන් තත්පරයට ඝන මීටර් 480ක් යනවා. රන්ටැඹේ මිටර් දෙහමාරකුයි, එකක් මීටර් දෙකක් ඇරලා තියෙනවා. ඒකෙන් තත්පරයට ඝන මීටර් 675ක් යනවා," ඔහු පවසයි.
මේ අතර ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් උදෑසන 10.20 වන විට ජාලාශවල වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබේ.
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් සෙන්ටි මීටර් 70 බැගින්, රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු 2ක් මීටර් 2.5 සහ මීටර් 1 බැගින් විවෘත කර ඇති බව මෙන් ම, රන්ටැඹේ වාන් දොරටු 2ක් මීටර් 2 සහ මීටර් 2.5 බැගින් විවෘත කර ඇති බව එහි සඳහන් කර ඇත.
මහවැලි ගඟේ ජල මට්ටම වැඩි වෙනවා ද?
මෙම සියලු ජලාශවල ජලය මහවැලි ගඟට එකතු වීමෙන් සහ, වර්ෂාපතනය ලැබීම වැඩි වීමත් සමග ජලාශවලට ජලය එකතු විමේ ශීඝ්‍රතාවය වැඩි වීම හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම වැඩි වනු ඇති බව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස තවදුරටත් කියා සිටියි.
"ලොග්ගල් ඔය තියෙනවා, හෑපොල ඔය තියෙනවා, දියබාන ඔය, උල්හිටය ඔයත් ඔක්කොම ස්පිල් කරනවා. ඊට අමතරව බදුලු ඔය ඇළකට සම්බන්ධ වෙන්නේ නැතිව කෙලින් ම ගිහින් මහවැලි ගඟට වැටෙනවා. ඔය ඔක්කෝම එකතු වුණා ම ගඟේ පහළින් ජල මට්ටම වැඩි වෙනවා."
ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
"ජනතාවට අපි කියනවා විමසිලිමත්ව හා අවදානයෙන් ඉන්න කියලා. ඒ වගේ ම මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා කොච්චර ඩිසාස්ටර් එකක් වුණත් ස්පිල් වුණා ම බලන්න යනවා, මාළු අල්ලන්න ගලාගෙන යන සැඩ පහරට පනිනවා. අන්න ඒ දේවල්වලින් වළකින්න කියලා තමයි ඉල්ලන්නේ."
ජලාශවල වාන් දොරටු විවෘත කරන විට ඒ පිළිබඳව පහත් බිම්වල ජනතාව දැනුවත් කිරීම, අදාළ ජලාශවල කාර්යභාර ඉංජිනේරු විසින් ආපදා කළමණාකාර දෙපාර්තමේන්තුව වෙත, පොලිස් ස්ථාන වෙත සහ දැනුවත් කළ යුතු අනෙකුත් ආයතන වෙත දැනුම් දී ඇති බව ද අධ්‍යක්ෂවරයා බීබීසී සිංහල සේවය වෙත කියා ඇත.
ජල මට්ටම උපරිමේ පවතින අනෙකුත් ජලාශ මොනවා ද?
මේ අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් කර ඇත්තේ, කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බව යි.
ඊට අමතර බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළුගඟ යන ජලාශවලද ජල මට්ටම ද උපරිමයට පැමිණ ඇති බව පවසන මහවැලි අධිකාරිය, පෝෂිත ප්‍රදේශවලට ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව එම ජලාශ ද වාන් දැමිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ, මාදුරුඔය ජලාශය ද උපරිම ජල මට්ටමේ පවතින බැවින් ඉදිරියේ දී වාන් දැමීම සිදුවිය හැකි බව යි.
තවදුරටත් තද වැසි ලැබෙන බවට අනාවැකි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
