#newstube

  • ‘වැඩ කරන මිනිහට සහතික අවශ්‍ය නෑ' - ඇමති ලාල්කාන්ත

    අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ  රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට  අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත  පැවසීය.

    අධ්‍යාපන සහතික නැතත් සාමාන්‍ය මනුස්සයෙකු අවුරුදු පන්සීයකින් කරන දේ තමා දැනටමත් අවසන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මෙසේ පැවසූවේ මහනුවර පැවැති වැඩසටහනකදීය.

    කේඩී ලාල්කාන්ත අමාත්‍යවරයා මෙසේද පැවසීය

    ''මට තියෙන සහතික ටික මම කියන්නම්. උප්පැන්න සහතිකය තියෙනවා. ජාතික හැඳුනුම්පත තියෙනවා. පාස්පෝට් එක තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒ
    රියදුරු බලපත්‍රය. එච්චරමයි. ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ. තව මම ගන්න බලාපොරොත්තු වෙන්නේ එක සහතිකයයි. හැබැයි ඒක මට හම්බවෙන්නේ නෑ.   ඒ මරණ සහතිකය.

    වැඩ කරන්න මගේ ජීවිතේට කවදාවත් අධ්‍යාපන  සහතික අවශ්‍ය වුණේ නැහැ. දැන් මම කෘෂිකර්ම පශු  සම්පත් ඉඩම් වාරිමාර්ග මහවැලි ඇමැති. ඌට තියෙන්නේ උප්පැන්නේ සහතිකයයි අර කියපු සහතික ටිකයි විතරමයි. වෙන මොකුත් නෑ. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු පන්සියයකින්  කරන දේ මම කරලා ඉවරයි . ඒකයි මම කිව්වේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.

    සමහරුන් උපාධි ලබනවා. සහතික ලබනවා. ඒවා  ගෙදර සාලයේ  ගහනවා .  ඒකට මගේ විරෝධයක් නැහැ. ඉගෙන ගන්න ඕන ප්‍රදර්ශනයට නොවෙයි. ලෝකෙට පෙන්වන්න නෙවෙයි.  රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නොවේ. රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනය.''

    (lankadeepa | සුජිත් හේවාජුලිගේ)

  • ’ගල පුපුරවන්න බැරි අවදානමක් : මං තීරුවක් අද හෙටම විවෘත කරනවා’

    ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං  තීරුවක් අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය

  • "අපි ඇඩ් එක දැම්මේ හොඳ අරමුණක් ඇතුව" - වටවල

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය පිළිබඳ මහජන ප්‍රතිචාර සහ විවේචන මතුවීමෙන් පසු, එම චිත්‍රපටය සියලුම ඩිජිටල් වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත.

    වටවල තේ සමාගම නිකුත් කළ නිල ප්‍රකාශයක සඳහන් වූයේ, සමාගම ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම සහ එකමුතුකම ගරු කරන බවත්, පාරිභෝගිකයන්ගේ අදහස්වලට ගෞරව දක්වමින් මෙම පියවර ගත් බවත් ය.

    “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් ලෙස, වටවල තේ සැමවිටම ජනතාව එක්තැන් කිරීම විශ්වාස කරන අතර, අපගේ කතාන්දර තුළින් ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම හා ශක්තිය දිගු කලක් සමරා ඇත.

    අපගේ මෑත කෙටි චිත්‍රපටය වන ‘Him, Her and Them’ නිර්මාණය කළේ ද එම උදාර අරමුණ පෙරදැරිවය. එය පවුල් ජීවිතයේ එදිනෙදා හැඟීම් මෙන්ම, සෑම දරුවෙකුම තමන්ගේම ආකාරයෙන් ඉගෙන ගන්නා ශක්තිය හා සංවේදීතාව අතර සමබරතාවය පිළිබිඹු කිරීමට අදහස් කරන ලදී.
    කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අප කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් අර්ථකථනය වී ඇති බවත්, අපගේ වටිනා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු අතර එය අපහසුතාවයක් හෝ කනස්සල්ලක් ඇති කර ඇති බවත් අපි තේරුම් ගනිමු.

    ඒ ගැන අපගේ කණගාටුව පළ කරමු.

    සන්නාමයක් ලෙස, අපි ඔබ සැමගේ අදහස්වලට සවන් දෙන අතර, පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය පවුල් එක්සත් කරන පොදු වටිනාකම් කෙරෙහි ගරු කරමින්, මෙම චිත්‍රපටය අපගේ වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත්තෙමු.

    අපගේ පාරිභෝගිකයන්, සේවකයන් සහ සුභ පතන්නන් මෙන්ම, අපේක්ෂිත පණිවිඩයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ සහ අර්ථවත් ප්‍රතිචාර අප සමඟ බෙදා ගත් සියලු දෙනාට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු.

    අප තවදුරටත් ජනතාව එකට එක් කරන, අප බෙදා ගන්නා සෑම තේ කෝප්පයකම ඇති සුවපහසුව, කරුණාව සහ සම්බන්ධතාවය සමරන කතාන්දර ඉදිරිපත් කරන්නෙමු”

    මෙම කෙටි චිත්‍රපටය සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර, මෙම කෙටි චිත්‍රපටය පවුල් අගයන් හා සාරධර්මයන් සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ගෙන ආ බවත්, එය විවිධ අදහස් හා විවේචන මතුවීමට හේතු වූ බවත් වාර්තා වේ.

  • "දිට්වා" නිසා වෙරළ තීරයේ කිලෝමීටර් 143.03ක් දූෂණය වෙයි

    "දිට්වා" සුළි කුණාටුවේ බලපෑම නිසා ඇති වූ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙරට වෙරළ තීරයේ කිලෝමීටර් 143.03ක ප්‍රමාණයක් දූෂණයට ලක්වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.

  • "මහින්ද සුළඟ සමග නාමල් සුවඳ" ළඟදීම

    "මහින්ද සුළඟ සමග නාමල් සුවඳ" ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය ලෙසයි.

    මෙයට පෙර ''මහින්ද සුළඟ'' ආරම්භ කළා සේ මෙම නව දේශපාලන ව්‍යාපෘතියද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ රැඳී සිටිමින් පාක්ෂික හමුවීම් ඇතුළු දේශපාලන කටයුතු පසුගියදා ආරම්භ කළේය.


  • “ගැහැනු ළමයින්ට සිනමාවට යන්න බෑ කියලා එකක් නෑ” - ධනංජනා දුරගේ (video)

    මෙවර ‘mirror arts’ (behind the lens) වැඩසටහන සමග කතාබහට එක් වූයේ තරුණ වාර්තා චිත්‍රපට නිර්මාණකාරිනියක් වන ධනංජනා දුරගේයි.

  • “නිර්මාණ යාත්‍රා” සාහිත්‍ය නිර්මාණ තරගය- 2025

    ලාංකික සාහිත්‍යයේ පෝෂණයට දායක විය හැකි ලේඛක පරපුරක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග එක්ව “නිර්මාණ යාත්‍රා” නමින් සාහිත්‍ය නිර්මාණ තරගයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

  • “මගේ රූපය එන්න එන්නම මාලිනී අක්කගේ රූපයට සමාන වෙනවා” - දමයන්ති ෆොන්සේකා (video)

    මෙවර ‘Mirror Arts’  කතා බහ සමග එක් උනේ දමයන්ති ෆොන්සේකායි.

  • “මට තවදුරටත් සම්මාන ගැන ආසාවක් නෑ” - හර්ෂ තෙන්නකෝන් (video)

    ලංකාවේ සම්මාන උළෙල වල පවතින උත්කර්ෂය ක්ෂේත්‍රයේ (field) ද පැවතිය යුතු බව තමා විශ්වාස කරන බව ද,

  • “මමත් මහපාරෙන් ආව චිත්‍ර ශිල්පියෙක්” - ප්‍රගීත් රත්නායක (video)

    පසුගියදා, ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ උනේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායකයි.

  • 2000 න් පස්සෙ ඉපදුණ බල්ලොන්ට මහින්දව වටින් නෑ - STF සෙබළාගේ කථාවට බුකිය ඇවිලේ

     ඊයෙ දින නුගෝගොඩ පැවති දේශපාලන රැළියට පැමිණි තරුණයෙකු කළ ආන්දෝලනාත්මක කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ කථාබහට ලක්ව තිබේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පක්ෂයේ පරාජය 2000 න් පසු ඉපදුණ අයගේ ඡන්ද නොලැබීම නිසා සිද්ධ වූවක් ලෙස ඔහු ඇගවුම් කරමින් කතාකරයි.

  • 2007න් පසු උපන් අයට දුම්පානය තහනම්

    මාලදිවයින දුම්කොළ තහනමක් හඳුන්වා දී ඇති අතර, 2007 ජනවාරි 1 වන දිනෙන් පසු උපත ලැබූ ඕනෑම කෙනෙකුට දුම්කොළ දුම් පානය කිරීම, මිලදී ගැනීම හෝ විකිණීම නීති විරෝධී කරයි. සෙනසුරාදා සිට බලපැවැත්වෙන මෙම පියවර, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ දුම්කොළ රහිත පරම්පරාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

  • 2022 අප්‍රේල් ණය ගෙවීම් පිළිබඳ ගත් තීරණය - මහ බැංකු අධිපති හෙළි කරයි

    තමා මහ බැංකු අධිපති ධුරය බාරගන්නා අවස්ථාවේ දි රටෙහි පැවති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන විසි පහකටත් අඩු ප්‍රමාණයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසී ය.

  • 2025 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී MAS හට ජයග්‍රහණ රැසක්

    ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය.

  • 2025 තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලියේ සමස්ථ ශූරතාවය කොළඹ විශ්වවිද්‍යාලයට

    2025 තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලිය ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් මස 01, 02 යන දිනවල තෙවැනි වරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.

  • 2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකයේ වෙනසක්

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව නිකුත්කළ නවතම දත්ත වාර්තාව අනුව මෙරට ධීවර අංශය, එළවළු බෝග වගාව සහ රබර් වගාකිරීම අස්ථාවර මාවතක ගමන් කරන බව අනාවරණය කර ඇත.

    කෙසේ නමුත් 2025 වසරේ දෙවන කාර්තුව වන අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා වූ කාලසීමාවට අදාළව සිදුකර ඇති මෙම කාර්තුවේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ආර්ථික කටයුතුවල ධන අගයක් වාර්තා කර තිබේ.

    අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු දත්ත අනුව එළවළු වගාව, රබර් වගාව සහ මෙරට ධීවර නිෂ්පාදනය සෘණ අගයන් වාර්තා කර ඇත.

    එළවළු වගාව 3.6%ක සෘණ අගයක්ද, කරදිය මත්ස්‍ය නිෂ්පාදනය 5.2%ක සෘණ වර්ධනයක් ද, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය 34.8%ක දැවැන්ත සෘණ අගයක් ද වාර්තා කර තිබේ.

    අපනයන සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන මෙරට රබර් වගා කිරීම 10.8%ක සෘණ අගයකින් පසුබැස ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව දෙවන කාර්තුවේ නිෂ්පාදන පහත වැටීමට හේතු වී ඇත්තේ මාර්තු - අප්‍රේල් කාලය රබර් වගාවේ දළු දමන කාලය වීම සහ මැයි - ජූනි කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවය.

    මෙම ගණනය කිරීම අනුව මෙම කාර්තුවේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2%කින්, කර්මාන්ත ආර්ථික කටයුතු 5.8%කින්, සේවා ආර්ථික කටයුතු 3.9%කින් ලෙස ධන අගයන් වාර්තා කර තිබේ.

    නිෂ්පාදන ප්‍රවේශය යටතේ එළිදක්වා ඇති දත්ත අනුව වී, ධාන්‍ය, උක්, පළතුරු, කුළුබඩු වගාකිරීම ආදී ක්ෂේත්‍ර සැලකිය යුතු අයුරින් ධන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම මූලාශ්‍රයක් වන තේ වගා කිරීම ද දෙවන කාර්තුවේදී 6%ක වර්ධනයක් වාර්තා කර තිබේ.

    මස් පිණිස සතුන් ඇති කිරීම, 'කිරි නිෂ්පාදනය සහ බිත්තර නිෂ්පාදනය' යන උප කාණ්ඩ කිහිපයකින් සමන්විත සත්ව නිෂ්පාදනය මෙම වසරේ දී දෙවන කාර්තුවේදී කැපීපෙපන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

    එය 2024 දෙවන කාර්තුවට සාපේක්ෂව 13.9%ක සැලකිය යුතු වර්ධනයක්ය.

    ඒ අනුව මස් පිණිස කුකුළන් ඇති කිරීම 10.9%කින්, බිත්තර නිෂ්පාදනය 35.3%කින්, කිරි නිෂ්පාදනය 2.5%කින් වර්ධනය වී ඇත.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට බිත්තරයක නිෂ්පාදන මිල සැළකිය යුතු ලෙස අඩුවී ඇති බවය.

    Ada derana.lk

     

  • 2025 පළමු මාස 7ට ළමයින්ට එරෙහි කෘරත්වය මුදා හැරි බවට පැමිණිලි 1,126ක්!

    මෙම වසරේ පළමු මාස 7 තුළ පමණක් දරුවන් කෘරත්වටයට පත් කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 1,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි  පෝල්රාජ්  පවසයි.

    දණ්ඩ නීති සංග්‍රහය, සං‍ශෝධන පනත් කෙටුම්පත ඊයේ (24) පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    නිවාස, පාසල්, රැඳවුම් නිවාස, මහාමාර්ගය ආදී ස්ථානවලදී දරුවන් කෘරත්වයට පත් වන බවද ඇය සඳහන් කළාය.

    ඒ අනුව පසුගිය වසරේදී දරුවන් 1,350 දෙනෙකු කෘරත්වයට පත්ව ඇති බවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ්  පැවසුවාය.

    දරුවන් කායික වශයෙන් හෝ මානසික වශයෙන් දඩුවමට ලක්කිරීමෙන් ඉහළ ශිෂ්‍ය සාධනයක් අපේක්ෂා කළ නොහැකි බව පැවසු කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.



    "දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය අවශ්‍ය වී තිබෙනවා. දරුවන්ගේ හිංසන සම්බන්ධයෙන් දඩුවම් කිරීමේ දී ශාරීරික හිංසන සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ළමුන් හා යෞවනයන් පූර්ණ සංවර්ධනයට පත්වන බවට වග බලාගත යුතු වෙනවා.

    ඔවුන්ගේ සුබ සිද්ධිය රජය විසින් සිදුකළ යුතු වෙනවා. ගෝලීය වශයේන අපි නීති හා පතිපත්ති සමඟ එක්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතිය සමඟ අත්සන් කර තිබෙනවා.

    ඒ අනුව ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් හදුන්වා දී තිබෙනවා. ළමුන් ප්‍රචණ්ඩත්වයට පත්වන අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීමේ දී අද ඉදිරිපත් වන වගන්තිය සංශෝධනය කළයුතු වෙනවා.

    පසුගිය කාලයේ ළමුන්ට සිදුවන කෘරත්වය 2011 වසරේ දී 1156 වශයෙන් සිදුව තිබෙනවා. 2020 වනවිට 2237 ක් ද 2022 දී 2096, 2024 වසරේ දී 1950 ක් සහ මේ වසරේ මේ වනවිට 1126 ක් අපරාධ වාර්තා වී තිබෙනවා. මේ ගැන කතා කිරීමේ දී කරුණු රැසක් තිබෙනවා.

    ළමුන් කෘරත්වයට පත්වන අවස්ථා තිබෙනවා. නිවෙසේදී, ළමා නිවෙසේදී, පාසලේදී, බස් රියේ දී එවැනි දේ සිදුවෙනවා.

    පසුගිය කාලයේ අපි විවිධ දේ දැක තිබෙනවා. ළමුන් විවිධාකාරයෙන් කෘරත්වයට පත්ව තිබෙනවා.

    මව විදේශ ගතවීමේ දී ළමුන් ඇතැම් විට කෘරත්වයට පත්වෙනවා. ළමුන් විකල්ප රැකවරණ භාරයට දී ගියත් දරුවන් කායික, මානසික හිංසනයට ලක්වෙනවා. පසුගිය කාලයේ ඕනෑ තරම් අත්දැකීම් අපිට තිබෙනවා.

    ඒ අනුව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කර තිබෙන රටක් ලෙස 1991 වසරේ දී අපි අපරානුමත කර තිබෙනවා. යම්කිදසි දරුවෙක් රැකවරණයේ දී හිංසනයට ලක්වෙනවා නම් ඒක වරදක් වෙනවා.

    අද ගේන පනතින් අපි අපේක්ෂා කරන්නේ සියලුම දරුවන් හිංසනයෙන් මුදා ගැනීමයි. ලංකාව අත්සන් කළ ප්‍රධාන වගකීම්වලින් එකක් වෙනවා.

    ඒ වෙනුවෙන් නීතිමය සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග ගන්න පූර්ණ එකඟත්වය පළකළ රාජ්‍යයක්. ඒ අනුව දරුවන් කායික හෝ මානසික හිංසනයට ලක්කරන්න බැහැ. ඒ අනුව දරුවෙක් අයිති වන්නේ ප්‍රදේශයේ දිසා අධිකරණයටයි.

    ඒ නිසා අපි ගේන සංශෝධන තුළින් දරුවන්ට වඩා හොඳ හෙට දිනක් නිර්මාණය කිරීම අපේක්ෂා කරනවා.

    පාසල් තුළ ශාරීරික දණ්ඩනය ද වරදක් වෙනවා. 2016 අංක 12 දරණ චක්‍රලේඛයෙන් පාසලේ විනය ගැන සඳහන් කර තිබෙනවා.''




  • 2026 'ස්වර්ණ පුස්තක සම්මානය' සහ 'රජත පුස්තක සම්මානය' සඳහා කෘති භාර ගැනේ

    ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 2026 'ස්වර්ණ පුස්තක' සහ 'රජත පුස්තක' සම්මාන සඳහා කෘති භාර ගැනීම මේ වන විට අරඹා ඇති බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සඳහන් කරයි.

  • 2026 අයවැය යනු ජනතා සහන නැති IMF අයවැයක් - සජිත් ප්‍රේමදාස

    මේ රජය දිව දෙකේ රජයක් බවත්, මේ අය වැය ජනතා සහන නොලැබෙන IMF එක ලියු අයවැයක ස්වරූපය ගන්නා අතර ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • 2026 අයවැය යෝජනාවලියට කැබිනට් අනුමැතිය

    මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න