වර්තමානයේ දී මේ රටේ වීදේශීය ජාවරම් කාරයෝ පිරී ඇතැයි සර්ව ජනබල පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (30 වැනිදා) පෙරවරු 10.00 ට ඇරඹෙයි.
සේපාලි මායාදුන්නේ විසින් විරචිත අලුත්ම නවකතාව 'රාජ වල්ලිය' පිළිබඳව පාඨක - විචාරක සංවාදයක් ජනවාරි 24වන සෙනසුරාදා උදේ 10.00 ට ගම්පහ විශාඛා පාරේ ආසියානු සාහිත්‍ය නිවහනේ දී පැවත්වීමට නියමිත ය.
රාජ්‍ය නිලධාරීන් සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට ජපානයේ සංචාරය කිරීම පිලිබඳ මාර්ගෝපදේශන නිකුත් කරයි.
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ ප්‍රගීතිකා ජයසේකර ගේ 'වසිලිස්සා වැස්සේ' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි විණනන නිධාරියකු විගණකාධිපති ලෙස පත්කරන්නට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සූදානම් වන බවත් එය කිසි සේත් ම නොකළ යුතු දෙයක් බවත් විශ්‍රාමික පොලිස් නිලධාරි අජිත් ධර්මපාල පවසයි.
''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' තෙවන අදියර සඳහා මුද්‍රිත පිටපත් හා අත්පිටපත් භාර ගැනීම දැන් ආරම්භ වී තිබේ.
කැලණි විශ්වවිද්‍යාලිය පුස්තකාල විද්‍ය තොරතුරු විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීකා රත්නභාහු විසින් රචනා කරන ලද සමාජීය විද්‍ය පර්යේෂණ ලිපි සම්පාදන ප්‍රවේශය කෘතිය අද (27) සවස 3.00 ට කැලණි සරසවි සමාජිය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
‘සහස් කඳු තරණ මං පෙත්’ කෞෂල්‍යා ජයලත් ගේ දෙවන කාව්‍ය සංග්‍රහය යි.
'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා 2019 වසරේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 1.6කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කර ඇත.
ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත් විසින් සැකකරු වෙත කොන්දේසියක් පනවනු තිබේ.
ඉන් අනතුරුව පැමිණිල්ල යළි දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට නියම විය.
'උරුමය' වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, වංචාවට සම්බන්ධ යැයි සැක 43 හැවිරිදි බකමූණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය කිරිබත්ගොඩ තාවකාලික ලැගුම්හලක පදිංචිව සිට ඇති බව සඳහන්ය.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ අනෙක් 55 හැවිරිදි සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුව පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සැකකාරිය විසින් කල්මුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 164 දෙනෙකුට "උරුමය" වැඩසටහන යටතේ ඔප්පු නොමති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබදෙන බව පවසා තමා නීතීඥවරියක් බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.
පොලීසිය පැවසුවේ කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 50 දෙනෙකු 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට සහ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට කැඳවා දේශපාලන කරුණු සාකච්ඡා කර රැවටීමට ලක්කරමින් ඔප්පු ලබා දෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.
විමර්ශන නිලධාරීන් විසින් සැකකරු භාරයේ තිබූ වංචනිකව ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීම සඳහා අධිකරණයෙන් නියෝග ලබා ගැනීමටද කටයුතු කර තිබේ.
| aruna
මහගම සේකර කලාකරුවා අප අතරින් වෙන්ව ගොස් එළඹෙන 14වන දිනට වසර 50කි. ඒ වෙනුවෙන් පැවැත්වෙන 'මහගම සේකර අඩ සියවසක මතක ආවර්ජනා' අනුස්මරණ දේශනය එළඹෙන 14වන දින පස්වරු 03.30ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ රසිකා මුහන්දිරම්ගේ ගේ 'හඳ මායාකාර ගෑනියක්' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.
අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම මාධ්‍යවේදීන් සුනිල් හදුන්නෙත්ති කළ ප්‍රකාශයක් පිළිබදව විමසා සිටියේය.
ඊට බිමල් රත්නායක ප්‍රතිචාර දැක්වූයේ බක බක ගාගා හිනාවෙමිනි.
මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කරනු ලබන ප්‍රකාශ හාස්‍යයට ලක්කරමින් සමාජ මාධ්‍යවල පලවී ඇති විවේචන පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වන Chathuranga Abeysinghe සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් මතු පළවේ.
ලියමිදෝ නොලියමිදෝ කියල හිතල, ලියන්න හිතුනා.
ඔව් හදුන්නෙතිති සහෝදරය කියපු වචන කීපයක් කාලෙන් කාලෙට රස කරන්න පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නවා,
හැබැයි ඒ කිසිවෙක් හඳුන් මේ සමාජයට දේශපාලනයට කල කාර්‍යබාරයෙක් අල්ප මාත්‍රයක්වත් සමාජට දායාද කල අය නෙමේ.
මාතර මාලිමාවේ විශිෂ්ඨ ජයග්‍රහණයේ සිට මාලිමාවේ දෙස් විදෙස් සංවිදාන කුසලතාව, අවංත්වය හා නිහතමානීත්ව වෙන කාගෙන්වත් ඒ ලෙවල් එකට බලාපොරොත්තු වෙන්න අමාරුයි, දූශිතයන් පාදඩයන් හා සිය පවුල්වල ධනය බලය වර්ධනය කරන්න දේශපාලනය කල අයට හුරේ දාල කඩේ ගිය අයට හදුන් වගේ අය දිරවන්නෙ ණෑ..
මොකද හදුන්ල අපේ පරම්පරාවට දායද කල දේශපාලන සංස්කෘතිය, දැණුම හා කැපකිරීම ඒ කාටවත් අනාගතේවත් සම කරන්න බෑ.
සමහරු අහහනවා ජවිපෙිපෙර්ණකාලිනයන් මොනවද කැප කරන්නෙ කියල, පූර්ණ කාලීන දේශපාලකයන් කැප කරන්නෙ ශ්‍රමය, ඔබ ව්‍යාපාරයකට හෝ තම පුද්ගලික ව්‍යාපාරය ගොඩනගන්න උදේ හවා වගුරන ශ්‍රමය හදුන්ල අපිට අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න ගොඩනගන්න හා හෙටත් පවත්වාගෙන යන්න කැප වෙනවා.
ඒව කාට හරි ජෝක් වෙනවනම් මම කියන්නෙ පුද්ගලික අරමුණු අතහැරල පුලුවන් නම් මාසයක පොදු අරමුණුකට ස්වෙච්ඡාවෙන් වගකීම් ගන්න කියල..
බෑ ඔය හෑලි ලියන, කියවන කාටවත්ම බෑ
හඳුන්ව මම ලඟින්ම හදුන ගන්නේ වත්මන් රජයේ කර්මාන්ත ඇමති විදිහට, ඔව් මගේ Line Manager විදිහට. ලංකාවෙ වැදගත්ම අමාත්‍යාංශයක් හඳුන් මෙහෙයවන ආකාරය ගැන සටහනක් තියන්න වෙනවා.
අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමිය, අධ්‍යක්ෂකවරු, කර්මාන්ත හිමියන්, අතිරේක ලේකම්වරු හඳුන් ගැන ඕනෙම තැනක සාක්ෂි දරාවී. නිහතමානීත්වය, ඇහුම්කන්දීම, සාමුහික තීරණ, සෘජුබව හා, සේවක නිදහස නායකත්වයක වැදගත් ලක්ෂණ.
මේ සියල්ල එක්ක මාස 9ක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය මෙහෙයවීම මටනම් අති විශිෂ්ඨයි. හඳුන් වගේම මමත් අමාත්‍යාංශයට අළුත්, අපේ අතින් වැරදී වෙන්න පුලුවන් වචන අතපසු වෙන්න පුලුවන් නමුත් මේ ලංකාවෙ කර්මාන්ත කරනයේ නව යුගයක ආර්ම්භය සටහන් වෙන මොහොතක්.
අපේ වැරදී අඩු පාඩු හදාගන්න අතරේ අමාත්‍යාංශයේ සාදනීය ජයග්‍රහණයන් පිළිබඳවත් කතාකරනවනම් රටට හොදයි.
?දූශිතයන්ට කරගන්න බැරි වෙච්ච අමාත්‍යාංශය යටතේ තිබ්බ රාජ්‍ය ව්‍යාපාරය සියල්ලම පාහේ නිසි කළමනාකරණයට ලක් වෙලා ඉන් බහුතරයක් රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධන මාවතකට ඇවිත්
?කර්මාන්කරණයේ ප්‍රධානම බාධාව වන ඉඩම් ගැටළුවට විසඳුම් ගේන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය එකඟතාවය අරන්.
?පැදුරෙන් වහල තිබ්බ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හා Anti Dumping ප්‍රතිපත්තිය එලියට ඇවිත්
?අපනයන ප්‍රවර්ධනයට අදාල EDCM එක දැන් ක්‍රියාත්මක වෙලා ගැටළු බහුතරයක් විසඳමින්
?කර්මාන්ත පරිවර්තනයට හා ව්‍යවසායකත්ව සහයට අවශ්‍ය ආයතන පද්ධතිය ප්‍රතිව්‍යුහගත වෙලා නව ආයතනයක් ගොඩනැගෙමින්
?ව්‍යවසායකයන් පුහුණු කරන නිලධාරීන් නව අධ්‍යාපන හා දැණුම හා කුසලතා වර්ධනය ක්‍රියාමාර්ගයකට ඇවිත්
?දූශිතයන් අරක් ගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිදිත වී කර්මාන්තය නගාසිටුමින්
?වැඩබැරි දූශිතයන්ට කරගන්න නොහැකි වූ ඛනිජ ප්‍රතිපත්තිය අවසන් වී ඒ ආශ්‍රිත කර්මාන්තය සංවිදිත වෙමින්
? කර්මාන්ත හා ව්‍යවසායකයන්ට සහය වෙන ප්‍රාදේශීය ආකෘති ශක්තිමත් වෙමින්
ඇත්තටම මේ සටහන මාලිමාවට ආධාර කල, System Change එකකට කතිරෙ භාවිතා කල අය කියෙව්වම ඇති
වමේ දේශපාලනය දකුණට තේරෙන්න ණෑ ඒ ගැන කනගාටුවෙන්න එපා ඒ වගේම මාලිමාවෙ දේශපාලනය මාලිමාවෙ නොවන අයට තේරෙන්නෙත් නෑ..
(චතුරංග අබේසිංහ)

සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සේනානි ධර්මරත්න සිංහලයට නැගූ ඉන්දියානු-අමෙරිකානු ලේඛිකා අල්කා ජෝෂිගේ The Henna Artist 'හෙනා සිත්තරිය ලක්ෂ්මි' කෘතිය පිළිබඳ සහෘද කතාබහට යි.
දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ.
රටේ පවතින සංස්කෘතිය, ආචාරධර්ම සහ ක්‍රමවේදයන්ට ගරු කරමින් මෙම ක්‍රියාවළිය නතර කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.
ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
“දොසක් කිව්වොත් තමන්ට සිත් තැවුලක් සිදුවුනා කියලා චෝදනා කරලා මව්පියන් පොලිසියට අල්ලලා දෙන්න මෙම නව පනත මගින් දරුවන්ට පුළුවන්. මව්පියන්ට මෙහෙමනම් ගුරුවරුන් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මේවා මේ බටහිර රටවල තියෙන සමහර මෝඩ නීති. ඒවා ඔක්කොම අපි අනුකරණය කරන්න අවශ්‍ය නැහැ. අපේ රටේ පිළිවෙතක් තියෙනවා. දරුවෙකුට අම්මයි තාත්තයි තමයි හැදියාව දෙන්න ඕන. ඒ නිසා දරුවෙකුට හරිගස්සන්න අම්මෙකුටයි තාත්තෙකුටයි අවස්ථාව තියෙන්න ඕන. ඒවා උසාවි ගෙනියන වැඩ නෙමේයි.
දරුවන් සහ මාපියන් අතර මේ ගට්ටනය ඇති කිරීම තුළින් මාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද කියළා ගුරුවරුන්ට හිතන්නවත් බැහැ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව ගුරුවරයාව අත්අඩංගුවට ගන්න වුනත් පුළුවන්ලු. මේවා අපිට පිළිගන්න බෑ.
බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා කියලා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා නොකළ යුතුයි.
(නිමල කොඩිතුවක්කු - lankadeepa)
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව ඊයේ (20) කොළඹ වරායට පැමිණ තිබේ
දිවයිනට පැමිණි Frigate වර්ගයට අයත් ‘INS SATPURA’ නෞකාව, දිගින් මීටර් 142.5ක් සහ නැවේ කර්යමණ්ඩලය 403 දෙනෙකුගෙන් සමත්විතයි.
නාවික හමුදාව සඳහන් කරන්නේ ‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබීය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට Prime Lands වෙතින් රුපියල් මිලියන 200ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

