#newstube

  •     ඉන්දියාව හා ලංකාව අතර පාලමක් හදනවට මල්වතු මහ නාහිමිගේ විරෝධය

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරෙන තත්වයක්ක් තිබියදී දෙරට අතර පාලමක් ගොඩනැගුවහොත් එය තවත් හොඳින් සිදුවෙනු ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසති.
  • යුද හමුදා පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභියා දුම්රියේ ගැටි ජීවිතක්ෂයට

    මදුරන්කුලිය ප්‍රදේශයේ දුම්රියේ ගැටිමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්වු යුද හමුදාවේ නිලධාරියකුගේ සිරුරක් ඊයේ (16) දහවල් ප්‍රදේශවාසින් කළ දැනුම් දිමකින් පසු සොයා ගත් බව මඳුරන්කුලිය පොලිසිය පවසයි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුස්ස කඳවුරේ සේවය කරමින් සිටි ආබාධිත නිලධාරියකු වු මදුරන්කුලිය කිර්තිසිංහගම පදිංචිව සිටි දෙදරු පියකු වන 34 හැවිරිදි වර්ණකුලසුරීය අමිල ප්‍රශාන් නම‍ැත්තා බව පොලිසිය සඳහන් කරයි.


    කිසිවකුටත් නොකියා මදුරන්කුලිය නගරයට ගියේ ඇයි?


    නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටියදී නිවසේ කිසිවකුටත් නොදන්වා පෙරේදා (15) දින රාත්‍රියේ නිවෙසින් ගිය තම සැමියා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් ඔහු‍ගේ බිරිය සහ ඥාතීන් ඔහුගේ ජංගම දුරකථනයට රාත්‍රිය පුරාම ඇමතුම් ලබා ගෙන තිබූ බවට වාර්තා වේ.

    පසුව ඊයේ (16) දින දහවල් මදුරන්කුලිය නගරයට ආසන්නයේ පුත්තලම දෙසට වන්නට දුම්රිය මාර්ගයේ තිබී මෙම යුද හමුදා නිලධාරියාගේ සිරුර හමුව තිබිණ.

    ඒ ආසන්නයේ මත්පැන් බෝතල් දෙකක් ද තිබි ඇති අතර ඒ අසලම ඔහු භාවිත කළ ජංගම දුරකතනය ද තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

    අදාල ස්ථානයට ගිය මදුරන්කුලිය පොලිස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලදි මේ වන විට තහවුරු වී ඇත්තේ මෙම තැනැත්තා දුම්රිය මාර්ගය අසල වාඩි වී සිටියදි පෙරේදා (15) දින රාත්‍රියේ කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගන්නා  බංගදෙනිය දුම්රියට ගැටී විසිවි ගොස් ඇති බවයි.

    නමුත් එය දුම්රීය රියැදුරුගේ නිරික්ෂණයට ලක් නොවීම හේතුවෙන් එය වාර්තා වී නොතිබිණ.


    මරණය ගැන පවුලේ ඥාතීන්ට සැකයක් !


    පවුලේ ඥාතින් පවසන්නේ මෙලෙස මරණයට පත්වු අමිලගේ දෙවැනි දරුවා මීට මාසයකට පමණ පෙර යම් ආබාධිත තත්ත්වයකින් මරණයට පත්වීමෙන් ඔහු දැඩි කම්පනයට පත්ව සිටි සිටි බවයි.

    කෙසේ නමුත් මොහු කුමන හේතුවක් මත දුම්රිය මාර්ගය අසලට යන්නට ඇත්දැයි සැක සහිත බව ඔහුගේ ඥාතින් පවසති.


    ජයග්‍රහණ රැසක් හිමිකර ගත් ක්‍රීඩා තරුවක්


    මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ අමිල, ශ්‍රී ලංකා යුද හමුදා පැරා තරඟාවලිය සඳහා සහභාගි වෙමින් ජයග්‍රහණ රැසක් හිමිකර ගත් ක්‍රීඩා තරුවක් බව වාර්තා වේ.

    මොහු 2018 වසරේදි  ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ඉන්දුනිසියාවේ පැවැති පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වි එහිදි මිටර් 100 හා 200 මලල ඉසව්වලින් රන් පදක්කම් ලබා දුන් රන් පදක්කම්ලාභි ක්‍රීඩයකු ද වෙයි.

    එලෙසම ඔහු, තවත් රටවල් ගණනාවකම තරඟ රැසකට සහභාගි වී ඇති අයකු බව ද පැවසේ.

    මෙම නිලධාරියා මේ වසරේ යුද හමුදා වර්ණ ප්‍රදාන රාත්‍රියේදි සම්මානයට පාත්‍ර වි ඇති බවද වාර්තා වේ.

    ඔහු, එල්.ටී.ටී.ඊ පරාජය කිරීමේ සටනේ දි පුදුකුඩිඉරිප්පුව ඉදිරි ආරක්ෂක වලල්ලේ දී දරුණු ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ආබාධිත වි ඇත.

    අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ අමිල ප්‍රශාන් මදුරන්කුලිය නගරය හා ඔහුගේ ගම් ප්‍රදේශය වු කිර්තිසිංහගම ප්‍රදේශවල කා අතරත් හිත් ගත් ප්‍රිය මනාප චරිතයක් බව ප්‍රදේශවාසීන් පවසති.

  • රූපලාවණ්‍යය ක්ෂේත්‍රය හරහා දකුණු කොරියාව-ශ්‍රී ලංකාව අතර සංචාරක වැඩසටහනක් 

    දකුණු කොරියාව  සහ  ශ්‍රී ලංකාව අතර රූපලාවණ්‍යය ක්ෂේත්‍රය  පාදක කර ගනිමින් සංචාරක  ව්‍යාපාරය දියුණු කර ගැනීමට වැඩපිළිවෙළක්  සැකසීමට සූදානම් වෙයි.


    රූපලාවණ්‍ය සත්කාරක සේවා අධ්‍යාපනය තුළින් K-BEUTY රූපලාවන්‍ය සහ සම්බන්ධ කර ගනිමින් දකුණු කොරියාවේ OPEN CYBER UNIVERSITY, SU SONG UNIVERSITY, INTERNATIONAL BEAUTY INSTRUCTOR ASSOCIATIONS ,COSIMICO KOREA සහ ශ්‍රි  ලංකාවේ සම්බන්ධීකරණය ලෙස FEDERATION OF FILM MEDIA CULTURE ENTERTAINMENT සමග එක්ව සංචාරක රූපලාවණ්‍යය සත්කාරක සේවා ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇති කිරීම මෙහි මූලික අරමුණයි.

    ඒ අනුව දෙරටේ නියෝජිත පිරිස මූලික සාකච්ඡා ආරම්භ කොට තිබේ.

    දකුණු කොරියාවේ තේගු නගර සභාව සහ ශ්‍රි ලංකාවේ බේරුවල නගර සභාව පාදක කොටගෙන මෙය ඇරඹීමට  නියමිතය .

    කොරියානු රූපලාවණ්‍යය සත්කාරක සේවා පිළිබඳ  අධ්‍යාපනය ලබා දෙන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙයි. සංචාරක කර්මාන්තය සවිබලගැන්වීමේ හා සංචාරක කර්මාන්තය නගාසිටුවීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹීමට යෝජනා කොට ඇත.

    මේ පිළිබඳව යෝජනාව දකුණු කොරියාවේ තේගු නරගයේ නගර සභාවේ පරිපාලන සංචාරක රූපලාවණ්‍යය දෙපාර්තමේන්තුව භාරව බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට මේ වනවිට බේරුවල උප නගරාධිපති විමලසිරි සිල්වා මහතා හා FFMCE  සම නිර්මාතෘ රවින්ද්‍ර ගයනාත් ප්‍රමුඛ ශ්‍රි ලංකාවේ නියෝජිත පිරිසක් එහි ගොස් තිබේ.

    සංචාරක ක්ෂේත්‍රයේ  ප්‍රබෝධයක් සහ අත මිට සරු රූපලාවණ්‍යය ක්ෂේත්‍රයක් ගොඩනැගීමට දකුණු කොරියාවේ වෘත්තීය මට්ටමෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති මෙම අංශය භාවිත කළ හැකි බව එරටට ගොස් සිටින ශ්‍රි  ලංකාවේ නියෝජිත පිරිස ප්‍රකාශ කරති .

    ඔවුන් හා දකුණු කොරියානු බලධාරින් සමඟ කළ සාකච්ඡා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් සහ අනාගත ආර්ථික සංවර්ධනයට මෙම ක්ෂේත්‍රය යොදා ගැනීමට ඇති විභවතාවය පැහැදිලි කර ගැනීමටත් මින් අවස්ථාවක් වූ  ලැබුණු බව ද එහි සිටින FFMCE සම නිර්මාතෘ රවීන්ද්‍ර ගයනාත් කියා සිටියේය.
     
     

    (ජේ. මුණසිංහ)
  • හම්බන්තොට සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී බරපතල පාරිසරික විනාශයක් සමග සෞඛ්‍ය අවධානමක් ගැන බියක්

    හම්බන්තොට වරායේ සිට කර්මාන්ත ශාලා දක්වා සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (ක්ලින්කර් - clinker, ජිප්සම් -gypsam , ස්ලැග්- slag ) පැටවීම හා බෑම (loading unloading) අවස්ථාවලදී මෙන්ම ප්‍රවාහනයේදී ද විශාල වශයෙන් දුවිලි අංශු පරිසරයට මුදා හැරෙන බවත් එම තත්වය තුල බරපතල පාරිසරික විනශයක් සිදුවන බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරති.

  • 'බෙරන්ඩිනා' ව්‍යවසායකත්ව සම්මාන උළෙල 9 වන වරටත් පවත්වයි

    ග්‍රාමීය සංවර්ධනය අවම මට්ටමක පවතින ප්‍රදේශ වල දරිද්‍රතාවය අඩු කිරීම සඳහා මූල්‍ය පහසුකම් පිරිනමමින් ජනතාව බල ගන්වන බෙරන්ඩිනා ආයතනය නව වන වරට සංවිධානය කළ පළාත් සහ ජාතික මට්ටමේ හොඳම සහ දක්ෂතම ව්‍යවසායක සම්මාන උළෙල පසුගියදා මහත් අභිමානවත්ව කොළඹදී පැවැත්විණි.

    අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, කෑගල්ල, කුරුණෑගල, උතුර, නුවරඑළිය, ත්‍රිකුණාමලය යන කලාප අට යටතේ කාණ්ඩ 05ක් ආවරණය වන පරිදි ව්‍යවසායකයින් මෙහිදි ඇගයීමට ලක් කර තිබුණි.

    ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසි ව්‍යවසායකයන් ඇගයීමද මෙහිදී සිදු කෙරිණි.

    හොඳම කුඩා ව්‍යවසායකයා, කෘෂි කර්මාන්තය සඳහා හොඳම ව්‍යවසායකයා, සත්ත්ව පාලනය පිළිබඳ හොඳම ව්‍යවසායකයා, හොඳම නැගී එන ව්‍යවසායකයා සහ හොඳම ක්ෂුද්‍ර ව්‍යවසායකයා ලෙස ව්‍යසායකයන් 05 දෙනෙක් එක් එක් කලාපයෙන් තොරාගෙන  සම්මාන පිරි නැමුහ.

    බෙරන්ඩිනා ආයතනයේ හොඳම කළමණාකරු, හොඳම ව්‍යාපාර සංවර්ධන නිලධාරී සහ හොඳම ක්ෂේත්‍ර නිලධාරී සඳහාද සම්මාන පිරිනැමුණි.

    මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස නෙදර්ලන්තජාතික ජෝස් වැන් ඇග්ලන් සමග බෙරන්ඩිනා ආයතනයේ සභාපති අනුර අතපත්තු, අධ්‍යක්ෂ සරත් ප්‍රනාන්දු, කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චරිත් ප්‍රනාන්දු යන ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    (සටහන | ජේ.මුණසිංහ)

     

     

    WhatsApp Image 2025 10 16 at 18.33.23 1d6c588c

  • 'සියලු ම කර්මාන්තවල දත්ත එක් තැනකට එකතු කළා' - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

    ජාතික කර්මාන්ත පද්ධතිය විවෘත කරන්නේ සියලු ම කර්මාන්තවල දත්ත එක් තැනකට එකතු කර එය ප්‍රයෝජනයට ගන්නා අය හට මුදා හැරීම සඳහා යැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.

  • KA Sports ක්‍රීඩා භාණ්ඩ අලෙවි සංකීර්ණයක් රාගම දී විවෘත වේ

    ශ්‍රී ලාංකීය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණයේ නව පරිච්ඡේදයක් එක්කරමින් KA Sports ක්‍රීඩා වෙළෙඳ ආයතනය පසුගියදා රාගමදී උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුණා.

    ඒ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, වැනි ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ප්‍රධානත්වයෙන්...

    මේ අවස්ථාව සදහා දේශීය පිටියේ මෙන්ම ජාත්‍යන්තර තලයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් සම්බන්ධ වුනා.

     ක්‍රිකට් ක්‍රීඩා කරන කොයි කාටත් සාමාන්‍යය වෙළෙඳපොළේ පවතින මිලට වඩා භාගෙට භාගයක් අඩුවෙන් ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩා උපකරණ මේ ආයතනය මගින් ලබා ගැනීමට හැකි බව KA Sports අධිපති අමිල කළුගලගේ පවසනවා.

    '' මෙහි ඇති විශේෂත්වය තමයි ගුණාත්මක බවින් උසස් සාමාන්‍යය වෙළෙඳපොළේ කිසිම තැනකින් ගන්න බැරි තරම් 50%ක පමණ අඩු මිල ගණන් වලට විශ්වාසයෙන් භාණ්ඩ මිලදී ගන්න පුලුවන් ස්ථානයක් තමයි KA Sports කියලා කියන්නේ....

    ඉතිං රාගම මහජන බැංකු ගොඩනැගිල්ලට එන ඔබටත් මේ උසස් තත්ත්වයේ ක්‍රීඩා උපකරණ පහසු මිලකට ලබාගන්න පුලුවන්...'' යයි ද අමිල කළුගලගේ පවසනවා. 

     

     

    crick

  • අගමැතිනිය YMMA සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට සහභාගී වේ

    ඔක්තෝබර් 20 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගම් (YMMA) සමුළුවේ 75 වන වාර්ෂික සමුළුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

  • අද සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට භීෂණය රජ වෙලා - සජිත් ප්‍රේමදාස

    අද වන විට සමාජයේ: භීෂණය රජ වී, පාතාල කල්ලි, මිනිමරු කල්ලි, ඝාතන කල්ලි සමාජයේ පාලනය ඔවුන්ගේ අතට ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  •  අදත් සවස වැසි

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද  (20) කාලගුණ අනාවැකිය නිකුත් කරමින්  සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක් බවත් ය.

    මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
     

  • අවසන් බලාගාරය ධම්මිකට: මාලිමාවේ ළබැඳියාව සුලගෙනුත් පෙනෙයි!

    දිවයින පුරා පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ති සැලැස්ම යටතේ ඉහළ විභවයක් සහිත කලාපයක් ලෙස නම් කර තිබූ මන්නාරම් දූපතේ, ප්‍රදේශවාසීන්ගේ කැමැත්තෙන් තොරව තවදුරටත් සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබේ.

  • ආණ්ඩුව රැකගන්න මැරෙන්නත් මරන්නත් රජය සූදානම්ලු - සජිත් ප්‍රේමදාස

    ජනාධිපතිවරණ සමයේ ගොවියා රැකගෙන ආරක්ෂා කර ජීවත් කරනවා යැයි පැවසුව ද අද මේ අය ම ආණ්ඩුව රකින්න ලක්ෂයකගේ හෝ ජීවිත පූජා කිරීමට සූදානම් යැයි ඔවුන් ම පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


    ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන යටතේ අද කලාවැව ආසනයේ නල්ලච්චිය කොට්ඨාසයේ දී ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැති ජන හමුවක දී ය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

    ආණ්ඩුව රැක ගන්න ජීවිත නැති කරන්න හදනවා

    ''මිනිමරලා හෝ ආණ්ඩුව රකින්න, ජීවිත නැති කර හෝ ආණ්ඩුව රකින්න මෙන්ම ආණ්ඩුව වෙනුවෙන් මැරෙන්න වුවත් සූදානම් බව ආණ්ඩුවේ පාර්ශ්වය කියනවා. මැතිවරණ කාලයේ නම් කිව්වේ ලක්ෂ 220ක් රකිනවා කියලා. අද ආණ්ඩුව රැක ගන්න ජිවිත නැති කරන්න වුවත් සූදානම් බවට පැවසීම කණගාටුවට කරුණක්.

    මේ වන විට ගොවියා අනාථ වෙලා. ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර, වල් නාශක හා බීජ නෑ. කලට වේලාවට පොහොර සහනාධාර මුදල් ලැබෙන්නෙ නෑ. වගාව අවසන් වුනිට පස්සෙ මුදල් ලැබෙන අවස්ථාත් පවතිනවා. ඊට අමතරව ගොවි උපකරණවල මිල ඉහළ යෑම වගාව කරන විට වන අලි මිනිස් ගැටුම, වන සතුන් මිනිස් ගැටුම නිසා වගා හානි සිදු වුවත් නිසි වන්දි හා රක්ෂණ ක්‍රමවේදයක් නෑ. වන අලි ප්‍රහාරයක් නිසා මිය ගියොත් තක්සේරු මුදල රු. ලක්ෂ 10යි. මේවා බරපතළ ගැටලු වුනත් රජය මේවා තැකීමකට ලක් කරන්නෙ නෑ. අවම වශයෙන් අමාරුවෙන් ගන්නා අස්වැන්නට හොඳ වෙළෙඳපොළක් නෑ.

    මාලිමාව, බලය ලබා ගන්න ජනතාව ඇන්දුවා

    මහලොකුවට රජයේ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවලට ලබා දෙන සහතික මිල පාර්ලිමේන්තු පනතකින් රටේ නීතිය බවට පත් කරන බවට පවසා වී කිලෝවකට රු. 150ක් දෙනවා කිව්වට අද වන විට බලය ලැබුණු පසු එය රු. 120ට අඩු වෙලා. තෙත වීවලට ලැබෙන්නේ රු. 90ක් වැනි සොච්චම් මුදලක්. මේවා වියදම් ආවරණය කර ගැනීමටවත් ප්‍රමාණවත් නැහැ.

    මේ දුක රජයට තේරුණේ බලය නැති කාලයේ විතරයි. බලය ලැබුණු පසු බලය අත්හරින්නේ නෑ කියා පුරසාරම් දොඩමින් යනවා. ලක්ෂයක් වුනත් බලය වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් කියල කියනවා. ඒ කාලයේ කියපුවා දැන් වලංගු නැති බවට රජයේ මැති ඇමතිවරු කියනවා.

    ජනාධිපති ගේ ගමේ ගොවි ජනතාවත් අන්ත අසරණ වෙලා

    මේ ආකාරයට රටේ ජනතාව බලය උදෙසා අන්දවන්න, මංමුළා කරන්න දෙන්න බැහැ. ගොවියාට සිදුවන අසාධාරණය ගැන මම කතා කරන්නෙ රටේ ජනාධිපතිවරයාගේ ගමේ ඉඳලා. ජනාධිපතිවරයාගේ ගමේ ජනතාවගේ වගාවට පවා නිසි රැකවරණයක් හා මිලක් නොමැති වුනත් පාර්ලිමේන්තුවේ දී වී මිල ගැන ප්‍රශ්න කරන විට වැයවන මිලට වඩා වඩාත් ඉහළ මිලක් වීවලට දෙන බව පවසනවා. මේ ගැන ප්‍රශ්න කරන විට බාධා කර මයික්‍රෆෝන් විසන්ධි කරනවා.

    ආණ්ඩුව මොන දේ කළත් විපක්ෂය කටවල් වහන්න සූදානම් නැහැ. ගොවි ජනතාවත් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ජනතා අයිතිය සුරක්ෂා කරන්න අවශ්‍ය ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි සූදානම්. එදා මැතිවරණ සමයේ ජනතාව සමග ඇති කර ගත් සමාජ ගිවිසුම නැවත වරක් අලුත් කර ජනතාව වෙනුවෙන් කැපවීමෙන් විපක්ෂයෙන් සිදුවිය යුතු සේවාව ඉටු කරන්න අපි සූදානම්. මේ ගොවියන් ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර ඇති නිසා මේ ගැටලු සෑම එකක් ම පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ඉදිරිපත් කර ඉහළම සටන සහ අරගලය කරන්න සූදානම්.

    ජනතාව වෙනුවෙන් ප්‍රගතිශීලී බලවේග සමග අත්වැල් බැද ගන්නවා

    ඒ සඳහා ප්‍රගතිශිලී බලවේග සමග අත්වැල් බැද ගන්නවා. හුදෙක් එය මැති ඇමතිකම් ජනාධිපතිකම් අගමැතිකම් සංස්ථා සභාපතිකම් බෙදා ගන්න නෙවෙයි. ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දීම සඳහා යි. සමගි ජන බලවේගයට ඇති එකම ඩීල් එක ලක්ෂ 220ක් ජනතාවට සංවර්ධන යුගය උදා කර ජන ජිවිතය සුඛිත මුදිත කිරීම පමණයි. එකතු වීම, එකතු වන ආකාරය ගැන හොද අවබෝධයක් අපට තිබෙනවා. අවස්ථාවාදී දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් එකතු වීමට අපි කටයුතු කරනවා."

     

    The leader.lk

  • ඊයේ රෝස පාට වුණ පාර්ලිමේන්තුව අද කළු පාට වෙයි

    අද දිනයේදී සමගි ජන බලවේගය කළු පාට ඇදුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කොට තිබේ.

  • එජාපය අලුත් තනතුරක් පිහිටුවයි !

    වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

    මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය Harin Fernandoපත් කරනු ලැබ සිටී.

    මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ලබා දුන් තනතුරේ වගකීම වේ.

    ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස භාරව ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දුය.

  • කොළඹ මහජන පුස්තකාලයෙන් ආරාධනයක්...!

    මේ දවස්වල අපි දන්නවා සමස්තයක් විදියට පොත් මිල ඉතාම වැඩියි කියලා. ඒ නිසා පුස්තකාලයක සාමාජිකත්වය ලබාගන්න පුළුවන් නම් ඒක පොත් කියවීමට උදව්වක් වගේම පසුම්බියටත් සහනයක්.

  • ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු හතක් රිමාන්ඩ්

    සූර්ය පැනල නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් පිරමිඩාකාර මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ නියෝග කළේය.

  • ඩොලරය විකුණුම් මිල රු. 310 ඉක්මවයි

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.91ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.61ක් ලෙස සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

  • දේශපාලන අපතයින් පුම්බන 'වොයිස් කට්' මාධ්‍ය භාවිතාව

    ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ක්ෂේත්‍රය අද Soundbite Journalism එසේත් නැතිනම් “ වොයිස් කට්” මාධ්‍ය භාවිතාවක ආධිපත්‍ය දරමින් සිටින බවට මාධ්‍ය විශ්ලේෂකයින් විසින් හදුන්වනු ලබනවා.

  • නීති නිළධාරිනිය සේවයෙන් පහකර UDA ලොක්කෝ සුදනන්වීමේ උත්සාහයක !

    නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 1000 කට ආසන්න දැවැන්ත මූල්‍ය වංචාවක් යට ගැසීම සඳහා එහි නීති නිලධාරිනියක් සේවයෙන් පහකර ඇතැයි වාර්තා වේ.

  •  පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ඊයේ (19)  සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර මෙම ප්‍රහාරය හේතුවෙන් 70කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම ඩ්‍රෝන ප්‍රහාරයට පැරාමිලිටරි කණ්ඩායමක් වන RSF වගකිව යුතු බව බලධාරීන් පවසා තිබුණ ද එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැත.

     

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න