විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.
දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රාථමික විදම විය යුත්තේ 13% ලෙස නියම කිරීම IMF ආයතනයට සිදු වු විශාල වැරැද්දක් යැයි වෙරිටේ රිසර්ච් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවසී ය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇ. ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුව ඇති බවට වාර්තා වුව ද මීටත් වඩා හානි වි ඇති බැවින් මේ IMF ණය කොන්දේසි ලිහිල් කර ගැනීම වෙනුවෙන් රජයට කොන්දක් තිබිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සයවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායකට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හමුවුණා.
Lanka business tv අතිශයින් ජනාදරයට පත් "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව අති උත්කර්ෂවත් අන්දමින් ලංකාදීප FT සමග එක්ව ව්‍යවසායකයින් ඇතුළු ආර්ථික දැනුම ලබාගැනීමට උනන්දුවන 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කලගෙඩිහේනේ The Glassgow හෝටලයේ දී පසුගියදා පැවැත්වුණි.
LTL හෝල්ඩිංග්ස් සමාගම විසින්, මෑතකාලීන අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා දිවයින පුරා සහන වැඩසටහනක් දියත් කර ඇති අතර, "LTL මනුස්සකම" (LTL Humanity) යන නව වැඩසටහන යටතේ ක්‍ෂණික සහය මෙන්ම දිගුකාලීන යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්න දෙකටම සහයෝගය දක්වනු ඇත.
එළඹෙන ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නව දිල්ලියේදී පැවැත්වීමට නියමිත NDTV ලෝක සමුළුව 2025, සුවිශේෂී ගෝලීය සංවාදයක් සඳහා වේදිකාව සූදානම් කරමින් සිටී.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු එක්සත් රාජධානි අගමැති රිෂී සුනක් සහ හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් ඇතුළු ලොව බලගතු නායකයින් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.
සේවයේ නියුතු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු සහ හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු එකම වේදිකාවකට ගොඩවීම ඉතා දුර්ලභ මෙන්ම බලගතු අවස්ථාවක් ලෙස සැලකෙන අතර, එය අපේ කාලයේ වඩාත්ම හදිසි සහ වැදගත් සංවාද හැඩගැස්වීමේ සමුළුවේ ඇති වැදගත්කම මනාව පිළිබිඹු කරයි. සංවිධායකයින් මෙම හමුව "අතිශය තීරණාත්මක ප්‍රතිවිපාක ගෙන දෙන ගෝලීය සංවාදයක්" ලෙස හඳුන්වයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම ඉහළ පෙළේ සාකච්ඡා පිළිබඳව අපේක්ෂාවෙන් සිටින අතරතුර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහභාගීත්වය තහවුරු කිරීමත් සමඟ කොළඹ දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් කැලඹීමක් ඇතිවී ඇති බවට වාර්තා වේ.
විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන තීරණ ගන්නා නායකයින් අතර අගමැතිනියගේ මෙම සහභාගීත්වය සම්බන්ධයෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව තිබේ. විවිධ දේශපාලන මත දරන ලෝක නායකයින් සමඟ එකම වේදිකාවක් බෙදා ගැනීමට ගත් තීරණය, පක්ෂයේ අභ්‍යන්තර කතාබහට ලක්වූ කරුණක් බව පැවසේ.
මෙම තත්ත්වය තවදුරටත් කුතුහලය දනවන කරුණක් බවට පත් කරමින්, ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරියගේ නව දිල්ලි සංචාරය පිළිබඳ තහවුරු කිරීම අනපේක්ෂිත සිදුවීමක් වූ බවයි. නම සඳහන් නොකළ අභ්‍යන්තර ආරංචි මාර්ගයක් සඳහන් කළේ, මෙම නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලය "විමතියට පත් කළ" බවයි.
එමගින් මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් රජයේ ඉහළම මට්ටම් අතර සන්නිවේදනයේ යම් බිඳවැටීමක් සිදුවී ඇති බවට ඉඟි පළ වේ.
වත්මන් සහ හිටපු නායකයින්ගේ මෙම බලගතු හමුවට නව දිල්ලිය සූදානම් වන විට, සමුළුවේ න්‍යාය පත්‍රයේ ඇති ගෝලීය ගැටළු දෙස බලන තරම්ම උනන්දුවෙන්, අග්‍රාමාත්‍ය අමරසූරියගේ සහභාගීත්වය වටා ගොඩනැගෙන දේශපාලන ගතිකත්වය දෙසද බොහෝ දෙනාගේ අවධානය යොමු වනු ඇත.
කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය අවලංගු කිරීමෙන් අනතුරුව අන්තර්ජාතික R&B තරුවක් වන Ne-Yo ශ්‍රී ලාංකික රසික ප්‍රජාව වෙතින් සමාව අයැද ඇත.
දෙසැම්බර් 3 වන දින කොළඹ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, On'ally Holdings PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, ජාත්‍යන්තර ව්‍යාපාරික හවුල්කරුවන්ගේ නියෝජිතයින් සහ මාධ්‍ය සාමාජිකයින් ඇතුළු අමුත්තන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.
කිසිඳු ඇපයකින් තොරව ක්ෂණිකව ණය ලබා දෙන බවට අන්තර්ජාලය සහ ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ ප්‍රචාරය වන ආකර්ෂණීය දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි. මෙවැනි ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන ආකාරය ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරීක්ෂණය කර ඇති අතර, ඇතැම් විට දුරකථන ඇමතුම් ලබා දෙමින් පවා, ණය ලබා ගැනීමට පුද්ගලයින් පොළඹවන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ණය යෝජනා ක්‍රමවලට හසුවන බොහෝ දෙනෙකු, ණය ලබා ගැනීමේදී අදාළ පොලී අනුපාතයන් හෝ ණය ආපසු ගෙවීමේ කාලසීමාවන් පිළිබඳව නිසි අවබෝධයක් ලබා නොගැනීම නිසා දැඩි ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත. ණය මුදල ලබා ගැනීමෙන් අනතුරුව, අනපේක්ෂිත ලෙස ඉහළ පොලී මුදලක් ගෙවීමට සිදුවීමෙන් ණය ගැතියන් දැඩි අපහසුතාවට පත්වන අවස්ථා බහුලව වාර්තා වේ.
එමෙන්ම, ණය මුදල් නැවත අය කර ගැනීමේදී මෙම ආයතන විසින් ණය ලබා ගත් පුද්ගලයින් පීඩාවට පත් කරමින් නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබා දෙන බවටත්, ඔවුන්ව අපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රචාරයන් ගෙන යන බවටත් ශ්‍රී ලංකා පොලිසිය වෙත දිනපතා පැමිණිලි ගලා එමින් පවතී.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමකදී තහවුරු වී ඇත්තේ, මෙලෙස ක්‍රියාත්මක වන බොහෝ ආයතන මහ බැංකුවේ නියාමනයට ලක් නොවූ ආයතන බවයි. එමෙන්ම, මෙවැනි ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් සිටින බවද මහ බැංකුව වැඩිදුරටත් පොලිසිය වෙත දැනුම් දී ඇත.
ඒ අනුව, මහජනතාව තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේදී සෑම විටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ පවතින පිළිගත් මූල්‍ය ආයතන සමඟ පමණක් ගනුදෙනු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් ඉල්ලා සිටියි.

සිතේ ඇතිවන දරාගත නොහැකි අනියත බියක් හේතුවෙන් හටගන්නා මානසික ව්‍යාකූලතාව හෙවත්
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV ) විශාල වංචා හා දුෂණ සහිත කැලයක් බවත් ඒවා ක්‍රමානුකූලව නිරවුල් කරගෙන ඉදිරියට යාමට පියවර ගන්නා බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන කේෂත්‍රයේ ගැටලු සහ ඉදිරියේදී සංවර්ධනය විය යුතු කටයුතු පිළිබදව මෙහි දී සාකච්ජාවට ලක්විය.
ප්‍රවාහන හා මාර්ග කටයුතු සම්බන්ධයෙන් සංවර්ධන කටයුතු පහසු කිරීම හා නිසියාකාර කිරීම උදෙසා වන දිස්ත්‍රික් කමිටුවක් පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණි. එහි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න පත් කෙරිණි.
මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
''කැබිනට් මණ්ඩලයේ එකගතාවක් මත ප්‍රාදේශීය වශයෙන් ජන ජීවිතයට බලපාන අමාත්‍යාංශවල දිස්ත්‍රික් මට්ටමෙන් කමිටු පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අප අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටු රැස්වීම අද දින පැවැත්වුණා. අනුරාධපුර මල්වතු ඔය පාලම පටුයි. එම නිසා අද එම පාලම වැඩි දියුණු කිරීමටත් මාර්ගය අලුත්වැඩියා කිරීමටත් මුදල් ලබාදීමත් කළා. ඒ වගේම ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීමටත් රුපියල් මිලියන 250ක් වෙන් කළා.''
(lankadeepa | දයාරත්න ඇඹෝගම)
සමාජ භීතිය කියන දේ සමාජයේ බොහෝ දෙනා අතර අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.

ඔක්තෝම්බර් 01 දින සිට SVAT (සරල කරන ලද එකතුකළ අගය මත බදු) ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව සහ ක්‍රමවත් ස්වයංක්‍රීය VAT ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත නොකිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3ක් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික වානිජ මන්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වානිජ මන්ඩලය යන ආයතන මෙලෙස අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම ගොනුකර ඇත.
ආයෙත් Mohan Raj Madawalaගෙ Toxic කෘතිය ගැන පාඨකයන් අතර කතාබහක් ඇතිවෙලා තියන නිසා සහ ඒවයෙ පාඨකයන් පළකළ අදහස් කියවල බැලුවම මට toxic කෘතිය ගැන පෙර කියවන්නෙක් ලෙස මම පළකළ අදහස්වලට වැඩිදුර අදහස් කිහිපයක් එකතු කරන්න ඕන කියල හිතුවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙරට විදේශ ප්‍රතිපත්තිය විනාශකාරී අන්දමින් ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධව තමන් දැඩි කම්පාවට පත්වන බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ යෝජනා සම්මතය පිළිබඳ දිලිත් ජයවීර සිය X අවකාශයේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බැඳී සිටින ඔවුන් මිලියන 22ක් වූ ජනතාවට ඒ පිළිබඳ වහා සැපයිය යුතු අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ යෝජනාවට පක්ෂව මිතුරු රටවල් පවා අදහස් දැක්වීම කම්පනයට පත්වන පාවාදීමක් බව ද ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ ජාතියේ ප්‍රමුඛතාවන් හෑල්ලුවට ලක්වීම වත්මන් රජයේ දුර්වලතාව හා අසමත්භාවය ප්‍රදර්ශනය කිරීමක් බවත් සිය සටහන මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
දිලිත්ගේ X සටහන

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.
මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන මස 09 වැනිදා දක්වා අයැදුම්පත්‍ර යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පාසල් අයැදුම්කරුවන් විදුහල්පති මගින් අයැදුම්පත්‍ර යොමු කළ යුතු ය.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk. වෙත පිවිස අයදුම්පත්‍ර යොමු කළ යුතුයි
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන පෙබරවාරි මාසයේ පැවැත්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

