#newstube

  • 'අකුරු හැඩට ලියමු' : ජාතික කඩදාසි සමාගම නව කඩදාසියක් හඳුන්වා දෙයි

    ජාතික කඩදාසි සමාගම නව මුහුණුවරකින් නව්‍යකරණය වී ඇති අතර නව කඩදාසියක් ද හඳුන්වා දෙන්නේ යැයි ජාතික කඩදාසි සමාගමෙහි නව සභාපති උපාලි රත්නායක පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ ජාතික කඩදාසි සමාගම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නව නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමිනි.

    එම මාධ්‍ය හමුවේ දී ඔහු විශේෂයෙන් ම වධානය යොමු කළේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් භාවිත කරන කොපි පොත් සඳහා විශේෂයෙන් හඳුන්වා දෙන කඩදාසි වර්ගයකින් නිෂ්පාදිත කොපි පොත් පිළිබඳව ය.

    මදින ලද ඔපදැමූ කඩදාසියෙන් නිපද වූ කොපිපොත්වල කාබන් පෑනෙන් ලිවීමේ දී අකුරු අවලස්සන වන බැවින් ඔප නොදැමූ කඩදාසිවල අකුරු ලිවීමට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොලඹවන බවත්, එහි මූලික තේමාව වන්නේ ''අකුරු හැඩට ලියමු'' යන්න බවත් ඔහු විශේෂයෙන් අවධාරණය කළේ ය.

     




  • 'අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නැයි දැනුම් දුන්නා' - ලක්මාලි

    අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර  සඳහන් කරයි.

    නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකට පැවති සංවාදයකදී ඇය මේ බව පවසා ඇත.

    තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන් බවද පවසන ඇය, ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බව කියා සිටියි.

    කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා ඇත්තේ, අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් නොවන බවයි.

     

  • 'අධිරාජ්‍යවාදය' නමැති භිතිකාව පලවා හරිමු - Ideas front වීඩියෝවක්

    ජේ. ආර්. ජයවර්ධන පැවසූ පරිදි 'අධිරාජ්‍යවාදය' නමැති භීතිකාව අපි දැන් ඉවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • 'අනුර ජපන් ගියේ ඩඩ්ලිලාගේ අනුග්‍රහයෙන්, රටට කිසිඳු වාසියක් වුනේ නැහැ' - විමල් කියයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර ජපානයට ගියේ ඩඩ්ලිලාගේ අනුග්‍රහයෙන් බවත්, ඒ ගියෙත් ඉල්ලා අස්වෙච්ච අගමැති කෙනෙක් හමුවීමට බවත්, ඉන් රටට කිසිඳු වාසියක් අත්නොවූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.

    ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරයෙදී මහජන මුදල් අවභාවිතවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එල්ලකළ චෝදනාවම අනාගතයේදී අනුර කුමාර දිසානායකට එල්ලවෙන බවද ඔහු කියා සිටියි.

    විමල් වීරවංශ එබව කියා සිටියේ, ඊයේ ''සලකුණ'' දේශපාලන වැඩසටහනේදී අදහස් දක්වමිනි.

    '' එදා සිරිමාවෝ යද්දි කොහොමද පිටරට පිළිගැනීම? අද කෝ ඒවා!‍ අනුරව පිළිගන්න ඇමැති කෙනෙක්වත් ගුවන්තොටුපොළට ආවද? '' විමල් තවදුරටත් පැවසිය.

    එහිදී විමල් වීරවංශ අවධාරණය කර සිටියේ, මෙම සංචාරයෙන් රටට වාසියක් නැති බවත්, හිටපු අගමැතිවරයකු හමුවීම සදහා ජනාධිපතිවරයා ගොස් ඇති බවත්ය.

    විමල් විරවංශ එම වැඩසටහනේදී කල ප්‍රකාශය සහිත වීඩියෝවක් මතු පළවේ.

     

  • 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' 28වන දා ජනගත කෙරේ

    කසුන් පුස්සෙවෙල විසින් රචිත 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' කෘතිය එළිදැක්වීම සහ සාකච්ඡාවක් ජාත්‍යන්තර තොරතුරු ප්‍රවේශ දිනයට සමගාමීව සැප්තැම්බර් 28වන ඉරිදා, සවස 3.00ට, BMICH Cinema Lounge ශාලාවේ දී පැවැත්වේ.

    'පීඩකයාගේ නොව, පීඩිතයාගේ තැන හිටගන්න – ජීවමාන සාක්ෂිකරුවෙකු වන්න.' එදින ඔබගේ සහභාගීත්වය අපට ගෞරවයක් වනු ඇත.

    මෙම අවස්ථාවේ දී විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් (ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති) විසිනි.

    ලාල් වික්‍රමතුංග (ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා), නීතිඥ අචලා සෙනෙවිරත්න (නාවික කප්පම් නඩුවේ වින්දිත පාර්ශවය වෙනුවෙන්), ජෙනිෆර් වීරසිංහ (කප්පම් සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු ඩිලන්ගේ මව), මයුරි ද සිල්වා ( සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු හරිෂ් මධුෂ්කද සිල්වාගේ බිරිඳ) සහ ෆයාස් ලතීෆ් (ඝාතනය වූ වසීම් තජුඩීන්ගේ මාමා) විශේෂ අදහස් දැක්වීට නියමිත ය.

    සභාව මෙහෙය වීම සහ අදහස් දැක්වීම පීටර් ඩී අල්මේදා විසිනි.

    මෙම අවස්ථාව සඳහා සහභාගි වන්නැයි කර්තෘ කසුන් පුස්සෙවෙල ආරාධනා කරයි...!

     

    1c44be95 8cbe 4cf0 89e9 85083df05953

  • 'අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා' - නාමල් රාජපක්ෂ

    තම මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නොමැති බවත් එම කැබ් රථ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

  • 'අයවැය කියෙව්වෙ ජේ.ආර් ගෙ මුණුපුරා' - එස්.එම්. මරික්කාර්

    ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් පාර්ලිමේන්තුවේදී පැවසීය.

  • 'අරගලය ජාතික ව්‍යාපාරය' ආරක්ෂක ඇමති හමුවෙයි

    රටේ පවතින පොලිස් අපරාධ වෙනුවෙන් තම සංවිධානය විශේෂ තීරණ කිහිපයක් ගත් බව 'අරගලය ජාතික ව්‍යාපාරය'සංවිධානයේ ලේකම් කැළුම් අමරසිංහ පැවසී ය.

     



    ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (08) බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.


    සාධනීය ප්‍රතිචාරයක්



    එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කැළුම් අමරසිංහ කියා සිටියේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කළ නියෝජ්‍ය පොල්ස්පති ජයසිරි කොඩිතුවක්කු නිලධාරියාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හමු වී ලිපියක් භාරදුන් බවයි.

     එමෙන් ම තම ඉල්ලීම පිළිබඳව එම පාර්ශ්ව දෙක ම සාධනීය ප්‍රතිචාර දැක්වූ බව ද කැළුම් අමරසිංහ මෙහිදී සඳහන් කකළේ ය.


    හොරා ගේ අම්මා ගෙන් පේන ඇසීම


    මීට පෙරද අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් මගින් නියෝජ්‍ය පොල්ස්පති ජයසිරි කොඩිතුවක්කු නිලධාරියාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටිය ද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, මෙම නියෝජ්‍ය පොල්ස්පතිවරයා චෝදනාවලට ලක්ව තිබිය දී අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය ද ඔහු වෙත පවරා තිබීම හොරාගේ අම්මා ගෙන් පේන ඇසීමක් වැනි යැයි කැලුම් අමරසිංහ පෙන්වා දුන්නේ ය.

    ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරුණු කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමසීමට තමන්ට අයිතියක් ඇතැයි සඳහන් කළ කැලුම් වැඩි දුරටත් කියා සිටියේ, මේ චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ විමර්ශන අංශ දැනුවත්ව ඇති බවට තමන් විශ්වාස කරන බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීම පුදුමයට කරුණක් බවයි.
  • 'ආධුනික මුදල් අමාත්‍යාංශ ලේකම් අතින් සිදු වූ වරද නිවැරදි කරන්න මැදිහත් වන්න' -රෝහිණී කවිරත්න ඉල්ලයි

    වතු සමාගම්වල සේවය කරන කම්කරුවන්ට පමණක් රජයේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප්/දීමනා ලබාදීම සම්බන්ධයෙන් නිසි රාජ්‍ය මුල්‍ය හා පරිපාලන ක්‍රමවේදයක් සැකසීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තීණී රෝහිණී කවිරත්න විගණකාධිපති, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.

  • 'ඇනා' අසලින් ම අසුන ගත් 'එමා'

    මාර්ටින් වික්‍රමසිංහ ට ‘මහ ගත්කරු’ යන විරුද නාමය ලැබෙන්නේ ඔහු විසින් ලියන ලද ප්‍රබන්ධ සහ විචාර ග්‍රන්ථ ආදියෙන් සිදු වූ සාහිත්‍ය සේවාව වෙනුවෙනි.

  • 'ඒ ලස්සන තුවාල කැළල' දකින්න 24වන දා ජාතික ලේඛනාරක්ෂකයට එන්න

    ප්‍රින්ස් සේනාධීර විසින් රචිත 'ඒ ලස්සන තුවාල කැළල' කෙටිකතා සංග්‍රහය මෙම මස 24වන දින සවස 02.30ට ජාතක ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

  • 'කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් නැහැ' - ජනමාධ්‍ය ඇමති

    කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියි.

  • 'කෙහෙළි ප්‍රකාශන' පුනරාරම්භය

    කෙහෙළි ප්‍රකාශන ආයතනය ගොඩනැගුණේ බිංදුවේ සිට ය.

  • 'ගාසා බහු ජාතික බලකායට තුර්කි හමුදා බෑ' - ඊශ්‍රායලය කියයි  

    ගාසා තීරයේ ආරක්ෂාවට ඉදි කෙරෙන ජාත්‍යන්තර බලකායට එක්වීමට තුර්කි ආරක්ෂක හමුදාවන්ට අවසර නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

  • 'ගාසා ෆ්‍රීඩම්' සිවිල් යාත්‍රා මුළුවට ඊශ්‍රායල ප්‍රහාර

    ගාසා වාසීන්ට ආධාර රැගෙන මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ  සිය  'ගාසා ෆ්‍රීඩම්' (Gaza Freedom) සිවිල් යාත්‍රා මුළුවට අද (08)  ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කළ බව එහි සංවිධායකයෝ පැවසූහ. පලස්තීන ප්‍රදේශය කරා යාත්‍රා කරමින් තිබු එම  යාත්‍රා රැසකට ඊශ්‍රායල හමුදා බාධා කළ බවද ඔවුහු කියා සිටිති.

    එම යාත්‍රා මත නැගි ඊශ්‍රායල හමුදා, එහි සන්නිවේදන කටයුතු කඩාකප්පල්  කළ බව ද වාර්තා වේ.

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/8/2025


    Gaza aid flotilla says Israeli forces attack convoy, intercept several boats

  • 'ගුප්ත ගංගාව' කියවන්න 08වෙනිදා ගම්පහට එන්න

    ඔදියා සාහිත්‍යයේ විශිෂ්ටතම කෙටිකතා 30ක් රැගත් “ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා” කෘතිය කවිවර ප්‍රකාශනයක් ලෙස 2026 මාර්තු 8වන ඉරිදා පෙ. ව. 11ට ගම්පහ ආසියානු සාහිත්‍ය උලෙළේ දී පාඨක ඔබ අතට පත්කෙරේ.

  • 'ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඉතා ප්‍රබල වෙනසක් අපේක්ෂා කරනවා' - අගමැතිනිය

    දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කරන්නේ යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය පැවසුවා ය.

  • 'ජනපති ගන්නා උත්සහය හෑල්ලුවට ලක්කිරීම අනුමත කරන්න බැහැ' - සිදම්බරම් කරුණානිධි

    අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපති සිදම්බරම් කරුණානිධි



    වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1750ක වැටුපක් ලබාදීමට ජනපතිවරයා මහත් පරිශ්‍රමයක් දරන මොහොතක, ඊට උදව් නොකොට දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය අක්කරයක්, අක්කර දෙකක් තරම් ඉඩම් වතු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමින් ජනපතිවරයාගේ සුබදායි යහපත් වැඩසටහන අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිධි කියයි.

    අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ..

    ජනපතිවරයා වතු හාම්පුතුන් සමග සාකච්ඡා මාර්ගයෙන් වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප් වැඩිකිරීමට මහත් වෙහෙසක් ගන්නවා. එය අප අගය කළ යුතුයි. එහි ගෞරවය එතුමාට දිය යුතුයි. නමුත් දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය ජනපතිවරයාගේ උත්සහයට අකුල් හෙලමින් එය වැළැක්විමට කටයුතු කරනවාදැයි අපට සැකයි.

    ඔවුන් කිසි දිනක ළගා කර ගත නොහැකි යෝජනා ගෙන එමින් ජනපතිවරයාගේ උත්සහය හෑල්ලුවට ලක් කරනවා. එය අප පක්ෂය තරයේ හෙළා දකිනවා. වතු කම්කරුවන්ගේ නිවාස, පානීය ජල අවශ්‍යතා, වැසිකිළි කැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීමට වචනයකින් හරි උදව් කරනවා හැර එවැනි යෝජනා කඩා කප්පල් කිරීමට පියවර ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.



    (සටහන | ජේ.මුණසිංහ) 

  • 'ජාත්‍යන්තරයට ගැලපෙන තරුණයෙක් නිර්මාණය කිරීමට IT සහ ඉංග්‍රීසි වැදගත්' - තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති කියයි

    තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක



    තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ක්ෂේත්‍රයන් මෙරට තරුණ තරුණියන්ගේ පෞර්ෂ සංවර්ධනයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන තරුණයෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉවහල් වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක අවධාරණය කර සිටියි.

    ඔහු එබව කියා සිටියේ, ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් සමග ඊයේ (16)  පැවති හමුවකදීය.

    ජාතික යොවුන් සේනාංකයේ ප්‍රගතිය පිළිබඳව විමසම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණ.

    මෙහි දී ජාතික යොවුන් සේනාංකයේ මෙතෙක් සිදු කළ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වුනු අතර යොවුන් සේනාංකය සඳහා බඳවා ගත් නව උපදේශකවරුන් 26 දෙනෙක් සඳහා පත් වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරුණි.

    මෙම අවස්ථාව  ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රටේ වගකීම් භාරගැනීමට සිටින තරුණ පරපුරට හොඳ, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන වගකීම ජාතික යොවුන් සේනාංකය සතුව පවතිනව බවයි..

    තාරුණ්‍යයේ නායකත්වය, පෞර්ෂ සංවර්ධනය, විනය ගොඩනැගීම යොවුන් සේනාංකයේ මූලික කාර්‍යභාරය බවත්, වසර 4ක් තුළ දශක 4කට මේ රට භාරගන්න සිටින නවීන තරුණ තරුණියන් ගොඩනගන වගකීම ජාතික තරුණ සේවා සභාවට හා ජාතික යොවුන් සේනාංකය යන ආයතන දෙකටම පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


    තරුණයා වෙනස් කිරීමට පෙර අපිට වෙනස් වෙමු...


    එම ආයතන දෙක තුළම සාධනීය වෙනස්කම් කරමින් ඉදිරියට යෑමට සිදු වන බවත්, පළමුව රටේ තරුණයා වෙනස් කිරීමට පෙර අපිට වෙනස් වීමට සිදු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපති තරිඳු මුහන්දිරම්, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අංජන සම්පත් අමරසිංහ ඇතුළු නිලධාරීන් එක් වූහ.

  • 'ජාතිවාදයකට අත්තටු දෙන්නට කටයුතු කරන්න එපා' - විපක්ෂ නායක

    ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ සිදුවීමක් සහ පොලීසිය සහ ස්වාමීන් වහන්සේලා අතර උණුසම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමත් රටේම කතා බහට ලක්ව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න