#newstube

  • 2026 අයවැය: සංචාරක කර්මාන්තයේ දියුණුවට පස් වැදෑරුම් යෝජනාවලියක්

    *සංචාරක ඉපැයීම් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සැලකීම අගය කරනවා.

    *ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති සංචාරකයින් ආකර්ශනය කර ගැනීම වැදගත්.

    - ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර  අධ්‍යක්ෂ දර්ශන කබ්රාල් කියයි.

    ලබන වසර (2026) සඳහා වූ  අයවැයෙන් මහා බ්‍රිතාන්‍ය, ස්විඩනය, ජර්මනිය, පින්ලන්තය හා ස්කැනේඩියානු රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැද පෙරදිග රටවල, ඉන්දියාව ආදි ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති රටවල සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ පස් වැදෑරුම් යෝජනාවලියක් තමන් රජයට ඉදිරිපත් කර  ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්ත නියැලෙන්නෝ ප්‍රකාශ කළහ.

    ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරන තමන් පොදු එකඟතාවයක් යටතේ පස් වැදෑරුම් යෝජනාවලියක් මුදල් ඇමැති සහ ජනපති අනුර කුමාර දිසානායක  ප්‍රමුඛ රජය වෙත ඉදිරිපත් කොට ඇතැයිද එම පිරිස පෙන්වා දෙති.

     

    දැනට වසර 10ක් 15ක් පැරණි රථවාහන සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන් සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගනී. මෙම පැරණි වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට සහනදායී ණය යෝජනා ක්‍රමයක් හෝ තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට පහසුකමක් සැලසීමට තමන් යෝජනා කරන බව ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර  අධ්‍යක්ෂ දර්ශන කබ්රාල් ප්‍රකාශ කළේය.



    කොළඹ, කොල්ලුපිටියේ අද (04) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.


    * ඊට අමතරව ඉංග්‍රිසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි ඇතුලු ස්කැනේඩියානු රටවල භාෂාවන් පුහුණු වැඩසටහන් පවත්වා සංචාරක මාර්ගෝපදේශකයින් බිහි කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුය.

    * ඉතා ඉහළ මුදලක් වියදම් කරන විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා යාල, විල්පත්තු, සීගිරිය ඇතුලු ඓතිහාසික හා පෞරාණික මෙන්ම ස්වභාදහම නැරඹීමට යන පිරිස් වෙත ඩිජිටල්කරණය කළ ටිකට්පත් මිලදී ගැනීම් සහ අනෙකුත් සේවා නවීන ලෙස ඉටුකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කළ යුතුය.

    * ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථාන පිළිබඳව ලෝකය පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට රජය ක්‍රියා කළ යුතුය.

    * ශ්‍රී ලංකාවේ සංචාරක උරුමයන් පිළිබද අධ්‍යයනය කිරීමට සංචාරකයින්ට වැඩි ඉඩකඩක් ලබාදෙන ලෙස ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින්  පිහිටා තිබෙන සංචාරක ආකර්ශනිය ස්ථානවල  පහසුකම් වැඩිදියුණු කළ යුතුය.

    * සංචාරකයින්ගේ සිත් ඇදගන්නා ලෙස හස්ත කර්මාන්ත නිර්මාණ  දැක බලා ගැනීමට, ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමට පහසුකම් වැඩි කළ යුතුය.


    මෙම පස් වැදෑරුම් යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කොට මෙරටට විදේශ විනිමය ඉපයෙන ප්‍රධාන මාර්ගයක් ලෙස රජය සලකන සංචාරක කර්මාන්තය දියුණු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවද කබ්රාල් කීය.


    (ජේ.මුණසිංහ)

  • 2026 වර්ෂය යෝජිත අයවැය තුළින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට අගතියක් සිදු වෙලා - GMOA

    2026 වර්ෂයට යෝජිත අය වැය ප්‍රකාශ කිරීමත් සමග ම ශ්‍රී ලාංකීය  සෞඛ්‍ය සේවාව කබලෙන් ලිපට “තල්ලු” කිරීමට යන ආකාරයක් දක්නට තිබෙන බවත්, මෙම අයවැය යෝජනා තුළින් සෞඛ්‍ය සේවාව තුළ ඇති ප්‍රධානතම ගැටලු කිසිවක් ප්‍රමුඛතාවට අනුව හඳුනාගන්නට රජය අපොහොසත් වී ඇති බව දක්නට ලැබීමත් ඉතා කනගාටුදායක සිදු වීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

  • 2026 වසරේ සිදු කිරීමට නියමිත විගණන සංඛ්‍යාව 3,000 ඉක්මවයි

    එළැඹෙන 2026 වසරේදී විගණන 3,508ක් සිදු කිරීමට නියමිත බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

  • 2027 වසරේ සිට සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලා රාමුවක්

    2027 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

  • 21 ජනරැළියට එක්වන්නැයි දිලිත් ප්‍රමුඛ සර්වජන බලයට ආරාධනා

    "මහා ජන හඬ" නමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව 21 දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී වන්නැයි, අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට ආරාධනා කෙරින.

  • 21 නුගේගොඩ රැළියට සජබය සහභාගි වෙනවා - තුෂාර ඉඳුනිල්

    විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් 21දා රජයට විරුද්ධව පවත්වනු ලබන විරෝධතා රැළිය සඳහා සමගි ජනබලවේගයේ පාර්ශ්ව මෙන්ම සමගි ජනබලවේගයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගි වන බව සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පැවසීය.

  • 21 රැලිය : එජාප මහ ලේකම් තලතාගේ විශේෂ මාධ්‍ය හමුවක් අද (15)

    21 රැලිය සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වූ විශේෂ මාධ්‍ය හමුවක් එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළගේ ප්‍රධානත්වයෙන්  පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (15)දහවල් 12ට පැවැත්වේ.

  • 21 රැලිය කවුරුවත් රජ කරන්න කරන විරෝධතාවයක් නෙවෙයි -නාමල් රාජපක්ෂ

    අද රජය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවත්, මෙම කාල පරිච්ඡේදය  අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • 21 රැලියට එජාපය සම්බන්ධ වන්නේ ඇයි ? - හරින් ප්‍රනාන්දු කරුණු පැහැදිලි කරයි

    රට අර්බුදයට ගිය මොහොතේ රටෙහි නායකත්වය බාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතාවරයා හට රට පවත්වාගෙන යෑමට එදා සහයෝගය දුන්නේ අද මෙලෙස එකතු වී සිටින කණ්ඩායම යැයි එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු පැවසී ය.

  • 21 රැලියට ගෙන ගිය උදිත ලොකුබණ්ඩාරගේ පිස්තෝලය පොලිස් භාරයට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගත බව පොලීය පවසයි.

  • 360දී වත්කම් බැරකම් ගැන ප්‍රශ්න කළාම ඇමැති හඳුන්නෙත්ති උත්තර දෙන්න බෑම කියයි!

    • කළිඳු ප්‍රශ්න කරද්දී දිගින් දිගටම බාධා කරයි! අහන්න එපා කියයි!
    • බාධා මැද්දේ කළිඳු ප්‍රශ්නය ඇහුවාම ''ඒ ගැන සෑහීමකට පත්වෙන්න බැරි නම් පැමිණිල්ලක් දාලා පරීක්ෂණයක් ඉල්ලන්න'' කියයි
    • මේවා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ දකින දකින කෙනාට පාරෙදි හම්බුනාම අහන්න නෙවෙයි, වත්කම් ගැන අහන්න එපා මං උත්තර දෙන්නෑ- හදුන්නෙත්තිට මල පනී


    තමන් විසින් භාරදී ඇති තම වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න නොවිසුමන ලෙස දෙරණ 360 නාලිකාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මාධ්‍යවේදී කවිඳු කරුණාරත්නට ඊයේ දැනුම් දුන්නේය.

    එසේම අඳාළ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.

    එමෙන්ම ඔහු තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මාධ්‍යයට අවස්ථාව ලබාදිය නොහැකි බව ද ප්‍රකාශ කර සිටියේය.

    ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ තව වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ දකින කෙනාට පාරෙදි හම්බවුණාම හම්බ වූ අවස්ථාවල ප්‍රශ්න කිරීමට නොවන බවය.

    කෙසේ වෙතත් උණුසුම් සංවාදයකින් අනතුරුව මාධ්‍යවේදියා තම ප්‍රශ්නය ඇසීමේ අයිතිය ලබා ගත්තද එහිදී විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.

    '' අපි දෙන්නා මෙතන විභාගයක් කරන එක සාධාරණ නැහැ. මේක ක්‍රමය නෙවෙයි. මම ඕකට උත්තර දෙන්න බැඳිලා නැහැ. අල්ලස් හෝ දූෂණ කොමිෂම මේවා ප්‍රසිද්ධ කරල තියෙන්නෙ දකින දකින කෙනාට පාරදි හම්බුනාම අහල ප්‍රශ්න කරන්න නෙමෙයි. හරිද?. පරීක්ෂණ ක්‍රියාවලියක් ඇතුළෙ ඕන කෙනෙකුට පුළුවන් අදාල වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලිඛිතව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා පරීක්ෂණයක් ඉල්ලන්න"

    එහිදී විමසන ලද ප්‍රශ්ණ වෙනුවෙන් උත්තර දැක්වීද ඇමතිවරයා ප්‍රතික්‍ෂෙප කලේය.




    KALINDU 20250923


    HADUN 20250923

  • 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අවුල්සහගත පිටුව ගලවා ඉතිරිය බෙදීමේ යෝජනාවක්

    ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.

  • 79 වන සංවත්සරය සමරන එජාපය

    එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර උත්සවය බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී අද (20) පෙරවරු 9ට පැවැත්වේ.

    "ඔබේ මතය දරන්න'' - ''ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු" යන තේමාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබයි.

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර සියලු බලමුළු එකට එක්වන තෝතැන්නක් ලෙස මෙවර එජාප සංවත්සර සැමරුම හඳුන්වා දිය හැකි බවත් ජාති ආගම් කිසිදු භේදයක් නොසලකා සියලු දෙනා එක් කරන පක්ෂයක් ලෙස එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය අදත් සියලු පාර්ශව එක් කරන " මහ ගෙදරක්" බවට පත්වීම සුවිශේෂී කාරණයක් වන්නේ යැයිද රුවන් විජයවර්ධන කීය.

    පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ වලට ආරාධනා කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසීය.

    කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

    නමුත්, එම පක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම අවස්තාවට සහභාගී වීමට නියමිතය.

    මෙම සංවත්සර රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන් පිරිසක් සහභාගි වීමට නියමිත බවද වාර්තාවේ. 

     

  • AI සමඟ ආදරය සහ විවාහය: ලොව පළමු AI විවාහය ජපානයෙන්

    ඔකයාමා හි, වයස අවුරුදු 32 ක කාන්තාවක් වන කනෝ මහත්මිය, වසර තුනක විවාහ ගිවිස ගැනීමක වේදනාකාරී අවසානයෙන් පසු ChatGPT වෙත යොමු විය. උපදෙස් සහ ඇසුර අපේක්ෂා කළ ඇය, RSK Sanyo Broadcasting ට අනුව, චැට්බෝට්හි ස්ථාවර පැවැත්ම තුළ සැනසීම සොයා ගත්තාය.

  • BBC රූපවාහිනිය මාධ්‍ය නීති කඩලා..!

    බ්‍රිතාන්‍ය බී බී සී (BBC ) රූපවාහිනිය මගින් විකාශය කළ, ගාසා තීරයේ ළමුන් පිලිබඳ වැඩසටහනක්, විකාශ නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වේ. එම වැඩසටහනේ පෙනී සිටි 13 හැවිරිදි පිරිමි දරුවකු, හමාස් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා බව වැඩසටහන තුළ අනාවරණය නොකිරීම ප්‍රේක්ෂකයින් නොමග යැවීමක් බව, බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමන කාර්යාලය නිවේදනය කළේය.

    එය, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ   ප්‍රාමාණික වංචන ක්‍රියාවක් බව එම කාර්යාලය පවසයි.

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)




    UK regulator says BBC's Gaza documentary broke broadcasting rules

  • CFW, නොවැම්බර් එළිදැක්ම තුළින් Couture+Trousseau හඳුන්වාදෙයි

    මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්‍රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි.

  • City University of London සරසවියේ විශේෂ ආදි විද්‍යාර්ථීන් 100 දෙනෙකුගේ ලැයිස්තුවේ නාමල්ගේ නමත් !

    නාමල් රාජපක්ෂගේ නීති උපාධිය පිළිබඳ මාලිමා ආණ්ඩුවේ විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර EduRank නම් රටවල් 183ක විශ්වවිද්‍යාල 14,131ක විද්‍යාත්මක පත්‍රිකා 115,295,786ක දත්ත ගබඩාවක් ඇති ප්‍රමුඛ පෙළේ ශ්‍රේණිගතකිරීමේ ස්වාධීන ආයතනයක් විසින් එංගලන්තයේ City University of London නම් විශ්වවිද්‍යාලයේ විශේෂ ආදි විද්‍යාර්ථීන් 100 දෙනෙකුගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර ඇත.

  • DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

    DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබේ.

  • English Language First Term Modules Grade 6 කෘතියට Free Lawyers විරෝධය දක්වති

    ජාතික අධ්‍යාපන ආයතනය මගින් 2025 වසරේ ප්‍රකාශිත English Language First Term Modules Grade 6හි අඩංගු කරුණු සහ ක්‍රියාකාරකම් දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති, අපරාධ විධි විධාන සංග්‍රහය, අසභ්‍ය ප්‍රකාශන පනත සහ ජාතික ළමා ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය වන බව Free Lawyers  සංවිධානය සඳහන් කරයි කරයි. 

  • Fitch Ratings අනතුරු අඟවයි !

    ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'ෆිච් රේටින්ග්ස්' ශ්‍රී ලංකාව පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න