#newstube

  • ‘Rebuilding Sri Lanka’ අරමුදලට මලෛයිගම් ජනතාවගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

    දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ 10ක  මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

  • ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ පිළිබඳ කතාබහක්

    නදීකා බණ්ඩාර ගේ ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ නවකතාව පිළිබඳ කතාබහක් ‘මෙටොනිමි- ආශාවේ ඉකොනොමිය’ හෙවත් ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’  යන තේමාව යටතේ 2026 ජනවාරි 30 සිකුරාදා සවස 3.00 ට අංක. 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 

  • ‘ඕවන් කූපර්’ එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා ලෙස ඉතිහාසයට එක් වෙයි.

    එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට බ්‍රිතාන්‍ය ජාතික ඕවන් කූපර් සමත්ව තිබේ.

    ඒ අමෙරිකාවේ පවත්වන 77 වන එමි සම්මාන උළෙලේ දී ය.

    15 හැවිරිදි වියේ පසුවන ඔහුට මෙම සම්මානය ලැබුණේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්’ නාට්‍ය මාලාව සඳහා ය.

    එය Netflix හරහා විකාශනය විය.

    රූපවාහිනී කතා මාලා කාණ්ඩය යටතේ හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිර රචනය හිමි සම්මාන ද දිනා ගැනීමට ‘ඇඩොලසන්ස්’ නාට්‍ය මාලාව සමත් වුනා.

    ඇමරිකා එක්සත් ජනපදයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණ,වැඩසටහන් සහ නිර්මාණ ශිල්පීන් ඇගයීම උදෙසා එරට රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමිය(ATAS) විසින් එමී සම්මාන උළෙල වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන අතර මෙවර 77 වන වරට එමී සම්මාන උළෙල ඊයේ (15) රාත්‍රියේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පීකොක් රඟහලේදී පැවැත්විණි.

     

  • ‘කොළඹ අය-වැය දිනා ගත්තේ ඩීල් දමාගෙනයි’ - මුජිබර්

    මාලිමාව ඩීල් දමා කොළඹ මහ නගර සභාවේ අය වැය දිනාගෙන ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය.

  • ‘ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ’ - විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය ජනගත කිරීම

    විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ 'ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ' - විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය 2026 මාර්තු 03වනදා අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරෙයි.

  • ‘ට්‍රම්ප් කළ වැඩේ හොඳයි’ - රට ගිය විපක්ෂ නායිකාව යළි වෙනිසියුලාවට

    නොබෙල් සාම ත්‍යාගය තමාට ලැබුණු දා සිට තමා අමෙරිකානු ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා නොකළ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ පවසයි.

  • ‘දිට්වා’ හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේ ය.

  • ‘නර්මදාගේ ස්වයංවරය’ තුළ සැඟව ඇති සමාජ, ආර්ථික සහ දේශපාලනික පිළිබිඹුව

    ‘නර්මදාගේ ස්වයංවරය’ යනු ලේඛක කංචන දිසානායකගේ නවතම නවකතාව යි.

  • ‘පුවක්දණ්ඩා සනා’ චෝදනා එලෙසමයි.. පොලිසිය පැලවත්තේ වැඩේ කරන්න අරන්..- විමල් කියයි

    තමා පොලිසියට ලබා දුන් කට උත්තරය විකෘති කරමින් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් ප්‍රකාශ කර තිබේ.

    එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ පුවක් දණ්ඩාවේ සඳහා නැමැති පුද්ගලයා සමග ජනතා විමුක්ති පෙරමුණේ ඇති සම්බන්ධතාවය පිළිබඳ කරුණු දක්වමින් සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වගකීම තමන් තවදුරටත් දරන බවයි.

    පොලිසිය විසින් දේශපාලන උවමනාවන් මත කරුණු විකෘති කරමින් සිටින බවත් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් වැටුප් ලබන පිරිසක් සේ කටයුතු කරමින් සිටින බවත් ඔහු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කර ඇත.



  • ‘මා ඝාතනයට ඔන්න මෙන්න..’ - වැලිගම සභාපති කල්තියාම ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිතුමාට යවපු ලියුමක් එළියට එයි!

    *සභාපති වෙන්න දෙන්නෙ නෑ මරනවා කිව්වා!

    *උසාවියට හරි සභාවට හරි එද්දී මරනවා කියනවා!

  • ‘මේකප්’ ප්‍රතික්ෂේප කළ දෙනවක හාමිනේ

    දෙනවක හාමිනේ ගැන ලියන්නට ගොස් මම බොහෝ වෙලා කල්පනා කරමින් සිටියෙමි.

  • ‘රාජ්‍ය ආයතන ඇතුළේ වැඩකට නැති අංශ 5,000ක්’- අමාත්‍ය අනිල් ජයන්ත  

    අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ පවතින විවිධ අංශ 5,000කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන ආයතන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පැවසීය.

    ඒ අනුව, විද්වත් කමිටුවක් හරහා අදාළ නොවන ආයතන පිළිබඳව සොයා බලා ඉන් පසුව අදාළ නොවන ආයතන ඉවත් කිරීමට කටයුතු යොදන බව ද අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය අංශය ඵලදායීව සිදුකරගෙන යෑමට සහ ගෞරවාන්විත රාජ්‍ය සේවාවක් ලබා දීම රජයේ අරමුණ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

    විශේෂයෙන් ම, මානව අයිතිවාසිකම් පිළිබඳ වූ ආයතන, තිරසර සංවර්ධනය වෙනුවෙන් පිහිට වූ ආයතන ඇතුළු ඒ ඒ මොහොතට අවශ්‍යව පිහිට වූ විවිධ අංශ ඊට ඇතුළත් බව ද හෙතෙම පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ආයතන ජනතාවට විශාල බරක්ව පවතින බව ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් දැක් වූ අදහස් මෙසේ ය.

    “අපිට ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. දැන් අර්බුද රැසක් පවතිනවා. ඇතැම් ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා. කෙටි කලකින් මේ ගැටලු සියල්ල විසඳන්න බෑ. නමුත් අපි මේ අභියෝග මැඩගෙන ඉදිරියට යමින් ඉන්නවා. රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව දැන් කටයුතු කරනවා. එහිදී අපට දැනගන්නට ලැබුණා මෙරට විවිධ අංශ පන්දහසකට වැඩිය තියෙනවා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ. ඒවාට කාර්යභාරයක් නෑ. ඒවාට විවිධ නම් තියෙනවා. නමුත් මේ ආයතන ජනතාවට විශාල බරක්. අපි මේ තොරතුරු රැස් කරලා විශ්ලේෂණය කරමින් ඉන්නවා ව්‍යුහාත්මක වෙනස්කම් කර ඉදිරියට යන්න.”


    (Anuradha Herath - mawbima)

  • ‘වැඩ කරන මිනිහට සහතික අවශ්‍ය නෑ' - ඇමති ලාල්කාන්ත

    අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ  රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට  අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත  පැවසීය.

    අධ්‍යාපන සහතික නැතත් සාමාන්‍ය මනුස්සයෙකු අවුරුදු පන්සීයකින් කරන දේ තමා දැනටමත් අවසන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මෙසේ පැවසූවේ මහනුවර පැවැති වැඩසටහනකදීය.

    කේඩී ලාල්කාන්ත අමාත්‍යවරයා මෙසේද පැවසීය

    ''මට තියෙන සහතික ටික මම කියන්නම්. උප්පැන්න සහතිකය තියෙනවා. ජාතික හැඳුනුම්පත තියෙනවා. පාස්පෝට් එක තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒ
    රියදුරු බලපත්‍රය. එච්චරමයි. ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ. තව මම ගන්න බලාපොරොත්තු වෙන්නේ එක සහතිකයයි. හැබැයි ඒක මට හම්බවෙන්නේ නෑ.   ඒ මරණ සහතිකය.

    වැඩ කරන්න මගේ ජීවිතේට කවදාවත් අධ්‍යාපන  සහතික අවශ්‍ය වුණේ නැහැ. දැන් මම කෘෂිකර්ම පශු  සම්පත් ඉඩම් වාරිමාර්ග මහවැලි ඇමැති. ඌට තියෙන්නේ උප්පැන්නේ සහතිකයයි අර කියපු සහතික ටිකයි විතරමයි. වෙන මොකුත් නෑ. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු පන්සියයකින්  කරන දේ මම කරලා ඉවරයි . ඒකයි මම කිව්වේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.

    සමහරුන් උපාධි ලබනවා. සහතික ලබනවා. ඒවා  ගෙදර සාලයේ  ගහනවා .  ඒකට මගේ විරෝධයක් නැහැ. ඉගෙන ගන්න ඕන ප්‍රදර්ශනයට නොවෙයි. ලෝකෙට පෙන්වන්න නෙවෙයි.  රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නොවේ. රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනය.''

    (lankadeepa | සුජිත් හේවාජුලිගේ)

  • ‘සජබ-එජාප එකතු කිරීම අභියෝගයක්’- තිස්ස අත්තනායක

    සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් පක්ෂයක් බවට පත් කිරීම අභියෝගයක් බව සමගි ජන බලවේග ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සජබ කාර්යාලයේදී ඊයේ (ජන. 20) පැවසීය.

  • ‘සිංහල අධ්‍යයන’ හා ‘සිංහල සංස්කෘතික අධ්‍යයනවලින්’ කළ හැක්කේ කුමක් ද...?

    කොළඹ විශ්වවිදාලයයේ සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සූරීන් වෙත සම්මානිත මහාචාර්ය ධුරය පිරිනැමීම වෙනුවෙන් ''මහැදුරු අනඳ අබිමන්'' උවසර උලෙළ 2026 ජනවාරි මස 08 වන දා සවස 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත් වුණි.

  • ’ගල පුපුරවන්න බැරි අවදානමක් : මං තීරුවක් අද හෙටම විවෘත කරනවා’

    ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං  තීරුවක් අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය

  • "අපි ඇඩ් එක දැම්මේ හොඳ අරමුණක් ඇතුව" - වටවල

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය පිළිබඳ මහජන ප්‍රතිචාර සහ විවේචන මතුවීමෙන් පසු, එම චිත්‍රපටය සියලුම ඩිජිටල් වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත.

    වටවල තේ සමාගම නිකුත් කළ නිල ප්‍රකාශයක සඳහන් වූයේ, සමාගම ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම සහ එකමුතුකම ගරු කරන බවත්, පාරිභෝගිකයන්ගේ අදහස්වලට ගෞරව දක්වමින් මෙම පියවර ගත් බවත් ය.

    “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් ලෙස, වටවල තේ සැමවිටම ජනතාව එක්තැන් කිරීම විශ්වාස කරන අතර, අපගේ කතාන්දර තුළින් ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම හා ශක්තිය දිගු කලක් සමරා ඇත.

    අපගේ මෑත කෙටි චිත්‍රපටය වන ‘Him, Her and Them’ නිර්මාණය කළේ ද එම උදාර අරමුණ පෙරදැරිවය. එය පවුල් ජීවිතයේ එදිනෙදා හැඟීම් මෙන්ම, සෑම දරුවෙකුම තමන්ගේම ආකාරයෙන් ඉගෙන ගන්නා ශක්තිය හා සංවේදීතාව අතර සමබරතාවය පිළිබිඹු කිරීමට අදහස් කරන ලදී.
    කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අප කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් අර්ථකථනය වී ඇති බවත්, අපගේ වටිනා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු අතර එය අපහසුතාවයක් හෝ කනස්සල්ලක් ඇති කර ඇති බවත් අපි තේරුම් ගනිමු.

    ඒ ගැන අපගේ කණගාටුව පළ කරමු.

    සන්නාමයක් ලෙස, අපි ඔබ සැමගේ අදහස්වලට සවන් දෙන අතර, පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය පවුල් එක්සත් කරන පොදු වටිනාකම් කෙරෙහි ගරු කරමින්, මෙම චිත්‍රපටය අපගේ වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත්තෙමු.

    අපගේ පාරිභෝගිකයන්, සේවකයන් සහ සුභ පතන්නන් මෙන්ම, අපේක්ෂිත පණිවිඩයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ සහ අර්ථවත් ප්‍රතිචාර අප සමඟ බෙදා ගත් සියලු දෙනාට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු.

    අප තවදුරටත් ජනතාව එකට එක් කරන, අප බෙදා ගන්නා සෑම තේ කෝප්පයකම ඇති සුවපහසුව, කරුණාව සහ සම්බන්ධතාවය සමරන කතාන්දර ඉදිරිපත් කරන්නෙමු”

    මෙම කෙටි චිත්‍රපටය සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර, මෙම කෙටි චිත්‍රපටය පවුල් අගයන් හා සාරධර්මයන් සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ගෙන ආ බවත්, එය විවිධ අදහස් හා විවේචන මතුවීමට හේතු වූ බවත් වාර්තා වේ.

  • "අසූවේ පරපුරෙන් සන්නද්ධව" දෙවන මුද්‍රණයෙහි පිටපතක් චන්ද්‍රිකා වෙත...

    "අසූවේ පරපුරෙන් සන්නද්ධව" මා විසින් රචිත ග්‍රන්ථයේ දෙවන මුද්‍රණයේ පිටපතක්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට පසුගිය පෙබරවාරි 26 වෙනි දින පිළිගැන්වීමට මට අවස්ථාවක් ලැබිණි.

  • "අළු බදාදා උදාවෙයි; කිතුනු බැතිමතුන් ගේ හතළිස් දින ආධ්‍යාත්මික චාරිකාව 'චතාරික සමය' අදින් ඇරඹෙයි"

    ලොව පුරා විසිරී සිටින කිතුනු බැතිමතුන් මහත් බැතියෙන් සමරන පාස්කු මංගල්‍යය සඳහා සූදානම් වන "චතාරික සමය" (Lent Season) අදට යෙදී ඇති අළු බදාදා දිනයත් සමග නිල වශයෙන් ආරම්භ විය.

  • "ජනප්‍රිය වුනොත් මගේ - නොවුනොත් ඔබේ " ගීතයක අයිතිය සහ ඉරණම

    ගීතයක් යනු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. එහි මූලික පදනම සකස් වනුයේ ගී තනුව (මෙලඩිය), සංගීත සංයෝජනය, පද රචනය සහ ගායනය යන අංගවලිනි. මීට අමතරව ගීතය වෙනුවෙන් පිරිවැය දරන නිෂ්පාදකවරයා ද මෙහි ලා ප්‍රමුඛ වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න