ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

 ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අනිද්දා (18) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ  වන  බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන,මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවල  මෙලෙස  ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කළේය.

මේ හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිය කණගාටුව පල කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන  මණ්ඩලය පවසා සිටී.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න