ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් නෑ ලංකාව බහු ආගමික බහු වාර්ගික රටක් කියලා කියනවා. Nirmal Dewasiri කියනවා මේ දෙකම හරි කියලා.

මමත් ඒක අනුමත කරනවා. හේතුව 70% ක් සිංහල බෞද්ධ වෙද්දි 30% බෞද්ධ නොවන. සංඛ්‍යා ලේඛන කොහොම උණත් කතන්දරය ඇත්ත.
හැබැයි ඒක නොවෙයි අද ප්‍රශ්නෙ. ලංකාවෙ ඇත්තට ම මේ බුදු පිළිම මුල් කරගෙන කරන සෙල්ලම අපි ලේසියෙන් ලෙස්සලා යන්න දෙන්න හොඳ දෙයක් නොවෙයි කියන එක. බුදු පිළිම හදන්න එපා කියලා බුදු හාමුදුරුවෝ කීවා තමයි. ඒත් ගල් හෝ බොල්, මැටි හෝ කොන්ක්‍රීට් ඕනෑ ම බුදු පිළිමයක සහ බුදු පිළිමය තියෙන කුටියක තියෙන ‘මනස සන්සුන් කරන ශක්තිය’ ගැන කතා දෙකක් නෑ. මොකද ඒක ඒ තරමට අපේ හිත්වලට ඇතුළු වෙලා තියෙනවා. එහෙම වෙද්දි මේ බුදු පිළිමවලට පුළුවන් රටක් ගිනි තියන්නත් තව තව අවුළුවන්නත් කියන කතාවත් තවත් ඇත්තක්. මේ කතා කරන්නේ ඒ ගැන.
අද භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන අරමුණ
මෙතන තියෙන ප්‍රශ්නෙ පැහැදිලියි. ලංකාවේ භික්ෂු සංස්ථාව කියන බලවේගය කියන්නෙ සමාජ දේශපාලනයෙ ප්‍රධාන ධාරාවක්. අද භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන අරමුණ මාර්ග ඵල ලබා ගැනීම නොවෙයි. මිනිස්සුන්ගෙ ලෞකික ජීවිතයෙ දේවල් නියමාකාරයෙන් මෙහෙයවීම. ඒක ඒ තැනට පත් කරලා. පාංශු කූලෙට විතරක් නොවෙයි, දේශපාලනය, අන පනත් ආදී සෑම දෙයකටම ඒ අය මැදිහත් වෙනවා. සමස්ත භික්ෂු සංස්ථාව සමාජ සංවිධානයක් ගානට අද සමාජයේ සෑම කටයුත්තකටම මැදිහත් වෙලා ඉන්නවා. මේක තමයි පොළොවෙ යථාර්ථය, අපි කතා කරන්න ඕනෑ එතන ඉඳගෙන යි. ඒ අනුව ඉතාම සීමිත පිරිසක් ඇර, 99% ක් භික්ෂූන් වහන්සේලා පැහැදිලිව ම දේශපාලන පක්ෂ මතවල එල්බගෙන ඉන්නවා. ඡන්ද අයිතිය තියෙන නිසා ඒක වැරදියි කියන්න බෑනේ... ප්‍රජාතන්ත්‍රවාදය යටතෙ ඒක හරි.

රට ගිනි ගත්ත ද අන්තවාදීන්ට කම් නැත
මම මතු කරන ප්‍රශ්නෙ ඒක නොවෙයි. ඒ තමයි මේ ගලබොඩ අත්තෙ ඇතුලු ‘ජාතිවාදී භික්ෂුන්’ මේ මොහොතෙ රට ගිනි තියන කතා කියමින් ඉන්නවා. මේ අය මෙහෙය වන්නෙ ඇත්ත වශයෙන්ම සිංහල බෞද්ධ ජනතාව දඩමීමා කරගෙන ඒ මතින් බලයට එන්න ලෑස්ති වෙලා ඉන්න දේශපාලන ජුන්ටාව. ඒක එයාලා කරනවා; රට ගිනි ජාලාවක් වුනත් එයාලා ඒක කරනවා. ඒ අයගේ මෙහෙවර රට, ජාතිය, ආගම කියන බුදු දහමට විරෝධී සංකල්ප. එයාලා චතුරාර්ය ධර්මය, සමගිය, සංහිඳියාව වෙනුවට බණ දෙසන්නේ ජාතිවාදය සහ ආගම්වාදය, එකතු කිරීම, ඒකම තමයි දේශනා කරන්නෙ. 1% විතර මැදිහත් ඒවාගේ ම සංහිඳියාවක් ගැන ජාතික සමගිය ගැන උනන්දු හිමිවරු සිටිනවා. බොහෝ අය නිහඬයි. එක නමක් නෑ. ගල්කන්දේ හිමියන් විතරයි ප්‍රකාශයක් කළේ. අනෙක් අය නිහඬයි.
හැබැයි තව විශාල පිරිසක් ඉන්නවා. ඒ තමයි වාමාංශික අදහස් දරන රටේ සහ රටේ උන්නතියට සමාජ සංහිඳියාව වෙනුවෙන් කැප වුණු, ඒ වගේම පහුගිය මැතිවරණයේදී NPP එකට විශාල වශයෙන් උදව් දුන්න හික්ෂූන් වහන්සේලා. මේ දේශපාලන වෙනස් සඳහා විවිධ අවස්ථාවල ඒ වෙනුවෙන් පෙනීසිටි භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඉන්නවා. අරගලයට පවා සම්බන්ධ වුණා. විශේෂයෙන් ශිෂ්‍ය භික්ෂු සංවිධානවලට සම්බන්ධ විශාල පිරිසක් ඉන්නවා.

නීතිය, නීතියක් වෙන්නෙ ගිහියන්ට විතර ද...?
මේ පිළිම සෙල්ලම් ගැන උන් වහන්සේලාට ස්වාධීන අදහස් නැද්ද? මේ ආගම් දඩමීමා කර ගැනීම බුදු දහමට විරුද්ධයි කියන එක පැහැදිලි කරදීමට, යුක්තිය සාධාරණත්වය ගැන කතා කරන්න. ඇයි මේ අවස්ථාවේ නිහඬ? ඔබ වහන්සේලා අනුමත කරනවා ද මේ අධර්මිෂ්ඨ ක්‍රියා. මේ අසංස්කෘතික ක්‍රියා. නීතිය නීතියක් වෙන්නෙ ගිහියන්ට විතරද? NPP බලයට ගේන්න සහය දුන්න වගේම මේ ප්‍රතිවාදී භික්ෂූන් කරන නොමනා දේවල් වලට එරෙහිව පෙනී සිටින්න බැරි විශේෂ හේතුවක් නෑනෙ. මට පැහැදිලි නැත්තෙ ඇයි මේ නිහඬතාව කියල. ඇයි ඔබ වහන්සේලා සමාජ මාධ්‍යවල මේ හඬ ඉදිරියට ගන්නෙ නැත්තෙ. මැදිහත්කම කියන්නේත් නිහඬව ඉන්න එක නොවෙයි. අසාධාරණය ඉදිරියේ ඇත්ත මහජනතාවට පෙන්නලා දෙන එක. ඔබ වහන්සේ ලා ඉදිරියට ආවෙ නැත්නම් මේ හනුමලා රට ගිනි තියෙනවා.
රාජ්‍ය මාධ්‍ය සුව නින්දේ
මේ මොහොතේ ත්‍රිකුණාමලයේ පවත්වාගෙන යන නීතිවිරෝධී ව්‍යාපාරය දහමට එකඟ ද? මෙන්න මේ කරුණ පැහැදිලි කරලා කියන්න පුළුවන් දහම කියාදෙන භික්ෂූන් වහන්සේලාට ම තමයි. ඇත්තට ම මහා මැතිවරණයෙන් පස්සේ ඇයි මේ හැමෝම නිහඬ? ඉතා දැඩිව මේ අසාධාරණයන්ට විරුද්ධ වූ හැමෝම නිහඬයි. මැතිවරණයට සහාය දුන් බොහෝ මාධ්‍යකරුවන් දැන් මුදලට මඩ ගැසීමේ යෙදී ඉන්නවා. හිරු දෙරණ ඒ විදිහටම මඩ ව්‍යාපාරවල නිරත වෙලා. ඒ අතර රජයේ මාධ්‍ය සුව නින්දේ පසු වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගතතෙ නැත්නම් රට තියන බලවේග තව තවත් ශක්තිමත් වෙනවා.


(Sumana Wijeratne)
Writer
(උපුටා ගැනීම - Sumana Wijeratne ෆේස්බුක් පිටුවෙන්...)

