මැලේසියාවේ ජලගැලීම්; පළාත් හතක්  යට වේ; 11,000ක් අවතැන්

 මැලේසියාවේ ජලගැලීම්; පළාත් හතක්  යට වේ; 11,000ක් අවතැන්

මැලේසියාවේ පළාත් රැසක හටගත් ජල ගැල්මෙන් පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.

අධික වර්ෂාපතනයත්   සමග ජල ගැලීම් හටගෙන තිබේ. ඔක්තෝබර සිට මාර්තු දක්වා මෝසම් කාලය තුළ,  එරට පෙරදිග වෙරළ  තීරයේ හට ගන්නා ජල ගැල්මෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වෙති.

මෙවර, එරට පළාත් හතක, පවුල් 3,839ක, පුද්ගලයින් 11,009ක් ජල ගැල්ම හේතුවෙන් අවතැන්ව ඇතැයි, ජාතික විපත් කළමනාකරණ ඒජන්සිය පවසයි. එම පළාත් හත වන්නේ, කෙඩා (Kedah), කෙලන්ටෑන් (Kelantan), පෙනැඞ්  (Penang), පෙරැක් (Perak), පර්ලිස් (Perlis), ටෙරෙන්ගානු (Terengganu) සහ සෙලෙන්ගොර්  (Selangor) ය.

ජල ගැල්මෙන් දැඩිම හානිය සිදු ව ඇත්තේ තායිලන්ත දේශ සීමාවේ පිහිටි කෙලන්ටෑන් කලාපයටය. එහි පුද්ගලයින් 8,228ක් පීඩාවට පත්ව සිටිති.

ඔවුන් උදෙසා තාවකාලික කඳවුරු 60ක් විවෘතව පවතී.

ඊයේ (23) එරට වෙනත් ස්ථානයක හටගත් නාය යමකින් පුද්ලයින් 400කට අධික සංඛ්‍යාවක් අවතැන් වූහ.  පර්ලිස් පළාත්බද වැඞ් කෙලියැන් (Wang Kelian) ගම්මානයේ එම නාය යාම සිදු විය.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/24 /2025

Malaysian floods affect 11,000 people across seven states  


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න