#newstube

  • වැඩකරන කාන්තාවන්ගෙන් දිගාමඩුල්ලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන

    නැගෙනහිර පළාතේ කෘෂි කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පුළුල් කිරීමේ අරමුණු ඇතිව ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් විවෘත කෙරේ.

  • විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා සම්මාන ප්‍රදානෝත්සවය 2025

    ජාතික විද්‍යා පදනම සංවිධානය කරන 'ජගත් විදු දිනය සහ විද්‍යාව ප්‍රචලිත කිරීම' සඳහා සම්මාන ප්‍රදානෝත්සවය 2025 නොවැම්බර් 04 වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 12.30 දක්වා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන ගේ ප්‍රධානත්වයෙන්, "තිරසර සංවර්ධනය සඳහා සොබාදහමෙන් ආභාෂය ලැබූ තාක්ෂණය" යන තේමාව යටතේ කොළඹ දී පැවැත්විණි.

  • විපක්ෂ නායකවරයා, ආපදා නිසා හානියට පත් තුල්හිරිය ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු සොයා බලයි

    දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වයත් සමග මා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් තර්ජනවලට මුහුණ දුන් තුල්හිරිය ප්‍රදේශයේ ජනතාව ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේ ය.

  • වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙත සුවිශේෂී ආරාධනාවක්...!

    ඔබ වෘත්තීය ජනමාධ්‍යවේදියෙක් ද? ඔබ සේවය කරන ආයතනය ඔබගේ වැටුප් හෝ දීමනා නොගෙවා මග හරිනවා ද?

  • ශ්‍රද්ධාවේ මුදලින් සැප විඳිනවා ද? ප්‍රකට භික්ෂුවකට බරපතළ චෝදනා

     

    ජනතා ආධාර මුදල් අවභාවිත කළාද?

    ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ, සුප්‍රකට ධර්ම දේශකයකු වන ගලිගමුවේ ඥානදීප හිමියන්ට එරෙහිව බරපතළ දූෂණ සහ වංචා චෝදනා රැසක් මතුව තිබෙනවා.

  •  ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනාගනී

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
  • ශ්‍රෙයාස් එලොව ගිහින් මෙලොව එද්දී ප්‍රතීකාටත් ආබාධයක්

    ඉන්දීය එක්දින උපනායක ශ්‍රෙයාස් අයියර් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පන්දු රැකීමේදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කළ අතර ඔහු ඊයේ (27 වැනිදා) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරවලින් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

  • සත්තම් කෝල්..

    ආණ්ඩුවට හරි අප්සට් එකක් වුන කොළඹ මහනගර  සභාවේ අයවැය පරාජය පිළිබඳ අර්බුදයන් සමථයකට පත් කරගන්න ආණ්ඩුව දහම් ගැට ගණනාවක් ගහමින් ඉන්නවලු.

  • සතිමත් බවෙන් යුතුව ආහාර ගන්නේ කෙසේ ද...? – (වීඩියෝ)

    අනවශ්‍ය ආකාරයට සිනහසෙමින්, විහිළු තහළු කරමින් ආහාර ගැනීමෙන් වළකින්නැයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.

  • සමසමාජ පක්‍ෂයට අදට අවුරුදු 90යි | Uvindu Kurukulasuriya

    සමසමාජ පක්‍ෂයට අදට අවුරුදු 90යි. ආචාර්ය එන් එම් පෙරේරගෙ බෑන මහාචාර්ය තිස්ස විතාරණගෙ නායකත්වයෙන් දැන් නම් ඒ පක්‍ෂය තියෙන්නෙ යුනියන් ප්ලේස් එකේ තියෙන බිල්ඩිම නිසා හා තවත් දේපල නිසා උනාට 1935 සිට ලංකාවේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ රාශියක් ඇති කිරීමට මුල්වුන පක්‍ෂයක්.

  • සමස්ත ලංකා වයස් කාණ්ඩ බැට්මින්ටන් තරගාවලිය මෙවර දෙවැනි වරටත්

    කොළඹ විශ්වවිද්‍යාලයීය සුභසාධක සංගමය ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් අඛණ්ඩව දෙවන වසරටත් “චැලෙන්ජර් 2025” සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් ශූරතාවලිය සංවිධානය කරනු ඇත.

  • සම්මානලාභි කුමාරයාගේ වැඩ සහ කිඩ.. !!!

    මුන්නැහේ  ඉන්නේ සුප්‍රකට පවුලකට අයිති මාධ්‍ය ආයතනයක. එයා හරියට එතන ඉන්නෙ මං කොමසාරිස් වගේ ලු.

  • හිටපු අමාත්‍ය ජොන්ස්ටන් සොයා පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන අරඹයි

    සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

  • ''එදා බී ලූණු ආනයනය නරකයි. අද බී ලූණු ආනයනය හොඳයි'' - විපක්ෂ නායක

    76 වසරක සාපය කිය කියා බලයට පැමිණි මාලිමා රජයේ දෙබිඩි නිරුවත දැන් හෙළිදරව් වෙමින් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

    පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ 76 වසරක රාජ්‍ය පාලනය තුළ ගොවියාට ලබා දුන් සැලකිල්ලට වඩා වැඩි සේවාවක් ගොවියා වෙනුවෙන් ඉටු කරන්න බවත් එදා සමගි ජන බලවේගය සහ තමා විසින් පොහොර මිටිය රු.5000ට දෙනවායැයි පවසන විට වී වගාවට හෙට්ටයාරයට රු. 25000ක් ලැබුනොත් හොදයි යැයි සිතා මාලිමාවට ඡන්දය දුන්නත් අද වන විට සහන මිලට බීජ නොමැති වීම, පොහොර සහනාධාරය වෙලාවට නොමැති වීම, පොහොරවල මෙන්ම තෙල් පොහොරවලද ගුණාත්මකභාවය ගැන ගැටලු පැවතීම, උපකරණ මිල ඉහළ යාම, වන අලි මිනිස් ගැටුම ආදිය ඇතුළු ගැටලු රැසක් මත වගා කටයුතු කළත් අවසානයේ අස්වැන්න වෙළෙදපොළට දෙන විට නියමිත මිලක් නොමැතිව කුණු කොල්ලයට අස්වැන්න මිලදී ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂයේ සිටින විට කුඹුරට බැස ගොයම් කකා වීවල සහතික මිල රු. 150ක් බවට අනපනත් හරහා පත් කරනවා කිව්වත් අද වන විට තෙත් වී රු. 90ට බවත් සමහර වී ගබඩා විවෘත කරවත් නොමැති බවත් මේ රජය බොරු කර කර රවටා බලය ගත් පසු වෙනත් කතාවක් කියන බවත් එදා බී ලූණු ගොවියාට පවා සහතික මිලක් ලබා දීම රජයේ වගකීමක් යැයි පවසා අද බී ලූණු ආනයනය හොද යැයි අද පවසන බවත් ගොවියාත් ජනතාවත් මංමුලා කර රැවටීම නිසා අද වන විට ගොවි ජනතාව අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.


    ''අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන්ට අනුව නම් කෘෂිකර්මාන්තයෙන් රට දියුණු කරන්න බැහැ''


    අලි මිනිස් ගැටුම මෙන්ම රිලා මිනිස් ගැටුමක් ද රටේ පවතින බවත් අනෙකුත් වන සතුන් අතර ද ගැටුමක් පවතින බවත් පසුගිය දිනවල අනෙකුත් සතුන් ගැන සංගණනයක් කරනවා කියා රටේ ඉන්න සතුන් ප්‍රමාණය හෙළිදරව් කළ බවත් ජනතාව මේවාට විසදුම් අපේක්ෂාවෙන් සිටින බවත් නෙදර්ලන්තය වැනි රටවල් කෘෂිකාර්මික ක්ෂේත්‍රය හරහා පොහොසත් වී ඇති මොහොතක අප රටේ සමහර අයට අනුව කෘෂිකර්මාන්තයෙන් අප රට දියුණු කරන්න බැරි බවත් අගනුවර සිටින නව ලිබරල්වාදී පඹයන් එසේ කිව්වත් නෙදර්ලන්තය කෘෂි අපනයනවලින් ඩොලර් බිලියන ගණන් ආධාර ලබන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

    කෘෂිකර්මාන්තයට ද කෘතීම බුද්ධිය උපයෝගී කර ගත හැකි වුවත් මේ රජයට තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සුහුරු ගොවියා බිහි කරන්න නොහැකි බවත් සමගි ජන බලවේගයේ සංකල්පය වන්නේ සුහුරු ගොවියා බවත් අඩු වියදමින් වැඩි පළදාවක් ලබන ගුණාත්මකභාවයෙන් ඉහළ ප්‍රභේද නිර්මාණය කර දේශීය අවශ්‍යතාවට පමණක් නොව ලෝකයේ අවශ්‍යතාවලටද සැපයුමක් දිය හැකි අපනයන කෘෂිකර්මාන්තයක් බිහි කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.


  • ''කතරගම දේවාලයේ මුදල් හොරකම් කරන්න බැරි සිස්ටම් එක හැදුවා'' - හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර  

    තමන් ධූරය දැරූ කාලය තුළ නැවතත් කිසිවෙකුට කතරගම දේවාලයේ මුදල් වංචා කළ නොහැකි ලෙස ක්‍රමවේදය වෙනස් කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසයි.

    ඒ අනුව මේ වන විට දෛනිකව දේවාලයේ ආදායම දේවාලයේ වෙබ් අඩවියේ යාවත්කාලීන වන අතර එය ඕනෑම අයකුට දැක බලා ගත හැකි බව ඩිෂාන් ගුණසේකර පවසා සිටියේය.

    එම විනිවිදභාවය රටේ සෙසු ආයතනවලත් ස්ථාපිත කළ හැකි නම් එය ඉතා වටිනා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    තමන් භාරගන්නා විට දේවාලයේ ආදායම මිලියන 50 ක්ව පැවැති බවත්, මේ වසර වන විට එය අට ගුණයකින් වැඩි වී මිලියන 400ක් බවට පරිවර්තනය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ අනුව තමන් හට විශාල පින්කම් රැසක් පසුගිය කාලය පුරාවටම සිදු කර ගැනීමට හැකියාවක් සැලසුණු බව ඔහු වැඩිදුරටත් සිහිපත් කරසිටියේය.

    ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් ගුණසේකර ගේ ධූරයේ නිල කාලය සැප්තැම්බර් 23 දින අවසන් වූ අතර ඒ අනුව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් වැඩබලන බස්නායක නිළමේ ලෙස දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න පත් කර තිබේ. තිළිණ මධුසංක අබේරත්න ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපතම හිතවතකු ලෙස සැලකේ.

  • ''තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා'' - ජනාධිපති උපදේශක හාන්ස් විජයසූරියට බරපතල චෝදනාවක්

    *පාස්කු ප්‍රහාරයට බබා හුකුම් පාට් දාපු ජනාධිපතිතුමා තාජුඩීන් ඝාතනයටත් බබා හුකුම් පාට් දානවා!

    *B වාර්තාව වැරදි විදිහට ලියපු අයට මේ ආණ්ඩුව තනතුරු දීලා!

    *සිද්ධිය වුණු වෙලාවේ දුරකතන සංවාද වාර්තාව හංගපු අය මේ ආණ්ඩුවේ උපදේශකවරු වෙලා!

    *රාජපක්ෂලා එක්ක හිටපු විශාල පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා!



    තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා මේ ආණ්ඩුවේ සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

    හෙතෙම මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.






    තාජුදීන්ගේ ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට පොලිසිය අතර කෙරුණු දුරකථන සංවාද හතළිහකට අදාල වාර්තාව දුරකතන සමාගමක   ප්‍රධානීන් හැංගූ බව කී මුජිබර් මන්ත්‍රීවරයා, එදා පාලකයන්ට හිතවත්ව සිටි ඒ දුරකථන සමාගම් ලොක්කන් දැන් ජනාධිපතිවරයාට සමීපව සිටින බව ද ප්‍රකාශ කළේය.




    පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව විශ්වාසභංග යෝජනාවක්වත් ගේන්නවත් මේ ආණ්ඩුව ඉඩ නොදෙන බව රහුමාන් කියා සිටියේය.


    ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

    '' රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය ආණ්ඩුව අලුත් තැනකට ගෙනැවිත් තිබෙනවා. වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.



     ඒ වගේම වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් බී වාර්තාව වැරදි ආකාරයට ලියපු පිරිස් ආණ්ඩුවේ සිටිනවා. වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදුවුණ දිනයේ අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට පොලිසිය අතර සිදුවුණ දුරකථන සංවාද 40 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ වාර්තා අදාල දුරකතන සමාගමේ ප්‍රධානින් සඟවා තිබෙනවා.

    එම දුරකථන සමාගම වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සිදුවන විට පාලනයේ සිටි පාලකයන්ගේ හිතවත් පිරිසක්. ඔවුන් අද අනුර දිසානායක ජනාධිපතිවරයාගේ උපදේශකවරු ලෙස පත්වී සිටිනවා.


    6023 rugby player wasim thajudeen was murdered update1425301870වසීම් තාජුඩීන්
    කෙසේ නමුත් මේ ආකාරයට වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සෙවීම් ප්‍රශ්නයක්.

    ඒ වගේම රාජපක්ෂවරුගේ පාලන කාලය තුළ සිටි විශාල පිරිසක් වර්තමාන ආණ්ඩුව තුළ සිටිනවා. ඔවුන්ගේ බලපෑම්වලට ආණ්ඩුව යටත්ව සිටිනවාදැයි ද සැකයක් මතුවෙනවා.''








    තාජුඩීන් ඝාතනයේ අඳුරු සෙවණැලිවලට පිළිතුරු දිය යුතුයි


    ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක තනතුරට පත් කිරීමට කටයුතු කරද්දී ඊට එරෙහිව විපක්ශය විරෝධතා ප්‍රකාශ කලත්, එහිදී ආණ්ඩුවේ බලධාරීන් ඔහුගේ වෘත්තීමය පලපුරුද්ද සහ දක්ෂතා ඉහලින්ම අවධාරණය කළේය. මේවනවිට ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විස්වාසවන්තම සගයකුව සිටියි.  

     

    Haans Wijesooriya

     




    2024 දෙසැම්බර් 4 වන දින පාර්ලිමේන්තුව අමතමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජනාධිපතිවරයා ඉටු කරන බවට පොරොන්දු වූ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටම බාධා කළ බවට චෝදනා ලබන පුද්ගලයෙකු ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින්, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශ්වසනීයත්වය දැඩි ලෙස ප්‍රශ්න කළේය.

     



    ඝාතනය සහ යට ගැසූ සත්‍යය


    2012 මැයි 17 වන දින අලුයම 1:00 ට පමණ, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ 28 හැවිරිදි රගර් නායක වසීම් තාජුඩීන්, කොළඹ නාරාහේන්පිට, පාක් පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල ගිනිගෙන දැවෙන මෝටර් රථයක තිබී මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

    පොලිසිය ක්ෂණිකව මෙය රිය අනතුරක් ලෙස වර්ගීකරණය කළේය . බීමතින් රිය පැදවීම නිසා ඇති වූ අනතුරකින් මෝටර් රථය ගිනිගෙන ඇති බව ඔවුන්ගේ නිගමනය විය.

    එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරද මෙම කතාව තහවුරු කළේය.

     

    images



     


    එහෙත්, 2015 දී ඔහුගේ සිරුර ගොඩ ගැනීමත් සමඟ මෙම නිල කතාව බිඳ වැටෙන්නට විය. රිය අනතුරකින් සිදු නොවන, පහරදීමකින් සිදු වූ බරපතල තුවාල පිළිබඳ සාක්ෂි එහිදී හෙළි විය. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට 2019 ජුනි මාසයේදී, දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ සාක්ෂි වසන් කිරීම සහ ගෙතීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරමින්, මෙම ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දුන් පළමු විත්තිකරු බවට පත් විය. ආචාර්ය ආනන්ද සමරසේකරට ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි විකෘති කිරීමේ චෝදනාව එල්ල විය.

     

     

     

    ඉහත කී දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත.

     

    6669 wasim thajudeen body parts missing447883658



    අතුරුදන් වූ දුරකථන වාර්තා


    පරීක්ෂණවල ප්‍රගතිය රඳා පැවතියේ ප්‍රධාන සැකකරුවන්ගේ දුරකථන වාර්තා ලබා ගැනීම මතය. පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන්ගේ ප්‍රකාශයට අනුව, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී අනුර සේනානායක සහ තවත් අය විසින් ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳ දත්ත ලබා දීම ඩයලොග් සමාගම ප්‍රතික්ෂේප කිරීම නිසා යහපාලන ආණ්ඩුව සමයේ සිදු කළ පරීක්ෂණ ඇනහිටියේය.



    එවකට ආචාර්ය හාන්ස් විජයසූරියගේ නායකත්වය යටතේ පැවති ඩයලොග් ආසියාටා සමාගම මෙම මතභේදයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ඩයලොග් ආසියාටා සමාගම අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරමින් කියා සිටියේ, තාක්ෂණික සහ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් දුරකථන වාර්තා ලබා දීමට නොහැකි බවත්, සාමාන්‍යයෙන් තම සමාගම දුරකථන ඇමතුම් වාර්තා තබා ගන්නේ මාස තුනක කාලයක් පමණක් බවත්ය.


    පාර්ලිමේන්තු සංවාදයේ ගැටුම




    දෙසැම්බර් 4 වන දින පාර්ලිමේන්තුව අමතමින් මුජිබර් රහුමාන් කියා සිටියේ, විජයසූරිය මහතා ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ දිවංගත ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර වැනි අයට අදාළ වැදගත් දුරකථන වාර්තා ලබා නොදෙමින් ඝාතන පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂි යටපත් කිරීමට සම්බන්ධ වූ බවයි.

     




    එහිදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ ආරක්ෂාකාරී පිළිතුරකි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස පැහැදිලි කළේ, මෙම ප්‍රමාදය තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බවත්, "අවශ්‍ය සියලු තොරතුරු දැන් ලැබී ඇති අතර, පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට යනු ඇති" බවත්ය.

     

    55 large
    රහුමාන් මෙම පැහැදිලි කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කළේය. ඔහු පාර්ලිමේන්තුවට මතක් කර දුන්නේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වූ මංගල සමරවීර සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට අදාළ සමාගමේ නිලධාරීන් කැඳවා, තොරතුරු නිකුත් කිරීමට එකඟ නොවන්නේ නම් සමාගමේ බලපත්‍රය අවලංගු කරන බවට තර්ජනය කිරීමට සිදු වූ බවයි.


    ආචාර්ය විජයසූරිය මේවාට පිලිතුරුදිය යුතුයි !


    ආචාර්ය විජයසූරිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස දරන තනතුර, ඔහුගේ නිහඬතාවය තවදුරටත් පිළිගත නොහැකි තත්ත්වයට පත්කර ඇත. පහත සඳහන් ප්‍රශ්න සඳහා වහාම පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ:

    * ප්‍රමාදය තාක්ෂණිකද, නැතහොත් සිතාමතා කළ දෙයක්ද?

    "තාක්ෂණික දුෂ්කරතා" පිළිබඳ ඩයලොග් සමාගමේ ප්‍රකාශය, වාර්තා නිකුත් කිරීමට පෙර රජය විසින් බලපත්‍ර අවලංගු කිරීමේ තර්ජනය කිරීමේ ලේඛනගත සිදුවීම සමඟ පරස්පර වේ. තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමට සාමාන්‍යයෙන් ආණ්ඩුවේ අවසන් නිවේදන අවශ්‍ය නොවේ.


    * යටපත් කිරීමේ නියෝගය දුන්නේ කවුද? රාජපක්ෂ පාලන සමයේ බලවත් දේශපාලන චරිතවල පීඩනය යටතේ ආචාර්ය විජයසූරිය  ක්‍රියා කළේ නම් , විරුද්ධ මත ම්ලේච්ඡ ලෙස මර්දනය කළ ආණ්ඩුවක් යටතේ, එවැනි නියෝග ලබා දුන් අයව ඔහු හඳුනාගත යුතුය. ඝාතන පරීක්ෂණයකට බාධා කිරීමට උත්සාහ කළ නිලධාරීන් කවුදැයි දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත.


    * සමාගමේ වගකීම කුමක්ද? සාක්ෂි වසන් කිරීමට ඩයලොග් සමාගම ගත් තීරණය, සමාගමේ ප්‍රතිපත්තියක්ද, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ තනි තීරණයක්ද, නැතහොත් බාහිර දේශපාලන පීඩනයක්ද? වගවීම සඳහා මෙම වෙනස ඉතා වැදගත් වේ.





    ආචාර්ය විජයසූරිය  සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙයිද? ඔහුගේ පෙර අධිකරණ දිවුරුම් ප්‍රකාශ මගින් ලේඛනගත වාර්තාවක් නිර්මාණය කර ඇත. එම ප්‍රකාශවලට පටහැනි ඕනෑම නව සාක්ෂියක්, බොරු සාක්ෂි දීමේ චෝදනාවලට ඔහුව නිරාවරණය කළ හැකිය. එසේ වුවද, යුක්තිය ඉටු කිරීමට නම්, සාක්ෂි යටපත් කිරීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් පිළිගන්නා සම්පූර්ණ සහ සත්‍යවාදී වාර්තාවක් අවශ්‍ය වේ.

     




    මෙය හුදෙක් එක් පත්වීමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ...


    ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ව්‍යාපාරය ගොඩනැගුවේ වගවීම සහ නීතියේ ආධිපත්‍යය යන පදනම මතය. සිය සමාරම්භක දේශනයේදී, ඔහු තාජුඩීන් සිද්ධිය ඇතුළුව, විසඳිය යුතු මතභේදාත්මක ඝාතන සිද්ධි පහක් විශේෂයෙන් ඉස්මතු කළේය. මෙම පරීක්ෂණවලින් එකකට බාධා කළ බවට චෝදනා ලැබූ උපදේශකයෙකු පත් කිරීම, එම පොරොන්දුව අඩපණ කරයි.

     

    Anura Kumara Dissanayake At The Public Rally Of Kaluthara 1024x736

    මෙය හුදෙක් එක් පත්වීමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය නව පරිපාලනයේ කැපවීම් හරයාත්මකද නැතහොත් වාචාලද යන්න පිළිබඳ පරීක්ෂණයකි. විශ්වසනීය සැකයන්ට ලක්වූවන් බලගතු තනතුරුවල තබා ගනිමින්, යුක්තිය පිළිබඳ සදාචාරාත්මක අධිකාරියකට ආණ්ඩුවකට හිමිකම් කිව හැකිද?

    වසීම් තාජුඩීන්ගේ පවුල වසර දොළහකට වැඩි කාලයක් ප්‍රමාදයන්, විනාශ වූ සාක්ෂි සහ අඩාල වූ පරීක්ෂණ විඳ දරාගෙන ඇත. ප්‍රධාන සැකකරුවන් නඩු විභාගයට පෙර මිය ගොස් ඇත. සාක්ෂිකරුවන් පීඩනය යටතේ සාක්ෂි වෙනස් කර ඇත.

    හිටපු JMO ආනන්ද සමරසේකරට, ඝාතනයේ වැදගත් සාක්ෂි ඉවත් කර සැඟවීමේ චෝදනාව එල්ල විය. හිටපු ජ්‍යෙෂ්ඨ DIG අනුර සේනානායක, එවකට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අනුමැතිය ඇතිව මෙම සිද්ධිය රිය අනතුරක් ලෙස වසා දැමූ බවට පරීක්ෂකයන් ප්‍රකාශ කිරීමත් සමඟ, මෙම සිද්ධිය යට ගැසීමට සම්බන්ධ බවට චෝදනා ලැබීය.

    දැන් ඔවුන්ට අසන්නට ලැබෙන්නේ, එම තීරණාත්මක මුල් වසරවලදී යටපත් කරන ලද තොරතුරු හුදෙක් "තාක්ෂණික දෝෂයක්" බවයි.



    ආචාර්ය විජයසූරියට විකල්ප තුනක් තිබේ...


    1- එක්කෝ නිහඬව සිට, සැකය ඔහුගේ කීර්ති නාමයට සහ ජනාධිපති පරිපාලනයට ස්ථිරවම කැළලක් වීමට ඉඩ හැරීම;

    2- දෙවනුව, කිසිවෙකු තෘප්තිමත් නොවන තවත් අසම්පූර්ණ ආයතනික පැහැදිලි කිරීමක් ලබා දීම;

    3- තෙවනුව, සිදු වූ දේ, නියෝග ලබා දුන්නේ කවුරුන්ද සහ ප්‍රමාදයට ඔහුගේම භූමිකාව කුමක්ද යන්න පිළිබඳ සම්පූර්ණ, සත්‍යවාදී වාර්තාවක් සමඟ ඉදිරියට ඒම.



    පළමු විකල්ප දෙක යුක්තියට හෝ ඔහුගේම යහපතට සේවය නොකරයි. තුන්වන විකල්පය, ඔහු මුහුණ දුන් පීඩනය පිළිගනිමින්, යටපත් කිරීමට නියෝග කළ අය හඳුනා ගනිමින් සහ ඔහුගේ භූමිකාව පිළිබඳ වගකීම භාර ගනිමින් කරන සම්පූර්ණ පාපොච්චාරණයක්, මහජන යහපතට සේවය කරන එකම මාර්ගයයි.

    ජනාධිපති දිසානායකද සිය උපදේශකයාගේ නිහඬතාවය පිළිගත හැකිද යන්න තීරණය කළ යුතුය. විනිවිදභාවය පොරොන්දු වූ ආණ්ඩුවකට, යුක්තියට බාධා කළ බවට චෝදනා ලැබූවන් වගවීමෙන් ආරක්ෂා කිරීමට හැකියාවක් නැත.






     

    වසීම් තාජුඩීන් ඝාතනය කරනු ලැබුවේ 2012 මැයි 17 වන දිනයි. දැන් 2025 ඔක්තෝබර් මාසයයි. ඔහුගේ ඝාතකයන් තවමත් නිදැල්ලේය. ඔහුගේ පවුලට තවමත් යුක්තිය ඉටු වී නැත. එම යුක්තිය ප්‍රමාද කිරීමට උදව් කළ බවට චෝදනා ලැබූ එක් අයෙක්, මෙම නඩුව විසඳන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස අද කටයුතු කරයි.

     

     

     

    Waseem Thajudeen 1200px 25 09 30 1000x600

     

    තාක්ෂණික පැහැදිලි කිරීම් සහ ආයතනික මගහැරීම් දැන්වත් අවසන් විය යුතුය. ආචාර්ය හාන්ස් විජයසූරිය, සාක්ෂි වසන් කිරීමේදී ඩයලොග් සමාගමේ භූමිකාව, ඔහු මුහුණ දුන් පීඩනය සහ එම යටපත් කිරීමට නියෝග දුන් පුද්ගලයින් පිළිබඳ සම්පූර්ණ සත්‍යය සමඟ ඉදිරියට පැමිණිය යුතුය.

    ප්‍රමාද වූ යුක්තිය, පැහැර හැරි යුක්තියකි. එහෙත්, යටපත් කළ යුක්තිය, ඝාතනයට හවුල් වීමකි.

  • ''නින්නාද" අන්තර් පාඨශාලීය මාධ්‍ය දින තරගාවලියේ ශූරතාව මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට

    කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජන මාධ්‍ය කවය මගින් 20 වන වරටත් සංවිධානය කරන ලද ''නින්නාද" අන්තර් පාඨශාලීය මාධ්‍ය දින තරගාවලියේ සමස්ත තරගාවලියෙහි ශූරතාව මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සමත් විය.

  • ''බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2025'' නිර්මාණ භාර ගැනීම දීර්ඝ කරයි

    ''බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2025'' සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය සඳහා නිර්මාණ බාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කර ඇත.

  • ''බාලේ පටන් කාලය ගෙවුණා මෙලෙසේ'' නම් රස ගුලාව

    මහාචාර්ය ඒ.වී. සුරවීරගේ ස්වයං ලිඛිත චරිතාපදානය මෑතක දී මා කියවූ රසවත් ම පොතයි. තව පිටු කිහිපයක් ඉතිරිව තිබියදීත් මේ සටහන ලියන්නෙ එහි රසය අප්‍රමාණ නිසා.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටවූ පසු මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි සුරවීර එම පරිසරය ගැන, ශාස්ත්‍රීය කටයුතු ගැන, නේවාසිකාගාර ගැන ලියා තිබෙන දේ හරි ම අපූරුයි.

    සරච්චන්ද්‍ර, හෙට්ටිආරච්චි, ධීරසේකර, පරණවිතාන වැනි දැවැන්තයන් ගැන සමීප අත්දැකීම් ඔහු කතාන්දරයක් සේ විස්තර කරනව.

    ඇමරිකාවේ අයෝවා සරසවියේ සාහිත්‍ය නිර්මාණ පාඨමාලාව හදාරන්නට තමා, බිරිඳ සහ දරුවන් සමග එහි ගිය ආකාරයත්, ඉන් පසු ලැබුණු අවසරයෙන් එක්සත් ජනපදයේ බොහෝ විශ්වවිද්‍යාලවල ඇවිද සොයාගත් දැනුමින් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අද පවත්නා "ලේඛකත්ව සහ සන්නිවේදන පාඨමාලාවට" මූලාරම්භය ගත් සැටිත් මහාචාර්ය සුරවීර ලියා ඇති සැටි අපූරුයි.

    මෙය කියවූ පසු නූතනයේ තරුණ ලේඛක - ලේඛිකාවන් අරබයා නිර්මාණාත්මක ලේඛනය ගැන වැඩමුළුවක් පවත්වන බව උපුල් සාන්ත සන්නස්ගල ලියූ සටහන සිහි වුණා. එය සැබැවින් ම අත්‍යවශ්‍ය සහ හොඳ කටයුත්තක්; කළ යුත්තක්.

    මහාචාර්ය සුචරිත ගම්ලත් ජීවත්ව සිටියදී, තවත් බොහෝ අයගේ උපකාර ඇතිව ඇරඹූ "බෘහස්පති භාෂා, සාහිත්‍ය කලා සරසවිය" විශ්වවිද්‍යාලයවලටත් එහා ගිය දැවැන්ත පියවරක්. අවාසනාවකට ගම්ලතුන්ගේ මරණයෙන් එයට වැදුණේ මරු පහරක්. ඉන් ද නොනැවතී මහින්ද සෙනරත් ගමගේ, හරිශ් වල්පොළ ඇතුළු පිරිස් එය රැකගන්නට ගත් උත්සහාය ගෞරවපූර්වකව සඳහන් නොකළොත් එය මෙහිලා කරන අඩුවක් වෙනවා.

    කැලණි සරසවියේ සිංහල අධ්‍යයනාංශයට අනුබද්ධව පවතින සාහිත්‍ය විචාර පාඨමාලාව තව දියුණු කළහොත් වටිනා පාඨමාලාවක් වේවි. ඒක මගෙ සිතුවිල්ලක්. ඔවුන් එය වඩා සංවිධානාත්මකව සහා ගුණාත්මකව එළියට විවෘත කරනව නම් මේ මොහොතේ අතිශය වැදගත් යමක් වේවි.

    සුරවීරයන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී කළ කී දෑ, අත්දැකීම් ද මේ ස්වයං ලිඛිත චරිතාපදානයට එක් කර තිබෙනව. මා ඉතා ආදරය කරන මහාචාර්ය සුනිල් සෙනෙවිටත් දවසක මෙවනි චරිතාපදානයක් ලිවිය හැකියි නේද කියා සිතුණා. ඔහු අද දරන්නේ ඒ.වී. සුරවීර දැරුවාටත් වඩා බරපතල දේශපාලන තනතුරක්...!

    චරිතාපදාන කියවීම හැම සාහිත්‍ය ශානරයකට ම වඩා රසවත් කියවීමක්. මා මෙතෙක් කියවා ඇති රසවත් ම චරිතාපදානය චාලි චැප්ලින්ගේ "මගේ දිවිසැරිය" යි. එය චූලානන්ද සමරනායක සිංහලට පරිවර්තනය කර තිබෙනවා. එම්.ඩී. මහින්දපාල පරිවර්තනය කළ මාලන් බ්‍රැන්ඩෝගේ චරිතාපදානයත් ඊට දෙවැනි නැහැ. "අම්මා මට කියා දුන් ගී" එහි පරිවර්තිත නාමයයි. මේව අමා මහ රස ගෙනෙන පොත්...!

    සුරවීරයන්ගේ පොත ද එවැනි ම රස ගුලාවක්...!

     
    උපුටා ගැනීම KD Darshana Face bok පිටු

  • ''මේක බරපතල දුෂණයක්'' - ජනපතිට සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගම්මන්පිල අල්ලස් කොමිසමට යයි

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

    ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය.

    අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන මාසික දීමනාව තමන්ට අවැසි ආකාරයට වියදම් කළ නොහැකි බවය.

    ඒ අනුව මාසිකව කෝටි 3කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා විසින් ලබා ගනිමින් එය පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවත් ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනය කරන ලෙස ඉල්ලා තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළ බවත් ඔහු පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල,


    "මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ."


    මතු පළ වන්නේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය යි.

    pivithurun 20250929


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න