#newstube

  • 'ඩෙන්මාර්ක ආරක්ෂාව තර්ජනයේ' - බුද්ධි වාර්තාවක් කියයි

    ඩෙන්මාර්කයේ ඉදිරි ආරක්ෂාව  මීට පෙර නොවූ පමණේ දැඩි බාහිර තර්ජනයන්ට ලක්ව ඇති  බව, එරට හමුදා බුද්ධි ඒජන්සිය  පවසයි.

  • 'දිට්වා' පරිත්‍යාග ගොඩේ කල් ඉකුත් වූ බෙහෙත් !

    කාලගුණ ආපදාවෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් පැනපු බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ තිබී සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

  • 'දිට්වා' රටෙන් පහෙන් එකක් යටකර ඇතැයි UNDP නවතම වාර්තාව කියයි

    දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල කරමින් ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් සිදුවු හානිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.

  • 'දේශපාලන ඇරියස් කවර් කරගන්න දරුවාගෙන් පළි ගන්න එපා'- ඇමති සමන්ත සීඅයිඩී යයි!

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ කුඩා දරුවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් බවත්, දරුවා ගැන තොරතුරු පොලිසියට ලබා නොදෙන ලෙස ඇමතිවරයා පාසලේ විදුහල්පතිවරයාට බලපෑම් කරන බවත් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී  ප්‍රකාශයක් කිරීමත් ඔහු විසින්ම මෙහෙයවන සමාජ මාධ්‍ය ජාලා හරහා එම ප්‍රවෘත්තිය ප්‍රචාරය කර කිසිම පදනමක් නැති අසත්‍ය පුවත් මවා දරුවෙකුගේ අනාගතය ව්‍යසනයට ලක්කිරීමටත් එරෙහිව  අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

    ඔහු පැවසුවේ කිසිම පදනමක් නැති මේ සාහසික අපරාධය සිදුකර තමන්ගෙන් පළිගැනීම වෙනුවට තම දරුවන්ගෙන් ද පළිගන්නා තරමට විපක්ෂයේ දූෂිතයින් කලබල වී ඇති බවය.

    ඔහු ප්‍රකාශ කළේ මේ පිළිබදව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.



    මේ සිදුවීම් පෙළ ඉඟි කරමින් අගමැතිනී ආචාර්ය හරිනී අමරසූරිය පාර්ලිමේන්තුවේ දී ඊයේ විපක්ෂයෙන් ඉල්ලා සිටියේ දේශපාලනයේ දී විවේචන සහ දේශපාලන ප්‍රහාර එල්ල කිරීම වැඩිහිටි අප අතරට පමණක් සීමා කරගන්නා ලෙසත් දරුවන්ගේ අනාගතය ව්‍යසනයට ලක් කරමින් ඔවුන් විනාශ කිරීමේ ම්ලේච්ඡත්වයට නොපැමිණෙන ලෙසත්ය.




    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට සිය පැමිණිල්ල යොමු කර පැමිණි අමාත්‍යවරයා මාධ්‍ය අමතා මෙසේ කරුණු පැහැදිලි කළේය.

    “ඊයේ දවස සිට පාර්ලිමේන්තු වරප්‍රසාද සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් අමුලික අසත්‍ය බොරු ජනගත කරමින් ඉන්නවා. ඒකත් එක්ක   දරුවාට සිදුවන පීඩාව සහ මානසික බිඳවැටීම්, අනෙක් පැත්තෙන් දේශපාලන ව්‍යාපාරයකට සහ රජයකට සිදුකරන අපහසුතාවයන් පිළිබඳ පැමිණිලි කරන්න තමයි අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ.”

    “මේ රටේ කුඩු තුරන් කරමින්, පාතාලය මඩිමින් නීතිය හරියට ක්‍රියාත්ම කරමින් සිදුකරන වෙනස තුළ වියරුවට වැටී සිටින දේශපාලන පක්ෂ මේ වනවිට ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ දේශපාලන පක්ෂවලට පමණක් නොවන බවත්  දේශපාලකයින්ගේ අහිංසක දරුවන්ට පවා ප්‍රහාර එල්ලවන බවත් ඇමතිවරයා කීවේය.

    “ඉතාම කණගාටුයි කියන්න. අපි පාතාලයට කුඩුවලට අපරාධ වලට එරෙහි විවේචන කළා. ඒ විවේචන කරනකොට සාමාන්‍යයෙන් දරුවො ඉලක්ක කරගත්තෙ නෑ. අද දූෂිත දේශපාලනයක් කරන පාලකයින් විසින්  ද කුඩා දරුවන් පවා විවේචනයට ලක් කරමින් ඔවුන් මානසිකව බිඳ වට්ටමින් ඔවුන්ගෙනුත් පලි ගන්නවා. ඊට පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කර මවන පුවත් එයාලගේ ගෝල බාලයින් විසින් විකෘති කරමින් සමාජ මාධ්‍ය හරහා පල කරනවා. “

    “මම මේ කතා කරන්න ආවේ මගේ දරුව ගැන විතරක් නෙමෙයි. ජාතික ජන බලවේගය බලයට ආවේ දරුවන්ට රටක් හදන්න. එසේ තිබිය දී ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ ඇතිවුන සිද්ධියක් පාදක කරගෙන ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන් අපේ දරුවා ඉලක්ක කරමින් අසත්‍ය ප්‍රකාශන ගණනාවක් සිදුකරනු ලැබුවා.”

    “මගේ දරුවා බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ ඉගෙන ගනු ලබන්නේ. විශේෂයෙන්ම කීර්තිමත් පාසලක්. අපේ දරුවා අඩුම තරමින් ඕලෙවල් විභාගයවත් ලියලා නැති දරුවෙක්. ඒ දරුවා අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා ප්‍රචාරය කරනවා. තවත් විවිධ චෝදනා කරමින් ඔවුන් සමාජ මධ්‍ය තුළ අසත්‍ය ප්‍රවෘත්තියක් ගොඩනගනු ලබනවා.”




    “අප දකිනවා මේවා දේශපාලන උවමනාවට නිර්මාණය කරන දේවල්. අප හිතනවා වඩාම හොඳයි මේ ගැන විදුහල්පති තුමාගෙන් අහන එක. එහෙම සිද්ධියක් වුනාද කියන එක. පොලිසියට දන්වන්න එපා කියලා බලපෑම් කරමින් ඉන්නවා කියලා සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති මවමින් තිබුණා. ඒ සම්බන්ධයෙන් තොරතුරු සහිතව, කවුද ඒ ප්‍රවෘත්ති පල කළේ… කවුද ඒවා සමාජ මධ්‍යයට මුදා හැරියෙ කියන කාරණා ගැන   සොයා බලන්න කියලා අද අපි පැමිණිල්ලක්   යොමු කළා. දැන් ඔවුන්ට පුලුවන් ඇවිත් කියන්න මේ තොරතුරුවල සත්‍යාසත්‍ය තාවය ගැන. “

     




    “අසත්‍යතාවය ඔවුන්ට පැහැදිලි කරන්න පුලුවන්. නීතියට මුහුණ දෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් මේ ගැන දූෂිත දේශපාලකයින්ට කියන්න…  දේශපාලන දේශපාලන ගනුදෙනු අපට බේරගන්න පුලුවන්. නමුත් මේ රටේ දරුවන්ගේ අනාගතය එදත් ඔයාල   විනාශ කළා. අදත්  විනාශ කරමින් තියනවා. ඒක අපට පැහැදිලිව පේනවා. කුඩුවලට අමතරව මාධ්‍ය ඇතුළෙත් මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා දෙමව්පියෙක් හැටියට මම මතක් කරන්න කැමතියි.”

    ඇමතිවරයා මෙහිදී  කීවේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා දේශපාලනය හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කිරීම නොකළ යුතු බවය. මේ වනවිට වියරු වැටුන පිරිස් පවුල් ජීවිත විනාශ කරමින්, අනියම් සම්බන්ධතා ගැන කතා මවමින්, මූල්‍ය චෝදනා ගැන ප්‍රකාශ කරමින් මේ නව රජය කළු රජයක් බවට වූ චිත්‍රයක් සමාජය තුළ අඳින්නට උත්සාහ කරන බව සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා පැවසුවේය. ප්‍රවේසම් විය යුත්තේ දැන් කුඩු පැකට් එකක් දරුවාගේ පාසල් බෑගයට දමා ඔහුව අත් අඩංගුවට ගැනීමට සලස්වන තත්ත්වයට මේ වියරුව පත් වී ඇති බැවින් යැයි කී ඇමතිවරයා ජාතික ජන බලවේගයට හිතවත්ව කටයුතු කරන සියලුම සහෝදරවරුන්ට කල්පනාවෙන් වැඩ කරන ලෙස ද අවවාද කළේය.

    සිදුවන පරිවර්තනයත් සමග පාර්ලිමේන්තුවේ සමහර උන් සිටින්නේත් වියරුවෙන් බව කී ඇමතිවරයා තමන් කළ පැමිණිල්ල සම්බන්ධව සාධාරණ විමර්ශනයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව කීවේය.

    තමන්ගේ දරුවාට  චෝදනා කරන හිටපු මහ ඇමති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා රාශියක් මත විමර්ශන සිදුවෙමින් ඇතැයි ද නිතිය ක්‍රියාත්මකවන විට අත්වන අවසන් ප්‍රතිඵලය මොනතරම් බිහිසුණුදැයි දන්නා බැවින් මේ පුද්ගලයාගේ වියරුව තේරුම් ගත හැකි යැයි ද ඇමතිවරයා පැවසුවේය.




    මොනතරම් දූෂිත අපරාධකරුවෙක් සමග දේශපාලනිකව ගනුදෙනු කිරීමේ දී කිසිම අවස්ථාවක ඔවුන්ගේ දරුවන්ගෙන් ඇරියස් පිරිමසා ගැනීමට තමන් කටයුතු නොකළ බවත්  දෙමව්පියන්ගේ අපරාධවලට දරුවන් වගකිව යුතු නැති බවත් ඇමතිවරයා කීවේය.





     

  • 'නරක' සහ 'වඩා නරක' අතරින් එකක් තෝරාගැනීම - එඩිතර සර්වජනයා

    දිලිත් නැගී සිටියේ ය. ඒ සමඟම සර්වජන බලය ද නැගී සිටියේය. ඔවුන් එසේ නැගී සිටියේ හෙට දවසේ වාසිය දෙස බලා හෝ තමන්ට පහසු මොහොතක නොවේ. වඩාත්ම තීරණාත්මක මොහොතේ දී ය;

  • 'පන්තියට බලය-බලයට පක්ෂය' - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික සමුළුව 2026 මාර්තු 1

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික සමුළුව, 'පන්තියට බලය-බලයට පක්ෂය' යන තේමාවෙන්, 2026 මාර්තු 1වන දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

  • 'පන්නන්න තරම් අවුලක් මේ ආණ්ඩුවේ නෑ' - රන්ජන් රාමනායක

    වත්මන් පාලනය කෙරෙහි තමාගේ විශ්වාසය සියයට සියයක්ම පවතින බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක පවසයි.

  • 'පැන්ෂන්' නැති වූ මන්ත්‍රීලා ආණ්ඩුවට පොල් ගහන්න යති

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව, වත්මන් ආණ්ඩුව පලවා හරින ලෙස ඉල්ලා පොල් ගසා දේව කන්නලව් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ පැවසීය.

  • 'පියැසි කවුළුව' ගැන කතා කරන්න 29 ගම්පහ ආසියානු නිවහනට එන්න

    සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සුභාශිනී චතුරිකා විසින් පරිවර්තිත 'පියැසි කවුළුව' කෘතිය පිළිබඳ සහෘද කතාබහට යි.නොවැම්බර් 29වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

  • 'පුරප්පට්ටුව' තුළ මට කුමාරි හමු වූ තැන - (සුජිවා නිරංජනී රත්නායක)

    මා මනෝහාරී හේවාවසම් ගේ පුරප්පට්ටුවේ පළමු අර්ධයට කැමති නැත. එහෙත් මම කියවමි. මා නවකතාවේ මුල් කොටස කියවන්නේ නොරිස්සුම් සහගත හැඟීමෙනි.

  • 'පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන අයට පොලිස් වාර්තාව අනිවාර්යයි'- නාමල්

    ඉදිරි මැතිවරණවලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදිවලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

    ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නාම යෝජනා ලබා දීම, ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව සඳහන් කළේ ය.

    ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ඒ බොහොමයක් නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.

    මැතිවරණයට දින තීන්දු වූ පසු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බවත් කෙසේ නමුත් අප ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බව ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ය

  • 'මගේ සිරුර පිරිමියෙකුට හිමිවුණාට, මගේ ආත්මය කාටවත් අයිති වුණේ නෑ...' - ඉන්දියාව ම හෙල්ලූ කමලා දාස්ගේ කතාව

    ඇය දෙස පිටතින් බලන කෙනකුට පෙනුණේ සාම්ප්‍රදායික ඉන්දියානු බිරිඳක්. අත් දිගට ඇඳපු සාරිය, නළලට වැටුණු පොල්තෙල් ගෑවුණු කොණ්ඩය, කරේ තිබුණු රත්තරන් මාලය... ඒත් ඒ සාරි පොට අස්සේ සැඟවිලා තිබුණේ ගිනි කන්දක්.

  • 'මට හැටයි., කතා හැටයි' කෘතිය දොරට වැඩුම 22 දා බලංගොඩ දී

    රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංශ විසින් රචිත "මට හැටයි...  කතා හැටයි..." කෘතිය  දොරට වැඩුම 2025.11.22 දින සවස 2.30 ට බලංගොඩ සේනක සෙන් සමාගමේ ශ්‍රවණාගාරයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  • 'මනුරාව' නීති සඟරාවේ හත්වන සංස්කරණය ජනගත කෙරේ...

    සමාජයේ යහපැවැත්ම සඳහා සෑම ආයතනයක ම නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ක්‍රම සොයා ගත යුතු යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පැවසී ය.

  • 'මඳ සිනහ නගන විල් දිය' නොවැ 08 ගම්පහ ආසියානු නිවහනේ දී...

    සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ රුවන්මලී කොඩිකාරගේ 'මඳ සිනා නගන විල්දිය' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහට ය.

  • 'මා විනිශ්චය කරන්නේ විපක්ෂය නොවේ - පක්‍ෂය පවුල හා සමාජයයි '- ඇමති බිමල්

    තමා කිසිදු අවස්ථාවක විපක්ෂයෙන් සහතික ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.

    දැනට පවතින විපක්ෂය තුළ, 2029 වසරේදී තම පාර්ශ්වයට අභියෝගයක් විය හැකි වැඩපිළිවෙලක් හෝ දැක්මක් සහිත පක්ෂයක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.


    පොදු එකඟතාවක තීන්දුවක්


    බිමල් රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අමාත්‍යාංශවල යම් කුඩා වෙනස්කම් ප්‍රමාණයක් කර ගැනීමටත්, ඒ වගේම දක්ෂ අලුත් කණ්ඩායමකට නියෝජ්‍ය අමාත්‍ය තනතුරු සහ කැබිනට් අමාත්‍ය තනතුරක් ලබා දීමටත් තීරණය කරන ලද්දේ මාස ගණනක් තිස්සේ කරන ලද සංවාදයක ප්‍රතිඵලයක් ලෙස බවයි.

    එය පොදු එකඟතාවක තීන්දුවක් බව ද  සඳහන් කළේය.

    මෙම නව අමාත්‍යාංශ වගකීම් භාරගැනීම තුළ තමාට වැඩි වගකීමක් ලැබී ඇති බවත්, එය විශාල එකක් බවත්, ඒ ගැන සැකයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

    තවද, ඔහු පෙර වරාය සහ නාවික සේවා අංශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, වරාය සහ නාවික සේවා අංශය උපාය මාර්ගිකව ඉතා වැදගත් වුවද, එය එක් ස්ථානයකට සීමා වී ඇති බැවින් ජනතාව දිනපතාම සම්බන්ධ වන ප්‍රමාණය අඩු බවයි.

    කෙසේ වෙතත්, නාගරික සංවර්ධනය සහ ඊට අදාළ ක්ෂේත්‍රය ඊට වඩා වැදගත් සහ ප්‍රධාන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    තමාව විනිශ්චය කරනු ලබන්නේ විපක්ෂය නොව, තම පක්ෂය, තම පවුල සහ සමාජය බව ද අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය

     

     

     

     

  • 'මාරියා' නම් නිම නොවන නාමය

    තමන්ගේ ශරීරය ඇතුළෙ හංගලා යුදෙව් ජාතිකයින් රැකගන්න නාසි හමුදාවේ තිරස්චීන ගින්න එක්ක සටන් කරලා මුළු ජීවිතය ම ජය ගත්ත අවුරුදු 17ක කෙල්ලක ගෙ කතාවක් වූ මාරියා කියවන ඕනෑම ගැහැනියකට ඒ වේදනාවට සමාන වේදනාවක් අත්විඳින්න පුළුවන් වෙනවා කියන එක නම් පැහැදිලියි.

  • 'මාලිමා මන්ත්‍රීගේ' පියා ඉඩම් හා මුදල් වංචාවක ! - බී වාර්තාත් එලියට..!!

    ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පියා විසින් සිදු කරන ලදැයි කියන බරපතල මුදල් හා ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ  විසින් හෙළිදරව්වක් කර තිබේ.

    මෙම චෝදනාවට ලක්ව ඇති පුද්ගලයා පිළිබඳව බලංගොඩ පොලිසියේ පැමිණිල්ලක් දැනටමත් ගොනු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන බී වාර්තා ඇතුළු ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු පිටපත් ද තමන් සතුව ඇතැයි වරුණ රාජපක්ෂ  ප්‍රකාශ කරයි.


    කව්ද මේ සරත් හේමචන්ද්‍ර ?


    චෝදනා එල්ල වී ඇති පුද්ගලයා, මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පියා වන අතර, ඔහුගේ නම සරත් හේමන්ද්‍ර වන බවත්, ඔහු 1950 වසරේ උපත ලබා ඇති බවත් සඳහන් වේ.

    ඔහු රාජ්‍ය විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. එම කාලය තුළ ඔහු විදුලිබල ව්‍යාපෘති (Hydro Projects) පිළිබඳ දත්ත සහ වඩාත් යෝග්‍ය ස්ථාන පිළිබඳ තොරතුරු එකතු කරගෙන ඇති අතර, විශ්‍රාම යන විට ඔහු වාර්තාවක් ද සකසාගෙන ඇත.

    විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මෙම පුද්ගලයා කුඩා ජල විදුලි ව්‍යාපෘති (Mini Hydro Projects) ආරම්භ කර තිබේ. ව්‍යාපෘති සඳහා මුදල් හිඟ වූ විට ඔහු හවුල්කරුවන් සම්බන්ධ කරගෙන සමාගම් පිහිටුවා ඇත. වැඩ නිමවීමෙන් පසු සමාගමේ ඉතිරි කොටස් අනිත් පුද්ගලයාට අයිතිය පැවරීමෙන් විශාල මුදලක් ලබා ගැනීම ඔහුගේ ව්‍යාපාරික ක්‍රමය වී ඇත.

    රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් මෙම ව්‍යාපෘති සඳහා මුදල් මදි වූ විට, ඔහු විවිධ පුද්ගලයන්ගෙන් ණයට මුදල් ලබාගෙන ඇත. මෙම මුදල් ණයට ගැනීමේ කටයුතු සඳහා චන්ද්‍රරත්න නම් පුද්ගලයෙකුගේ සහාය ද ලබාගෙන ඇත. මුදල් ලබා ගැනීමට ඔහු බොහෝ දෙනාට චෙක්පත් ද නිකුත් කර තිබේ.

    මුදල් එකතු කරගත් මෙම පුද්ගලයා එකවරම අතුරුදන් වී තිබේ. ඔහු අතුරුදන් වීමෙන් පසුව, මුදල් ලබා දුන් අය විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.


    ණයකරුවෝ නිවස වටලද්දී පියා උඩු මහලේ සැගවිලා....

    ණයකරුවන් මෙම පුද්ගලයා සොයාගෙන එන විට, ඔහු තමන් පදිංචිව සිටි හෝ තමන්ට අයත්ව තිබූ කොට්ටාව ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් විකුණා දමා ඇත. නමුත් ඔහු නිවස විකුණුවද, එම ගෙදරින් ඉවත් වී නැත. ඔහු නිවස විකුණා, එහි උඩුමහලක පදිංචි වී සිටී.

    ණයකරුවන් ඔහු සොයාගෙන පැමිණි විට, ඔහු පවසා ඇත්තේ මේ වෙලාවේ සල්ලි නැති බවත්, යථා කාලයේදී මුදල් ගෙවන බවත් ය.

    ඔප්පු දෙකක් ලිවීමේ බරපතල වංචාව ණයකරුවන් විසින් පොලීසියේ පැමිණිලි ගොනු කර තිබූ අවස්ථාවක, නීති ක්‍රියාමාර්ග ගැනීම වළක්වා ගැනීම සඳහා මෙම පුද්ගලයා ඔප්පුවක් ඇපයක් ලෙස ලියා දීමට ඉදිරිපත් වී ඇත.


    එකම ඉඩමකට ඔප්පු දෙකක්...

    මෙම බරපතල වංචාව වන්නේ, ඔහු දැනටමත් විකුණා ඇති හෝ පදිංචිව සිටින ඉඩමේ ඔප්පුව, තවත් පුද්ගලයෙකුට ඇපයක් ලෙස ලියා දීමයි. සාමාන්‍යයෙන්, එකම ඉඩමකට ඔප්පු දෙකක් ලිවීම යනු රටේ නීතියට අනුව වංචාවක් වන අතර එය කූට ලේඛන සැකසීම නම් බරපතල නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබයි.

    මෙම පුද්ගලයාගේ දරුවා වන මාලිමාවේ මන්ත්‍රීවරයා, නීතිය හොඳින් දන්නා නීති විශාරදෙයෙකු බවත්, ආණ්ඩුවේ බොහෝ නීති සකස් කිරීමට දායක වන බවත් මෙම හෙළිදරව්වේදී සඳහන් කෙරේ.

    මෙහිදී යෝජනා කරන්නේ, සමාජය යහපත් කිරීමට සහ හොරු අල්ලන්නට යන මන්ත්‍රීවරයාට, අනුන්ගේ හොරකම් අල්ලන්නට පෙර ගෙදර හොරකම අල්ලා සාධාරණය ඉටු කිරීමට අවස්ථාවක් තිබෙන බවයි.

    මන්ත්‍රීවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ වැඩි වත්කම් ප්‍රමාණයක් සඳහන් වී නොතිබුණද, ඔහුට තම පියාගේ වරදක් සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී, අසාධාරණයට පත් වූ පාර්ශ්ව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දීමට හෝ නොමිලේ නීති සහය ලබා දීමට හැකි බව පෙන්වා දෙයි.

    මන්ත්‍රීවරයාට තම පියාගේ ක්‍රියාවෙන් කිසියම් ප්‍රතිලාභයක් ලැබුණාද නැද්ද යන්න හෝ තමා නිවැරදිද වැරදිද යන්න ප්‍රකාශ කිරීමේ වගකීමක් පවතින බව ද මෙහිදී අවධාරණය කර ඇත.






  • 'මිනරල් සෑන්ඩ්ස්' සභාපති ඉවත් කරලා !

    මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සභාපති වශයෙන් කටයුතු කළ ගයාන් වෙල්ලාල පසුගිය මාසයේදී එම තනතුරෙන් ඉවත් කිරීම  නිසා ඇතිවූ පුරප්පාඩුවට මෙතෙක් පුද්ගලයෙක් පත්කර නැති අතර එම තනතුරේ වැඩ බැලීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු පත්කර ඇතැයි වාර්තාවේ.

  • 'මිසිස් ඉන්ඩියා ප්‍රයිඩ් ඔෆ් ද නේෂන්' කොළඹදී

    කලාපීය සංස්කෘතික සබඳතා සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා සන්ධිස්ථානයක් ලෙස, විවාහක කාන්තාවන් සමරන ඉන්දියාවේ වඩාත්ම ගෞරවනීය වේදිකාවක් වන මිසිස් ඉන්ඩියා ප්‍රයිඩ් ඔෆ් ද නේෂන්, කොළඹදී එහි ප්‍රථම ජාත්‍යන්තර අවසන් මහා තරඟය පැවැත්වීමට සූදානම් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න