අනූෂා සිවලිංගම් විසින් පරිවර්තිත, ලාංකීය දෙමළ කවි කිවිඳියන් විසින් රචිත ''දුර දසුනක හිරු ගිනිගෙන'' නමැති කාව්‍ය සංග්‍රහය පෙබරවාරි 26 සවස 04.00ට බෙරැල්ලේ පිහිටි නීතිහ හා සමාජ භාරය ආයතනයේ (LST) දී ජනගත කෙරේ.
හර්ෂ ප්‍රභාත් කීරවැල්ල ගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය ''නන්දේ'' ජනගත කිරීම පෙබරවාරි 14වන දා සවස 03.45ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජන මාධ්‍ය කවය මගින් 20 වන වරටත් සංවිධානය කරන ලද ''නින්නාද" අන්තර් පාඨශාලීය මාධ්‍ය දින තරගාවලියේ සමස්ත තරගාවලියෙහි ශූරතාව මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සමත් විය.
''බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2025'' සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය සඳහා නිර්මාණ බාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කර ඇත.
මහාචාර්ය ඒ.වී. සුරවීරගේ ස්වයං ලිඛිත චරිතාපදානය මෑතක දී මා කියවූ රසවත් ම පොතයි. තව පිටු කිහිපයක් ඉතිරිව තිබියදීත් මේ සටහන ලියන්නෙ එහි රසය අප්‍රමාණ නිසා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටවූ පසු මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි සුරවීර එම පරිසරය ගැන, ශාස්ත්‍රීය කටයුතු ගැන, නේවාසිකාගාර ගැන ලියා තිබෙන දේ හරි ම අපූරුයි.
සරච්චන්ද්‍ර, හෙට්ටිආරච්චි, ධීරසේකර, පරණවිතාන වැනි දැවැන්තයන් ගැන සමීප අත්දැකීම් ඔහු කතාන්දරයක් සේ විස්තර කරනව.
ඇමරිකාවේ අයෝවා සරසවියේ සාහිත්‍ය නිර්මාණ පාඨමාලාව හදාරන්නට තමා, බිරිඳ සහ දරුවන් සමග එහි ගිය ආකාරයත්, ඉන් පසු ලැබුණු අවසරයෙන් එක්සත් ජනපදයේ බොහෝ විශ්වවිද්‍යාලවල ඇවිද සොයාගත් දැනුමින් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අද පවත්නා "ලේඛකත්ව සහ සන්නිවේදන පාඨමාලාවට" මූලාරම්භය ගත් සැටිත් මහාචාර්ය සුරවීර ලියා ඇති සැටි අපූරුයි.
මෙය කියවූ පසු නූතනයේ තරුණ ලේඛක - ලේඛිකාවන් අරබයා නිර්මාණාත්මක ලේඛනය ගැන වැඩමුළුවක් පවත්වන බව උපුල් සාන්ත සන්නස්ගල ලියූ සටහන සිහි වුණා. එය සැබැවින් ම අත්‍යවශ්‍ය සහ හොඳ කටයුත්තක්; කළ යුත්තක්.
මහාචාර්ය සුචරිත ගම්ලත් ජීවත්ව සිටියදී, තවත් බොහෝ අයගේ උපකාර ඇතිව ඇරඹූ "බෘහස්පති භාෂා, සාහිත්‍ය කලා සරසවිය" විශ්වවිද්‍යාලයවලටත් එහා ගිය දැවැන්ත පියවරක්. අවාසනාවකට ගම්ලතුන්ගේ මරණයෙන් එයට වැදුණේ මරු පහරක්. ඉන් ද නොනැවතී මහින්ද සෙනරත් ගමගේ, හරිශ් වල්පොළ ඇතුළු පිරිස් එය රැකගන්නට ගත් උත්සහාය ගෞරවපූර්වකව සඳහන් නොකළොත් එය මෙහිලා කරන අඩුවක් වෙනවා.
කැලණි සරසවියේ සිංහල අධ්‍යයනාංශයට අනුබද්ධව පවතින සාහිත්‍ය විචාර පාඨමාලාව තව දියුණු කළහොත් වටිනා පාඨමාලාවක් වේවි. ඒක මගෙ සිතුවිල්ලක්. ඔවුන් එය වඩා සංවිධානාත්මකව සහා ගුණාත්මකව එළියට විවෘත කරනව නම් මේ මොහොතේ අතිශය වැදගත් යමක් වේවි.
සුරවීරයන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී කළ කී දෑ, අත්දැකීම් ද මේ ස්වයං ලිඛිත චරිතාපදානයට එක් කර තිබෙනව. මා ඉතා ආදරය කරන මහාචාර්ය සුනිල් සෙනෙවිටත් දවසක මෙවනි චරිතාපදානයක් ලිවිය හැකියි නේද කියා සිතුණා. ඔහු අද දරන්නේ ඒ.වී. සුරවීර දැරුවාටත් වඩා බරපතල දේශපාලන තනතුරක්...!
චරිතාපදාන කියවීම හැම සාහිත්‍ය ශානරයකට ම වඩා රසවත් කියවීමක්. මා මෙතෙක් කියවා ඇති රසවත් ම චරිතාපදානය චාලි චැප්ලින්ගේ "මගේ දිවිසැරිය" යි. එය චූලානන්ද සමරනායක සිංහලට පරිවර්තනය කර තිබෙනවා. එම්.ඩී. මහින්දපාල පරිවර්තනය කළ මාලන් බ්‍රැන්ඩෝගේ චරිතාපදානයත් ඊට දෙවැනි නැහැ. "අම්මා මට කියා දුන් ගී" එහි පරිවර්තිත නාමයයි. මේව අමා මහ රස ගෙනෙන පොත්...!
සුරවීරයන්ගේ පොත ද එවැනි ම රස ගුලාවක්...!
උපුටා ගැනීම KD Darshana Face bok පිටු
පෙරපර දෙදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රවීණාචාර්යවරයකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පසු ගිය දා සිය දිවි සැරිය නිම කළේ ය.
මිලින්ද මායාදුන්න විසින් සංස්කරණය කරන ලද ''මැක්ස් වේබර් - සමාජ විද්‍යාත්මක විමර්ශනයක්'' කෘතිය ජනගත කිරීම ජනවාරි 29වන දා සවස 02.30ට බොරැල්ල ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය.
අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන මාසික දීමනාව තමන්ට අවැසි ආකාරයට වියදම් කළ නොහැකි බවය.
ඒ අනුව මාසිකව කෝටි 3කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා විසින් ලබා ගනිමින් එය පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවත් ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනය කරන ලෙස ඉල්ලා තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළ බවත් ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල,
"මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ."
මතු පළ වන්නේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය යි.

රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට හානිකර යැයි පවසමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි විසින් රජයේ බලධාරීන්ව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ එම විවේචනයන් සිදුකර ඇත්තේ, පසුගියදා දිව්‍ය පූජාවකට සහභාගි වෙමිනි.
විශේෂයෙන්ම පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට යෝජනා කිරීම සහ සමලිංගික සංචාරකයින් සංවිධානාත්මකව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
මෙම වැඩපිළිවෙලවල් “අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩ පිළිවෙලවල්” බව පවසන උන්වහන්සේ, “වනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න දෙන්න බෑ” යයි අවධාරණය කර සිටියහ.
ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදා දිය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩිව ප්‍රශ්න කළහ.
“කවුද මේ පිස්සු කතා මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ. මේ අපේ රට මේ ලංකාවද ඇමෙරිකාවද එංගලන්තෙද ඕස්ට්‍රේලියාවද” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මෙම තීරණ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයා ජනාධිපති දන්නවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
එසේනම් “කරුණා කරලා ඕවා නවත්තන්න” ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.
සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් ගෙන් ඒමේ සැලසුම් ..
ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් මෙරට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩ දිය යුතු බවට ලිපියක් යවා ඇති බවද කාදිනල් හිමිපාණෝ කියා සිටියහ.
උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූයේ, ආදරය, ප්‍රේමය, කරුණාව වැනි උතුම් ගුණාංග සහ ආගමික ඉගැන්වීම් පසෙකට දමා ලිංගිකත්වය උඩින්ම තියාගෙන මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට “මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ” යනුවෙනි.
විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත් බව පිළිගන්නා නමුත්, ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමු කිරීම වැරදි බව කාදිනල් හිමිපාණන්ගේ අදහස විය.
“අපේ ඇඟ විකුණලා අපිට රට කන්න බොන්නඩ හොයාගන්න ඕන කමක් නෑ” යයි උන්වහන්සේ අවධාරණය කළහ.
සමහර ක්‍රිස්තියානි යැයි කියාගන්නා රටවල් වල සංස්කෘතිය මේ වන විට විනාශ වී ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු කසාද බැඳීම, හෝමෝන ගෙන රැවුලක් හදාගෙන කසාද බැඳීම වැනි ක්‍රියා කසාද ජීවිතයක් ලෙස ගත කළ හැකිද යන්න ප්‍රශ්න කරමින් මේවා “විහිළුවක්” ලෙස උන්වහන්සේ හැඳින්වූහ.
රටේ සංස්කෘතිය පිරිහීමට ලක් කරන මෙම ක්‍රියාකාරකම් කරන රජයේ නිලධාරීන් වහාම “අයින් කරලා දාන්න” ලෙස කාදිනල් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටියහ. ඔවුන් එම පුටුවල තබා අපේ සමාජය පිරිහීමට ලක් කිරීමට ඉඩ දිය නොහැකි බව උන්වහන්සේගේ ස්ථාවරය විය.
විශේෂයෙන්ම බුද්ධාගමයේ සිද්ධාන්ත අනුව අවුරුදු දහස් ගණනක් තිස්සේ හැදුණු සංස්කෘතියක් අප රට සතු වන අතර, එම සංස්කෘතිය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
“දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්න ලෙස” ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ “අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්” බව උන්වහන්සේ සඳහන් කළහ.
රට පෙරට ආ යුත්තේ අඩු පාඩු නිවැරදි කර මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලකින් බව පිරිපුන් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ ප්‍රකාශ කරයි.
“වෙනස් කල තැනින් ඔබ්බට පිරිපුන් දේශයක් කරා” නැමැති වැඩපිළිවෙළ හඳුන්වාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පිරිපුන් සංවිධානයේ ඉංජිනේරු ආනන්ද දේවසිංහ,
සමාජයක් ලෙස මැතිවරණයකදී දෙන පණිවිඩය හා ඒ අනුව රටේ ජනතාවගේ ඒ මොහොතේ අභිලාශය තේරුම ගැනීමට අසමත් වුනොත් ඉදිරි තීන්දු තීර්ණ ගැනීමේදී නායකයින් තම ගමන තමන් විසින්ම විනාශ කර ගනු ලබනවා.
පිරිපුන් සංවිධානය කියන්නෙ ම වැඩ පිළිවෙලක් මත ක්‍රියා කරන හා ඕනෑම ප්‍රශ්නයක් දෙස වෘත්තීය මට්ටමෙන් තීන්දු තිරණ ගෙන සමාජය වෙත නිවැරදි දේ අවබෝධ කර දීමට උත්සහ කරන කණ්ඩායමක්. ඒ අනුව මේ වෙන විට රට තුළ උද්ගතවෙමින් පවතින යම් යම් සිද්ධීන් හා පිරිපුන් සංවිධානයේ අතීත , වර්තමාන හා අනාගත වැඩ පිළිවෙල පිළිබදව යම් විග්‍රහයක් ජනතාව වෙත ඉදිරිපත් කරන්නෙ එය රටේ ජනතාවෙගේ බුද්ධිය අවදි කිරීමට පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරන බැවිණි.
මොකද රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත් වෘත්තිකයින්ගේ වගකීම විය යුත්තේ තමන් ඔලුව වර්ධනය කර ගත් තරමටම තම බුද්ධිය වර්ධනය කර ගැනීමට අපොහසත් වූ සාමන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් හරි වැරැද්ද? කියල දී හා ඒ තුළ ඔවුන් නිවැරදී තීර්ණ ගැනීමට පෙළඹවීමයි, මොකද? ඔවුන් තීන්දු තීරන ගන්නේ ඔවුන්ට තේරෙන ප්‍රමාණයේ සිටයි.
''වෙනස් කළ යුත්තේම මිලියන 22ක් වූ රටේ ජනතාවයි''
අද වෙන විට රූපවාහිනි හා වෙනත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නිතර ඇසෙන සමීක්ෂණ වාර්ථා අනුව සම්මාන ප්‍රධානය කරන අවස්ථාවන් හොදම උදාහරණයකි. මේ රටේ ජනතාවගේ තේරුම් ගැනීමේ සීමාව අවබෝධ කර ගැනිමට, සමහර සම්මාන ලාභීන් දෙස බැලූ විට අපි කොතනද? ඉන්නෙ කියල හිතා ගන්නවත් බෑ, නමුත් රටේ ජනතාව ඉල්ලන දේ ඒක තමයි.
මැතිවරණයත් එසේමයි, කුමන දේ කුමන ආකාරයට කිව්වත් මිනිස්සු ඒ වෙලාවට තේරුන දේ අනුව තීරණය දෙනවා. එබැවින් අපි අවබෝධකර ගත යුත්තේ මේ රට වෙනස් කිරීමට නම් මේ පාලකයෝ වෙනස් කර වැඩක නෑ, වෙනස් කළ යුත්තේම මිලියන 22ක් වූ රටේ ජනතාවයි.
ඒ අය පුද්ගලයා දෙස නොබලා සිද්ධිය දෙස බලා එය විග්‍රහ කර තීර්ණ ගැනීමට පුරුදු කළොත් මේ රටේ හරි තීරණ ක්‍රියාත්මක වෙන තැනට පරිවර්ථනය වේවි.
'නායකයා' කියන සුපුරුදු සටන් පාඨය වෙනුවට “රට හදන දීර්ඝ කාලින උපාය මාර්ගික සැලසුමක්”
පිරිපුන් සංවිධානය 2019 සිට රට ගොඩ නැගීම වෙනුවෙන් වෘත්තිකයින් එකතු වී ස්වේච්ඡාවෙන් වසර 15ක් සදහා වූ ( 2025-2045 කල සීමාවා සදහා) රට සංවර්ධනය කිරීම සදහා වෘත්තීය මට්ටමේ උපාය මාර්ගික සැලසුමක් ගොඩ නගන ලදී. ඒ තුළ කිසිදු දේශපාලනික බලපෑමකින් තොරව නියම විද්‍යාත්මක ක්‍රමවේද හරහා රට ගොඩ නැගිය යුතු ආකාරය KPI සහිතව ( උපාය මාර්ගික ඉලක්ක සහිතව) ඉදිරිපත් කර, 2023 වසරේදී ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සහා එම වැඩ පිළිවෙල පිලිබඳව මාස 6ක් තිස්සේ රටේ විශාල දේශපාලනික පක්ෂ, සිවිල් සංවිධාන, වෘ ත්තීය වේදීන් වෙන වෙනම ඔවුන්ගේ දෙපා මුලට ගොස් දැනුවත් කිරීම කර ඇත.
අපි සියලු දේශපාලන නායකයින්ට යෝජනා කෙළේ " නායකයා” කියන සුපුරුදු සටන් පාඨය වෙනුවට “ රට හදන දීර්ඝ කාලින උපාය මාර්ගික සැලසුම” ඉදිරියට ගෙන මේ රට වසර 15 සියලු දෙනා එකතුවී රට ගොඩ නැගීමට එකතු වෙන ලෙසය. එසේම අපගේ වැඩ පිළිවෙල තුළ පෞද්ගලික යෝජනා කළේය .
කෙසේ වෙතත් ඉන් ඔබ්බට අප ජන වරම තුළ අවබෝධ කරගත් දෙයක් තිබුණි, එනම් ජනතාව ඒ මොහොතේ මෙවන් වෘත්තීමය වැඩ පිළිවෙලවල් පිළිබඳව ලොකු කැමැත්තක් හෝ දීර්ගකාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාවයක් ඔවුන්ට නොතිබුනු බවයි. ඒ වෙනුවට ජනතාව ඒ මොහොතේ තීරණය කළේ රට විනාශ වුනේ ,එහෙම නැත්තම් අපි දුක් විදින්නෙ මෙතෙක් පාලනය කරපු පාලකයින්ගේ දූෂණ ක්‍රියාවළිය නිසාවෙනි, ඒ නිසා ඔවුන්ගෙන් පලිගත යුතුයි පළමුව කියන මතයේ සිට උගත්/නූගත්, ග්‍රාමීය/නාගරික, දෙස්/විදෙස් ගත සියලු කණ්ඩායම් මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කර ඇත කියන විග්‍රහය අපි තුළ තිබේ.
''උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කළ හැකි පාලකයින් පිරිසකගෙන් යුත් නව කණ්ඩායමක් ''
කෙසේ වෙතත් අද වන විට රට තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් එම දූෂණ වංචා පාලනයක් වෙමින් තියෙන තත්ත්වය තුළ පිරිපුන් සංවිධානය ලෙස අපි දකින්නෙ මෙම තත්ත්වය අසීරු දෙයක් වන අතර එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයා, ඉන් ඔබ්බට දැන් සිදුවෙන වැරදිත් නිවැරදි කර ගෙන යායුතු බවයි. එසේ නොමැතිව තව දුරටත් පැරණි කන්ඩායම ( මොනම ආකාරයෙන් හරි පැරිණි දේශපලනය තුළ දූෂණයට වංචාවට නියමින් හෝ අනියමින් උදව් උපකාර කළ ) නැවත එකතු වී මෙම හොද වැඩ පිළිවෙලෙහි අඩු පාඩු පෙන්වමින් නැවත දූෂණ රාජ්‍යක් ඇති කිරීමට උත්සහ කරන්නේනම් එය පිරිපුන් සංවිධානය ලෙස කිසිසේත් අනුමත නොකරන අතර එවන් කණ්ඩායම සමග දේශපාලනයට සම්බන්ධ වීම කිසි සේත් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තුවක් නැත.
වරක් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් ම ප්‍රකාශ කළ පරිදි මේ රටට අපි ගොඩ නැගිය යුත්තේ පවතින රජයට වඩා හොඳ පාලනයක් විනා ගෙනා තැනින් ආපස්සට ගෙන යන පාලනයක් නොවේ.
එබැවින් පිරිපුන් සංවිධානය ලෙස මේ වෙන විට උත්සහ කරමින් සිටිනුයේ අප යෝජනා කරන උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කළ හැකි පාලකයින් පිරිසකගෙන් යුත් නව කණ්ඩායමකි.
මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලක්...
අපි අලුත් අයට මේක කරන්න බෑ” කියන මතය තරයේ ප්‍රතික්ශේප කරන්ම අතර දේශපලනයටත්, පාලනයටත් නව නායකයින් ගෙන ආ යුතු අතර ඔවුන් කළමනාකරණය පිළිබඳව අධ්‍යාපනය මෙන්ම ප්‍රායෝගිකව අත්දැකීම සහිත පුද්ගලයින් යොදා ගත යුතු බව විශ්වාස කරනවා. එහෙම නැතුව පැරණි දේශපාලකයින් එකතු කරගෙන තමන්ගේ ගොඩ පෙන්නමින් ඉදිරියට යන්න උත්සහ කරන සාම්ප්‍රදායික දේශපාලනය තුළ රට ඉදිරියට නොයනු ඇත.
අපි මේ මොහොතේ මේ රටේ නව පාලනය තුළ දකින ප්‍රධානම අඩුපාඩුව නම්, මොවුනුත් පැරණිරජයන් මෙන්ම අඳුරේ අතපත ගාමින් අඹ ගසට පොලු ගසන න්‍යායෙන් ජනතාව තාවකලිකව සතුටු කරමින් චන්ද ගොඩ ගැසීමේ ක්‍රියාවලියක යෙදෙන අතර රට ගොඩ නගන දිර්ග කාලින සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන බවක් දක්නට නොමැති අතර අනිත් ප්‍රධානම අඩුපාඩුව නම් ඉතාමත් දරුණු දේශපාලන පත්වීම මත රාජ්‍ය යාන්ත්‍රය හැසිරවීම විනා සුදුසු තැනට සුදුසු පුද්ගලයින් පත්කර රට ගොඩ නැගීම සදහා රටේ සම්පත් දායකත්වය ලබා නොගන්නා බවයි.
එබැවින් අපි පෙරට ආයුත්තේ මෙම අඩු පාඩු නිවැරදි කර මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලක බව පිරිපුන් සංවිධානයේ මතය වේ.
(සටහන | ජේ.මුණසිංහ)
මේ ටියුෂන් ගුරුවරයාට අවශ්‍ය වන්නේ මාර්ටින් වික්‍රමසිංහ කිසිම කමකට නැති මහා ගත්කරුවෙක් කියන්න සහ නොවටිනා වූ වැඩක් කරපු මනුස්සයෙක් කියලා තම ශිෂ්‍යයින්ට කියලා දෙන්න නම් එසේ කියලා දීමට ඔහුට අයිතියක් තියෙනවා.
සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මො.ල. සෙනෙවිරත්නගේ 'සිපීර්' කෘතිය පිළිබඳ සහෘද කතාබහට ය.
ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000ක සහනාධාරය තමන්ට මෙතෙක් ලැබී නොමැති බව පවසමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට අධික පිරිසක් ඊයේ විරෝධතාවක නිරත විය.
ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ව්‍යාපාරයක් පෙරේදා (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වූ උත්සවයක දී ආරම්භ කළේ ය.
වැඩසටහනෙහි ප්‍රමුඛ අරමුණ
මෙය ළදරුවන් සිට වයස්ගත වැඩිහිටියන් දක්වා භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහ පැවැත්ම උදෙසා ක්‍රියාත්මකවන වැඩසටහනකි. මෙම ව්‍යාපාරය මගින් ජනතාව සෞඛ්‍ය සපිරුණු ජීවිත රටාවන් පිළිබඳව උනන්දු කරමින්, තමන්, තම පවුල, තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග සබඳතාව වර්ධනය කිරීමට උනන්දුවක් කිරීමක් සිදු කරනු ලබයි. ඒමෙන් ම තමන්, තම පවුල, මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග යහපත් සම්බන්දතාවයක් පවත්වාගැනීම තුළින් යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අංගයයි. ජනතාව අතර ඒ පිළිබධව අවබෝධයක් ඇතිකිරීම සහ ඔවුන්ව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද මෙයට ඇතුළත් වේ.
31 වන සභාපතිනිය වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි
මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් එම සංගමයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි තෝරා පත්කර ගැනීම ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ 31 වන සභාපතිනිය ලෙස පත් වු වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලිට සුබ පැතුම් එක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇයගේ නායකත්වය යටතේ, විද්‍යාලය අඛණ්ඩව වර්ධනය වී මෙරට මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය තබන බව මෙහි දී පැවැසී ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාර්යක් ඉටුකරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවට ම ආදර්ශයක්
මෙරට සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සියලු ම සාමාජිකයින් කැප වෙමින් සහ ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙමින් මාතෘ සහ ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය සහ රෝග පාලනය යනාදි ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරදීමට ඉහළ දායකත්වයක් ලබාදෙන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවටම ආදර්ශයක් ලබාදී ඇති බවත්, නව්‍යකරණය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ප්‍රජා අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් ප්‍රජාවට සේවය කළ හැකි බව පෙන්වා දී ඇති බව ද පැවැසී ය.
අපගේ ජාතික සංවර්ධන ඉලක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍රීයව පවතින බවත්, එය සේවාවක් ලෙස පමණක් නොව සමාජීය හා ආර්ථික ප්‍රගතිය සඳහා පදනමක් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ හරහා රෝග වැළැක්වීමේ සත්කාර ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයින් කැපවී සිටින බව ද පැවැසී ය.
සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා පුළුල් අවබෝධයක්
ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය එම වැඩපිළිවෙළේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්ව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ දී නායකත්වය, විශේෂඥතාව සහ ක්ෂේත්‍ර මට්ටමේ දැනුම අත්‍යවශ්‍ය වන බවත් එම කටයුතු ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් සපුරාලන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා උපාය මාර්ග සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය බවත්, එහි දී ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, රෝග වැළැක්වීමේ සත්කාර, ප්‍රජා සහභාගීත්වය සහ සාක්ෂි මත පදනම් වූ පුහුණුව පිළිබඳ වූ විශේෂඥතාව එහිදී මූලික වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී පුනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් වෛද්‍ය ඒ.එස්. සන්තුෂ්‍ය ප්‍රනාන්දු යන අය ඇතුළු ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.
(දීප්ති විජේතුංග)

තායිලන්තයේ ඉහළ පෙළේ මහනාහිමිපාණන් වහන්සේ නමකට Buddha’s Physician පොත පිරිනැමීමට ලැබීම ඉමහත් භාග්‍යයක් යැයි ප්‍රවීණ ලේඛක අජන්ත සෙනවිරත්න පැවසී ය.
පව්කාර භූමියක
මිලින වු
දුර්භීක්ෂයේ ගිනි දමින්
උපන් දියණියේ....
චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ෆාදර් චිත්‍රපටය මේ වන විට ප්‍රේක්ෂක ආකර්ෂණය සහ කතා බහ ඉහළින්ම හිමිකර ගනිමින් සාර්ථකව තිරගත වේ.
මැඩගස්කර ජනරජයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොලීනා (Andry Rajoelina) විසින් තම රජය විසුරුවා හරින බව ප්‍රකාශ කර ඇත.
තරුණයින් විසින් මෙහෙයවන ලද මාරාන්තික විරෝධතා මීට හේතුවී තිබේ.
මෙය, දිගුකාලීන ජල හා විදුලි කප්පාදුවලට එරෙහිව තරුණ කණ්ඩායම් විසින් දින ගණනාවක් තිස්සේ මෙහෙයවූ විරෝධතා හේතුවෙන් ගත් තීරණයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් රාජොලීනා කියා සිටියේ, "රජයේ සාමාජිකයින්ට පවරන ලද කාර්යයන් ඉටු කිරීමට නොහැකි වූයේ නම්, අපි එය පිළිගෙන සමාව අයදිනවා" යනුවෙනි.
විවධ සටන් පාඨය යටතේ, "Gen Z" විරෝධතාකරුවන් පසුගිය බ්‍රහස්පතින්දා සිට මැඩගස්කරයේ නගර පුරා වීදි බැස සිටිති.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා, නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් භාවිතා කළ "අනවශ්‍ය බලය" හෙළා දකිමින් කියා සිටියේ, අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස්, 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, මැඩගස්කරයේ විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම සංඛ්‍යා ප්‍රතික්ෂේප කරමින්, දත්ත "කටකතා හෝ වැරදි තොරතුරු මත පදනම් වූ" ඒවා බවට චෝදනා කර ඇත.
අගනුවර වන ඇන්ටනානාරිවෝ (Antananarivo) හි මුලින් ආරම්භ වූ විරෝධතා, මේ වන විට රට පුරා නගර අටක් දක්වා ව්‍යාප්ත වී තිබේ.
ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම් පිළිබඳ වාර්තා වීමත් සමග ඇන්ටනානාරිවෝ හි සන්ධ්‍යාවේ සිට අලුයම දක්වා ඇඳිරි නීතිය පනවන ලද අතර, පොලීසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස් විසුරුවා හැර තිබිණ.
Madagascar president dissolves government after youth-led deadly protests
'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (31) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

