#newstube

  • ''මොන පිස්සොද මේ..'' ? - අගරදගුරු හිමිට මල පැන සැරටම නෙළයි

    රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට හානිකර යැයි පවසමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි විසින් රජයේ බලධාරීන්ව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

    අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ එම විවේචනයන් සිදුකර ඇත්තේ, පසුගියදා දිව්‍ය පූජාවකට සහභාගි වෙමිනි.

    විශේෂයෙන්ම පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට යෝජනා කිරීම සහ සමලිංගික සංචාරකයින් සංවිධානාත්මකව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

    මෙම වැඩපිළිවෙලවල් “අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩ පිළිවෙලවල්” බව පවසන උන්වහන්සේ, “වනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න දෙන්න බෑ” යයි අවධාරණය කර සිටියහ.

    ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදා දිය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩිව ප්‍රශ්න කළහ.

    “කවුද මේ පිස්සු කතා මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ. මේ අපේ රට මේ ලංකාවද ඇමෙරිකාවද එංගලන්තෙද ඕස්ට්‍රේලියාවද” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    මෙම තීරණ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයා ජනාධිපති දන්නවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    එසේනම් “කරුණා කරලා ඕවා නවත්තන්න” ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.



    සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් ගෙන් ඒමේ සැලසුම් ..


    ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් මෙරට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩ දිය යුතු බවට ලිපියක් යවා ඇති බවද කාදිනල් හිමිපාණෝ කියා සිටියහ.

    උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූයේ, ආදරය, ප්‍රේමය, කරුණාව වැනි උතුම් ගුණාංග සහ ආගමික ඉගැන්වීම් පසෙකට දමා ලිංගිකත්වය උඩින්ම තියාගෙන මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට “මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ” යනුවෙනි.

    විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත් බව පිළිගන්නා නමුත්, ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමු කිරීම වැරදි බව කාදිනල් හිමිපාණන්ගේ අදහස විය.

    “අපේ ඇඟ විකුණලා අපිට රට කන්න බොන්නඩ හොයාගන්න ඕන කමක් නෑ” යයි උන්වහන්සේ අවධාරණය කළහ.

    සමහර ක්‍රිස්තියානි යැයි කියාගන්නා රටවල් වල සංස්කෘතිය මේ වන විට විනාශ වී ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු කසාද බැඳීම, හෝමෝන ගෙන රැවුලක් හදාගෙන කසාද බැඳීම වැනි ක්‍රියා කසාද ජීවිතයක් ලෙස ගත කළ හැකිද යන්න ප්‍රශ්න කරමින් මේවා “විහිළුවක්” ලෙස උන්වහන්සේ හැඳින්වූහ.

    රටේ සංස්කෘතිය පිරිහීමට ලක් කරන මෙම ක්‍රියාකාරකම් කරන රජයේ නිලධාරීන් වහාම “අයින් කරලා දාන්න” ලෙස කාදිනල් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටියහ. ඔවුන් එම පුටුවල තබා අපේ සමාජය පිරිහීමට ලක් කිරීමට ඉඩ දිය නොහැකි බව උන්වහන්සේගේ ස්ථාවරය විය.

    විශේෂයෙන්ම බුද්ධාගමයේ සිද්ධාන්ත අනුව අවුරුදු දහස් ගණනක් තිස්සේ හැදුණු සංස්කෘතියක් අප රට සතු වන අතර, එම සංස්කෘතිය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

    “දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්න ලෙස” ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ “අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්” බව උන්වහන්සේ සඳහන් කළහ.



  • ''වෙනස් කළ තැනින් ඔබ්බට පිරිපුන් දේශයක් කරා...'' - පිරිපුන් සංවිධානයේ වැඩක්

    රට පෙරට ආ යුත්තේ අඩු පාඩු නිවැරදි කර මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලකින් බව පිරිපුන් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ ප්‍රකාශ කරයි.

    “වෙනස් කල තැනින් ඔබ්බට පිරිපුන් දේශයක් කරා” නැමැති වැඩපිළිවෙළ හඳුන්වාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පිරිපුන් සංවිධානයේ ඉංජිනේරු ආනන්ද දේවසිංහ,

    සමාජයක් ලෙස මැතිවරණයකදී දෙන පණිවිඩය හා ඒ අනුව රටේ ජනතාවගේ ඒ මොහොතේ අභිලාශය තේරුම ගැනීමට අසමත් වුනොත් ඉදිරි තීන්දු තීර්ණ ගැනීමේදී නායකයින් තම ගමන තමන් විසින්ම විනාශ කර ගනු ලබනවා.

    පිරිපුන් සංවිධානය කියන්නෙ ම වැඩ පිළිවෙලක් මත ක්‍රියා කරන හා ඕනෑම ප්‍රශ්නයක් දෙස වෘත්තීය මට්ටමෙන් තීන්දු තිරණ ගෙන සමාජය වෙත නිවැරදි දේ අවබෝධ කර දීමට උත්සහ කරන කණ්ඩායමක්. ඒ අනුව මේ වෙන විට රට තුළ උද්ගතවෙමින් පවතින යම් යම් සිද්ධීන් හා පිරිපුන් සංවිධානයේ අතීත , වර්තමාන හා අනාගත වැඩ පිළිවෙල පිළිබදව යම් විග්‍රහයක් ජනතාව වෙත ඉදිරිපත් කරන්නෙ එය රටේ ජනතාවෙගේ බුද්ධිය අවදි කිරීමට පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරන බැවිණි.

    මොකද රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත් වෘත්තිකයින්ගේ වගකීම විය යුත්තේ තමන් ඔලුව වර්ධනය කර ගත් තරමටම තම බුද්ධිය වර්ධනය කර ගැනීමට අපොහසත් වූ සාමන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් හරි වැරැද්ද? කියල දී හා ඒ තුළ ඔවුන් නිවැරදී තීර්ණ ගැනීමට පෙළඹවීමයි, මොකද? ඔවුන් තීන්දු තීරන ගන්නේ ඔවුන්ට තේරෙන ප්‍රමාණයේ සිටයි.


    ''වෙනස් කළ යුත්තේම මිලියන 22ක් වූ රටේ ජනතාවයි''


    අද වෙන විට රූපවාහිනි හා වෙනත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නිතර ඇසෙන සමීක්ෂණ වාර්ථා අනුව සම්මාන ප්‍රධානය කරන අවස්ථාවන් හොදම උදාහරණයකි. මේ රටේ ජනතාවගේ තේරුම් ගැනීමේ සීමාව අවබෝධ කර ගැනිමට, සමහර සම්මාන ලාභීන් දෙස බැලූ විට අපි කොතනද? ඉන්නෙ කියල හිතා ගන්නවත් බෑ, නමුත් රටේ ජනතාව ඉල්ලන දේ ඒක තමයි.

    මැතිවරණයත් එසේමයි, කුමන දේ කුමන ආකාරයට කිව්වත් මිනිස්සු ඒ වෙලාවට තේරුන දේ අනුව තීරණය දෙනවා. එබැවින් අපි අවබෝධකර ගත යුත්තේ මේ රට වෙනස් කිරීමට නම් මේ පාලකයෝ වෙනස් කර වැඩක නෑ, වෙනස් කළ යුත්තේම මිලියන 22ක් වූ රටේ ජනතාවයි.

    ඒ අය පුද්ගලයා දෙස නොබලා සිද්ධිය දෙස බලා එය විග්‍රහ කර තීර්ණ ගැනීමට පුරුදු කළොත් මේ රටේ හරි තීරණ ක්‍රියාත්මක වෙන තැනට පරිවර්ථනය වේවි.



    'නායකයා' කියන සුපුරුදු සටන් පාඨය වෙනුවට “රට හදන දීර්ඝ කාලින උපාය මාර්ගික සැලසුමක්”


    පිරිපුන් සංවිධානය 2019 සිට රට ගොඩ නැගීම වෙනුවෙන් වෘත්තිකයින් එකතු වී ස්වේච්ඡාවෙන් වසර 15ක් සදහා වූ ( 2025-2045 කල සීමාවා සදහා) රට සංවර්ධනය කිරීම සදහා වෘත්තීය මට්ටමේ උපාය මාර්ගික සැලසුමක් ගොඩ නගන ලදී. ඒ තුළ කිසිදු දේශපාලනික බලපෑමකින් තොරව නියම විද්‍යාත්මක ක්‍රමවේද හරහා රට ගොඩ නැගිය යුතු ආකාරය KPI සහිතව ( උපාය මාර්ගික ඉලක්ක සහිතව) ඉදිරිපත් කර, 2023 වසරේදී ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සහා එම වැඩ පිළිවෙල පිලිබඳව මාස 6ක් තිස්සේ රටේ විශාල දේශපාලනික පක්ෂ, සිවිල් සංවිධාන, වෘ ත්තීය වේදීන් වෙන වෙනම ඔවුන්ගේ දෙපා මුලට ගොස් දැනුවත් කිරීම කර ඇත.

    අපි සියලු දේශපාලන නායකයින්ට යෝජනා කෙළේ " නායකයා” කියන සුපුරුදු සටන් පාඨය වෙනුවට “ රට හදන දීර්ඝ කාලින උපාය මාර්ගික සැලසුම” ඉදිරියට ගෙන මේ රට වසර 15 සියලු දෙනා එකතුවී රට ගොඩ නැගීමට එකතු වෙන ලෙසය. එසේම අපගේ වැඩ පිළිවෙල තුළ පෞද්ගලික යෝජනා කළේය .

    කෙසේ වෙතත් ඉන් ඔබ්බට අප ජන වරම තුළ අවබෝධ කරගත් දෙයක් තිබුණි, එනම් ජනතාව ඒ මොහොතේ මෙවන් වෘත්තීමය වැඩ පිළිවෙලවල් පිළිබඳව ලොකු කැමැත්තක් හෝ දීර්ගකාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාවයක් ඔවුන්ට නොතිබුනු බවයි. ඒ වෙනුවට ජනතාව ඒ මොහොතේ තීරණය කළේ රට විනාශ වුනේ ,එහෙම නැත්තම් අපි දුක් විදින්නෙ මෙතෙක් පාලනය කරපු පාලකයින්ගේ දූෂණ ක්‍රියාවළිය නිසාවෙනි, ඒ නිසා ඔවුන්ගෙන් පලිගත යුතුයි පළමුව කියන මතයේ සිට උගත්/නූගත්, ග්‍රාමීය/නාගරික, දෙස්/විදෙස් ගත සියලු කණ්ඩායම් මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කර ඇත කියන විග්‍රහය අපි තුළ තිබේ.


    ''උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කළ හැකි පාලකයින් පිරිසකගෙන් යුත් නව කණ්ඩායමක් ''


    කෙසේ වෙතත් අද වන විට රට තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් එම දූෂණ වංචා පාලනයක් වෙමින් තියෙන තත්ත්වය තුළ පිරිපුන් සංවිධානය ලෙස අපි දකින්නෙ මෙම තත්ත්වය අසීරු දෙයක් වන අතර එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයා, ඉන් ඔබ්බට දැන් සිදුවෙන වැරදිත් නිවැරදි කර ගෙන යායුතු බවයි. එසේ නොමැතිව තව දුරටත් පැරණි කන්ඩායම ( මොනම ආකාරයෙන් හරි පැරිණි දේශපලනය තුළ දූෂණයට වංචාවට නියමින් හෝ අනියමින් උදව් උපකාර කළ ) නැවත එකතු වී මෙම හොද වැඩ පිළිවෙලෙහි අඩු පාඩු පෙන්වමින් නැවත දූෂණ රාජ්‍යක් ඇති කිරීමට උත්සහ කරන්නේනම් එය පිරිපුන් සංවිධානය ලෙස කිසිසේත් අනුමත නොකරන අතර එවන් කණ්ඩායම සමග දේශපාලනයට සම්බන්ධ වීම කිසි සේත් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තුවක් නැත.

    වරක් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් ම ප්‍රකාශ කළ පරිදි මේ රටට අපි ගොඩ නැගිය යුත්තේ පවතින රජයට වඩා හොඳ පාලනයක් විනා ගෙනා තැනින් ආපස්සට ගෙන යන පාලනයක් නොවේ.

    එබැවින් පිරිපුන් සංවිධානය ලෙස මේ වෙන විට උත්සහ කරමින් සිටිනුයේ අප යෝජනා කරන උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කළ හැකි පාලකයින් පිරිසකගෙන් යුත් නව කණ්ඩායමකි.


    මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලක්...


    අපි අලුත් අයට මේක කරන්න බෑ” කියන මතය තරයේ ප්‍රතික්ශේප කරන්ම අතර දේශපලනයටත්, පාලනයටත් නව නායකයින් ගෙන ආ යුතු අතර ඔවුන් කළමනාකරණය පිළිබඳව අධ්‍යාපනය මෙන්ම ප්‍රායෝගිකව අත්දැකීම සහිත පුද්ගලයින් යොදා ගත යුතු බව විශ්වාස කරනවා. එහෙම නැතුව පැරණි දේශපාලකයින් එකතු කරගෙන තමන්ගේ ගොඩ පෙන්නමින් ඉදිරියට යන්න උත්සහ කරන සාම්ප්‍රදායික දේශපාලනය තුළ රට ඉදිරියට නොයනු ඇත.

    අපි මේ මොහොතේ මේ රටේ නව පාලනය තුළ දකින ප්‍රධානම අඩුපාඩුව නම්, මොවුනුත් පැරණිරජයන් මෙන්ම අඳුරේ අතපත ගාමින් අඹ ගසට පොලු ගසන න්‍යායෙන් ජනතාව තාවකලිකව සතුටු කරමින් චන්ද ගොඩ ගැසීමේ ක්‍රියාවලියක යෙදෙන අතර රට ගොඩ නගන දිර්ග කාලින සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන බවක් දක්නට නොමැති අතර අනිත් ප්‍රධානම අඩුපාඩුව නම් ඉතාමත් දරුණු දේශපාලන පත්වීම මත රාජ්‍ය යාන්ත්‍රය හැසිරවීම විනා සුදුසු තැනට සුදුසු පුද්ගලයින් පත්කර රට ගොඩ නැගීම සදහා රටේ සම්පත් දායකත්වය ලබා නොගන්නා බවයි.

    එබැවින් අපි පෙරට ආයුත්තේ මෙම අඩු පාඩු නිවැරදි කර මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලක බව පිරිපුන් සංවිධානයේ මතය වේ.

    (සටහන | ජේ.මුණසිංහ)

  • '25,000 අරන් තියෙන්නේ සල්ලිකාරයෝ.. දුප්පත් අපිට නෑ' - පුත්තලමේ දහසකට අධික පිරිසක් පාරට බහී

    ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000ක සහනාධාරය තමන්ට මෙතෙක් ලැබී නොමැති බව පවසමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට අධික පිරිසක් ඊයේ විරෝධතාවක නිරත විය.

  • 'Agenda 14 චිත්‍රපට උලෙළකට එහා ගිය දෙයක්' - අනෝමා රාජකරුණා

    ශ්‍රී ලංකාවේ තරුණ කෙටි සිනමා කරුවන්ගේ සිනමා කෘති ඇගැයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සිනමා උලෙළ වන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ, දෙසැම්බර් 04-07 වැනිදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Goethe Institute) සහ ප්‍රංශ මිත්‍රත්වය සංගමය (Alliance Francaise) හිදී පැවැත්වේ. මෙවර එය පැවැත්වෙන්නේ අඛණ්ඩව 15වැනි වරටය.
  • 'Be Connected. Stay Well' ජාතික ව්‍යාපාරය ආරම්භ කෙරේ

    ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ව්‍යාපාරයක් පෙරේදා   (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වූ උත්සවයක දී ආරම්භ කළේ ය.


    වැඩසටහනෙහි ප්‍රමුඛ අරමුණ

    මෙය ළදරුවන් සිට වයස්ගත වැඩිහිටියන් දක්වා භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහ පැවැත්ම උදෙසා ක්‍රියාත්මකවන වැඩසටහනකි. මෙම ව්‍යාපාරය මගින් ජනතාව සෞඛ්‍ය සපිරුණු ජීවිත රටාවන් පිළිබඳව උනන්දු කරමින්, තමන්, තම පවුල, තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග සබඳතාව වර්ධනය කිරීමට උනන්දුවක්  කිරීමක් සිදු කරනු ලබයි. ඒමෙන් ම තමන්, තම පවුල, මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග යහපත් සම්බන්දතාවයක් පවත්වාගැනීම තුළින් යහ පැවැත්ම  ප්‍රවර්ධනය  කිරීම මෙම ජාතික වැඩසටහනේ  මූලික අංගයයි. ජනතාව අතර ඒ පිළිබධව අවබෝධයක් ඇතිකිරීම සහ ඔවුන්ව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද  මෙයට ඇතුළත් වේ.


    31 වන සභාපතිනිය වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි

    මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් එම සංගමයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි තෝරා පත්කර ගැනීම ද සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ 31 වන සභාපතිනිය ලෙස පත් වු වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලිට සුබ පැතුම් එක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඇයගේ නායකත්වය යටතේ, විද්‍යාලය අඛණ්ඩව වර්ධනය වී මෙරට මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය තබන බව මෙහි දී පැවැසී ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාර්යක් ඉටුකරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවට ම ආදර්ශයක්

    මෙරට සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සියලු ම සාමාජිකයින් කැප වෙමින් සහ ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙමින් මාතෘ සහ ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය සහ රෝග පාලනය යනාදි ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරදීමට ඉහළ දායකත්වයක් ලබාදෙන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවටම ආදර්ශයක් ලබාදී ඇති බවත්, නව්‍යකරණය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ප්‍රජා අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් ප්‍රජාවට සේවය කළ හැකි බව පෙන්වා දී ඇති බව ද  පැවැසී ය.

    අපගේ ජාතික සංවර්ධන ඉලක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍රීයව පවතින බවත්, එය සේවාවක් ලෙස පමණක් නොව සමාජීය හා ආර්ථික ප්‍රගතිය සඳහා පදනමක් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ හරහා රෝග වැළැක්වීමේ සත්කාර ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයින් කැපවී සිටින බව ද පැවැසී ය.


    සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා පුළුල් අවබෝධයක්

    ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය එම වැඩපිළිවෙළේ දී  වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්ව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ දී නායකත්වය, විශේෂඥතාව සහ ක්ෂේත්‍ර මට්ටමේ දැනුම අත්‍යවශ්‍ය වන  බවත් එම කටයුතු ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් සපුරාලන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා උපාය මාර්ග සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය බවත්, එහි දී  ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, රෝග වැළැක්වීමේ සත්කාර, ප්‍රජා සහභාගීත්වය සහ සාක්ෂි මත පදනම් වූ පුහුණුව පිළිබඳ වූ විශේෂඥතාව එහිදී මූලික වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු අමාත්‍ය වෛද්‍ය  සුදර්ශණී පුනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් වෛද්‍ය ඒ.එස්. සන්තුෂ්‍ය ප්‍රනාන්දු යන අය ඇතුළු ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.

     (දීප්ති විජේතුංග) 

     

     

    nlnd

  • 'Gen Z' විරෝධතා උත්සන්න වේ ; මැඩගස්කර ජනාධිපතිවරයා රජය විසුරුවා හරියි

    මැඩගස්කර ජනරජයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොලීනා (Andry Rajoelina) විසින් තම රජය විසුරුවා හරින බව ප්‍රකාශ කර ඇත.

    තරුණයින් විසින් මෙහෙයවන ලද මාරාන්තික විරෝධතා මීට හේතුවී තිබේ.

    මෙය, දිගුකාලීන ජල හා විදුලි කප්පාදුවලට එරෙහිව තරුණ කණ්ඩායම් විසින් දින ගණනාවක් තිස්සේ මෙහෙයවූ විරෝධතා හේතුවෙන් ගත් තීරණයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් රාජොලීනා කියා සිටියේ, "රජයේ සාමාජිකයින්ට පවරන ලද කාර්යයන් ඉටු කිරීමට නොහැකි වූයේ නම්, අපි එය පිළිගෙන සමාව අයදිනවා" යනුවෙනි.

    විවධ සටන් පාඨය යටතේ, "Gen Z" විරෝධතාකරුවන් පසුගිය බ්‍රහස්පතින්දා සිට මැඩගස්කරයේ නගර පුරා වීදි බැස සිටිති.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා, නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් භාවිතා කළ "අනවශ්‍ය බලය" හෙළා දකිමින් කියා සිටියේ, අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස්, 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

    කෙසේ වෙතත්, මැඩගස්කරයේ විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම සංඛ්‍යා ප්‍රතික්ෂේප කරමින්, දත්ත "කටකතා හෝ වැරදි තොරතුරු මත පදනම් වූ" ඒවා බවට චෝදනා කර ඇත.

    අගනුවර වන ඇන්ටනානාරිවෝ (Antananarivo) හි මුලින් ආරම්භ වූ විරෝධතා, මේ වන විට රට පුරා නගර අටක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

    ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම් පිළිබඳ වාර්තා වීමත් සමග ඇන්ටනානාරිවෝ හි සන්ධ්‍යාවේ සිට අලුයම දක්වා ඇඳිරි නීතිය පනවන ලද අතර, පොලීසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස් විසුරුවා හැර තිබිණ.

     

    Madagascar president dissolves government after youth-led deadly protests

  • 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ගැසට් කරයි

    'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ  (31) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

  • 'අකුරු හැඩට ලියමු' : ජාතික කඩදාසි සමාගම නව කඩදාසියක් හඳුන්වා දෙයි

    ජාතික කඩදාසි සමාගම නව මුහුණුවරකින් නව්‍යකරණය වී ඇති අතර නව කඩදාසියක් ද හඳුන්වා දෙන්නේ යැයි ජාතික කඩදාසි සමාගමෙහි නව සභාපති උපාලි රත්නායක පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ ජාතික කඩදාසි සමාගම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නව නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමිනි.

    එම මාධ්‍ය හමුවේ දී ඔහු විශේෂයෙන් ම වධානය යොමු කළේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් භාවිත කරන කොපි පොත් සඳහා විශේෂයෙන් හඳුන්වා දෙන කඩදාසි වර්ගයකින් නිෂ්පාදිත කොපි පොත් පිළිබඳව ය.

    මදින ලද ඔපදැමූ කඩදාසියෙන් නිපද වූ කොපිපොත්වල කාබන් පෑනෙන් ලිවීමේ දී අකුරු අවලස්සන වන බැවින් ඔප නොදැමූ කඩදාසිවල අකුරු ලිවීමට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොලඹවන බවත්, එහි මූලික තේමාව වන්නේ ''අකුරු හැඩට ලියමු'' යන්න බවත් ඔහු විශේෂයෙන් අවධාරණය කළේ ය.

     




  • 'අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නැයි දැනුම් දුන්නා' - ලක්මාලි

    අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර  සඳහන් කරයි.

    නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකට පැවති සංවාදයකදී ඇය මේ බව පවසා ඇත.

    තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන් බවද පවසන ඇය, ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බව කියා සිටියි.

    කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා ඇත්තේ, අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් නොවන බවයි.

     

  • 'අනුර ජපන් ගියේ ඩඩ්ලිලාගේ අනුග්‍රහයෙන්, රටට කිසිඳු වාසියක් වුනේ නැහැ' - විමල් කියයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර ජපානයට ගියේ ඩඩ්ලිලාගේ අනුග්‍රහයෙන් බවත්, ඒ ගියෙත් ඉල්ලා අස්වෙච්ච අගමැති කෙනෙක් හමුවීමට බවත්, ඉන් රටට කිසිඳු වාසියක් අත්නොවූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.

    ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරයෙදී මහජන මුදල් අවභාවිතවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එල්ලකළ චෝදනාවම අනාගතයේදී අනුර කුමාර දිසානායකට එල්ලවෙන බවද ඔහු කියා සිටියි.

    විමල් වීරවංශ එබව කියා සිටියේ, ඊයේ ''සලකුණ'' දේශපාලන වැඩසටහනේදී අදහස් දක්වමිනි.

    '' එදා සිරිමාවෝ යද්දි කොහොමද පිටරට පිළිගැනීම? අද කෝ ඒවා!‍ අනුරව පිළිගන්න ඇමැති කෙනෙක්වත් ගුවන්තොටුපොළට ආවද? '' විමල් තවදුරටත් පැවසිය.

    එහිදී විමල් වීරවංශ අවධාරණය කර සිටියේ, මෙම සංචාරයෙන් රටට වාසියක් නැති බවත්, හිටපු අගමැතිවරයකු හමුවීම සදහා ජනාධිපතිවරයා ගොස් ඇති බවත්ය.

    විමල් විරවංශ එම වැඩසටහනේදී කල ප්‍රකාශය සහිත වීඩියෝවක් මතු පළවේ.

     

  • 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' 28වන දා ජනගත කෙරේ

    කසුන් පුස්සෙවෙල විසින් රචිත 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' කෘතිය එළිදැක්වීම සහ සාකච්ඡාවක් ජාත්‍යන්තර තොරතුරු ප්‍රවේශ දිනයට සමගාමීව සැප්තැම්බර් 28වන ඉරිදා, සවස 3.00ට, BMICH Cinema Lounge ශාලාවේ දී පැවැත්වේ.

    'පීඩකයාගේ නොව, පීඩිතයාගේ තැන හිටගන්න – ජීවමාන සාක්ෂිකරුවෙකු වන්න.' එදින ඔබගේ සහභාගීත්වය අපට ගෞරවයක් වනු ඇත.

    මෙම අවස්ථාවේ දී විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් (ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති) විසිනි.

    ලාල් වික්‍රමතුංග (ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා), නීතිඥ අචලා සෙනෙවිරත්න (නාවික කප්පම් නඩුවේ වින්දිත පාර්ශවය වෙනුවෙන්), ජෙනිෆර් වීරසිංහ (කප්පම් සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු ඩිලන්ගේ මව), මයුරි ද සිල්වා ( සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු හරිෂ් මධුෂ්කද සිල්වාගේ බිරිඳ) සහ ෆයාස් ලතීෆ් (ඝාතනය වූ වසීම් තජුඩීන්ගේ මාමා) විශේෂ අදහස් දැක්වීට නියමිත ය.

    සභාව මෙහෙය වීම සහ අදහස් දැක්වීම පීටර් ඩී අල්මේදා විසිනි.

    මෙම අවස්ථාව සඳහා සහභාගි වන්නැයි කර්තෘ කසුන් පුස්සෙවෙල ආරාධනා කරයි...!

     

    1c44be95 8cbe 4cf0 89e9 85083df05953

  • 'අපිට කැබ් එපා, අපේ කැබ් තුන අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනවා' - නාමල් රාජපක්ෂ

    තම මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නොමැති බවත් එම කැබ් රථ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

  • 'අයවැය කියෙව්වෙ ජේ.ආර් ගෙ මුණුපුරා' - එස්.එම්. මරික්කාර්

    ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් පාර්ලිමේන්තුවේදී පැවසීය.

  • 'අරගලය ජාතික ව්‍යාපාරය' ආරක්ෂක ඇමති හමුවෙයි

    රටේ පවතින පොලිස් අපරාධ වෙනුවෙන් තම සංවිධානය විශේෂ තීරණ කිහිපයක් ගත් බව 'අරගලය ජාතික ව්‍යාපාරය'සංවිධානයේ ලේකම් කැළුම් අමරසිංහ පැවසී ය.

     



    ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (08) බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.


    සාධනීය ප්‍රතිචාරයක්



    එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කැළුම් අමරසිංහ කියා සිටියේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කළ නියෝජ්‍ය පොල්ස්පති ජයසිරි කොඩිතුවක්කු නිලධාරියාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හමු වී ලිපියක් භාරදුන් බවයි.

     එමෙන් ම තම ඉල්ලීම පිළිබඳව එම පාර්ශ්ව දෙක ම සාධනීය ප්‍රතිචාර දැක්වූ බව ද කැළුම් අමරසිංහ මෙහිදී සඳහන් කකළේ ය.


    හොරා ගේ අම්මා ගෙන් පේන ඇසීම


    මීට පෙරද අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් මගින් නියෝජ්‍ය පොල්ස්පති ජයසිරි කොඩිතුවක්කු නිලධාරියාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටිය ද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, මෙම නියෝජ්‍ය පොල්ස්පතිවරයා චෝදනාවලට ලක්ව තිබිය දී අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය ද ඔහු වෙත පවරා තිබීම හොරාගේ අම්මා ගෙන් පේන ඇසීමක් වැනි යැයි කැලුම් අමරසිංහ පෙන්වා දුන්නේ ය.

    ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරුණු කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමසීමට තමන්ට අයිතියක් ඇතැයි සඳහන් කළ කැලුම් වැඩි දුරටත් කියා සිටියේ, මේ චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ විමර්ශන අංශ දැනුවත්ව ඇති බවට තමන් විශ්වාස කරන බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීම පුදුමයට කරුණක් බවයි.
  • 'ආධුනික මුදල් අමාත්‍යාංශ ලේකම් අතින් සිදු වූ වරද නිවැරදි කරන්න මැදිහත් වන්න' -රෝහිණී කවිරත්න ඉල්ලයි

    වතු සමාගම්වල සේවය කරන කම්කරුවන්ට පමණක් රජයේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප්/දීමනා ලබාදීම සම්බන්ධයෙන් නිසි රාජ්‍ය මුල්‍ය හා පරිපාලන ක්‍රමවේදයක් සැකසීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තීණී රෝහිණී කවිරත්න විගණකාධිපති, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.

  • 'ඇනා' අසලින් ම අසුන ගත් 'එමා'

    මාර්ටින් වික්‍රමසිංහ ට ‘මහ ගත්කරු’ යන විරුද නාමය ලැබෙන්නේ ඔහු විසින් ලියන ලද ප්‍රබන්ධ සහ විචාර ග්‍රන්ථ ආදියෙන් සිදු වූ සාහිත්‍ය සේවාව වෙනුවෙනි.

  • 'ඒ ලස්සන තුවාල කැළල' දකින්න 24වන දා ජාතික ලේඛනාරක්ෂකයට එන්න

    ප්‍රින්ස් සේනාධීර විසින් රචිත 'ඒ ලස්සන තුවාල කැළල' කෙටිකතා සංග්‍රහය මෙම මස 24වන දින සවස 02.30ට ජාතක ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

  • 'කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් නැහැ' - ජනමාධ්‍ය ඇමති

    කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියි.

  • 'ගාසා බහු ජාතික බලකායට තුර්කි හමුදා බෑ' - ඊශ්‍රායලය කියයි  

    ගාසා තීරයේ ආරක්ෂාවට ඉදි කෙරෙන ජාත්‍යන්තර බලකායට එක්වීමට තුර්කි ආරක්ෂක හමුදාවන්ට අවසර නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

  • 'ගාසා ෆ්‍රීඩම්' සිවිල් යාත්‍රා මුළුවට ඊශ්‍රායල ප්‍රහාර

    ගාසා වාසීන්ට ආධාර රැගෙන මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ  සිය  'ගාසා ෆ්‍රීඩම්' (Gaza Freedom) සිවිල් යාත්‍රා මුළුවට අද (08)  ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කළ බව එහි සංවිධායකයෝ පැවසූහ. පලස්තීන ප්‍රදේශය කරා යාත්‍රා කරමින් තිබු එම  යාත්‍රා රැසකට ඊශ්‍රායල හමුදා බාධා කළ බවද ඔවුහු කියා සිටිති.

    එම යාත්‍රා මත නැගි ඊශ්‍රායල හමුදා, එහි සන්නිවේදන කටයුතු කඩාකප්පල්  කළ බව ද වාර්තා වේ.

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/8/2025


    Gaza aid flotilla says Israeli forces attack convoy, intercept several boats

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න