පාකිස්තානය කඩුලු 8 කින් ජය ලබයි

 පාකිස්තානය කඩුලු 8 කින් ජය ලබයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී ඊයේ  (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ.

පාකිස්තානු පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගැනීමට සමත්විය.

පාකිස්තානු පිල ලකුණු 289 ක ඉලක්කය ඕවර 48.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

බාබර් අසාම්, පාකිස්තානය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 288 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 27, කුසල් මෙන්ඩිස් 20, සදීර සමරවික්‍රම 42, ජනිත් ලියනගේ 54, කමිඳු මෙන්ඩිස් 44, වනිදු හසරංග නොදැවී 37, අබ්රාර් අහමඩ් 41/3, හැරිස් රවුෆ් 66/3) පාකිස්තානු පිල ඕවර 48.2 කදී කඩුලු 2 ට 289 (ෆකාර් අසාම් 78, සයිම් අයුබ් 33, බාබර් අසාම් නොදැවී 102, මොහොමඩ් රිස්වාන් නොදැවී 51, දුෂ්මන්ත චමීර 58/2)




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න