පසුගිය (28) දින සිට මැදපෙරදිග බලා පිටත් වන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි වූ විදේශිකයින්හට දින 14ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා දීර්ඝ කිරීම් ලබා දීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.
ප්‍රවීණ නාට්‍යකරුවකු වන රාජිත දිසානායකගේ 'අපේ ගෙදර ගිනි තියයිද?' නාට්‍යයේ දර්ශනයක් පසුගිය සති අන්තයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වුණා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්විය යුත්තේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස වෙනස් කළ සංශෝධනයක් ලෙස ද... නැත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය අනාගතය වෙනස් කළ සංශෝධනයක් ලෙස ද?
සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වා ගන්නට නම් නිසැකව ම චිත‍්‍රපට නොකඩවා නිෂ්පාදනය විය යුතු ම ය. නැතහොත් චිත‍්‍රපට කර්මාන්තය බිඳ වැටෙයි. ලාංකීය චිත‍්‍රපට කර්මාන්තය තුළ පසුගිය වසර එනම් 2025 වසර ඉතාමත් ලාභදායි ලෙස ආදායම් ඉපැයු සිනමාපට ගණනාවක් තිරගත වූ වසරකි.
* මිල පුවරූවේ මිලට එලවලු ගන්නේ නැහැ
ගොවියන් අතර බෙදීම් ඇති කර ගන්න එපා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් අපේක්ෂා කළත් පසුගිය කාලයේ සහ අද දිනත් මේ රජයට එම නිසි මිල ලබා දීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද (17) ශැංහයිහි දී ආරම්භ වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළා. ‘සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම’ යන්න එහි තේමාවයි.
එක්සත් ජනපද හමුදා ඊයේ (13) රාත්‍රී අඛණ්ඩ තෙවන දිනටත් ඉරාන ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ. ඉරාන නෞකා නැවතත් එක්සත් ජනපද තහනමට ලක් කෙරුණු අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන්, ඒ ඕසේ යාත්‍රා කෙරෙන නෞකා වෙතින් 20%ක ගාස්තු අයකිරීමක් සිදු කෙරෙන බව දැනුම් දුන්නේ ය.
සුපිරි ධනවතුන් සහ ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරය අතර "පන්ති ගැටුමක්" පවතී. නමුත් ධනේශ්වර ක්‍රමය තුළ දැඩි එදිරිවාදිකමක් ද පවතී. එනම්, "මූල්‍ය ප්‍රාග්ධනය” සහ ජාතික හා කලාපීය මට්ටමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල විවිධ ක්ෂේත්‍රවල සංස්ථාවලින් සමන්විත “සැබෑ ධනවාදය” ලෙස විස්තර කළ හැකි දෙය අතර ගැටුමකි . එයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ද ඇතුළත් වේ.
තිරසාර සංචාරක ව්‍යාපාරය සඳහා වූ සිය කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය පිළිගැනීමට ලක්ව තිබේ.
වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක් බවත් ඔහුට එරෙහිව නඩු හයක් විභාග වෙමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදි අද (22) පැවැසීය.
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 5 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව ඇත.
රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (15) නම් කරනු ලැබිය.
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් නැවත බන්ධනාගාර ගත කර සිටි සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ අද (30) ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටත්ව ගොස් තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුයෙකු වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
2023 වසරේ සිදු කළා යැයි පැවසෙන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාලව ඊයේ (25) රක්ෂිත බන්ධනාගාර ගත කළ සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට පක්ෂය තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂය සඳහන් කරයි.
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහු ගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (4) ප්‍රතික්ෂේප කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

