ප්‍රවීණ නාට්‍යකරුවකු වන රාජිත දිසානායකගේ 'අපේ ගෙදර ගිනි තියයිද?' නාට්‍යයේ දර්ශනයක් පසුගිය සති අන්තයේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වුණා.
නාට්‍ය දර්ශනය ඇරඹීමට විනාඩි දහයකට පමණ පෙරාතුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එහි පැමිණ අසුන් ගත්තා.
තවත් විනාඩි පහක් ගත වෙද්දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එහි පැමිණියා.
මේ දෙදෙනා ප්‍රවේශ පත් වෙන් කරගෙන තිබුණේ දෙතැනක බැවින් නාට්‍යයට පෙර ඔවුනොවුන්ට කතා බහ කරන්නට අවස්ථාවක් ලැබුණේ නෑ.
නාට්‍ය දර්ශනය අවසානයේ එය නැරඹීමට පැමිණ සිටි සමන් අතාවුදහෙට්ටිගේ ඇරයුමින් නාට්‍ය කණ්ඩායමට සුබපතන්නට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වේදිකාවට ගොඩ වුණා.
සමන් ඔහුට නාට්‍ය කණ්ඩායම හඳුන්වා දුන්නා.
රනිල් ඔවුන්ට අතට අත දී සුබපතන අතරේ මහහඬින් සිනාසෙමින් මෙහෙම කිවුවා.
" ගෙට ගිනි තියද්දි පැනලා යන විදිය ඔයගොල්ලන්ට මගෙන්නෙ අහගන්න තිබුණේ" යැයි කියද්දී එතන සිනා සාගරයක් වුණා.
නාට්‍ය කණ්ඩායමෙන් සමුගත් රනිල් පහළට ගොස් චන්ද්‍රිකා සමග කතා බහ කළා.
රනිල් ඉක්මනින් සමුගෙන ගියත් චන්ද්‍රිකා කතා බහ කරමින් තවත් වේලාවක් එහි රැඳී සිටියා.

