Image

චාමික කරුණාරත්න ගේ DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

චාමික කරුණාරත්න ගේ DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහු ගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (4) ප්‍රතික්ෂේප කළේ ය.

සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවත් එම දරුවා ගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.

මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව යි. ඒ අනුව, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අධිකරණය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම පැමිණිල්ල ඉදිරි පියවර සඳහා ඔක්තෝබර් මස 9 වැනි දා නැවත කැඳවන ලෙස අධිකරණය නියෝග කර සිටියේ ය.

දරුවා ගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්

අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුට දාව උපන් බව කියන ආර්යන් කරුණාරත්න, රෙජිස්ට්‍රාර් ජනරාල් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පැමිණිලිකාරිය වන රසිකා සෙව්වන්දි කියා සිටින්නේ, තම ආර්යන් කරුණාරත්න නමැති බාල වයස්කාර දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව 2025 වසරේ සැප්තැම්බර් මස 29 වන දා ඉපදුණු බව ය.

2023 වසරේ හෝ ඊට ආසන්න කාලයක ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තමා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අතර ලිංගික සම්බන්ධතා සඳහා පොළඹවා ගත් බවත් ඇය සඳහන් කළා ය. පසුව තමා ගැබ් ගැනීමෙන් අනතුරුව ඔහු තමන් මග හැරීමට උත්සහ කළ අතර දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවටත් ඇය චෝදනා කරයි.

ඒ අනුව අදාළ දරුවා ගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

අදාළ දරුවා ගේ පියා චාමික කරුණාරත්න බවට සඳහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය ඉල්ලා තිබිණි.

අදාළ දරුවා සහ චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න