පසුගියදා පැවති 54වන ජනසතු සේවා මලල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම සමත් වී තිබේ. එහි දී රන් පදක්කම් 28ක්, රිදී පදක්කම් 33 ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ඇතුළුව සමස්ත පදක්කම් 71ක් ලබා ගනිමින් ඔවුහු මෙම ජයග්‍රහණය තහවුරු කරගත්හ.
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා තකහනියේම පාර්ලිමේන්තුවට ගොස් ඉරානය මුහුණපා ඇති ඛේදවාචකය ගැන වචනයක්වත් නොකියා, ලංකාවට ඉදිරියේ
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා විසින් සකස් කරන ලද බන්ධනාගාර රැඳවූවන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා ක්රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ නිර්දේශ සහිත වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරියට භාරදී ඇත.
ජනාධිපතිතුමා ගෙන් විනිශ්චයකාරවරුන්ට බලපෑම් එල්ලවන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බවට විරෝධය පළකරමින් අද (7) උදෑසන 8.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්‍යේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද යැයි දැනගැනීමට කැමති බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තුන් වතාවක් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්කා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
අනුර කුමාර ජනාධිපතිවරයා බලය වෙනුවට, බලය අඛණ්ඩව පවත්වාගෙන යාම නැමැති දූෂණය සිදු කිරීමට උත්සාහ දරන බවත්, ඔහු කළ යුතු වන්නේ ජයවර්ධන ජනාධිපතිවරයා ගේ ආණ්ඩු ක්‍රම වස්ථාවට සංශෝධන ගෙන ඒම නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතාවට පොරොන්දු වූ නව ව්‍යවස්ථාව ගෙන ඒම යැයි සජබ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසී ය.
ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සහතික කිරීම සඳහා වන උපායමාර්ගික සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාවකට ජනාධිපතිවරයා අද (12) ජනාධිපති කාර්යාලයේ දී එක්විය.
ශ්‍රී ලංකා ජනරජය, අතිගරු ජනාධිපතිවරයා, පවතින රජය දැඩි ලෙස අපහසුතාවයට පත් කරමින් මහජනතාව අතර වෛරයක් ඇති කරමින් කැලඹීමක් අවිශ්වාසයක් ඇති කරන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බවට විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් පසන අමරසේන හමුවේ දැනුම් දුන්නේ ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මූලිකත්වයෙන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට සහ 2027 වසර සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැත්විණි.
එකම කණ්ඩායමක් ලෙස වැඩිම ජපන් ජාතික සංචාරකයින් 200ක් පසු ගිය තිස්වන දා තනි ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට පැමිණි ජපන් විශේෂඥයෙක්, අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම්වලින් විනාශයට පත් රටට අඛණ්ඩ සහයෝගය ඉල්ලා සිටී.
ජපානයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ පසුගිය දා ටෝකියෝ හි ඉම්පීරියල් මාළිගාවේ දී ජපානයේ නරුහිතෝ අධිරාජයා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වීය.
ජපානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.
ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා මහත් අභිමානවත්ව පැවැත්විණි.
හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
ටෝකියෝ හි පදිංචි දිනේෂ් ශානක මහතා සහ එම මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහ ජපන් බෞද්ධ ජනතාවගේ දායකත්වය මීට ලැබී තිබිණි.
මෙවර ලංකා ජී විහාරයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කඨින චීවර පෙරහර, කඨින චීවරය පඬු පෙවීම, සපිරිකර සංඝගත දක්ෂිණාව, පරිත්‍රාණ ධර්ම දේශනාව, කඨිනානිසංස ධර්ම දේශනාව, අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහ දන්සැල් ඇතුළු ආගමික වතාවත් රැසක් පැවැත් වූ බව ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියෝ සඳහන් කළහ.
ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය පෙරටුකොට කඨින චීවර පෙරහර පැවැත් වූ ආකාරයයි හා පින්කමෙහි අවස්ථා කිහිපයක් මතු ඡායාරූපවල දැක්වේ.
(සටහන | ජේ. මුණසිංහ )





ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයින් පිරිසක් අද (30) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24ම ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය වෙත පැමිණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ප්රමුඛ එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
මෙරට ඇති වුණ හදිසි ආපදා තත්ත්වය හමුවේ ආපදාවලට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට ළඟා විය.
ජපානයේ ගිනිඅවි හා කඩු පාලන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු එරට ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

