ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් අපේක්ෂා කළත් පසුගිය කාලයේ සහ අද දිනත් මේ රජයට එම නිසි මිල ලබා දීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
එමෙන් ම: බී ලූණු, ලොකු ලූණු, අර්තාලපල්, වට්ටකක්කා සහ වී වගාව ඇතුළු භෝග රැසකට නිශ්චිත මිලක් දෙන්න රජයට තවමත් නොහැකි වී ඇතැයි ද ඔහු පැවසි ය. ඊට අමතරව කලට වේලාවට පොහොර සහනාධාරය නොලැබෙන බවත් මේ කතා කරන මොහොතේ පවා කන්නය ආරම්භ වුවත් පොහොර සහනාධාරය නොමැතිව ගොවි ජනතාව අසරණ වී ඇති නිසා මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කලට වේලාවට පොහොර සහනාධාර අරමුදල් ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා පැවසී ය.
වීඩියෝ

