ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 5 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව ඇත.
කාන්තා විස්සයි 20 ඉතිහාසයේ 5 වැනි හොඳම පන්දු යැවීම සහ ඇගේ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ඉන්දුනීසියාවට එරෙහිව වාර්තා කර ඇත.
ඇගේ මෙම ඓතිහාසික පන්දු යැවීමට අමතරව අතිවිශිෂ්ට (Hat-trick) දවා ගැනීමක් ද ඇතුළත් වීම විශේෂත්වයකි.
මේ අනුව කාන්තා විස්සයි විස්ස තරගයක හැට්‍රික් එකක් ලබා ගත් පළමු ශ්‍රි ලංකා පන්දු යවන්නිය ලෙසද ඇය සනිටුහන් වෙයි.
ක්‍රිකට් වංශකතාවට එක්වන මෙම මනරම් පන්දු යැවීමේ ඉනිම, කාන්තා ක්‍රිකට් පිටියේ වාර්තා වූ විශිෂ්ටතම පන්දු යැවීමක් ලෙස චමරි අතපත්තු සනිටුහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
