Image

ගෙවී ගිය මාස හතේ සිංහල සිනමාවේ තතු

ගෙවී ගිය මාස හතේ සිංහල සිනමාවේ තතු

සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වා ගන්නට නම් නිසැකව ම චිත‍්‍රපට නොකඩවා නිෂ්පාදනය විය යුතු ම ය. නැතහොත් චිත‍්‍රපට කර්මාන්තය බිඳ වැටෙයි. ලාංකීය චිත‍්‍රපට කර්මාන්තය තුළ පසුගිය වසර එනම් 2025 වසර ඉතාමත් ලාභදායි ලෙස ආදායම් ඉපැයු සිනමාපට ගණනාවක් තිරගත වූ වසරකි.

ප්‍රේක්ෂකාගාරය ලාංකේය සිනමාවෙන් ඈත්වෙමින් තිබුණු මොහොතක සිනමාව යළි පණගැන්වෙමින් අති සාර්ථක වූ වසරකි. ඒ අනුව 2025 වසර නොකඩවා චිත‍්‍රපට තිරගත වෙමින් "රාණි", "නෙළුම් කුළුණ", ''ක්ලැරන්ස් : රිදම් ඔෆ් ද ගිටාර්", "වාලම්පුරි", "මෝඩ තරිඳු", "නීරා" යනාදි වාණිජ ධාරාවේ චිත‍්‍රපට වැඩිම ආදායම් ඉපැයු සිනමාපට ය.

ලාංකීය සිනමාවට නව ජවයක් සැපයූ 2025 වසර 2026 වසරට හුවමාරු වෙද්දි ගත වූ මාස හත තුළ සිනමාපට 19 දෙස නිරික්ෂණය කළහොත් ෆාදර්, ධර්මයුද්ධය 2, OIC ගඩාෆි, සූරිය සුළඟ, Room Number 106 චිත‍්‍රපට පහ ආදයම් අතින් අති සාර්ථක විය. ඒ අනුව එම චිත‍්‍රපට සුපර් හිට් වූ චිත‍්‍රපට යි. පහත දක්වා ඇත්තේ ජනවාරි මස සිට ජූලි මස දක්වා තිරගත වූ චිත‍්‍රපට සහ තිරගත කිරීම ආරම්භ වූ දින ය.

01. මලකි දුවේ නුඹ - ජනවාරි 02

 

02. ෆාදර් - ජනවාරි 10

785927897 2577703649316936 6544876980449363575 n

 

03. ධර්මයුද්ධය 2 - ජනවාරි 23

785258202 2577706572649977 8694877836896762409 n

 

04. අභීත - පෙබරවාරි 06

MV5BMGZiYzAzZTMtNWY1Mi00ZTU5LWEwYzMtN2RkNzM2ZjViYmZiXkEyXkFqcGc. V1

 

05. වයිෆ් - පෙබරවාරි 13

wife25 

06. සුර දෙටුවෝ - මාර්තු 12

Suradetuwo lakai sikai

 

07. ගෝත්‍රා - මාර්තු 27

Gothra w 2

 

08. සාජන්ට් පුංඥසෝම - අප්‍රේල් 17

648750456 1553820536748150 7196821868345272324 n

 

09. රිවර්ස්ටන් - අප්‍රේල් 23

785364085 2577706339316667 5484670347293647912 n

 

10. OIC ගඩාෆි - අප්‍රේල් 23

786167150 2577706812649953 3015024818597012052 n

 

11. චන්දරේගේ වයිෆ් - මැයි 15

786289130 2577706945983273 4839383562585017463 n

 

12. සූරිය සුළඟ - ජූනි 4

Sooriya sulanga2

 

13. ඒක තමයි මේක - ජුනි 19

EKATHAMAIMEKA

 

14. රජ දහන - ජුනි 19

786036771 2577716309315670 6432038166229743611 n

 

15. Room Number 106 - ජූනි 26

786470456 2577706692649965 7628033553326474575 n

 

16. ඔස්කාර් - ජුලි 10

786242857 2577716352648999 8262514270867644389 n

 

17. සිම්බා -ජුලි 17

SIMBA

 

18. මොනර විලක් - ජුලි 24

image 4962f11647

 

19. අභිසාරි - ජූලි 24

785695238 2577716255982342 1638808005867941527 n

 

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්" සිනමාපටය දෙස් විදෙස් සිනමා උලෙළවල සම්මාන පිට සම්මාන ලැබූ විශිෂ්ට චිත‍්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකාගාරයේ අභිසෙස් ලැබුවේය. සුරංග ද අල්විස් විසින් පෙර තිබු කොපි චිත‍්‍රපට කලාව පසෙකලා 'Room නම්බර් 106' සහ 'ඒක තමයි මේක' වැනි වෙනස්ම ධාරාවේ යාවත්කාලීන අන්තර්ගතයන් නිර්මාණය කිරීම සතුටට කාරණයකි. ෂමීර රංගන නාඔටුන්නගේ තෙවන සිනමා අධ්‍යක්ෂණය ලෙස "වයිෆ්" චිත‍්‍රපටය ද ප්‍රේක්ෂකාගාරය යම් පමණකට වැළඳගත් චිත‍්‍රපටයකි. උදයකාන්ත වර්ණසූරියගේ "සාජන්ට් පුංඥසෝම" නමැති කොමඩ් චිත‍්‍රපටය ආදායම් අතින් සේම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් සාර්ථක වූයේ නැත.

ගණිකාවන්ගේ ජීවිතය අලළා සැකසු මේ දිනවල තිරගත වන චින්තන ධර්මදාසගේ "අභිසාරි" චිත‍්‍රපටය ව්ශාල අභියෝග ද්විත්වයකට මුහුණ පා තිබේ. එනම් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "ද ඔඩිසි" චිත‍්‍රපටය සහ "ස්පයිඩර් මෑන්" හොලිවුඩ් චිත‍්‍රපට ද්විත්වයේ දර්ශන වාර (Show times) ආධිපත්‍යයට නතු වී තිබීමයි. මෙම ආධිපත්‍යය නිසාම "ආදරණීය තරුවක්" චිත‍්‍රපටය සහ සංජීව පුෂ්පකුමාරගේ "විහඟ ප්‍රේමය" චිත‍්‍රපටයට මෙම හොලිවුඩ් චිත‍්‍රපට දෙක සමග තරඟ වැදෙන්නට සිදුව ඇත. එමෙන්ම මෙම හොලිවුඩ් සිනමාපට දෙක නිසාවෙන් එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ "ඔස්කාර්" සිනමාපටයේ දර්ශනවාර සංඛ්‍යාව ද අඩු වී ඇත.

ගත වූ මාස හත තුළ ලාංකේය සිනමාවට බිහි වූ නවමු අධ්‍යක්ෂවරයන් සංඛ්‍යාව හයකි. ඒ ෆාදර් චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ චමින්ද විජේසූරිය, අභීත චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ ශ්‍රැති ප්‍රභා, ගෝත්‍රා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ රවී චන්ද්‍රසිරි, සුර දෙටුවෝ අධ්‍යක්ෂණය කළ ලක්මාල් වීරසිරි, මොනර විලක් චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ රසික ලියනගේ, "රජ දහන" චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ වාසිත සමරනායක සහ "My සිම්බා" චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ J. K යන අධ්‍යක්ෂවරයන් හත් දෙනා ය.

පසුගිය මාස හත තුළ නිරික්ෂණය කිරීමේ දී ලාංකේය සිනමාව සාර්ථක ලෙස චිත්‍රපට තිරගතවන අතර ඒවා කර්මාන්තය ශක්තිමත් කරන චිත‍්‍රපට ද යන්න යළි යළිත් සිතිය යුතු ය. ලාංකේය සිනමා කර්මාන්තය නව චිත්‍රපට සඳහා සැලකිය යුතු ප්‍රවාහයක් පවත්වා ගෙන යන අතර පුළුල් පරාසයක විහිදී ගිය ශානර, විශේෂයෙන් අපරාධ, ත්‍රාසජනක, හාස්‍ය සහ ක්‍රියාදාමයන් සමග සිනමාකරුවන් විවිධ අත්හදා බැලීම් කර ඇත. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සහ ඉන්දියානු සිනමාව ආධිපත්‍යය දරන පරිසරයක චිත්‍රපට නිෂ්පාදනය තිරසාර ලෙස සාර්ථකත්වයක් බවට පරිවර්තනය කිරීමේ මූලික අභියෝගයට චිත්‍රපට නිෂ්පාදකයින් නොකඩවා මුහුණ දෙන ගැටලුවක් බව මෙහි දී හඳුනා ගනියි.

 

476237625 2101514566935849 5297727973837240105 n

 

 

 

මලින්ත විතානගේ

(මෙම ලිපිය 2026 වසරේ අගෝස්තු මස 20වන බ්‍රහස්පතින්දා දින සරසවිය පුවත්පතේ මුල්වරට පළ විය.)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න