දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය, විධිමත් රැකියාවල නියුතු වැඩකරන සියලු කාන්තාවන්ට වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.
2026 වසර සඳහා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ තේරී පත්වී තිබේ.
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ රාජකිය විද්‍යාලයේ ලියෝ සමාජය , තරුණ දැක්ම සංවිධානය සහ කොළඹ නගර මධ්‍ය සිංහ සමාජය (Lions Club Of Colombo Mid City) එක්ව මෙම ප්‍රජා සත්කාරක සේවය සිදුකර තිබේ.
වෛද්‍යවරුන් ගේ සාධාරණ ඉල්ලීම් තිබේ නම් කැබ් ගෙන්වීම පසෙක තබා වෛද්‍යවරුන්ට ඇහුම්කන් දෙන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
වෙනිසියුලාවේ සිට ඉන්ධන ප්‍රවාහනය කෙරෙන නෞකා රැසක් අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපද රජය විශේෂ මෙහෙයුමක් දියත් කරයි. එහි 'පළමු වෙඩි මුරය' ලෙස, වෙනිසියුලාවේ සිට ඉන්ධන ප්‍රවාහය කරමින් සිටි නෞකාවක් මෙම සතියේ අත්අඩංගුවට ගැනිණි. වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) වෙත එක්සත් ජනපදය දැඩි පීඩනයක් එල්ල කෙරෙමින් සිටී.
කැලණි ගඟේ ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්යක්ෂ එල්.එස් සූරියබන්ඩාර විසින් පැහැදිලි කිරිමක් සිදුකළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.
සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 37 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කරමින් හිටපු කැලණියේ ප්‍රාදේශීය සභාවේ සභාපති හේවා දේවගේ මංජුල ප්‍රසන්න යන අයට දෙසැම්බර් මස 04 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නොතීසියක් නිකුත් කළේ ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එම විශ්වවිද්‍යාලයෙන් බිහිවූ ප්‍රථම B.Com (විශේෂ) උපාධිධාරී කණ්ඩායමේ (1976-2026) ස්වර්ණ ජයන්ති සැමරුම හෙට (18) පෙවරු 9.30.කඩවත ඉන්ද්‍රා හෝටලයේ දී උත්කර්ෂවත්ව පැවැත්විමට නියමිත ය.
කිලෝ මීටර් 3 මීටර් 600 ක දුරක කුලී ගමන් ගාස්තු වශයෙන් යුක්රේන් ජාතික තරුණියකගෙන් රුපියල් 14000/= ක මුදලා වංචා සහගත ලෙස ලබාගත් ත්‍රිරෝද රථ රියැදුරකු සහ තවත් පුද්ගලයකු කොල්ලුපිටිය පොලිස් සංචාරක කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මේ මොහොතේ කියුබාව බරපතළ අවදානමක සිටින බැවින් ඔවුන්ට අත්‍යාවශ්‍ය ආහාරවලින්, ඖෂධවලින් උපකාර කළ යුතු බවත්, අපි අපේ මිත්‍රත්වයේ දෑත් කියුබාව වෙනුවෙන් එසවීම සඳහා එකතු විය යුතු බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ පැවසී ය.
කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමි: බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරිම වෙනුවෙන් සිදු කරන ලද සුවිශේෂී මෙහෙවර අගයමින් ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලය මගින් ජීවිතයේ එක් වරක් පමණක් ලබා දෙන 'Lifetime Achievement Award' ගෞරව සම්මානය පිරිනමන ලදී.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (25), ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 204ක විදුලිබල ධාරිතාවයක් එක් කිරීමට නියමිත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සුළං විදුලිබල ව්‍යාපෘතියට අදාළ භූමිය නිරීක්ෂණය කිරීමේ සහ කරුණු සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවක දින නියැළුණේ ය.
නිර්මාණකරුවා ගේ ප්රකාශනයේ නිදහසත්, පීඩිතයාගේ අයිතියත් පිළිබඳ අප සියලු කල්හි දරණ මතයට, රේගුව සහ ආරක්ෂක අමාත්‍යාංශය දීපචෙල්වන්ගේ කෘති 'විමර්ශනය කිරීම' සහ තව දුරටත් රඳවා තබා ගැනීම හරහා ලබා දෙන පණිවුඩය පරස්පර බැවින් තමන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රවීණ කිවිඳියක වන කල්පනා ඇම්බ්‍රොස් සඳහන් කරන්නි ය.
කිවියර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති උපරිම සිල්ලර මිල ගණන් උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කළ වැල්ලවාය ප්‍රදේශයේ ප්රමුඛ පෙළේ තොග සහ සිල්ලර වෙළෙඳසැල් දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය මත වර්තමාන රජය විසින් සිදුකර ඇති නව බදු සංශෝධන හරහා රටේ “නිෂ්පාදන ආර්ථිකයේ කොඳුනාරටිය” බඳු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙත අනුකම්පා විරහිත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ අනාවරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

