රට තුළ දේශපාලන ක්ෂේත්රය පිළිබඳව විමසීමේ දී නැවත අවස්ථාවාදී ආගමික නැඹුරුවකට රටේ දේශපාලය ගමන් කරන බව පෙනී යයි. ඊයේ (03) දිනයේ දී බටහිර නීතිය අනුගමනය කරන නීතිඥ සංගමයේ සභාපති මෙන්ම ආණ්ඩුවේ ඇමතිවරුන් ද ගොස් මල්වතු අස්ගිරි හිමියන් හමුවීමට කටයුතු කළේ ය. එම හමුව සම්පූර්ණයෙන් කේන්ද්‍රගත වූයේ විනිසුරුවන් ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙනි.
කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමේ දී අනුගමනය කරන අයැදුම් කිරීමේ ක්‍රියා පරිපාටිය පිළිබඳ මාර්තු 12 ව්‍යාපාර සිය කනස්සල්ල පළ කරමින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ජාතික ජන බලවේගය (NPP) යටතේ පාලනය වන ප්‍රාදේශීය සභා දෙකක අයවැය වාර්තාගත ලෙස පරාජය වීමත් සමග, ආණ්ඩුවේ බිම් මට්ටමේ බලය බිඳ වැටීමේ දෙවන රැල්ල තීව්ර වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කොස් මල්ලි' නමැති පුද්ගලයා ගේ මස්සිනා වන 'භූත කළුවා' නමැති පුද්ගලයා තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර ඇති බව දෙහිවල පොලීසිය පවසයි.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 27 වන වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය (2026) එළඹෙන සැප්තැම්බර් මස 25 දා ආරම්භ වීමට නියමිතයි.
ඉදිරි පැය 48 තුළ ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.
මේ වන විට ලංකාවේ මූල්‍ය වෙළඳපොළ මෙන් ම නිවාස වෙළඳපොළ ද පවතින්නේ එකම පිරිසක් යටතේ බවත්, එබැවින් ඔවුන් නිවාස මිල හිතුමතේ ඉහළ නංවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
කොළඹ නිදහස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිව්වෙනි වරට සංවිධානය කරන වාර්ෂික සුහද ක්‍රිකට් තරගය සහ සුහද හමුව මේ මස 25වන ඉරිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංගම්පටිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (13) ප්‍රකාශ කර ඇත.
කොළඹ මහ නගර සභාවේ පරාජයට පත් අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා (31) පැවැත්වීමට නියමිත ය.
කොළඹ වරායේ පළමු බෝයාවේ ඉන්ධන ටැංකියකින් බොරතෙල් ගොඩබෑම සඳහා භාවිතා කරන නල මාර්ගයක කාන්දුවක් අනාවරණය වී තිබේ.
වරාය නගර කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත මගින් මෙරට දේශීය ආර්ථිකය අස්ථාවර කළ හැකි ක්රමවේදමය අවදානමක් (Systematic Risk) නිර්මාණය වෙමින් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆා පැවසී ය.
කොළඹ වරායේ කාර්යක්ෂමතාව ඉහළ නංවා, නැව් ප්‍රමාදයන් අවම කර ආකර්ෂණීය සේවාවක් සැපයීමට අසමත් වුවහොත් එම නැව් ඉන්දියාවේ විෂින්ජම් වරාය වෙත යොමුවීමේ අවදානමක් පවතින බව ලංකා භාණ්ඩ හා සේවා ප්‍රවාහන සේවක සංගමය පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පර්යේෂණ විශිෂ්ටතා සම්මානය මහාචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ දිනාගෙන ඇත.
චන්ද්‍රිකා විසින් "විපතට පත් ඊනියා හිංසක ජනතාව" වෙනුවෙන් කෝටි 25ක් ලබා දී ඇත (එම මුදල හරිණි වෙත ප්‍රධානය කිරීමේදී චන්ද්‍රිකාගේ ඉරියව් සහ මුහුණේ ඉරියව් හොඳින් නිරීක්ෂණය කල අයෙකුට ඇය කෙතරම් කෝපයෙන් සහ පිළිකුලෙන් යුතුව එකී ක්‍රියාව කරන්නේ ද යන්න වටහා ගත හැකිය).
කොළඹ බාන්ස් පෙදෙසේ කෝටි ගණනක් වටිනා ඉඩමක් අඩු වටිනාකමක් යොදා ලියාපදිංචි කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සිදු කරන ලද මහා පරිමාණ වංචාවක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා පවසා සිටියා.
2026/03/12 දින කොළඹ මහා නගර සභා මාසික සභා රැස්විමේ දී එක්සත් සාම සන්ධාන නාගරික මන්ත්‍රී කලීලුර් රහ්මාන් මන්ත්රතුමා ගෙන ආ පහත යෝජනාව ජාතික ජන බලවේගයේ ආතිෆ් මන්ත්‍රී තුමා ස්ටීර කිරිමෙන් අනතුරුව සම්මත විය.
කොම්පඤ්ඤවීදියේ ශ්‍රී සුබ්‍රමණියම් මුරුගන් කෝවිලේ දේවාභරණ අස්ථාන ගත විමේ සිද්ධියට අදාළව එම කෝවිලේ ම වසර දහයක් තිස්සේ ප්‍රධාන පූජක ලෙස සිටි පූජකවරයාට අද 17 කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වරෙන්තු නිකුත් කළේ ය.
අම්බලන්තොට පොලිස් වසමේ අරවනමුල්ල ප්‍රදේශයේ මිරිජ්ජවිල ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වා ගෙන ගිය ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනය කිරීමේ නිෂ්පාදනාගාරයක් වටලා ඇති තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක්: මදන මෝදක කිලෝ 270 ග්‍රෑම් 994ක්, ඒ සඳහා යොදා ගන්නා ගංජා, එම ගංජා නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා උපකරණ, සහ යන්ත්‍ර සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පසුගිය 22වන දා අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

