* මිල පුවරූවේ මිලට එලවලු ගන්නේ නැහැ
* දිනපතා මිල තීරණය කිරීමට දිසාපති සම්බන්ධ වියයුතු උනාට එහෙම වෙන්නෙත් නැහැ
* හැමතැනම මැදියෝ
* ගොවීන් සහ වෙලෙන්දන් අතර කිසිදු සම්බන්ධිකරණයක් නැහැ
* වගා කරන තොග වෙලෙන්දන්ගේ අස්වැන්න නෙලන කාලයට මිල ඉහල යනවා.
* මේක මාපියාවක් !!!!
ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය ඉතාමත් උසස් සහ කාලීන අවශ්‍යතාවයක් ලෙස සඳහන් කළ යුතුමය.
එහෙත් වර්තමානයේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන ආකාරය ගොවියන්ටත් පාරිභෝගිකයින්ටත් සාධාරණයක් ඉෂ්ට නොවන, ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළඳුන්, තොග - සිල්ලර වෙළෙඳාම දෙකම කරන ව්‍යාපාරිකයින්ගේ බැංකු ගිණුම් පුරවන තවත් එක් ආර්ථික ක්‍රියාවලියකි.
අප එසේ සඳහන් කරන්නේ නිෂ්පාදනය කරන ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන මාර්ගයෙන් අවම මිලට ලබාගන්නා එළවළු පලතුරු නගරාසන්නව ඇති ආර්ථික මධ්‍යස්ථානවලින් වැඩිම මිලට අලෙවි කර අහිංසක පාරිභෝගිකයා සූරා කන ක්‍රමයක් බවට තහවුරු වී ඇති බැවිනි.
පසුගිය සතියේ එළවලු අලෙවිය පිළිබඳව විමර්ශනාත්මකව විශ්ලේෂණයක්...
පසුගිය සතිය තුළ එළවලු අලෙවිය පිළිබඳව විමර්ශනාත්මකව විශ්ලේෂණය කලහොත් මේ තත්ත්වය වටහාගත හැකිය.
පසුගිය සති දෙකක තුනක සිට උඩරට, ඌව අනුරාධපුරය, දඹුල්ල යන ප්‍රදේශවල එළවළු සහ පළතුරු මිල ඉතාමත් පහළ මට්ටමක තිබුණ අතර එහි වාසිය කොළඹ ඇතුළු නගරාසන්න පාරිභෝගිකයාට නොලැබුණි.
නිශ්පාදනය කරන ප්‍රදේශවල ලීක්ස් කිලෝවක මිල රුපියල් 70/= 80/= ක් වූ අතර කැරට් කිලෝවක මිල රුපියල් 60/= - 110/= අතර විය.
ඒ අතර දේශීය අර්ථාපල් මිල රුපියල් 200/=
බීට් 50/= - 100/=
ගෝවා රු 50/= - 60/= වූ අතර කොළඹ වෙළඳපළේ සහ සුපිරි වෙළඳ සැල්වල මෙම එලවලු අලෙවි වූයේ කිලෝවක් රුපියල් 200 - 300 අතර මිලකට.
පසුගිය විසි එක්වෙනිදා දඹුල්ල, මීගොඩ කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් සුළු වශයෙන් ඉහල ගිය අතර ඊයේ දිනයේදී කොළඹ අවට සියලුම වෙළඳ මධ්‍යස්ථානවල එලවලු කිලෝවක මිල රුපියල් 350 400 අතර මිල පරාසයකට අලෙවි කිරීමට තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන් ක්‍රියා කළේ අධික වර්ෂාව නිසා ගොවිපොළවලින් අස්වැන්න නෙලා ගැනීමටත් ප්‍රවාහනයටත් බාධා පැමිණීම නිසාය.
කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාරිභෝගිකයන්ගෙන් එක් රාත්‍රියකදී අධික මිලක් අය කිරීමට වෙලෙන්දන් කටයුතු කර ඇත.
අධික ජීවන වියදමක් දරන නගරවාසී පාරිභෝගිකයාට වෙළඳුන් නියම කරන මිලකට භාණ්ඩ මිලදී ගැනීමට සිදුව ඇත.
රජයට මේ සම්බන්ධයෙන් කිසිදු පාලනයක් නොමැත. එසේ නම් රට තුළ ක්‍රියාත්මක වන පාලන මිලකට, සාධාරණ මිලකට, දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට භාණ්ඩ ලබා ගැනීමට ඇති අයිතිය යන සංකල්පවල යථාර්ථයක් තිබේද යන්න රජයෙන් විමසීමට පාරිභෝගික ජනතාවට සිදුවනු ඇත.
විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපවෙත කතා කල නුවරඑලිය , මීපිලිමාන ප්‍රදේශයේ තරුණ ගොවි මහතෙකු ප්‍රකාශ කලේ තමන් කිසිදිනක ජාතික ජනබලවේගයේ රජයක් යටතේ මෙයාකාරයන් ගොවි ජනතාව සූරාකන වෙලෙන්දන්ට අවශ්‍යය ආකාරයට කටයුතු කරයි කියා බලාපොරොත්තු නොවූ බවයි.
''රජයට වෙලදපොල නියාමනය කරන්න බැහැ. ගොවිබිමෙත්, වෙලදපලෙත් දිනපතා සිදුවන වෙනස්කම් ඔවුනට තේරෙන්නේ නැහැ .. නැතිනම් අර්තාපල් කන්නය අවසන් වුනාම බද්ද වැඩි කරන්නෙ නැහැනේ'' ඔහු තවදුරත් පැවසීය.