ගොවියන් අතර බෙදීම් ඇති කර ගන්න එපා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගොවියන් අතර බෙදීම් ඇති කර ගන්න එපා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගොවියන් අතර බෙදීම් ඇති කර ගන්න එපා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (15) වලව වම් ඉවුර ගොවි සංවිධානය, හම්බන්තොට සූරියවැව, අන්දර වැව සංවිධානය කර තිබූ ගොවි හමුව අමතමිනි.

එම ගොවි හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

''ගොවි ජනතාව අතරම ගැටලු, අමනාපකම් ඇතිව තිබෙනවා. වන අලි ගම්වැදීම නිසා වගා හානි ඇති වීමත් ගැටුම්වලට හේතුවී තිබෙනවා. වන සතුන්ට වෙන් වූ රක්ෂිත කලාපවල සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා ගොවි ජනතාව පවා අසරණ වෙලා. එවැනි විවිධ හේතු මත ගොවි ජනතාව අතර මතවාදී බෙදීම්, ගැටුම් ඇති කර නොගන්නා ලෙස ඉල්ලා සිටිනවා.''

මෙම ගොවි හමුවේ දී වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සමිතියේ සභාපති මහින්ද සමරවික්‍රම ප්‍රදේශයේ අක්කර 1000 සෝලා ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමේ සූදානමක් පිළිබඳ ඉදිරිපත් කළ අදහසක් මත තවත් ගොවීන් පිරිසක් අතර මතගැටුමක් ඇතිවී තිබුණා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න